Salupili Dress Making Academy

Salupili Dress Making Academy

Share

Enjoy the personal and individual teaching that is offered by the dynamic individuals and academics

Stitchit design studio and academy is the brainchild of Niluka Wanigarathne who has been developing and delivering design courses for a number of years both in the public sector and now in the private sector. Her vision is to create an entrepreneurial approach to how design is conceived in Sri Lanka generating a new and innovative approach which fuses both the modern and classical. A graduate of t

26/08/2020

😮දවස් 30 ක් ඇතුලත ලස්සනට ඇඳුම් මහන්න ඉගෙන ගන්න කැමතිද?

🤔නැත්නම් තමන්ගෙම කියලා ඇඳුම් ව්‍යාපාරයක් පටන් ගන්න ඔබත් සිහින දකිනවද?

👗කාන්තා සහ ළමා ඇඳුම් නිර්මාණය, කැපීම සහ මැසීමේ පාඨමාලාව ඔබ වෙනුවෙන්මයි.

👗මීලඟ පාඨමාලා ආරම්භය 2020 සැප්තැම්බර් 05 සෙනසුරාදා.

👗Online පාඨමාලාද පැවැත්වේ.

👗එක් කණ්ඩායමකට සිසුන් 10 ක් පමණයි.

🪑ඔබේ අසුන අදම වෙන් කර ගන්න.

වැඩි විස්තර සඳහා අදම අමතන්න
077 99 67 881
076 738 55 44

20/08/2020
11/07/2020

MADE JUST FOR YOUR LITTLE PRINCESS 👸♥️

Photos from සළුපිළි salupili's post 30/06/2020
කෝමාරිකා උයලා කමු 26/03/2020

අමාරු කලෙක ජීවිතයට මුහුණ දෙන්න ඔබත් සූදානම්ද?

ඔන්න එකමත් එක කාලෙක චීනයේ ජීවත් උනා වං ලුං කියලා ගොවියෙක්. හරිම සරු සාරෙට අස්වනු ගත්ත - මහන්සි වෙලා වැඩ කරපු ගොවියෙක් උන වං ලුංගෙ පවුල බොහොම සතුටෙන් ජීවත් උනා. වං ලුං ගොවියාගෙ බිරිඳ ඕලෑං.

මේ දෙන්නම හරිම චාමෙට ජීවත් වෙච්ච ජෝඩුවක්. බොහොම අර පරිස්සමට ජීවත් උන නිසා මේගොල්ලන්ට සාගතයක් ගැන බයක් නම් තිබ්බෙ නෑ.

අපි බලාපොරොත්තු නොවෙන දේවල් කොච්චර නම් අපේ ජීවිත වල වෙනවද? වං ලුං ලාගෙ ජීවිතෙත් ඒගොල්ලො නොහිතන විදිහට වෙනස් වෙනවා. අවුරුදු හතකට පස්සෙ මහා නියඟයක් එනවා.

පැලවෙන්න දාපු හෑම පැලයක්ම අව්වට කර කුට්ටන් වෙලා යනවා. අන්තිම කුඹුරට අතින් වතුර දාලාවත් බේර ගන්න බැරි වෙනවා. පළවෙනි පාරට වං ලුං කුඹුරෙදිම කුණු කොල්ලෙට අස්වැන්න විකුනනවා. " මට දැන් රිදී තියනවා" ඒ වෙලාවෙ එයාට එහෙම හිතුනත් ඉතා ඉක්මනින්ම රිදී වලින් ගන්න දෙයක් වෙළඳපොලේ ඉතිරි වෙන්නෙ නෑ.

කෑම නැත්තටම නැති වෙනවා. ඕලෑං ගෙදර ගොනාව මරනවා. අන්තිම ලේ බිඳ දක්වා එක් කර ගන්නෙ සුප් එකක් හදන්න. සහෝදරයා වගේ සතාගෙ මස් කන්න වං ලුංට බැරි වෙනවා. සුප් එකේ පාවෙන මස් කෑලි අයින් කරලා එයා ගෝවා කෑලි කීපෙන් සැනසෙනවා.

" මේ ඇහුනද? මීට වඩා අමාරු කාල තිබ්බා. මිනිස්සු වේලිච්ච තණකොලත් කෑවා" පොඩි කාලෙ ඉඳන් ගැහැට විඳි ගැහැනියක ලෙස ඕලෑං තමන්ගෙ පොඩි කාලෙ සිහිපත් කරනවා...

මේ පර්ල් එස් බක් විසින් ලියපු සාර භූමි කියන පොතේ කතාවෙ අතරමැදි කොටසක්. සමහර විට ඔබත් කියවලා ඇති.

මේක සිහිපත් උනේ අපි ගෙවාගෙන යන කාලය නිසා. අපිටත් සමහර විට සල්ලි කන්න බැරි කාලයක් එන්න පුලුවන්. පොඩි දරුවො දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට මේ වෙලාවෙ ලෙඩ වෙන්න- හාමත් වෙන්න මම බයයි. ඒක නිසාම මමත් වත්තෙ ඇවිද ඇවිද කල්පනා කරේ මොනවද කෑම නැති උනොත් අපි කරන්නෙ කියලා.

කෝමාරිකා අපි බොහෝ දෙනෙක්ගෙ ගෙවල් වල තියන දෙයක්. අපේ ගෙදරත් නාටු උන පැලයක් තිබ්බා. මම කෝමාරිකා උයලා කන්න පුලුවන් කියලා අහලා තිබ්බා කවදාවත් කාලා තිබ්බෙ නෑ. ඉතින් ඔන්න මාත් උත්සාහ කරා උයලා බලන්න. ඇත්තටම හරිම රසයි.

තව කී කාලෙකට අපිට මේ ගෙදර ඉඳිල්ල තියේවිද කියන්න අපි දන්නෙ නෑ. ඒ වගේම නාටු උන පැල වලට සාත්තු කරා කියලා... අලුතින් පැල කීපයක් හිටවාගත්තා කියලා අපිට කිසි දෙයක් නැති වෙන්නෙත් නෑ....

ලෝකයක් අමාරුවෙ වැටිලා ඉන්න මේ වෙලාවෙ අපි අපි වෙනුවෙන් දෙයක් කර නොගත්තොත් සමහර විට අපිටත් තව මාස කීපෙකින් වේලුනු තනකොල අඹරලා කන්න වේවි.

ඕගොල්ලොත් කෝමාරිකා කරි එක හදලා බලන්න. මෙන්න රෙසිපි ලින්ක් එක.

කෝමාරිකා උයලා කමු කෝමාරිකා කරියක් උයා ගන්න හරිම ලේසියි. මේක හරිම රසයි. ඕගොල්ලොත් හදලා බලන්න.

Want your school to be the top-listed School/college in Battaramulla?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


197/1, Thalangama/North, Koswatta
Battaramulla
10120