Institute for Research & Development

Institute for Research & Development IRD is an academic and research institution established in year 2000

Academic members of IRD include Epidemiologists, Psychiatrists, Physicians, Geneticists, Veterinarians, Public Health Specialists, Ethicists, Educationists and people from many other disciplines. It has full time research staff and many other associates who are involved at various levels while employed in other academic institutions.

25/09/2026

ප්‍රජා සහභාගිත්වය හා දායකත්වය තුළින් පර්යේෂණය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම

“අර්ථවත් ප්‍රජා සහභාගිත්වය හා දායකත්වය ශක්තිමත් කිරීම” යන තේමාව යටතේ පැවති පස්වරු සැසියේදී මහාචාර්ය අතුල සුමතිපාල මහතා ප්‍රජා සහභාගිත්වය හා දායකත්වය (Community Engagement and Involvement – CEI) සහ ක්‍රියාත්මක කිරීමේ විද්‍යාව (Implementation Science) පිළිබඳව අදහස් දැක්වීය.

පර්යේෂණයට ප්‍රජාවේ හඬ, අත්දැකීම් සහ අදහස් එක් කිරීමේ වැදගත්කම මෙන්ම, පර්යේෂණයෙන් ලබාගන්නා දැනුම හා සාක්ෂි ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම පිළිබඳවද ඔහු අවධානය යොමු කළේය.

சமூகப் பங்கேற்பும் ஈடுபாடும் மூலம் ஆராய்ச்சியை நடைமுறையில் செயல்படுத்துதல்

“அர்த்தமுள்ள சமூகப் பங்கேற்பையும் ஈடுபாட்டையும் வலுப்படுத்துதல்” என்ற தலைப்பில் நடைபெற்ற பிற்பகல் அமர்வில் பேராசிரியர் அத்துல சுமதிபால அவர்கள் சமூகப் பங்கேற்பும் ஈடுபாடும் (Community Engagement and Involvement – CEI) மற்றும் நடைமுறைப்படுத்தல் அறிவியல் (Implementation Science) குறித்து உரையாற்றினார்.

ஆராய்ச்சியில் சமூகத்தின் குரல், அனுபவங்கள் மற்றும் கருத்துகளை இணைப்பதன் முக்கியத்துவத்துடன், ஆராய்ச்சியிலிருந்து பெறப்படும் அறிவும் சான்றுகளும் நடைமுறையில் செயல்படுத்தப்பட வேண்டியதன் அவசியத்தையும் அவர் எடுத்துரைத்தார்.

Turning Research into Practice through Community Engagement and Involvement

At the afternoon session on “Strengthening Research through Meaningful Community Engagement and Involvement,” Prof. Athula Sumathipala spoke about Community Engagement and Involvement (CEI) and Implementation Science.

He highlighted the importance of bringing the voices, experiences and perspectives of communities into research, as well as the importance of translating research knowledge and evidence into practical action.


Research Methodology  Course Are you eager to step into the world of research? Join our Research Methodology  Course des...
24/09/2026

Research Methodology Course

Are you eager to step into the world of research?
Join our Research Methodology Course designed to provide a solid foundation in research.

💻 Conducted through an E-learning platform, with recorded lectures via the LMS and online practical sessions.
✨ Ideal for individuals seeking a strong foundation in research.

For more details visit our Website
https://ird.lk/research-assistant-course/

📢 Enroll now
https://forms.gle/vgrRFMfGmx7DET6L7

පර්යේෂණය “ප්‍රජාව ගැන” සිට “ප්‍රජාව සමඟ” දක්වාපර්යේෂණයක සාර්ථකත්වයට විද්‍යාත්මක සාක්ෂි මෙන්ම ප්‍රජාවේ දැනුම, අත්දැකීම් ස...
23/09/2026

පර්යේෂණය “ප්‍රජාව ගැන” සිට “ප්‍රජාව සමඟ” දක්වා

පර්යේෂණයක සාර්ථකත්වයට විද්‍යාත්මක සාක්ෂි මෙන්ම ප්‍රජාවේ දැනුම, අත්දැකීම් සහ අදහස්ද වැදගත් වේ.

ප්‍රජා සහභාගිත්වය හා දායකත්වය (Community Engagement and Involvement – CEI) යනු ප්‍රජාවගෙන් අදහස් විමසීම පමණක් නොව, පර්යේෂණය සැලසුම් කිරීමේ සිට ක්‍රියාත්මක කිරීම සහ ප්‍රතිඵල විමසා බැලීම දක්වා ප්‍රජාව පර්යේෂණයේ හවුල්කරුවෙකු කර ගැනීමයි.

CEI හරහා සැබෑ ප්‍රජා අවශ්‍යතා හඳුනාගෙන, ජනතාවට, සංස්කෘතියට සහ සෞඛ්‍ය සේවා පද්ධතියට වඩාත් ගැළපෙන ප්‍රායෝගික විසඳුම් වර්ධනය කිරීමට හැකියාව ලැබේ.

IRD හි THRIVE සහ TRANSLATE පර්යේෂණ ව්‍යාපෘති තුළින්ද, මව්වරුන්, රෝගීන්, පවුල්, රැකබලාගන්නන්, සෞඛ්‍ය වෘත්තිකයන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ අත්දැකීම් හා අදහස් පර්යේෂණයට එක් කරමින් ශ්‍රී ලංකාවට ගැළපෙන සෞඛ්‍ය සේවා සහ මැදිහත්වීම් සංවර්ධනය කිරීමට කටයුතු කරයි.

International Day of Peace | 21 September 2026Peace begins with listening.Listening to different experiences.Making spac...
21/09/2026

International Day of Peace | 21 September 2026

Peace begins with listening.

Listening to different experiences.
Making space for different voices.
Understanding what matters to communities.
And working together towards solutions.

At the Institute for Research and Development in Health and Social Care (IRD), we believe meaningful engagement means moving from doing research about communities to doing research with communities.

Through our work in maternal mental health, mental health care and community engagement, we continue to bring together researchers, health professionals and communities to understand challenges and work towards meaningful change.

Because when people are heard, understood and included, stronger communities can grow.

This International Day of Peace, let’s listen, connect and work together

Invest in Peace
For Everyone, Everywhere, Every Day.

පර්යේෂණයට ප්‍රජාවේ හඬ එක් කළ දවසක් | උදෑසන සැසිය-සෞඛ්‍ය පර්යේෂණ වඩාත් අර්ථවත් කිරීමට ප්‍රජා සහභාගිත්වය හා දායකත්වය තුළින...
18/09/2026

පර්යේෂණයට ප්‍රජාවේ හඬ එක් කළ දවසක් | උදෑසන සැසිය

-සෞඛ්‍ය පර්යේෂණ වඩාත් අර්ථවත් කිරීමට ප්‍රජා සහභාගිත්වය හා දායකත්වය තුළින් නව පියවරක්-

උදෑසන සැසිය වෙන් වූයේ THRIVE ව්‍යාපෘතිය සඳහා ප්‍රජා සහභාගිත්වය හා දායකත්වය (Community Engagement and Involvement - CEI) කණ්ඩායම පිහිටුවීම සහ එහි සමාරම්භක රැස්වීම වෙනුවෙනි.

පර්යේෂණයකින් ප්‍රතිලාභ ලැබීමට නියමිත ජනතාවගේ සහභාගීත්වයෙන්ම එම පර්යේෂණ හැඩගැස්වීමේ වැදගත්කම පැහැදිලි කරමින් සෞඛ්‍ය සහ සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ (Institute for Research and Development in Health and Social Care - IRD) අධ්‍යක්ෂ මහාචාර්ය අතුල සුමතිපාල මහතා සැසිය ආරම්භ කළේ ය.

THRIVE ව්‍යාපෘතියේ ප්‍රධාන පර්යේෂක ආචාර්ය ඕෂිනී ජයසිංහ මහත්මිය ව්‍යාපෘතිය සහ එහි අරමුණු පිළිබඳව හඳුන්වා දුන් අතර, චමාලි ජයසිංහ මහත්මිය මීට පෙර සිදු කළ ප්‍රජා සහභාගිත්වය හා දායකත්වය (CEI) වැඩකටයුතු පිළිබඳව කරුණු ඉදිරිපත් කළා ය.

මෙම සැසියට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් මෙන්ම මාතෘ විශාදය (perinatal depression) පිළිබඳ ජීවන අත්දැකීම් ඇති මව්වරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද සහභාගී වූහ.

දේශනවලින් අනතුරුව, සහභාගී වූවන් CEI සාමාජිකයන් ලෙස තම අත්දැකීම් හා දායකත්වය THRIVE ව්‍යාපෘතියට ලබාදීමට උනන්දුව පළ කළහ. එය අධ්‍යයනය සඳහා ශක්තිමත් ප්‍රජා පදනමක් ගොඩනැගීමේ වැදගත් පළමු පියවරක් විය.

මෙම අවස්ථාවට සහභාගී වූ සියලු දෙනාට IRD ආයතනය සිය ස්තූතිය පළ කරයි. විශේෂයෙන්ම පර්යේෂණය හැඩගැස්වීම සඳහා තම අත්දැකීම් සහ අදහස් බෙදාගැනීමට ඉදිරිපත් වූ මව්වරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද හෘදයාංගම ස්තූතිය පිරිනැමිණි.

THRIVE ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සෘජු ආධාර වැඩසටහන් ප්‍රදානයක් හරහා සහයෝගය දක්වයි.

ஆராய்ச்சியுடன் சமூகத்தின் குரலை இணைத்த ஒரு நாள் | காலை அமர்வு

– சமூகப் பங்கேற்பு மற்றும் பங்களிப்பின் மூலம் சுகாதார ஆராய்ச்சியை மேலும் அர்த்தமுள்ளதாக மாற்றும் புதிய படி –

காலை அமர்வு THRIVE திட்டத்திற்கான சமூகப் பங்கேற்பு மற்றும் பங்களிப்பு (Community Engagement and Involvement - CEI) குழுவை நிறுவுதல் மற்றும் அதன் தொடக்கக் கூட்டத்திற்காக ஒதுக்கப்பட்டது.

ஆராய்ச்சியால் பயனடையவுள்ள மக்களின் பங்கேற்புடன் ஆராய்ச்சியை வடிவமைப்பதன் முக்கியத்துவத்தை வலியுறுத்தி, சுகாதாரம் மற்றும் சமூகப் பராமரிப்பு தொடர்பான ஆராய்ச்சி மற்றும் அபிவிருத்தி நிறுவனம் (Institute for Research and Development in Health and Social Care - IRD) நிறுவனத்தின் பணிப்பாளர் பேராசிரியர் அதுல சுமதிபால அவர்கள் அமர்வை ஆரம்பித்தார்.

THRIVE திட்டத்தின் முதன்மை ஆய்வாளர் டாக்டர் ஓஷினி ஜயசிங்க அவர்கள் திட்டத்தையும் அதன் நோக்கங்களையும் அறிமுகப்படுத்தியதுடன், சமாலி ஜயசிங்க அவர்கள் முன்னர் மேற்கொள்ளப்பட்ட சமூகப் பங்கேற்பு மற்றும் பங்களிப்பு (CEI) நடவடிக்கைகள் தொடர்பாக விளக்கமளித்தார்.

இந்த அமர்வில் பிரதேசத்தின் சுகாதார வைத்திய அதிகாரிகள், குடும்ப சுகாதார சேவை உத்தியோகத்தர்கள், அத்துடன் பெரினாட்டல் மனச்சோர்வு (perinatal depression) தொடர்பான வாழ்வனுபவம் கொண்ட தாய்மார்கள் மற்றும் அவர்களின் குடும்ப உறுப்பினர்களும் கலந்து கொண்டனர்.

விளக்கவுரைகளுக்குப் பின்னர், பங்கேற்பாளர்கள் CEI உறுப்பினர்களாக தமது அனுபவங்களையும் பங்களிப்புகளையும் THRIVE திட்டத்திற்கு வழங்குவதில் ஆர்வம் தெரிவித்தனர். இது ஆய்விற்கான வலுவான சமூக அடித்தளத்தை உருவாக்குவதற்கான ஒரு முக்கியமான முதல் படியாக அமைந்தது.

இந்த நிகழ்வில் கலந்து கொண்ட அனைவருக்கும் IRD தனது நன்றியைத் தெரிவித்துக் கொள்கிறது. குறிப்பாக, ஆராய்ச்சியை வடிவமைப்பதில் தமது அனுபவங்களையும் கருத்துக்களையும் பகிர்ந்து கொள்ள முன்வந்த தாய்மார்கள் மற்றும் அவர்களின் குடும்ப உறுப்பினர்களுக்கு இதயப்பூர்வமான நன்றியைத் தெரிவித்துக் கொள்கிறது.

THRIVE திட்டத்திற்கு இலங்கைக்கான அவுஸ்திரேலிய உயர்ஸ்தானிகராலயம் நேரடி உதவித் திட்ட மானியத்தின் மூலம் ஆதரவளிக்கிறது.

A Day When the Voice of the Community Joined Research | Morning Session

– A new step towards making health research more meaningful through Community Engagement and Involvement –

The morning session was dedicated to establishing the Community Engagement and Involvement (CEI) Group for the THRIVE Project and holding its inaugural meeting.

Opening the session, Prof. Athula Sumathipala, Director of the Institute for Research and Development in Health and Social Care (IRD), highlighted the importance of shaping research with the participation of the people who are expected to benefit from it.

Dr. Oshini Jayasinghe, Principal Investigator of the THRIVE Project, introduced the project and its objectives, while Ms. Chamali Jayasinghe presented on previous Community Engagement and Involvement (CEI) activities.

The session was attended by Medical Officers of Health, Public Health Midwives, as well as mothers with lived experience of perinatal depression and members of their families.

Following the presentations, participants expressed their interest in contributing their experiences and perspectives to the THRIVE Project as CEI members. This marked an important first step towards building a strong community foundation for the study.

IRD extends its sincere appreciation to everyone who participated in the session. Special appreciation is extended to the mothers and their family members who came forward to share their experiences and perspectives in shaping the research.

The THRIVE Project is supported by the Australian High Commission in Sri Lanka through a Direct Aid Program Grant.

Australian High Commission, Sri Lanka

පර්යේෂණයට ප්‍රජාවේ හඬ එක් කළ දවසක් | පස්වරු සැසියප්‍රජා සහභාගිත්වය හා දායකත්වය තුළින් සෞඛ්‍ය පර්යේෂණ ප්‍රායෝගික වෙනසක් ක...
17/09/2026

පර්යේෂණයට ප්‍රජාවේ හඬ එක් කළ දවසක් | පස්වරු සැසිය

ප්‍රජා සහභාගිත්වය හා දායකත්වය තුළින් සෞඛ්‍ය පර්යේෂණ ප්‍රායෝගික වෙනසක් කරා ගෙන යාම

පස්වරු සැසිය පැවැත්වුණේ දකුණු පළාත් ගරු ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී මහාචාර්ය අතුල සුමතිපාල මහතා ප්‍රජා සහභාගිත්වය හා දායකත්වය (Community Engagement and Involvement - CEI) යනු කුමක්ද, එය පර්යේෂණවලට සාර්ථකව සම්බන්ධ කරගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙන්ම ක්‍රියාත්මක කිරීමේ විද්‍යාව (Implementation Science) පිළිබඳව දේශනයක් පැවැත්වීය.

ජනනි ඕපාත මහත්මිය CEI ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික අත්දැකීම් පිළිබඳව කරුණු ඉදිරිපත් කළ අතර, ආචාර්ය ඕෂිනී ජයසිංහ මහත්මිය THRIVE ව්‍යාපෘතිය සහ වෛද්‍ය රිසිත වාකිෂ්ඨ ආරච්චි TRANSLATE ව්‍යාපෘතිය පිළිබඳව ඉදිරිපත් කිරීම් සිදු කළහ.

අදහස් දැක්වූ දකුණු පළාත් ආණ්ඩුකාරතුමා, පර්යේෂණ කටයුතුවලදී ප්‍රජාව අර්ථවත් ලෙස සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ අතර, මෙම වැඩපිළිවෙළ සඳහා සිය පූර්ණ සහයෝගය පළ කළේය.

මෙම අවස්ථාවට ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය සහ TRANSLATE ව්‍යාපෘතියේ සම ප්‍රධාන පර්යේෂක වෛද්‍ය රූමි රූබන්, රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය හර්ෂිණී රාජපක්ෂ, ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර සහ ගාල්ල දිස්ත්‍රික් සහකාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කේ. ටී. සමරරත්න යන මහත් මහත්මීහු ද සහභාගී වී අදහස් දැක්වූහ.

එමෙන්ම මහාචාර්ය ත්‍යාගී පොන්නම්පෙරුම, මහාචාර්ය චම්පා විජේසිංහ, වෛද්‍ය විශාරී ද සිල්වා, වෛද්‍ය ප්‍රභාත් නානායක්කාර ඇතුළු විද්වතුන්, සායනික වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය වෘත්තිකයන් සහ CEI සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම සැසිය තවදුරටත් අර්ථවත් විය.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහය වූ දකුණු පළාත් ආණ්ඩුකාරතුමාට, පළාත් සහ කලාපීය සෞඛ්‍ය බලධාරීන්ට, ශාස්ත්‍රීය හා සායනික සහයෝගිතා හවුල්කරුවන්ට සහ සහභාගී වූ සියලු දෙනාට සෞඛ්‍ය සහ සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය (Institute for Research and Development in Health and Social Care - IRD) සිය ස්තූතිය පළ කරයි.

THRIVE ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව සඳහා වන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සෘජු ආධාර වැඩසටහන් (Direct Aid Program - DAP) ප්‍රදානයක් හරහා සහය ලබයි.

TRANSLATE ව්‍යාපෘතිය එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය හා සත්කාර පර්යේෂණ ආයතනය (National Institute for Health and Care Research - NIHR) මගින් සහය ලබයි.

ஆராய்ச்சியுடன் சமூகத்தின் குரலை இணைத்த ஒரு நாள் | பிற்பகல் அமர்வு

சமூகப் பங்கேற்பு மற்றும் பங்களிப்பின் மூலம் சுகாதார ஆராய்ச்சியை மேலும் அர்த்தமுள்ளதாக மாற்றும் புதிய படி

தென் மாகாண கௌரவ ஆளுநர் பேராசிரியர் சுசிரிபால மனவடு அவர்களின் தலைமையில் பிற்பகல் அமர்வு நடைபெற்றது.

இந்நிகழ்வில் பேராசிரியர் அதுல சுமதிபால அவர்கள் சமூகப் பங்கேற்பு மற்றும் பங்களிப்பு (Community Engagement and Involvement - CEI) என்றால் என்ன, அதனை ஆராய்ச்சியில் எவ்வாறு வெற்றிகரமாக இணைப்பது என்பது தொடர்பாகவும், செயல்படுத்தல் அறிவியல் (Implementation Science) குறித்தும் உரையாற்றினார்.

ஜனனி ஓபாதா அவர்கள் CEI நடைமுறைப்படுத்தல் தொடர்பான அனுபவங்களைப் பகிர்ந்து கொண்டதுடன், டாக்டர் ஓஷினி ஜயசிங்க அவர்கள் THRIVE திட்டம் குறித்தும், டாக்டர் ரிசித வாசிஷ்ட ஆரச்சி அவர்கள் TRANSLATE திட்டம் குறித்தும் விளக்கவுரைகளை வழங்கினர்.

கருத்து தெரிவித்த தென் மாகாண ஆளுநர் அவர்கள், ஆராய்ச்சி நடவடிக்கைகளில் சமூகத்தை அர்த்தமுள்ள வகையில் ஈடுபடுத்துவதன் முக்கியத்துவத்தை வலியுறுத்தியதுடன், இந்த முயற்சிக்கு தனது முழுமையான ஆதரவைத் தெரிவித்தார்.

இந்த நிகழ்வில் காலி தேசிய வைத்தியசாலையின் விசேட மனநல வைத்தியரும் TRANSLATE திட்டத்தின் இணை முதன்மை ஆய்வாளருமான டாக்டர் ரூமி ரூபன், ருஹுண பல்கலைக்கழக மருத்துவ பீடத்தின் மனநல மருத்துவப் பேராசிரியர் ஹர்ஷினி ராஜபக்ஷ, காலி மாவட்ட சுகாதார சேவைகள் பணிப்பாளர் டாக்டர் பிரசாத் ரணவீர மற்றும் காலி மாவட்ட உதவிச் சுகாதார சேவைகள் பணிப்பாளர் டாக்டர் கே. டி. சமரரத்ன ஆகியோரும் கலந்து கொண்டு தமது கருத்துக்களைப் பகிர்ந்து கொண்டனர்.

மேலும் பேராசிரியர் தியாகி பொன்னம்பெரும, பேராசிரியர் சம்பா விஜேசிங்க, டாக்டர் விசாரி டி சில்வா, டாக்டர் பிரபாத் நானாயக்கார உள்ளிட்ட கல்வியாளர்கள், மருத்துவ நிபுணர்கள், பொது சுகாதார வல்லுநர்கள் மற்றும் CEI உறுப்பினர்களின் பங்கேற்புடன் இந்த அமர்வு மேலும் அர்த்தமுள்ளதாக அமைந்தது.

இந்த நிகழ்வை வெற்றிகரமாக நடத்துவதற்கு ஆதரவளித்த தென் மாகாண ஆளுநர் அவர்களுக்கும், மாகாண மற்றும் பிராந்திய சுகாதார அதிகாரிகளுக்கும், கல்வி மற்றும் மருத்துவ ஒத்துழைப்பு பங்காளிகளுக்கும், கலந்து கொண்ட அனைவருக்கும் சுகாதாரம் மற்றும் சமூகப் பராமரிப்பு தொடர்பான ஆராய்ச்சி மற்றும் அபிவிருத்தி நிறுவனம் (Institute for Research and Development in Health and Social Care - IRD) தனது நன்றியைத் தெரிவித்துக் கொள்கிறது.

THRIVE திட்டத்திற்கு இலங்கைக்கான அவுஸ்திரேலிய உயர்ஸ்தானிகராலயத்தின் நேரடி உதவித் திட்ட (Direct Aid Program - DAP) மானியத்தின் மூலம் ஆதரவு வழங்கப்படுகிறது.

TRANSLATE திட்டத்திற்கு ஐக்கிய இராச்சியத்தின் தேசிய சுகாதாரம் மற்றும் பராமரிப்பு ஆராய்ச்சி நிறுவனம் (National Institute for Health and Care Research - NIHR) ஆதரவளிக்கிறது.

A Day When the Voice of the Community Joined Research | Afternoon Session

A new step towards making health research more meaningful through Community Engagement and Involvement (CEI)

The afternoon session was held under the leadership of Hon. Prof. Susiripala Manawadu, Governor of the Southern Province.

Prof. Athula Sumathipala spoke about Community Engagement and Involvement (CEI), how it can be effectively integrated into research, and the importance of Implementation Science.

Ms. Janani Opatha shared practical experiences of implementing CEI, while Dr. Oshini Jayasinghe presented on the THRIVE Project and Dr. Risitha Wakishta Arachchi presented on the TRANSLATE Project.

In his remarks, the Governor of the Southern Province emphasised the importance of meaningfully engaging communities in research and expressed his full support for this initiative.

The event was also attended by Dr. Rumi Ruban, Consultant Psychiatrist at the National Hospital, Galle, and Co-Principal Investigator of the TRANSLATE Project; Prof. Harshini Rajapakse, Professor of Psychiatry at the Faculty of Medicine, University of Ruhuna; Dr. Prasad Ranaweera, Regional Director of Health Services, Galle; and Dr. K. T. Samararatne, Deputy Regional Director of Health Services, Galle, who also shared their perspectives.

The session was further enriched by the participation of academics, clinicians, public health professionals and CEI members, including Prof. Thyagi Ponnamperuma, Prof. Champa Wijesinghe, Dr. Vishari de Silva and Dr. Prabath Nanayakkara.

IRD extends its sincere appreciation to the Governor of the Southern Province, provincial and regional health authorities, academic and clinical collaborators, and everyone who contributed to the success of the programme.

The THRIVE Project is supported through a Direct Aid Program (DAP) Grant from the Australian High Commission in Sri Lanka.

The TRANSLATE Project is supported by the National Institute for Health and Care Research (NIHR), UK.


On the way to Galle | together for meaningful community engagement!The IRD team is on the journey to Galle today, joined...
15/09/2026

On the way to Galle | together for meaningful community engagement!

The IRD team is on the journey to Galle today, joined by members of the THRIVE and TRANSLATE Community Engagement and Involvement (CEI) Group.

More than a journey, this is a journey together, bringing researchers and community voices closer, sharing experiences, building understanding, and working towards research that truly reflects the needs of the people it aims to serve.

Today’s destination is Galle. The bigger destination is meaningful, collaborative and people-centred research throughtout the country.

Strengthening Links Between Keele University and Sri LankaThe Institute for Research and Development in Health and Socia...
13/09/2026

Strengthening Links Between Keele University and Sri Lanka

The Institute for Research and Development in Health and Social Care (IRD) was pleased to welcome Professor Antonius Raghubansie, Pro Vice-Chancellor (International) and Professor of Digital Marketing and Global Engagement at Keele University, UK, to IRD on 8 September 2026.

During the visit, Professor Raghubansie engaged with the IRD team and learned more about the Institute’s ongoing research and international collaborations.

Dr. Oshini Sri Jayasinghe presented the THRIVE Project, highlighting its work to strengthen community-based approaches to maternal mental health and improve access to evidence-based care.

Dr. Risitha Wakishta Arachchi presented the TRANSLATE Project, which focuses on improving the early recognition and management of psychosis, reducing delays in accessing appropriate care, and developing community-focused approaches to early psychosis intervention.

The visit provided a valuable opportunity to explore areas of mutual interest and identify opportunities to further strengthen collaboration between IRD and Keele University. We look forward to building on these discussions and developing new avenues for partnership in research, education and knowledge exchange.

Strengthening Research through Meaningful Community Engagement and InvolvementHow can meaningful Community Engagement an...
07/09/2026

Strengthening Research through Meaningful Community Engagement and Involvement

How can meaningful Community Engagement and Involvement (CEI) strengthen health research and implementation?

Join us on 15 September 2026 for an interactive event bringing together researchers, health professionals and stakeholders to explore meaningful community engagement in research and implementation, with a special focus on the THRIVE and TRANSLATE projects.

We are honoured to welcome Hon. Prof. Susiripala Manawadu, Governor of Southern Province, alongside distinguished researchers and health professionals.

15 September 2026
2.00 PM – 4.30 PM
Auditorium, Provincial Health Training Centre, Unawatuna

FREE REGISTRATION
Limited seats available. Please complete the registration form to secure your place.

Registration link: https://forms.gle/r67ks2V2LsQsR6jN9

Organised by the Institute for Research & Development in Health and Social Care, in collaboration with the RDHS Office, Galle.

The THRIVE Project is supported by the Australian Government through the Direct Aid Program (DAP)
TRANSLATE Project is supported by the National Institute for Health and Care Research (NIHR), UK.

වෛද්‍යවරුනි, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියනි, ඔබේ වටිනා අදහස් සහ අත්දැකීම් අපට වැදගත්! ඔබ ගාල්ල දිස්ත්‍රික්කයේ සේවය කරන හ...
07/09/2026

වෛද්‍යවරුනි, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියනි, ඔබේ වටිනා අදහස් සහ අත්දැකීම් අපට වැදගත්!

ඔබ ගාල්ල දිස්ත්‍රික්කයේ සේවය කරන හෝ සේවය කර ඇති, මව්වරුන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳ ප්‍රායෝගික හෝ සායනික අත්දැකීම් ඇති වෛද්‍යවරයෙකු හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක නම්, ඔබේ දැනුම සහ අත්දැකීම් මෙම පර්යේෂණය සඳහා බෙදාගැනීමට ඔබට ආරාධනා කරමු.

THRIVE පර්යේෂණ ව්‍යාපෘතිය මඟින් මව්වරුන්ගේ මානසික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ අදහස්, අත්දැකීම් සහ දැනුම ලබාගැනීමට කටයුතු කරමින් සිටී.

ඔබේ සහභාගීත්වය තුළින් මව්වරුන්ගේ මානසික සෞඛ්‍ය අවශ්‍යතා සහ ඔවුන් මුහුණදෙන අභියෝග පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබාගැනීමටත්, සෞඛ්‍ය සේවා සැපයීමේදී පවතින ප්‍රායෝගික ගැටලු හඳුනාගෙන ඒ සඳහා වඩාත් ප්‍රායෝගික විසඳුම් සොයාගැනීමටත්, මව්වරුන්ගේ මානසික සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය දැනුම සහ අවබෝධය ගොඩනගා ගැනීමටත් දායක විය හැකිය.

වැඩිදුර තොරතුරු ලබාගැනීමට හෝ සම්බන්ධ වීමට:

සදෙව් - 071 700 7463 (ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න)

Address

1217/1B, Rajamalwatta Road
Battaramulla
10120

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94112863084

Website

Alerts

Be the first to know and let us send you an email when Institute for Research & Development posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Institute for Research & Development:

Shortcuts

Share