07/08/2026
ආයතනගත දරුවන්ගේ වෘත්තීය කුසලතා නගා සිටුවීම අරමුණු කරගනිමින් NVQ 03 වන මට්ටමේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් ලෙස මාකොළ සහතික කළ පාසලේ නේවාසික දරුවන් සඳහා විධිමත් බේකරි ශිල්පී පාඨමාලාවක් හා රම්මුතුගල සහතික කළ බාලිකා පාසලේ දැරියන් සඳහා විධිමත් රූපලාවන්‍ය ශිල්පී පාඨමාලාවක් ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතය.
ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම් වලට අදාලව වසර 03 ක කාල සීමාවක් සඳහා බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති හා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් විසින් 2026.07.31 දින ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේදී අත්සන් තබන ලදී.