Siri Sumana Dhamma School

Siri Sumana Dhamma School .

සිරිසුමන දහම් පාසලේ පන්ති නායක නායිකා නිල ලාංඡන පැළඳවීම ද  පසුගියදා පැවැත්වුණේ සිරිසුමන දහම් පාසලේ නව ශිෂ්‍ය නායක මණ්ඩලය...
24/02/2026

සිරිසුමන දහම් පාසලේ පන්ති නායක නායිකා නිල ලාංඡන පැළඳවීම ද පසුගියදා පැවැත්වුණේ සිරිසුමන දහම් පාසලේ නව ශිෂ්‍ය නායක මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවයට සමගාමී ව ය.

අනාගත නායකයන් ලෙස පොහොණි වීමට මෙය ඔවුන්ට මහඟු අවස්ථාවක් වනු ඇත.

සිරිසුමන ශිෂ්‍ය නායක අභිෂේකය - 2026සිරිසුමන දහම් පාසලේ 2026/2027 වර්ෂ සඳහා වූ ශිෂ්‍ය නායක මණ්ඩලය සඳහා නිල ලාංඡන පැළඳවීම...
24/02/2026

සිරිසුමන ශිෂ්‍ය නායක අභිෂේකය - 2026

සිරිසුමන දහම් පාසලේ 2026/2027 වර්ෂ සඳහා වූ ශිෂ්‍ය නායක මණ්ඩලය සඳහා නිල ලාංඡන පැළඳවීම සහ දිවුරුම් දීම පසුගිය ඉරුදින පෙරවරුවේ සිරි නන්දාරාම විහාරස්ථ ධර්ම ශාලාවේ දී පැවැත්විණි.

මෙහි දී පසුගිය ශිෂ්‍ය නායක මණ්ඩලයේ දුවා දරුවන් වෙත සහතික පත් පිරිනැමීම, නව ශිෂ්‍ය නායක මණ්ඩලය වෙත නිල ලාංඡන පැළඳවීම සහ නව ශිෂ්‍ය නායක මණ්ඩලය දිවුරුම් දීම සිදු කෙරිණි. මේ අවස්ථාවට පූජනීය ප්‍රධානාචාර්ය ස්වාමින් වහන්සේ ඇතුළු ගුරු මණ්ඩලයේ සාමාජිකයන්, දෙමාපියන් ඇතුළු පිරිසක් එක් ව සිටියහ. එසේම අපගේ ආරාධනය පිළිගෙන සපැමිණි ප්‍රවීණ උපදේශක ප්‍රභාත් මුණසිංහ මහතා විසින් මෙහි දී දරුවන් වෙත වැදගත් හරබර දේශනයක් ද සිදු කරන ලදි.

පත් වූ නව ශිෂ්‍ය නායක මණ්ඩලය පහත පරිදි ය.
ප්‍රධාන ශිෂ්‍ය නායක ;
▪️නිමිත සරත්චන්ද්‍ර
ප්‍රධාන ශිෂ්‍ය නායිකා ;
▪️නෙතුමි චනුල්යා
උප ප්‍රධාන ශිෂ්‍ය නායක ;
▪️ටිනුර තේජාන්
▪️කිතූප චිරායු
උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා ;
▪️මෙත්මිණි රදින්සා
▪️තිනුලි බිහන්ගා
ශිෂ්‍ය නායක ;
▪️රන්දිනු පුල්මෙත්
▪️චේතන යහන්පත්
▪️පවර මන්තිල
▪️දම්සර සත්කිරණ
▪️මනුසස් සිදම්
▪️දිමන්ස දේශාන්
▪️නිපුන් විජේසේකර
▪️යෙහාන් හිරන්‍ය
ශිෂ්‍ය නායිකා ;
▪️සිතගි නිසින්දි
▪️ශනුදි තෙහන්සා
▪️නෙතුකි සඳමිණි
▪️පුදම්සා කෙනුදි
▪️හිරුන්‍යා සේමින්දි
▪️විනුකි සිනෙත්මා
▪️නෙතුකි දුල්යා
▪️රලිනි රමත්කා
▪️දිනදි විහන්සා

2026/2027 වර්ෂයේ තුළ දී සිරි සුමන දහම් පාසල් මාතාව ප්‍රදේශයේ දහම් පාසල් අතර ඉහළට ම ඔසවා තබමින් කැපී පෙනෙන සේවයක් ඉටු කිරීමට ඔවුන්ට ධෛර්යය, ශක්තිය ලැබේවා යි ප්‍රාර්ථනා කර සිටිමු.

තලංගම උතුර සිරි නන්දාරාම විහාරස්ථ සිරිසුමන දහම් පාසල ආරම්භ වී වසර හැත්තෑ පහක් සම්පූර්ණ වීම නිමිති කොටගෙන පවත්වන ලද සිරිස...
26/10/2025

තලංගම උතුර සිරි නන්දාරාම විහාරස්ථ සිරිසුමන දහම් පාසල ආරම්භ වී වසර හැත්තෑ පහක් සම්පූර්ණ වීම නිමිති කොටගෙන පවත්වන ලද සිරිසුමන දහම් පාසල් වජ්‍ර ජයන්ති සැමරුමේ සමාප්ති උත්සවය පසුගිය පස් වැනි දින සිරි නන්දාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි.

මෙහි දී සිරිසුමන දහම් පාසල මගින් සංවිධාන කරන ලද මාලඹේ ශාසනාරක්ෂක මණ්ඩල අන්තර් ධර්ම පාඨශාලයීය භක්ති ගීත තරගාවලියේ ජයග්‍රාහකයින් ඇගැයුණු අතර සිරිසුමන දහම් පාසලේ සේවය කොට විශ්‍රාම ලැබූ හිටපු ගුරු මෑණිවරුන් සහ පියවරුන් වෙනුවෙන් උපහාරයක් ද සූදානම් කොට තිබිණි. ඊට අමතරව සිරිසුමන දහම් පාසලේ සිසු දරුදැරියන්ගේ අලංකාරවත් නර්තන, වාදන ප්‍රමුඛ විශේෂාංගයන්ගෙන් මෙම උළෙල අලංකාරවත් වී තිබුණි.

මාලඹේ ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති පූජ්‍ය කොටගම වාචිස්සර නාහිමියන් ප්‍රධාන පූජනීය ස්වාමීන් වහන්සේලා ද, තවත් සම්භාවනීය අමුත්තන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

Album 01
https://www.facebook.com/share/p/1BQSGnubey/

Album 02
https://www.facebook.com/share/p/1BanauVUDb/

Album 03
https://www.facebook.com/share/p/1BGFAweWKP/

Album 04
https://www.facebook.com/share/p/19t5SyyaUz/

Album 05
https://www.facebook.com/share/p/1HBsDn54FE/

පදුම හිමි පෙර ජීවිතයක දී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පුමුඛ මහා සංඝරත්නයට එක් පියුමක් ගෙන පූජාකළ පිනෙන් මල්පෙති ගණනට සක්ව...
10/06/2025

පදුම හිමි පෙර ජීවිතයක දී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පුමුඛ මහා සංඝරත්නයට එක් පියුමක් ගෙන පූජාකළ පිනෙන් මල්පෙති ගණනට සක්විති රජ ව ඉපදුණු බවත්, සත්සිය වතාවක් සක්විති රාජ්‍ය ලැබූ බවත්, අවසානයේ නිවන් සුව ලැබීමට ද ඒ පින හේතු වූ බවත් අපදාන පාලියේ සඳහන් වේ.

එම උතුම් ආදර්ශය අනුව යමින් ශ්‍රී ලංකා ද්වීපයට උතුම් වූ බුදු දහම දායාද වුණු පොසොන් පොහොය නිමිති කොටගෙන සිරි සුමන දහම් පාසල් ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධාන කරන ලද මල් දන්සල පසුගිය පොසොන් පුන් පොහෝ දින සවස් යාමයේ කොස්‌වත්ත, සිරි නන්දාරාම විහාරස්ථානයේ දී සාර්ථක අන්දමින් පැවැත්විණි.

සිරිසුමන දහම් පාසලේ 2025/2026 නිල වර්ෂය සඳහා වූ අභිනව ශිෂ්‍ය පත්කිරීම පසුගිය පෙබරවාරි මස 16 වෙනි දින සිරි නන්දාරාම විහා...
20/04/2025

සිරිසුමන දහම් පාසලේ 2025/2026 නිල වර්ෂය සඳහා වූ අභිනව ශිෂ්‍ය පත්කිරීම පසුගිය පෙබරවාරි මස 16 වෙනි දින සිරි නන්දාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණි.

එහි දී උදෑසන සම්බුද්ධ පූජාවක් ශිෂ්‍යනායක මණ්ඩලය මගින් සංවිධාන කොට තිබූ අතර අභිනව ශිෂනායක මණ්ඩලය ලෙස දිවුරුම් දීමට නියමිත සිසුහු සම්බුද්ධ පූජාවට එක් වී ආශිර්වාද ලබා ගත්හ.

වසර පුරා සිදුකළ සේවය අගයමින් පසුගිය ශිෂ්‍යනායක මණ්ඩලය වෙනුවෙන් සහතික පත් ප්‍රදානය කිරීම ප්‍රථමයෙන් සිදුකෙරුණු අතර ඉන් අනතුරුව නවක ශිෂ්‍යනායක මණ්ඩලයට නිල ලාංඡන පැළඳවීම සහ ඔවුන්ගේ දිවුරුම් දීම සිදුවිණි.

සිරිසුමන දහම් පාසල් අභිනව ශිෂ්‍ය නායක මණ්ඩලයට මෙම වසර තුළ දී සිරිසුමන දහම් පාසල වෙනුවෙන් මෙන්ම ප්‍රදේශය වෙනුවෙන් ද ඉහළ සේවයක් කිරීමට ඉඩහසර සැලසේවායි ප්‍රාර්ථනා කර සිටිමු.

සිරිසුමන දහම් පාසල් වාර්ෂික අධ්‍යාපන චාරිකාව පසුගිය පෙබරවාරි මස 02 වැනි දින යාපහුව, පඬුවස්නුවර, දඹදෙණිය රාජධානි නටබුන් ආ...
20/04/2025

සිරිසුමන දහම් පාසල් වාර්ෂික අධ්‍යාපන චාරිකාව පසුගිය පෙබරවාරි මස 02 වැනි දින යාපහුව, පඬුවස්නුවර, දඹදෙණිය රාජධානි නටබුන් ආශ්‍රිත ව පැවැත්වුණි.

දහම් පාසල් දරුවන්ට මෙම වටිනා අත්දැකීම ලබාදීම වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ සිරිසුමන දහම් පාසලේ ප්‍රධානාචාර්ය හිමියන්, උප ප්‍රධානාචාර්ය හිමියන් ප්‍රධාන ගුරුමණ්ඩලයට, දරුවන්ගේ දෙමාපියන්ට විශේෂ ස්තුතියක් හිමි විය යුතු ය.

"පඤ‍්චානිසංසා සම‍්මජ‍්ජනියා : සකචිත‍්තං පසීදති, පරචිත‍්තං පසීදති, දෙවතා අත‍්තමනා හොන‍්ති, පාසාදිකසංවත‍්තනිකං කම‍්මං උපචි...
15/12/2024

"පඤ‍්චානිසංසා සම‍්මජ‍්ජනියා : සකචිත‍්තං පසීදති, පරචිත‍්තං පසීදති, දෙවතා අත‍්තමනා හොන‍්ති, පාසාදිකසංවත‍්තනිකං කම‍්මං උපචිනාති, කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති."
"සම්මජ්ජනය පිළිබඳ අනුසස් පසෙක: සිය සිත පහදියි, මෙරමා සිත පහදියි, දෙවියෝ සතුටු සිත් ඇත්තාහු වෙති, ප්‍රසාදය පිණිස පවත්නා කර්‍මයක් රැස් කෙරෙයි, කාබුන් මරණින් මතු ශෝභනගති ඇති දෙව්ලොවට පැමිණේ."

විනය පිටක, පරිවාර පාලියේ දැක්වෙන පරිදි සම්මජ්ජනය ඇතුළු විහාරස්ථාන පිරිසුදු කිරීමේ ආනිශංස එසේ ය.

එවන් ආනිශංස සිත්හි දරාගනිමින් උතුරු තලංගම සිරි සුමන ධර්ම පාඨශාලයීය වජ්‍ර ජයන්තිය නිමිති කරගනිමින් පවත්වන ලද ශ්‍රමදානය අද දින අති සාර්ථක අන්දමින් පැවැත්විණි.

මේ සඳහා අපට අවවාද අනුශාසනා ලබාදුන් පූජනීය ප්‍රධානාචාර්ය, උප ප්‍රධානාචාර්ය ස්වාමින් වහන්සේලා ඇතුළු සිරි සුමන දහම් පාසල් ගුරු මණ්ඩලයටත්, ශ්‍යාමලී ගුණතිලක ලේකම්තුමිය ප්‍රමුඛ දහම් පාසල් සංවර්ධන සමිතියටත්, සහභාගී වී ශ්‍රමයෙන් දායකත්වයෙන් දැක්වූ සෙනෙහෙබර දෙමාපියන්ටත්, සමරු කලාප වෙළඳ දැන්වීම් ඔස්සේ භාණ්ඩ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ සිට ශ්‍රමදාන කටයුතු සඳහා බොහෝ සෙයින් වෙහෙස මහන්සි වූ ශිෂ්‍ය නායක මණ්ඩලයේ දුවාදරුවන්ටත්, සහභාගී වෙමින් කැප වූ දහම් පාසලේ ආදරණීය දරුදැරියන්ටත් ස්තුතිවන්ත වන අතර ම මේ ආකාරයෙන් අද දින සිදුකරගත් කුසල කර්මය නිදුක් නිරෝගී සුව, දීර්ඝායුෂ, දෙව් මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සම්පත් පිණිස ම හේතු වාසනා වේවා යි ප්‍රාර්ථනා කරමු!

Address

Battaramulla

Opening Hours

07:45 - 12:30

Website

Alerts

Be the first to know and let us send you an email when Siri Sumana Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share