Sri Siridhamma Daham Pasala

Sri Siridhamma Daham Pasala Sri Siridhamma Daham Pasala was started in 1964 / 02 /22

සිරිධම්ම දහම් පාසලේ ගරු ප්‍රධානාචාර්‍ය ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ සපිරි සුබ උපන්දිනයක් වේවායි අපේ ප්‍රාර්ථනයයි ....
03/04/2026

සිරිධම්ම දහම් පාසලේ ගරු ප්‍රධානාචාර්‍ය ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ සපිරි සුබ උපන්දිනයක් වේවායි අපේ ප්‍රාර්ථනයයි ....

සාමාන්‍ය පෙළ කඩයිම විශිෂ්ඨතම අන්දමින් ජග්‍රාහීව තරණය කරන්නට ආදරණීය දූ පුතුන් සැමට තෙරුවන් සරණම වේවා....
16/02/2026

සාමාන්‍ය පෙළ කඩයිම විශිෂ්ඨතම අන්දමින් ජග්‍රාහීව තරණය කරන්නට ආදරණීය දූ පුතුන් සැමට තෙරුවන් සරණම වේවා....

නවක සිසු දරු දැරියන් ඇතුළත් කරගැනීම - 20262026 නව අධ්‍යයන වර්ෂයේ  01 ශ්‍රේණියට නවක සිසු දරු දැරියන් ඇතුළත් කරගැනීම 2026 ...
07/01/2026

නවක සිසු දරු දැරියන් ඇතුළත් කරගැනීම - 2026

2026 නව අධ්‍යයන වර්ෂයේ 01 ශ්‍රේණියට නවක සිසු දරු දැරියන් ඇතුළත් කරගැනීම 2026 ජනවාරි මස 11 වන ඉරිදා දින උදෑසන 8.00 ට සිදු කරනු ඇත.

සම්පූර්ණ කළ අයදුම්පත් එදිනට භාරදෙන්න.(අයදුම්පත් එදිනටත් ලබාගත හැක.)
දහම් පාසල් ඇදුමෙන් දරුවා එදිනට සහභාගී කරවන්න.

දහම් පාසලේ අනෙකුත් ශ්‍රේණි සදහාද නවක සිසු දරුවන් ඇතුළත් කරගනු ලැබේ

ප්‍රධානාචාර්ය හිමි,
ඇතුළු ආචාර්ය මණ්ඩලය
ශ්‍රී සිරිධම්ම දහම් පාසල
දොරල,බටපොල

04/12/2025

සිරිදම් සහන යාත්‍රාව ..ප්‍රධානාචාර්‍ය ස්වාමීන් වහන්සේ ප්‍රධානව,දහම් පාසලේ ආචාර්‍ය චලංග සර් සමග ගම්වාසී පිරිසක් සමග අද දින අලුයම උඩුදුම්බර ප්‍රදේශයේ අපේම ආදරණීයන් වෙත පරිත්‍යාග කරන්නට පිටත් වුනා...

මේ හා අත්වැල් බැදගත් ආදරණීය සැමට අප්‍රමාණ පිං වේවා....

සැමට තෙරුවන් සරණයි....

දින තුනක් පුරාවට  දොරල සිරිදම් දහම් පාසලේ දුවා දරුවන් ගුරු මණ්ඩලය එකව සංවිධානය කල  සිරිදම් සහන යාත්‍රා සත්කාරක වැඩසටහන අ...
04/12/2025

දින තුනක් පුරාවට දොරල සිරිදම් දහම් පාසලේ දුවා දරුවන් ගුරු මණ්ඩලය එකව සංවිධානය කල සිරිදම් සහන යාත්‍රා සත්කාරක වැඩසටහන අවසන් දින රාත්‍රිය,...
දෙමාපියන් ,ගම්වැසියන් ,හිත මිතුරු සියලු දෙනාගේ ශක්තිය පරිත්‍යාගයන් එකතුවෙලා අපිට පුලුවන් වුනා සියලු බඩු භාහිරාදිය ඇතුලත් සහනාධාර විශාල ප්‍රමාණයක් සහිතව ලොරි රථයක් පුරවන්නට...
දහම් දැනුමට පමණක් සීමා නොවී මෙවැනි උතුම් පින් සිතුවිලි වලින් හෙබි දූ දරුවන් පිරිසක් ලැබීම සිරිදම් මවුන්ට ආඩම්බරයක්...
අපි අද උපකාර අවැසිම ආදරණීයන් අතට මේ සියල්ල පරිත්‍යාග කරන්නට සූදානමින්....

සිරිදම් සහන යාත්‍රාවේ  තෙවන දිනය අද දිනත් උදැසන පටන් බොහෝ ද්‍රව්‍යන් ලැබෙමින් පවතින බව පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කර...
03/12/2025

සිරිදම් සහන යාත්‍රාවේ තෙවන දිනය

අද දිනත් උදැසන පටන් බොහෝ ද්‍රව්‍යන් ලැබෙමින් පවතින බව පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරන්නේ ඉතාමත් සතුටින්...

අද දවස තුල අපි මේ සියලු ද්‍රව්‍යයන් අපේම ආදරණීය මිනිසුන් වෙත ලබා දෙන්න අවශ්‍ය පරිදි සූදානම් කරමින් පවතින අතර හෙට දවසේදී ඔවුන් අතට මේ සියල්ල ලබා දීමයි අපේ අරමුණ.

සිරිදම් සහන යාත්‍රාව වෙත ඔබට අද දවසේත් පරිත්‍යාගයන් සිදුකල හැකි බව සිහිපත් කරමු ..

සිරිධම් සහන යාතාවේ දෙවන දවස...සවියක් අවැසි අපේම ආදරණීයන් වෙනුවෙන් දෙවන දිනයේත් බොහෝ භාණ්ඩ ලැබෙමින් පවතිනවා...
02/12/2025

සිරිධම් සහන යාතාවේ දෙවන දවස...

සවියක් අවැසි අපේම ආදරණීයන් වෙනුවෙන් දෙවන දිනයේත් බොහෝ භාණ්ඩ ලැබෙමින් පවතිනවා...

සිරිදම් සහන යාත්‍රාවඅපේ රට ම මුහුණ දුන් ස්වභාවික ව්‍යසනයෙන් අවතැන් වූ අපේ ම ආදරණීය මිනිසුන් වෙත ලබා දීම සඳහා ආධාර එකතු ක...
30/11/2025

සිරිදම් සහන යාත්‍රාව

අපේ රට ම මුහුණ දුන් ස්වභාවික ව්‍යසනයෙන් අවතැන් වූ අපේ ම ආදරණීය මිනිසුන් වෙත ලබා දීම සඳහා ආධාර එකතු කිරීම.

*පානීය ජලය
*වියළි ආහාර ද්‍රව්‍ය
*සනීපාරක්ෂක ද්‍රව්‍ය
*අත්‍යවශ්‍ය ඖෂධ වර්ග
*භාවිතයට ගතහැකි ඇඳුම්
*ක්ෂණික ආහාර

ඔබේ පරිත්‍යාග දොරල ශ්‍රී පූර්වාරාම විහාරස්ථානය වෙත ලබා දීමට කටයුතු කරන්න.

මෙම වැඩපිළිවෙළ ඉතා ම විනිවිදභාවයකින් යුතුව සිදු කරමු.

ලැබෙන සියලු ම ද්‍රව්‍ය ආධාර සටහන් සහිතව ලබා ගෙන එම අවතැන් වූ ජන කණ්ඩායම් වෙතට ම ලබා දීමට කටයුතු සිදු කරනු ඇත.

ඔබේ පරිත්‍යාගය පැමිණ ලබා දිය හැකි ය.

රට මුහුණ දෙන තත්ත්වය හමුවේ දහම් පාසලක් ලෙස අපි අපේ ආදරණීයන්ට සවියක් වෙමු.

සිරිදම් දහම් පාසල් සමාජ සත්කාරක වැඩසටහනකි..

ප්‍රාධානාචාර්‍ය හිමි ,ආචාර්‍ය මණ්ඩලය ,විද්‍යාර්ථී එකමුතුව.

2025 ශාසනාරක්ෂක බලමණ්ඩල සිසු නිපුණතා තරගාවලියේ ජයග්‍රහණ හිමිකරගත් සිරිධම් දූ දරුවන් අද උදෑසන දහම් පාසලට පිළිගනිමින් එම ද...
21/09/2025

2025 ශාසනාරක්ෂක බලමණ්ඩල සිසු නිපුණතා තරගාවලියේ ජයග්‍රහණ හිමිකරගත් සිරිධම් දූ දරුවන් අද උදෑසන දහම් පාසලට පිළිගනිමින් එම දුවා දරුවන් ඇගයීමට ලක්කර මොහොත..

සිරිධම් නාමයට ආඩම්බරයක් එක්කළ දූ පුතුන් සැමට සුබ පැතුම්.....

2025 දහම් පාසල් සිසු නිපුණතා තරඟාවලියේදී අද දින අම්බලන්ගොඩ  ශාසනාරක්ෂක බල මණ්ඩලයේ  ශ්‍රී සිරිධම්ම  දහම් පාසලේ දුවා දරුවන...
14/09/2025

2025 දහම් පාසල් සිසු නිපුණතා තරඟාවලියේදී අද දින අම්බලන්ගොඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ශ්‍රී සිරිධම්ම දහම් පාසලේ දුවා දරුවන් ජයග්‍රාහී ස්ථාන 20ක් හිමිකරගන්නා ලද බව සතුටින් සිහිපත් කරමු....
* මෙම ජයග්‍රහණය උදෙසා අනුශාසකත්වය ලබා දුන් ගරු ප්‍රධානාචාර්‍ය ,පරිවේනාධිපති,ශාස්ත්‍රපති පූජ්‍ය වැලිපිටියේ ශාන්ත සිරි හිමිපාණන් වහන්සේටත්...
* අපිරිමිත කැපවීමෙන් ක්‍රියා කරමින් විශේෂයෙන්ම දරුවන් සියලුදෙනාටම ඉගැන්වීම් කටයුතු කරමින් පුහුණු කිරීම් සිදුකරමින් යහ මග පෙන්වන දහම් පාසලේ නියෝජ්‍ය ප්‍රධානාචාර්‍ය ගුරුතුමියන්ලා සහා ආචාර්ය මණ්ඩලයේ ස්වාමීන් වහන්සේලා ඇතුලු සියලුම ගුරු මෑ ණිවරු හා ගුරු පියවරුන්ටත්...
* මෙම ජයග්‍රහණ ලැබ දුන් දහම් පාසලේ සිසු දරු දැරියන් සියලු දෙනාටමත්....
* දෙමාපියන් ඇතුළු මෙම ජයග්‍රහණය උදෙසා මොනයම් ආකාරයකින් උදව් කල හැමෝටමත්...
අපගේ ගෞරවනීය ආචාරය....!
ප්‍රසංසනාත්මක ස්තුතිය....පුදමු.
එමෙන්ම ශ්‍රී සිරිධම්ම දහම් පාසලට හෘදයාංගම සුභපැතුම්....! එක් කරමු.
තෙරුවන් සරණයි..!

Address

Dorala
Batapola
80320

Opening Hours

07:30 - 11:30

Telephone

+94714370003

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Siridhamma Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Siridhamma Daham Pasala:

Shortcuts

Share

Category