Nalin Indika

Nalin Indika හුස්ම ගන්න අතීත කතාව

𝑨𝒓𝒕𝒔 2024𝕿𝖍𝖆𝖐𝖘𝖍𝖎𝖑𝖆 - 𝕭𝖆𝖓𝖉𝖆𝖗𝖆𝖜𝖊𝖑𝖆 𝐑𝐞𝐠𝐢𝐬𝐭𝐞𝐫 𝐒𝐨𝐨𝐧
17/12/2022

𝑨𝒓𝒕𝒔 2024
𝕿𝖍𝖆𝖐𝖘𝖍𝖎𝖑𝖆 - 𝕭𝖆𝖓𝖉𝖆𝖗𝖆𝖜𝖊𝖑𝖆

𝐑𝐞𝐠𝐢𝐬𝐭𝐞𝐫 𝐒𝐨𝐨𝐧

04/12/2022
11/10/2022

Sigiriya, Sri Lanka 360° 🇱🇰

රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙනක්‍රි.පූ. 03 වන සියවසේ සිදුවුණු ඓතිහාසික මහින්දාගමනයත් සමග මෙරට ඇරැඹි ජාතික, ආගමික, අධ්‍යා...
03/08/2022

රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙන

ක්‍රි.පූ. 03 වන සියවසේ සිදුවුණු ඓතිහාසික මහින්දාගමනයත් සමග මෙරට ඇරැඹි ජාතික, ආගමික, අධ්‍යාපනික, සංස්කෘතික යුග පෙරැළිය සමස්ත ලාංකීය සමාජ දේහයම නවතම ගමන් මගකට යොමු කරන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇරැඹි මහා විහාරය මෙරට ආගමික අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය විය. යුග ගණනාවක් දියුණුවෙමින් පිරිහෙමින් වැඩෙමින් පැවැති මෙරට බෞද්ධ අධ්‍යාපනය සෙංකඩගල පුරවරය වන විට එහි සංක්‍රාන්ති බවක් පිළිබිඹු විය.

එතෙක් කලක් බුදු දහමින් පෝෂණය ලබා හැඩගැසුණු බෞද්ධ අධ්‍යාපනය මෙරට අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට හසුවීමත් සමග 19 වන සියවස වන විට සම්පූර්ණයෙන්ම පිරිහෙන්නට විය. ඉංගී‍්‍රසිය මුල් කරගත් අසංස්කෘතික මිෂනාරි අධ්‍යාපනය යටතේ සියවස් ගණනාවක් බුදු දහමින් පෝෂිත බෞද්ධ අධ්‍යාපනය දෙදරා යන්නට විය. විනාශ වී යන බෞද්ධ සාරධර්ම හා අධ්‍යාපනය වෙනුවෙන් නැගී සිටි වැලිවිට අසරණ සරණ සරණංකර හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යයේ හා තිර අධිෂ්ඨානයේ ප්‍රතිඵලයක් ලෙස පිරිහෙමින් තිබූ භික්ෂු ශාසනයත්, බෞද්ධ අධ්‍යාපනයත් යළි ස්ථාපනය වී ක්‍රමයෙන් වැඩි දියුණුවන්නට විය.

පැල්මඩුල්ල නම් අධ්‍යාපන ආයතනය මූලිකව ගෙන ගිය බෞද්ධ අධ්‍යාපන වැඩ පිළිවෙළ ක්‍රමයෙන් සාර්ථක වන්නට විය. වලානේ ශ්‍රී සිද්ධාර්ථ ,රත්මලානේ ශ්‍රී ධර්මාලෝක වැනි යතිවරයාණන් වහන්සේලා පැල්මඩුල්ල අධ්‍යාපන ආයතන පිටතට ගෙන යාමේ ප්‍රතිඵලයක් ලෙස 1841 දී වලානේ ශ්‍රී සිද්ධාර්ථ නා හිමියෝ පුංචි පොල් අතු පැලකින් ඇරැඹි ලාංකීය බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ බදු වත්මන් පරදම් සෑ මහ පිරිවෙන ශාස්ත්‍රශාලාව යන නමින් ආරම්භ කරන්නට විය. වලානේ ශ්‍රී සිද්ධාර්ථ ,රත්මලානේ ශ්‍රී ධර්මාලෝක වැනි උගත් යතිවරයාණන් වහන්සේලාගෙන් පෝෂණය වූ මේ දහම් තක්ෂිලාව ඉතා කෙටි කාලයක් තුළ දෙස් - විදෙස් , ගිහි – පැවිදි, ශාස්ත්‍රකාමීන්ට හා මානවක – මානවිකාවන්ට අකුරු කරවූ ප්‍රධානතම ශාස්ත්‍රායතනය බවට පත් විය. ක්‍රමයෙන් සිය කිතුගොස ලොව පුරා පැතිරෙද්දී මෙම අසහාය කේන්ද්‍රස්ථානය භෞතික හා මානව සම්පතින් අනූන ආයතනයක් බවටද පත්විය.අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර, ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි, අලගියවන්න මුකවෙටි , වැලිවිටියේ සෝරත හිමි වැනි හෙළ මහා ගත් කතුවරුන් හා පඩිවරුන් බිහිකොට සිය ධර්ම ශාස්ත්‍රීය සේවාවේ නිම් වළලු පුළුල් කළ අප පිරිවෙන් මෑණියෝ සිය ගමන් මගේ දීප්තිමත් පියසටහන් ලෙස 1873 විද්‍යෝදය නම් දහම් තක්ෂිලාව ආරම්භ කළහ. වර්ෂ 1875 දී රත්මලානේ ශ්‍රී‍්‍ර ධර්මාලෝක නා හිමියෝ පෑලියගොඩ විද්‍යාලංකාර නමින් තවත් තක්ෂිලාවක්ද රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙන මව් කරගෙන ඇරැඹූහ. සිංහල, පාලි, සංස්කෘත, හින්දි වැනි භාෂා මාධ්‍ය පමණක් නොව ආගම, ගණිතය, පරිසරය, ඡ්‍යොතිෂය, ඡන්දස් අලංකාර, නිරුක්ති ඉතිහාසය වැනි විෂයධාරා මගින් පෝෂිත අධ්‍යාපනයක් තුළින් අංග සම්පූර්ණ අධ්‍යාපනයක් බෙදාහරින්නට විය.

රටට ලොවට අවශ්‍ය අවශ්‍යතා මැනවින් සම්පූර්ණ කර ඇති අප පිරිවෙන් මෑණියෝ අමිල වූ සේවා රැසක් ලෝක ශාසනික යහපත සඳහා සිදුකර ඇත. වලානේ ශ්‍රී සිද්ධාර්ථ, හික්කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලානේ ශ්‍රී ධර්මාලෝක, සූරියගොඩ සෝනුත්තර, දෙහිපිටියේ සංඝරක්ඛිත වැනි දෙස් විදෙස් සුපතල යතිවර පරම්පරාවක සෙවණේ පෝෂණය වෙමින් ඉදිරියට පැමිණි අතර එකී යුග මෙහෙවර ඉදිරියට ගෙන යාමට සූරියගොඩ සුමංගල, කළුකොඳයාවේ පඤ්ඤාශේඛර, මැදගම වජිරඥාන, පිඹුරේ සෝරත, බෙල්ලන්විල ධම්මරතන, බෙල්ලන්විල විමලරතන, ආදාවල දේවසිරි වැනි යතිවරයින්ගෙන් මේ පිං බිම වඩ වඩාත් ජීවය ලැබීය.

එපමණක් නොව සිදු වී ඇති ධර්ම ශාස්ත්‍රීය සේවා අතර මෙම පින්බිමෙන් බිහිවූ යතිවරයන් වියතුන් පිළිබඳ සටහනක් කළ යුතුමය. අදටත් රටට ලොවට අනාවැකි පවසන ඈපා පංචාංග ලිත ඡ්‍යොතිෂය ශාස්ත්‍ර ග්‍රන්ථයක් වශයෙන් 1855 දී එළිදක්වා ඇත්තේ වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන් ඇතුළු උගත් හිමිවරුන් දොන් පිලිප්ද සිල්වා ඈපා අප්පුහාමි නම් පුද්ගලයා මුල් කර ගනිමිනි. තවද ලක්මිණි පහන නමින් ප්‍රකට සිංහල පුවත්පත 1862 දී එළිදක්වනු ලැබුවේ වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන්ගේ ශිෂ්‍යයකු වූ කොග්ගල පඩිතුමා විසිනි. ලක්දිව සිංහල, පාලි, සංස්කෘත, ප්‍රාචීන පණ්ඩිත උපාධියට ප්‍රථම පංති ස්වර්ණ මුද්‍රිකා ගෞරව සම්මානය හිමිකරගත්තේ විදුරුපොල පියතිස්ස හිමියෝ ය. සූරියගොඩ හිමියෝ ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ගෞරව ශාස්ත්‍රවේදී ඕ.ඒ ප්‍රථම පංති සාමාර්ථ සහිතව උපාධිය සමත් ප්‍රථම ලාංකික භික්ෂුව බවට පත්ව එංගලන්තයට වැඩමකොට පශ්චාත් උපාධිය හදාරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පෙර දිග භාෂා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ධුරයටපත් ප්‍රථම බෞද්ධ භික්ෂූන් වහන්සේ බවට පත් වූවා පමණක් නොව පරදම් සෑ පිරිවෙන් මෑණියන්ගේ ශ්‍රේෂ්ඨත්වය ලොවට හඬගා කීහ.

අප පිරිවෙන් ඉතිහාසයේ මෑත භාගයේ වැදගත් යුගය ලෙස ලියවෙන්නේ කලා ශූරි ආචාර්ය මාපලගම විපුලසාර හිමියන්ගේ නම ඉදිරියෙනි. 1960 න් පසු දශක 4 කට අධික කාලයක් පරිපාලන කටයුතු ගෙන ගිය උන්වහන්සේ අප පිරිවෙන් මෑණියන් මෙරට පමණක් නොව, සමස්ත බෞද්ධ ලෝකයේම ගෞරවය ලබන අධ්‍යාපන ආයතනයක්, කලාගාරයක්, අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයක් හා ප්‍රබල සමාජ සේවා මධ්‍යස්ථානයක් බවට ද පත්කරමින් විශිෂ්ට සේවා රැසක් සිදු කළහ.

වර්තමානය වන විට ලක්දිව විවිධ ප්‍රදේශවලින් වැඩමකොට අධ්‍යාපනය ලබන භික්‍ෂූන් වහන්සේලාගෙන් පමණක් නොව නේපාලය,, ඉන්දියාව, චීනය, බංගලාදේශය ආදී විදේශීය රටවලින් පවා මෙහි පැමිණ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සියලු ප්‍රත්‍ය පහසුකම් නොමිලේ නොඅඩුව ලබා දෙන අප පිරිවෙන් මෑණියෝ සමස්ත ශ්‍රී ලංකාවේම පිරිවෙන් සිසුන් තුළ පාලි, සංස්කෘත වැනි විෂය ඥානය වර්ධනය කරනු අරමුණින් රුපියල් ලක්ෂ දෙකක ස්ථීර තැන්පතුවක් තබා වාර්ෂිකව ශිෂ්‍යත්ව දෙකක් 1992 සිට පිරිනමමින් සිටිති.

මේ අයුරින් අභ්‍යන්තර හා බාහිර මෙන්ම දේශීය හා විදේශීය සබඳතාවයන්ගෙන් යුතුව පිරිවෙන පවත්වාගෙන ඒමට සම්පූර්ණ ශක්තිය හා මඟපෙන්වීම ඉහත සියලු යතිවරුන්ගෙන් ලැබුණු අතර වර්තමාන පිිරිවෙන් විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදි මඩපාත ධම්මසාර හිමිපාණන් වහන්සේ ප්‍රධාන ගිහි පැවිදි ආචාර්ය මණ්ඩලයේ දක්ෂතා හා කැපවීම මත ගිහි, පැවිදි විශාල ශිෂ්‍ය ප්‍රමාණයක් ශාස්ත්‍රොත්ග්‍රහණයේ යෙදෙමින් සම්බුදු දහමත් මනා භික්ෂු සාරුප්‍යයත්, ගුණ නුවණත් චරිත සංවර්ධනයත් රැක ගනිමින් ඉදිරියට යන්නට මග පිළිපන්ව සිටියි. ලොව බොහෝ ආයතන හා සංවිධාන ආරම්භයෙන් වැඩි කාලයක් යන්නටත් පෙර ඊටත් වඩා ඉක්මනින් අභාවයට පත්ව ඉතිහාසයෙන් මැකී යන මොහොතක, එකී පොදු තත්ත්වය අප ජීවමාන නෙත් අභියසදී පහකරවාලමින් අදින් වසර 174 ක අඛණ්ඩ ඉතිහාසයක් චිත්තාකර්ෂණීය ලෙස සනිටුහන් කරමින්,ආරම්භයේ සිට අද දක්වා පරිවේණාධිපතිවරු 32 දෙනෙකු යටතේ පෝෂණය ලැබූ අප ජීවනාලිය බඳු පරදම් සෑ පිරිවෙන් දිනිතිය ශත සහශ්‍රාධික කාලයක් මිහිතලය මත වැජඹී ප්‍රඥාවේ රන් අස්වැන්නෙන් දැනුම් කුසගිනි නිවා මෝහාන්ධකාරය දුරුකරන ප්‍රඥා ප්‍රදීපයක්ම වේවායි ප්‍රාර්ථනා කරමි.
[email protected]

උපුටා ගන්නා ලද්දකි
https://www.budusarana.lk › tmp
බුදුසරණ: විශේෂාංග | රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙන

මානව ඉතිහාසයේ වාර්තා වුන  #විශාලතම  #ශබ්දය 🌋💥මානව ඉතිහාසයේ වාර්තා වූ විශාලතම ශබ්දය ලෙස සැලකෙන්නේ ඉන්දුනීසියාවේ Krakatoa ...
03/08/2022

මානව ඉතිහාසයේ වාර්තා වුන #විශාලතම #ශබ්දය 🌋💥

මානව ඉතිහාසයේ වාර්තා වූ විශාලතම ශබ්දය ලෙස සැලකෙන්නේ ඉන්දුනීසියාවේ Krakatoa ගිණිකන්ද 1883 අගෝස්තු 27 පුපුරායාමේදී නැඟුන ශබ්දයයි.

මෙම පිපිරීම කෙතරම් ප්‍රබලද කියනවා නම් එයින් නිකුත් වුනු ශබ්දය පෘථිවිය පුරා හතර වතාවත් ගමන් කර ඇති බවට විශ්වාස කරනවා.

ගිණිකන්ද පිපුරුණු ස්ථානයේ සිට සැතපුම් 40ක් ඈතින් සිටි නාවිකයින්ගේ කණ් අඩි පුපුරා ගොස් තිබෙනවා.

ඒ වගේම සැතපුම් 3000ක් ඈතින් සිටි පුදගලයෙකුට පවා පැහැදිලිව ඇසෙන තරම් මේ ශබ්දය ප්රබල බවට සඳහන් වෙනවා.

විද්‍යාඥයින් පවසන අන්දමට මේ පිපිරීම ඩෙසිබල් 172 ක ප්රලත්වයකින් යුක්තවෙනවා. ඔබ ජෙට් එන්ජිමක් ඉදිරියේ සිටියත් එයිනුත් නිකුත් වන්නේ ඩෙසිබල් 150ක පමණ ශබ්දයකි.

මේ පිපිරීම කොච්චර ප්‍රබලද කියනවා නම් ගිණිකන්ද පිහිටි දූපත සම්පූර්ණයෙන්ම පුපුරා ගොස් තිබෙනවා. පිපිරීමෙන් නැගුනු දුම් සැතපුම් 17 ඉහළට ගමන්කර ඇති බවද විද්‍යා සඟරා වල සඳහන්වෙනවා.

සිද්ධිය නිරීක්ෂණය කළ භූවිද්‍යාඥයින් සඳහන් කරන්නේ ගිණි කන්ද පිපිරීමෙන් විසිවුනු පාෂාණ කැබලි පැයට සැතපුම් 1600ක පමණ වේගයකින් ගමන්කර ඇති බවයි.

එනම් තත්ත්පරයක සැතපුම් භාගයක වේගයකින් ගමන් කර ඇති අතර එය ශබ්දයේ වේගය මෙන් දෙගුණයකි.

මේ පිපිරීමෙන් මහා සුනාමියක් නිර්මාණය වී තිබෙනවා. එහි රළ මීටර් 30ක පමණ උසකින් යුක්ත වෙලා තියෙනවා.

ඒ රළ ඊට යාබද දුපත්වල තිබුණු වෙරළබද ගම්මාන 165ක් සම්පූර්ණයෙන්ම විනාශකර දමා තිබෙනවා.

එවකට ඉන්දුනීසියාව බලය අල්ලාගෙන සිටි ලන්දේසීන් සඳහන් කරන්නේ පුද්ගලයින් 36417 ක් පමණ මේ සුනාමියෙන් මරණයට පත්වුන බවයි. එහෙත් ඇතැමුන් පවසන්නේ ඒම හා රළෙන් 120000 පමණ පරිසකට ජීවිත අහිමිවුනු බවයි.

මේ අතර ගිණි කන්දේ සිටි සැතපුම් 40ක් දුරින් තිබුණු බ්රිතාන්ය නෞකාවක් වූ Norham Castle හී කපිතාන්වරයා සිට සිය ලොග්පොතේ සටහන් කර ඇත්තේ “ඒක මහා භයානක පිපිරීමක්.

ඒ පිපිරීමෙන් මගේ නෞකාවේ කාර්ය මණ්ඩලයෙන් භායකගකේ පමණ කණ්අඩි වලට දැඩි හානි සිදුවෙලා තියෙනවා. ඒ වෙලාවේ මගේ මතකට ආවේ මගේ බිරිඳයි මම හිතුවේ ඒ මගේ අවසානය කියලයි.”

උපුටා ගැනීමකි.

Address

Bandarawela

Telephone

0711563116

Website

Alerts

Be the first to know and let us send you an email when Nalin Indika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nalin Indika:

Shortcuts

Share

Category