02/09/2026
බ/ගවරවෙල මහ විද්‍යාලය
විශේෂ ස්තුතිය - පන්තිභාර ගුරුතුමියට
මෙම සුවිශේෂී ජයග්‍රහණය පිටුපස සිටි පන්තිභාර ගුරුතුමිය වන ලාලනී වසන්ති මහත්මියට අපගේ හෘදයාංගම ස්තුතිය හා ගෞරවය පුද කරමු.
තම පෞද්ගලික ජීවිතයේ නොයෙකුත් අභියෝග හා ගැටලු මධ්‍යයේ වුවද, ඒ සියල්ල පසෙකලා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් උදෑසන, සවස් කාලයේ මෙන්ම පාසල් කාලය තුළද කැපවී කටයුතු කළ එතුමියගේ අපරිමිත මෙහෙවර අතිශය ප්‍රශංසනීයය.
විවිධ ගුරුභවතුන්ගේ සහාය ලබාගනිමින් සම්මන්ත්‍රණ හා විශේෂ වැඩසටහන් සංවිධානය කරමින්, දරුවන්ගේ දැනුම, හැකියාව හා විශ්වාසය වර්ධනය කිරීමට එතුමිය දැක්වූ කැපවීම මෙම ජයග්‍රහණයට විශාල ශක්තියක් විය.
ලාලනී වසන්ති මහත්මියනි, ඔබ කළ අමිල මෙහෙවරට අපගේ හෘදයාංගම ස්තුතිය හා ප්‍රණාමය!
ඔබගේ කැපවීමේ ප්‍රතිඵල ලෙස මෙම දරුවන්ගේ ජීවිතවල ඇතිවන සෑම ජයග්‍රහණයක්ම ඔබට ලැබෙන උතුම්ම ගෞරවය වේ.
ඒ වගේම
දරුවන්ගේ අධ්‍යාපන ගමනේ මුල් පියවර ශක්තිමත් කරමින් 1 සහ 2 ශ්‍රේණිවලදී දරුවන්ට මනා අධ්‍යාපනික පදනමක් ලබාදුන් කුසුම් රත්නායක ගුරුතුමියටද අපගේ විශේෂ ස්තුතිය හා සුභ පැතුම් පිරිනමමු.
දරුවන්ගේ මුල් අධ්‍යාපනික අවධියේදී ලබාදුන් ආදරය, මඟපෙන්වීම සහ දැනුම, අද ඔවුන් ලබන සාර්ථකත්වයට ශක්තිමත් පදනමක් වී ඇත.
ආදරණීය දෙමාපියන් සහ ආදරණීය දූ දරුවනි,
ඔබ කළ කැපකිරීම් සහ නිරන්තර සහයෝගය මෙම ජයග්‍රහණයේ අත්‍යවශ්‍ය කොටසකි.
ඔබ සැමට අපගේ හෘදයාංගම සුභ පැතුම් සහ ස්තුතිය!
ඔබ සැමට උණුසුම් සුභ පැතුම්!
මෙය ඔබගේ ජීවිතයේ තවත් විශාල ජයග්‍රහණ රැසකට ආරම්භයක් වේවා!