26/10/2022
R.D.Mahinda Rajapaksha
Accounting
26/10/2022
08/04/2021
💞
07/04/2021
😱😱
24/03/2021
යථානුරුපි හා අභිමතානුරුපි ප්රකාශ
ආර්ථික විද්යාවේ අධ්යනය කරන විෂය කරුණු හෝ පැහැදිලි කරන සංසිද්ධි සම්බන්දයෙන් කරන ප්රකාශ වල අන්තරගතය අනුව ඒවා ප්රධාන කොටස් 2කි.
1. යතානුරුපි ප්රකාශ
2. අභිමතානුරුපි ප්රකාශ
යතානුරුපි ප්රකාශ
යම් ආර්ථික ගැටළුවක් පිලිබදව විද්යාත්මක පදනමකින් කරනු ලබන ප්රකාශ "යතානුරුපි ප්රකාශ" ලෙස හැදින්වේ.මෙම යතානුරුපි ප්රකාශ අතීතය වර්තමානය අනාගතය යන ඕනෑම කාලයකට අයත් විය හැකිය.
මෙම ප්රකාශවල ප්රධාන ලක්ෂණ
v යතානුරුපි ප්රකාශ පුද්ගලානු බද්ධ නොවේ.
v යතානුරුපි ප්රකාශ පරීක්ෂණයට භාජනය කල හැකි වීම
v යතානුරුපි ප්රකාශ සාරධර්ම මත පදනම් නොවීම
v යතානුරුපි ප්රකාශ විද්යාත්මක ස්වරුපයක් ගනී
මෙම යතානුරුපි ප්රකාශ පදනම් වනුයේ සැබෑ කරුණු මතය එම නිසා යතානුරුපි ප්රකාශ හරි හෝ වැරදි විය හැකිය එම නිසා යතානුරුපි ප්රකාශයක නිරවද්යතාවය ප්රත්යක්ෂ මුල කරුණු මගින් පරීක්ෂණයට ලක් කල හැකිය
උදා = භාණ්ඩයක මිලත් ඉල්ලුම් ප්රමාණයත් අතර ප්රතිලෝම සම්බන්දයක් පවතී
මුදල් සැපයුම හා මිල මට්ටම් අතර අනුලෝම සම්බනදතාවයක් පවතී
අභිමතානුරුපි ප්රකාශ
යම් ආර්ථික ගැටළුවක් පිළිබදව විද්යාත්මක පදනමකින් තොරව කරනු ලබන ප්රකාශ "අභිමතානුරුපි ප්රකාශ" වේ.
මෙම ප්රකාශවල ප්රධාන ලක්ෂණ
v අභිමතානුරුපි ප්රකාශ පුද්ගලානු බද්ධ වේ.
v අභිමතානුරුපි ප්රකාශ පරීක්ෂණයට භාජනය කල නොහැකි වීම
v අභිමතානුරුපි ප්රකාශ සාරධර්ම මත පදනම් වීම
v අභිමතානුරුපි ප්රකාශ විද්යාත්මක පදනමක් නොගනි
උදා = දිළින්දන්ට උදව් කිරීම සදහා පොහොසතුන්ගෙන් විශාල ලෙස බදු මුදලක් අය කල යුතුය
රාජ්ය සේවකයින්ගේ වැටුප ඉහල නැංවිය යුතුය
22/03/2021
👇
22/03/2021
# #❤️Commerce කරන්න ඉන්න ❤️ # #
2023 A/L දරුවන්ට වැදගත් වෙයි.✋
👇
Commerce කරන හැම ළමයෙක්ගෙම හීනයක් තමයි AAA අරන් කැම්පස් යන එක..ඒ අතරිනුත් සමහර අය හීන දකින්නෙ කොමස් වලට හොදම කැම්පස් කියන ජපුරට,කොළඹට යන්න..
ඒත් ඇත්ත කතාව තමයි ගොඩක් අය ඒ හීනෙ දැක්කට ඒ හීනෙට ළගා වෙන්නෙ බොහොම ටික දෙනෙක් වීම..
කොමස් වල මූලිකම සබ්ජෙක්ට් කියලා අපි ගන්නෙ
💚 ගිණුම්කරණය ( Accounting)
💙 ආර්ථික විද්යාව (Economics)
❤️ව්යපාර අධ්යයනය.(Business studies)
ගොඩක් අය ඉගෙනගන්නෙ මේ සබ්ජෙක්ට් තුන.ලංකාවෙ බහුතරයක් පාසල්වල ඉගෙනගන්න අවස්ථා ,පහසුකම් තියෙන්නෙත් මේ සබ්ජෙක්ට් තුන..
මීට අමතරව මේ සබ්ජෙක්ට් සමහරක් වෙනුවට
🖤තොරතුරු තාක්ෂණය
💜️ව්යාපාර සංඛ්යානය
වගේ විෂයනුත් ඔයාලට තෝරගන්න පුලුවන් ..
ගොඩක් අයට කොමස් විෂය ගැන බොරු මත ටිකක් ඔලුවලට වැටිලා තියෙනවා ..සමහර අය කොමස් තෝරගන්න මැලි වෙන්න මේවත් එක හේතුවක්..
👏කොමස් කරලා විශ්වවිද්යාලයකට යන්න බෑ..😂
👐කොමස් කරලා කැම්පස් ගියත් රස්සා නෑ
👊කොමස් කරලා කැම්පස් ගිය අයට රස්සා නෑ,
👋ගෙදර ඉන්න තමා වෙන්නේ..😁
🤚ගෑණු ලමයිට කොමස් කරල වැඩක් නෑ...
👏ගණිතය අමාරු නම් කොමස් කරන්න එපා
😜 කොමස් A3ක් දානවට වඩා සයන්ස් මැත්ස් කරලා w3ක් ආවත් ඇති..
මේව ඇත්තද...
ඔය වගේ ළිං මැඩි මතවාද ගොඩක් ඔයාගෙ ඔලුවට දැනුත් වැටිලා ඇති..ගොඩක් වෙලාවට
ඔයාට සයන්ස් මැත්ස් කරන යාලුවෙක්..අසල්වැසියෙක් ඉන්නවා නම් මේ දවස්වල කණක් ඇහිල්ලක් නැතුව ඇති ..ඔයාගෙ රිසාල්ට් එක A9ක් A8 ක් වගේ නම් ඔය තත්වෙ තවත් වැඩි ඇති..
කොමස් කරලා 3A තිබුණත් වැඩක් නෑ...බයෝ මැත්ස් කරලා ෆේල් වුණත් ජොබ් තියෙනවා ..
ඔය වගේ සයන්ස් මැත්ස් කියන්නෙ මහ අමුතු අහසින් පාත් වුණු මහා බ්රහ්මයා මවපු දිව්යමය විෂයන් කියලා වන්දනාමාන කරන ලෝකෙ ගැන,සමාජෙ ගැන මෙලෝ දැනුමක් නැති ,පම්පෝරි දොඩවන (හැබැයි ජීවිතේට ඒ සබ්ජෙක්ට් කරලා පාස් නොවෙන😂) ගොබ්බ පිටසක්වල ජීවීන් ටිකක් ඔයාට දැනටමත් උපදෙස් දීලා ඇති ..
ඕවා ඇත්තද?😂😂⛏️
නෑ...මේ ටික බලන්න ,ඔයාට තේරෙයි ඇත්ත මොකද්ද කියලා..
👉කළමණාකරණය
👉කළමණාකරණය (රාජ්ය ) විශේෂ
👉දේපළ කළමණාකරණය හා තක්සේරුකරණය
👉වාණිජ්යය
👉කළමණාකරණ අධ්යයන
👉ව්යාපාර තොරතුරු පද්ධති
👉නගර හා ග්රාම නිර්මාණය
👉නිර්මාණවේදය
👉නීතිය
👉පහසුකම් කළමණාකරණය
👉කළමණාකරණය හා තොරතුරු තාක්ෂණය
👉ව්යවසායකත්වය හා කළමණාකරණය
👉කාර්මික තොරතුරු තාක්ෂණය
👉ආගන්තුක සත්කාර ,සංචාරක ව්යාපාර හා සිද්ධි කළමණාකරණය
👉තොරතුරු තාක්ෂණය හා කළමණාකරණය
👉සංචාරක හා ආගන්තුක සත්කාර කළමණාකරණය
👉තොරතුරු පද්ධති
👉පරිවර්තන අධ්යයන
👉සිනමා හා රූපවාහිනී අධ්යයන
👉ව්යපෘති කළමණාකරණය
👉තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
👉ආහාර ව්යාපාර කළමණාකරණය
👉ව්යපාර විද්යාව
👉මූල්ය ඉංජිනේරුකරණය
මේ තියෙන්නෙ කොමස් කරලා කැම්පස් වල කරන්න පුලුවන් පාඨමාලා .....
හිතලා බලලා තීරණයක් ගන්න පුලුවන් ...ඔයාලට....
💪ශ්රී ලංකා ගණකාධිකාරි සේවය
💪ලංකා පරිපාලන සේවය
💪ශ්රී ලංකා අධ්යාපන පරිපාලන සේවය
💪ශ්රී ලංකා විදේශ සේවය
💪ශ්රී ලංකා සැලසුම් සේවය
💪විගණන අධිකාරි සේවය
💪විශ්ව විද්යාල කථිකාචාර්ය
💪ගුරු අධ්යාපනඥ සේවය
💪ශ්රී ලංකා ගුරු සේවය
💪බැංකු ක්ෂේත්රයේ රැකියා
💪තක්සේරුකරු
💪බදු නිලධාරි
💪බදු උපදේශක
💪මූල්ය විශ්ලේෂක
💪මූල්ය නිලධාරි
💪රාජ්ය අංශයේ හා පෞද්ගලික අංශයේ
👌 ඔනෑම ආයතනයක බදවා ගැනිමේ අංශ යේ (HRM) සිට කළමණාකරණය (Manager) දක්වා රැකියා අවස්ථා...
මේ තියෙන්නෙ කොමස් කරලා හොදට ඉගෙනගත්ත අයට යන්න පුලුවන් රැකියා අවස්ථා කීපයක්...
ඔයාලගෙ හීනෙ කොතනද ....ළගා වෙන්න පුලුවන් ද ඔයාගෙ මට්ටම..ඔයාගෙ පරිසරය ඒකට සූදානම්ද.....ඔයාට අවශ්ය පහසුකම් තියෙනවා ද? ඒ අනුව ඔයාගෙ අනාගතය..ඔයා හදාරණ සබ්ජෙක්ට් එක තෝරගන්න පුලුවන් ...
මෙහෙමයි ...කවදාවත් කොමස් කරලා ඔයාට ඩොක්ට කෙනෙක්...ඉංජිනේරුවෙක් වෙන්න බෑ...ඇත්ත..එහෙම හීනයක් තියෙනවා නම්..දක්ෂතාවයක් තියෙනවා නම්...ආසයි නම් ...සහ පහසුකම් තියෙනවා නම් ඒකට අදාළ සබ්ජෙක්ට් එක තෝරගන්න එක ඔයාගෙ තීරණයක්..
කාටවත් ඔයාගෙ අනාගතය තීරණය කරන්න දෙන්න එපා...ඒක ඔයාගෙ නම්..ඔයාම තේරුම් ගන්න...ඔයාම තීරණ ගන්න..උපදෙස් ගන්න...හැබැයි අවසාන තීරණය ඔයා ගන්න..මොකද අද ඔයාට මේ සබ්ජෙක්ට් එක කරන්න කියන කෙනා කවදාවත් ඔයා ෆේල් වුණාම ඔයාට උදව් කරන්නෙ නෑ...
තවත් දෙයක් තමයි ...කොමස්වලට එන්න මැලි වෙන..
"සයන්ස් ,මැත්ස් තමයි තාර්කික විෂය..අමාරු සහ සංකීර්ණ වටිනාකමක් තියෙන විෂය..."💪
ඔය වගේ මතයක්..ඔයාගෙ ඔලුවටත් වැටිලා ඇති ...
ඒක ඇත්ත...❤️
ඒ විෂය ධාරාවන් කොමස් වලට සාපේක්ෂව අමාරුයි...සංකීර්ණයි..
එහෙම කියලා ඒ විෂය ධාරාවන්වලට වටිනාකමක් තියෙන නිසාම ඒවා තෝරගන්න අය ඉන්නවා..
හැබැයි එහෙම යන බහුතරයක් ඒ විෂයයන් තුනම අසමත්....W W W
Science කියන්නෙ ලොකු විෂයක්..වටින විෂයක්..Commerce කියන්නෙ වැඩක් නැති විෂයක්....ඔහොමයි සමාජ මතය..
ඉතින් තමන්ට පාස් වෙන්න හැකියාවක් නැතිනම් Science කරලා තමන්ගෙ කැම්පස් හීනෙ සැබෑ කරගන්න බැරි නම්...
"සයන්ස් අමාරු විෂයක්..ඒක වටිනවා..හරි සංකීර්ණයි ...
inorganic ..organic පරිවර්තන..අනුකලන..අවකලන..
බ්ලා බිලා බ්බ්ලා..බ්ලා. 😣😤
ඕවා කොමස්,ආර්ට් අය දන් නෑ 😬😬😬"
කියලා facebook වගේ සමාජ මාධ්යවල කෑ ගහලා තේරුමක් නෑ.😂😂😂😂😂😂😂.
තමුන්ට සාර්ථකව කරන්න පුලුවන් දේ හරියට තෝරගෙන හරියට කරන්න ...එච්චරයි ... 😌❤️🤚
ඇත්තටම කොමස් කියන්නෙ සරල වගේම පහසුවෙන් පාස් වෙන්න පුලුවන් සබ්ජෙක්ට් එකක්... #උනන්දුවෙන්_වැඩ_කරන_කෙනෙක්ට ...
💪❤️
අනික ඇල්බට් අයින්ස්ටයින්ලා,අයිසැක් නිව්ටන්ලා,ස්ටීවන් හෝප්කින්ස්ලා
ලූකා පැසියෝලිගෙ,ඇඩම් ස්මිත්ලගෙ සිද්ධාන්ත වැරදි...කොමස් කියන්නෙ සයන්ස් වලට වඩා මෝඩ සබ්ජෙක්ට් එකක් ය..ඔය වගේ අපේ බුකි මැරයන්ගෙ තර්ක ඉදිරිපත් කරලා නෑනෙ..😂
සයන්ස්වල සිද්ධාන්ත වගේම කොමස්වල තියරිත් සංශෝනය වෙනවා..අලුත් වෙනවා...
අනික සයන්ස් වේවා මැත්ස් වේවා කොමස් වේවා ඕනිම සබ්ජෙක්ට් එකක් ඉහළටම ඉගෙනගත්ත අයගෙන් බහුතරයක් ඔය වගේ මෝඩ තර්ක ඉදිරිපත් කරන්නෙ නෑ...ඒ වගේ ඉගෙනගන්න පුලුවන් අය ගොඩක් බුද්ධි මට්ටමින් වැඩි පුද්ගලයො...
ඔය වගේ මෝඩ තර්ක දාන ඔයාට එක එක බලපෑම් කරන හොදින් දන්න කෙනෙක් ඉන්නවා නම්..
"අයියෙ මට මේ organic පරිවර්තන පාඩම,inorganic මේ පාඩම.. කියලා දෙන්නකො" කියලා අහලා බලන්න..
80%කට ආසන්න පිරිසකට කට උත්තර නැතුව යනවා.".😂
පොඩ්ඩක් හිතන්න..හොදට හිතලා හොද තීරණයක් ගන්න...
අනාගතයෙ අපේ රටට විගණකවරු,දොස්තවරු..ඉංජිනේරුවරු..ගුරුවරු...මේ වගේ පුද්ගලයො ගොඩක් අවශ්යයි....ඔයාගෙ හැකියාව,දක්ෂතාව ,කැමැත්ත අනුව ඔයාගෙ තැන දැන්ම වෙන් කරගන්න..
හොද ගුරුවරු...හොද පොත්පත්...හොද යාලුවො තෝරගන්න ...අලුතින් ම ජීවිතේ පටන් ගන්න..
ඉතින්
කොමස් අමාරු ද? ලේසිද?
ඇවිල්ලා කරලම බලන්න...❤️❤️❤️
A/L රන් 👑 ඔටුන්නක් මිස උරචක්රමාලාවක් නොවනු පිණිස..❤️
කතෘ අයිතිය සුරකින්න ©
11/03/2021
💪
27/02/2021
🙏🙏🙏🙏🙏🙏
27/02/2021
🙏පිංකමට🙏 එකසිතින් පැමිණෙත්වා.🙏
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Bandarawela