තම්මැන්නාව

තම්මැන්නාව හුස්ම ගන්න අතීත කතාව

"මුළු මිහිතලයට ම සිටින්නේ එක ම පරණවිතාන කෙනෙකු පමණි." මහාචාර්ය මලලසේකරයන් ජාත්‍යන්තර පුරාවිද්‍යා සමුළුවක දී දක්වන ලද මෙම...
04/01/2020

"මුළු මිහිතලයට ම සිටින්නේ එක ම පරණවිතාන කෙනෙකු පමණි."

මහාචාර්ය මලලසේකරයන් ජාත්‍යන්තර පුරාවිද්‍යා සමුළුවක දී දක්වන ලද මෙම අදහස අතිශයෝක්තියක් නොවන යතාර්ථයකි.

වර්ෂ 1896 ගාලු පුරවරයේ මැටරඹ ප්‍රදේශයේ උපත ලද සෙනරත් පරණවිතානයන් අකුරු කරනුයේ අන්නාසි හෙට්ටිගොඩ මෙතෝදිස්ත සිංහල පාසලෙන් සහ උණවටුන බොනවිස්ටා ඉංග්‍රීසි විද්‍යාලයෙනි. ඉගෙනීමේ සහජ හැකියාවෙන් යුතු වූ පරණවිතානයෝ රන්වලගොඩ විද්‍යාවර්ධන පිරිවෙනෙන් ප්‍රාචීන භාෂා ශාස්ත්‍රය ද ප්‍රගුණ කළේය. 1915 වසරේදී ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයට පෙනී සිටිමින් ඉතිහාසය විෂයයෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත් වූ පරණවිතාන ශිෂ්‍යයාට ත්‍යාග වශයෙන් හිමිවූයේ 1912 වසරේ ප්‍රකාශිත Epigraphia Zeylanica නම් ලංකා ශිලා ලේඛන සංග්‍රහයේ පළමු වෙළුමේ පිටපතකි.

1916 වසරේදී මිහිරිපැන්න සිංහල පාසලේ ගුරුවරයෙකු ලෙස ගුරු සේවයට ප්‍රවිෂ්ට වන මෙතුමා 1920 දී උඩුගම්පොළ රජයේ දෙවන භාෂා විද්‍යාලයේ සේවය කර, 1923 දී ශිලා ලේඛන අධ්‍යන සහයකයෙක් වශයෙන් කටයුතු කිරීමට එවකට පුරාවිද්‍යා කොමසාරිස් හොකාර්ට් මහතා සමග එක් විය. තෙවසරක ශිෂ්‍යත්වයක් ලබා ගනිමින් කීර්තිමත් අභිලේඛන පිළිබඳ විශේෂවේදියෙකු වන ශ්‍රී ක්‍රිෂ්ණ ශාස්ත්‍රී මහතා සහ පුරාවිද්‍යා විශේෂවේදියෙකු වන ශ්‍රීමත් ජෝන් මාර්ෂල් යටතේ සිය දැනුම ඔපමට්ටම් කරගත් සෙනරත් පරණවිතානයෝ 1929 දී Epigraphia Zeylanica ලංකා ශිලා ලේඛන සංග්‍රහයේ සංස්කාරක ධූරයට පත් විය. පුරාවිද්‍යාත්මක ලිපි සිංහලයට පරිවර්තනය කරමින් ඉතිහාසය පිළිබඳව ජනතාව තුළ උත්තේජනයක් ඇති කිරීමට මෙතුමා කටයුතු කරන ලදී. 1930 දී රොස්ලින් කිතුලේගොඩ මෙනවිය සමඟ විවාහ දිවියට එළඹෙන අතර පරණවිතානයන් ලියන ලද "ලංකාවේ ස්තූප" (Stupa in Ceylon) කෘතියට ඕලන්දයේ ලයිඩන් විශ්වවිද්‍යාලය මගින් ආචාර්ය උපාධියක් පිරිනමන ලදී.

මෙතෙක් ලාංකිකයන්ගෙන් ගිලිහී තිබූ පුරාවිද්‍යා කොමසාරිස් ධූරයට පරණවිතානයන් පත්වන්නේ 1940 දී ය. එය ලංකා පුරාවිද්‍යාවේ ස්වර්ණමය යුගයේ ආරම්භය විය. 1949 සිට සීගිරි කුරුටු ගී විවරණයට ඔහු ගත් වෑයමේ කූටප්‍රාප්තිය වූයේ සීගිරි ගී 685ක් විවරණය කරමින් වර්ෂ 1956 දී "සීගිරි කුරුටු ගී" හෙවත් "Sigiri Graffiti" ග්‍රන්ථය එළිදැක්වීමයි.

1956 දී පුරාවිද්‍යා කොමසාරිස් ධූරයෙන් විශ්‍රාම ගත් එතුමා ලංකා විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය පදවියෙන් පිදුම් ලැබීය. ලංකා විශ්වවිද්‍යාලය මගින් ප්‍රකාශිත ලංකා ඉතිහාසයේ පළමු කාණ්ඩයේ සංස්කරණයට එක් වෙමින් දැනුම ව්‍යාප්තියට එතුමා කටයුතු කරන ලදී. මෙරට මෙන් ම ජාත්‍යන්තර වශයෙන් ද තම සේවය ඉටු කරමින් මොහෙන්ජෝදාරෝ හරප්පා ශිෂ්ටාචාරයට අයත් අක්ෂර කියවීමට ක්‍රමයක් පිළියෙළ කිරීම කළ අතර එතුමා විසින් එතෙක් හඳුනා නොගත් සහ සැක සහිත පුරාවිද්‍යා ස්ථාන බොහෝ ප්‍රමාණයක් නිවැරැදිව හඳුනාගත හැකි විය. නිදසුන් ලෙස එළාර සොහොන සහ දක්ඛිණ ථූපය පිළිබඳ අනාවරණයන් දැක්විය හැකිය.

ප්‍රසිද්ධ දේශන මගින් මෙන් ම ලේඛන මගින් ද දැනුම ව්‍යාප්තියේ නියැලි එතුමාගේ ලිපි සඳහා රාජකීය ආසියාතික සමිති සඟරාව, ලංකා විද්‍යා සඟරාව ආදී වූ දේශීය මෙන් ම ජාත්‍යන්තරව ද ඉඩහසර වෙන් විය. පශ්චාත්කාලීනව එතුමා ලියන ලද කෘති අතර පහත කෘතීන් කැපී පෙනේ.
• සිංහලයෝ (The Sinhalese)
• සීගිරි පවත (The Story of Sigiri)
• ග්‍රීකයෝ සහ මෞර්යයෝ (The Greeks & The Mouryas)
• දෙවිනුවර උපුල්වන් දෙවොල (The Shrine of Upulvan at Devinuvara)
• පුරාණ සිංහලයන්ගේ කලා ශිල්ප ( Arts of Ancient Sinhalese)

පූර්ව බ්‍රාහ්මීය සෙල්ලිපි දහසකට වැඩි ගණනක් අධ්‍යයනය කොට 1970 දී පළ කළ "ලංකාවේ සෙල්ලිපි" (Inscription of Ceylon) කෘතිය පුරාවිද්‍යා දැනුම ගගවේෂකයන්ට මඟ පෙන්වන්නක් විය. එහි දෙවන වෙළුම පළ වූයේ එතුමාගේ අභාවයෙන් පසුව ය.

• 1952 දී ලංකා විශ්වවිද්‍යාලය මගින් ගෞරව උපාධිය
• 1960 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලය මගින් ගෞරව උපාධිය
• 1962 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය මගින් සාහිත්‍යය චක්‍රවර්තී (D.Litt.) උපාධිය
• 1951 දී බ්‍රිතාන්‍ය මහ රැජින විසින් O.B.E ගෞරව නාමය
• 1952 දී බ්‍රිතාන්‍ය මහ රැජින විසින් C.B.E. ගෞරව නාමය
ප්‍රදානය කරමින් සෙනරත් පරණවිතානයන් ඇගයුමට ලක් කර ඇත. වර්ෂ 1972 ඔක්තොම්බර් 4 දින සැත්තෑ සය වසක දිවි ගමන අවසන් කළ එතුමා පිළිබඳ මහාචාර්ය මලලසේකරයන්ගේ කියමන අතිශයෝක්තියක් නොවන බව කිව හැකිය.

~~~✍️ තම්මැන්නාව~~~

(1102) අනුරාධපුර බිසෝමාලිගයේ සඳකඩ පහණ (අනුරාධපුර දිස්ත්‍රික්කය ) ***සඳෙන් අඩක් බඳු ගල යන අරුත ඇතිව නිම වූ විශිෂ්ට නිර්මා...
18/08/2019

(1102) අනුරාධපුර බිසෝමාලිගයේ සඳකඩ පහණ
(අනුරාධපුර දිස්ත්‍රික්කය ) ***
සඳෙන් අඩක් බඳු ගල යන අරුත ඇතිව නිම වූ විශිෂ්ට නිර්මාණයක් ලෙස සඳකඩ පහණ හැඳීන්විය හැකිය.මුල් සඳකඩ පහණ කැටයම් රහිත වුව ද පසුකාලීනව බිහි වූ සඳකඩ පහණ හි විවිධ කැටම්වලින් අලංකාර වී ඇති සැටියක් දක්නට ලැබේ.මෙය අනුරපුර හා පොළොන්නරු යන ඉපැරණි නගරයන්හි දක්නට ලැබේ. මහා තේජසින් ඔබිනව විරාජමාන වූ ගල්කණු ඉදිරිපස අදටත් නටබුන් නොවී පවතින නිර්මාණයක් ලෙස සඳකඩ පහණ හැඳින්වේ. අනුරාධපුර සඳකඩ පහණ හි කැටයම් යම් රටාවකට අනුව නිමවා ඇත. එහි මධ්‍යයෙහි අර්ධ නෙළුම් මලකි. ඉන් අනතුරුව නෙළුම් පොහොට්ටු තුඩින් ගත් හංස පේළියකි. හංස පේළියට පිටින් ලියපත් පෙළියක් වේ. ඉන් අනතුරුව ඇත්, ගව, සිංහ, අස් ආදී සත්වයන් එකා පිටුපස එකා යන අයුරුත් නිරූපිත දසුනකි. බාහිර අඩ රවුම ඉන් පසුව ඇති අතර එහි පලාපෙති මෝස්තරයකි. මෙලෙස නිම වූ අලංකාරම සඳකඩ පහණ දක්නට ඇත්තේ අනුරාධපුර බිසෝ මාළිගය ඉදිරිපිටය. මෙය මහසෙන් මණ්ඩපය ලෙස ද හඳුන්වයි. එහි ඉදිරිපස ඇති ඉහත කී සඳකඩ පහණ දැනට ආසියාවේ ඇති අලංකාරම සඳකඩ පහණ ලෙස සැලකේ

මිහින්තලය දාන ශාලාව ---------------------------අනුරාධපුරය මිහින්තලය ආරාමික පරිශ්‍රයෙහි වැඩ විසූ භික්ෂූන් වහන්සේලාගේ දානම...
18/08/2019

මිහින්තලය දාන ශාලාව
---------------------------

අනුරාධපුරය මිහින්තලය ආරාමික පරිශ්‍රයෙහි වැඩ විසූ භික්ෂූන් වහන්සේලාගේ දානමය අවශ්‍යතාවයන් වෙනුවෙන් ඉදිකර ඇති මෙම දාන ශාලාව සුවිසල් දන් ඔරුවකින් සමන්විතය. වාස්තු විද්යාත්මක ලක්ෂණයන් සැලකීමේදී අනුරාධපුර අනෙකුත් දාන ශාලාවන් සමඟ සමානත්වයක් දරණ අතර මෙහි ඇති සුවිශේෂීතම නිර්මාණය වනුයේ ජල සම්පාදය සඳහා භාවිතා කර ඇති ගල් පිහිල්ලයි.

සිරස් ශෛලමය ආධාරක දෙකක් මත තිරස්ව නංවන ලද මෙම ගල් පිහිල්ල, අතීතයෙදී මිහින්තලය පරිශ්‍රය ආශ්‍රිතව පිහිටියා වූ සිංහපොකුණ, නාග පොකුණ සහ අනෙකුත් ජල මූලාශ්‍ර සමඟ ඒකාබද්ධව පැවති දියුණු ජල සම්පාදන ක්‍රමවේදයක ශේෂ සලකුණක් ලෙස හැඳින්විය හැකිය

Address

Bandarawela

Telephone

+94711563116

Website

Alerts

Be the first to know and let us send you an email when තම්මැන්නාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to තම්මැන්නාව:

Shortcuts

Share

Category