25/09/2026
2026/09/18 වන දින හොරණ ශ්‍රී මේධංකර මහා විද්‍යාලයත් අප විද්‍යාලයත් අතර 2026/09/27 වන දින පැවැත්වීමට නියමිත The Battle of Raigam Legends සුහද ක්‍රිකට් තරගයට අදාලව විද්‍යාල දෙකෙහි ආදි ශිෂ්‍ය සුහද ක්‍රිකට් තරගය සහ ගුරුභවතුන්ගේ සුහද ක්‍රිකට් තරගය මෙන්ම පාසල් දෙකේ ක්‍රිකට් කණ්ඩායම් ද්විත්වයේ පුතුන් හඳුනාගැනීම උත්සවාකාරයෙන් මේධංකර මහා විද්‍යාලයේදී සිදුවිය. මෙවර සත්කාරක පාසල වන මේධංකර මහා විද්‍යාලයේ විදුහල්පති K C පෙරේරා මහතා ඇතුළු එම විද්‍යාලයේ සමස්ත පාසල් ප්‍රජාවට අපගේ ස්තුතිය පිරිනමමු.එම තරග ද්විත්වයෙන්ම ශ්‍රී මේධංකර මහා විද්‍යාලය ජය ලබා ගත් අතර එම විද්‍යාලයට අප විද්‍යාලයේ උණුසුම් සුබ පැතුම් පිරිනමමු. තරඟ සඳහා සහභාගී වූ අප විද්‍යාලයේ ගුරු භවතුන්ට, ක්‍රිකට් ක්‍රීඩා පුහුණුකරුවන්ට, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ මහතුන්ට මෙන්ම අප විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ආදි දූ පුතුන්ට, වත්මන් දූ පුතුන්ට සමස්ත විද්‍යාලයීය ස්තුතිය පිරිනමමු. මෙම අවස්ථාවට සහභාගී වූ ආචාර්ය මණ්ඩලයේ ගුරුභවතුන්ට, අනධ්‍යන කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ට ,ආදරණීය දූ පුතුන්ට , අප හිතවත් ආදි ශිෂ්‍ය සංගමයේ මහත්ම මහත්මීන්ට සමස්ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු.