Past Pupils' Association - K/Saddhathissa College

Past Pupils' Association - K/Saddhathissa College

Share

මේ අපි අපේ ජීවිතය දිනු අපේම තක්ෂලාවයි.

© All rights reserved (Copying, Publishing or Unauthorized use of these photos are strictly prohibited.) — K/ Saddhathissa College.

09/11/2025

දිරියෙන් ඉදිරියට ආ පාසලක්
මංහිතන විදිහට ඒ වෙනකොට විවේක කාලය අවසන් වෙලා තිබුණේ නැහැ. චණ්ඩ හිරු රශ්මියට නිරාවරණය වූ පාසල් භූමියට තුරු පෙළ ආවරණය සලසා තිබුණි. විටින් විට සීතල මදනල, අව් රශ්මිය සමනය කෙළේ ගතේ විඩාව නිවා දමමිනි. ‘බණ්ඩාරගම, වල්ගම, ශ්‍රී සද්ධාතිස්ස මහා විදුහල’ දැන්වීම් පූරුවේ සඳහන් වූයේ එලෙසය. ප්‍රමාණයෙන් කුඩා නමුත් විදුහල් භූමියේ අපූරු පිළිවෙළට නෙත් සිත් බැඳුනේ නිරායාසයෙනි.

පියවරක් දෙකක් ඉදිරියට ගිය අපට නෙත ගැටුණේ වගන්ති කීපයකි. “පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්ෂණය පුස්තකාලයේදීය.”

එය සරලය. පැහැදිලිය. පාසලකට දරුවෙක් ඇතුළත් කර ගැනීම වර්තමානයේ යුද්ධයක් වුවද මේ පාසලට නම් තවත් එක් සොඳුරු මොහොතක් පමණි. මේ සියල්ලෙහි ප්‍රධාන නියමුවා වූ වීදාගම කස්සප හාමුදුරුවන් හමුවීමට අප යන විට උන්වහන්සේ සුපුරුදු රාජකාරි කටයුත්තක යෙදී සිටියහ. පාසල ආරම්භ කළ දා පටන් මේ දක්වා එකිනෙක කරුණු උන්වහන්සේ පැහැදිලි කළ සේක.

“මේ පාසල පටන් ගත්තේ 1954 පෙබරවාරි 25 වෙනිදා වල්ගම ශ්‍රී විසුද්ධියාරාම ධර්ම ශාලාවේ, ළමයින් 24 දෙනෙක් විතරයි ඒ වෙනකොට හිටියෙ. මස්විල සද්ධාතිස්ස ලොකු හාමුදුරුවන්ගෙ මූලිකත්වයෙන් තමයි පාසල ආරම්භ වුණේ. පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ පාසලක් බවට මේ පාසල පත්වුණේ.

ඊට පස්සෙ, එදා මේ පාසලේ මුල්ම විදුහල්පතිවරයා වූයේ ඩී. බී. විජේසූරිය මහත්මයා. දැන් තියෙන තැනට ගෙනාවේ 1960 ගණන්වලදී. ප්‍රදේශයේ මිනිසුන්ගේ හා ග්‍රාම සංවර්ධන සමිතියේ ශ්‍රම දායකත්වයෙන් මේ පාසල ස්ථාපිත කරගන්න හැකිවුණා. අද ළමයි එක්දහස් තුන්සීයකට ආසන්න ප්‍රමාණයක් ඉන්න මිශ්‍ර පාසලක්. ඒ වගේම ගුරු මණ්ඩලය පනස්හය දෙනෙක් ඉන්නවා. මං හිතනවා එදා තිබුණ තත්ත්වයට වඩා ගොඩක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා කියලා.”

ආර්ථික අඟහිඟකම් වලින් පිරුණු දරුවන් රැසක් මේ පාසලේ අධ්‍යාපනය හදාරන බව පෙනුණි. මේ සිසුන්ගේ ආර්ථික අපහසුකම් අවම කරලා අධ්‍යාපනයට සුදුසු මානසික තත්ත්වයක් හදලා දෙන්න විදුහල්පති හිමියන් සහ ගුරු මණ්ඩලය හැම විටම පියවර අරගෙන තියෙනවා. ‘ඇත්තටම ඒක මට සතුටක්. මාත් එක්ක හරි හරියට වැඩ කරන්න පුළුවන් ගුරු මණ්ඩලයක් අපිට ලැබිලා තියෙනවා.’ විදුහල්පති හිමියෝ උදම් ඇනූහ.

මං හිතන්නෙ මේ පාසල ඉදිරියට යන්න ඒක ප්‍රධාන හේතුවක්. පුළුවන් විදිහට අපි පාසලේ අඩුපාඩුකම් පිරිමහ ගත්තා. පාසල ඉස්සරහ තියෙන වැට හැදුවේ පොඩි හාමුදුරුවො තවත් පිරිසක් එක්ක ශ්‍රමදානයකින්. ඒ වගේම ගමේ මිනිස්සුත් හැකි අයුරින් දායක වෙනවා.

එක පාරක් අපි ගමේ තියෙන පොල්කටු එකතු කළා. සිසු දරුවෙකුගේ යෝජනාවකට අනුව ඒවායින් අඟුරු හදලා විකුණුවා. ලැබුණ මුදලින් අපේ පාසලට අවශ්‍ය වෙලා තිබුණ පරිගණකයක් ගත්තා. එහෙම තමයි අපේ පාසලට මුල්ම පරිගණකය ගත්තේ, අද නම් සම්පත් මධ්‍යස්ථානයක්ම තියෙනවා.

අපේ ඉස්කෝලෙට ක්‍රීඩා පිට්ටනියක් තිබුණෙ නැහැ. ආදි ශිෂ්‍ය සංගමයෙන් රුපියල් පනස් අටදාහක මුදලක් ලබා දුන්නා. හැමෝම පුළුවන් විදිහට දායක වුණා. වීදියෙගොඩ ඩී. ඒ. හපුආරච්චි මහතා ඩෝසරයට අවශ්‍ය ඩීසල් දුන්නා. එක පාරක් අපි පිළිසරු පොළක් පැවැත්වූවා. මේ සඳහා අවශ්‍ය ටින් බෙලෙක්ක, වීදුරු කටු එකතු කෙළේ ගමින්මයි.

පරිසර අමාත්‍යංශය මඟින් මේ සඳහා රු. 19000 ක මුදලක් ලැබුණා. ඒ වගේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීම වෙනුවෙන් සමරු සම්මානයක් ලැබුණා. ඒ අබිලි ද්‍රව්‍ය විකිණීමෙන් රු. 50000 ක මුදලක් ලැබුණා. මේ මුදලින් අඩි 130 ක් පැරැණි ප්‍රධාන ශාලාවේ බිම් තාප්පය බැන්දා. එය රජයේ තක්සේරුව අනුව ලක්ෂ 3 1/2 ක මුදලක්. ඒ වගේම අධිවේගී මාර්ගයෙන් නොමිලේ පස් ලැබුණා. හැම දෙයක්ම අපි අපේ ශ්‍රමයෙන් සපයා ගත්තා.

නේඩපෝට් සහ ලංකා ට්‍රාන්ස්පෝමර් ආයතන දෙක අපේ පාසලට ගොඩක් උදව් කළා. දෙමවුපියෝ, ආදි ශිෂ්‍යයෝ අපේ පාසලේ වැඩවලට ලොකු හයියක්. මේ හැමෝගෙම සහයෝගය නිසා තමයි පාසල ඉදිරියට ආවෙ.”

දරුවන්ගේ අනාගත අභිවෘද්ධියට නම් යහපත් සිසු මාර්ගෝපදේශන සේවයක් තිබීම පාසලකට අත්‍යවශ්‍ය වේ. මේ සඳහා කැපවීමෙන් සේවය කරනුයේ උපමාලි පේ‍්‍රමරත්න ගුරුතුමියයි.

“වාර්ෂිකව ඩී. එස්. එස්. පදනමේ කමල් ගුණතිලක මහත්මයාගේ පාසල් උපකරණ ලබලා දෙනවා. මෙවර ඩේවිඩ් පීරිස් සමාගම රුපියල් 88000 ක පාවහන් ලබා දෙන්න නියමිතයි. ආර්ථික අපහසුකම් තියෙන දරුවන්ට මෙයින් සැලැසෙන සෙත කියලා නිම කරන්න බැහැ. ඒ හැම දේම කළමනාකරණය කරන්නෙ මමයි.

ඒ වගේම ආර්ථික අපහසුකම් ඇති දරුවන් පස් දෙනකුට රුපියල් 500 බැගින් ලබලා දෙනවා. අපිට ලැබෙන අනුග්‍රාහකත්වය අපිට ලොකු ශක්තියක්.

අභියෝග ජය ගනිමින් ඉදිරියට යාමට නම්, කවදත් සද්ධාතිස්ස විදුහලට හුරුපුරුදුය. මේ නිසාම පහේ ශිෂ්‍යත්ව කඩඉම ජයගත් පුංචි හපනුන් ගැන අහන්න ශිෂ්‍යත්ව පන්ති භාර ගුරුතුමා හමුවීමට අපි තීරණය කෙළෙමු.

“මගේ නම තිලක් හපුආරච්චි. මං මේ පාසලේ ආරම්භක කණ්ඩායමේ සිසුවෙක්. ඉගෙන ගත්ත ඉස්කෝලෙම මට උගන්වන්න ලැබුණ එක නම් ලොකු භාග්‍යයක්. ශිෂ්‍යත්ව දරුවන්ට ඉගැන්නුවෙ මමයි. මේ පාර අපේ පාසලේ ළමයි 132 ක් ගියා. කලාපයේ ඉස්කෝල අතරින් අපිට ලැබුණේ දෙවැනි ස්ථානය. ළමයි 21 දෙනෙක් ශිෂ්‍යත්වය පාස්වුණා.

වැඩිම ලකුණු ගත්ත ළමයාට ලකුණු 189 යි. ඒ සිසුවා දිස්ත්‍රික්කයෙන්ම හයවෙනියා.

විද්‍යාලීය දරුවන්ගේ උසස් පෙළ දක්ෂතාවන් පිළිබඳ අපිට කරුණු ඉදිරිපත් කළේ 13 වසර ආර්ථික විද්‍යාව උගන්වන එම්. එම්. තුෂාර ගුරු මහත්මයායි.

“දරුවන්ගේ කැපවීම හොඳයි. අපිට තියෙන්නෙ ඒ ගොල්ලන්ට මඟ පෙන්වන්න. ඇත්තට මං මගේ වෘත්තියෙන් තෘප්තිමත්.”

අධ්‍යාපනයට පමණක් නෙවෙයි සද්ධාතිස්ස විදුහල් දරුවෝ කලා හැකියාවට සමතුන් බව කිව්වේ සෞන්දර්ය අංශය බාර සම්පත් උක්වත්ත ගුරුතුමායි.

“මමයි ප්‍රමිලා ගුරුතුමියයි තමයි සෞන්දර්ය අංශය බාරව වැඩ කරන්නෙ, පසුගිය සමස්ත ලංකා නර්තන තරගයෙන් අපේ ප්‍රාථමික අංශයට දෙවැනි ස්ථානය ලැබුණා. මෙවරත් පළාත් මට්ටමේ සෞන්දර්ය තරගවලින් ප්‍රථම ස්ථාන දෙකක් අපේ පාසලට ලැබුණා.”

නවීන තාක්ෂණයෙන් ඉදිරියට යාමට සද්ධාතිස්ස සිසු දරුවොත් සූදානම්. ඒ වෙනුවෙන් මඟ පෙන්වූයේ ඇයයි. ඒ පරිගණක සම්පත් මධ්‍යස්ථානය බාර ගයනි දර්ශිකා ගුරුතුමියයි. “මේ දරුවෝ හරි ආසයි අයි. ටී. වලට. හොඳ කැපවීමක් තියෙනවා. ගුරුවරයෙක් පන්තියේ නැති වෙලාවට පවා ඇවිත් මහත් ඕනෑකමෙන් පරිගණක හදාරනවා.”

ගුරුවරු දරුවන් ගැන ඒ අයුරින් උදම් වූ විට දරුවන්ගෙන් තතු නොවිමසා සිටිය හැක්කේ කෙසේ ද? තමන් ලබන දැනුම පිළිබඳව අදහස් ඉදිරිපත් කෙළේ තොරතුරු තාක්ෂණය විෂය හදාරන ආර්. නෙරංජන් පි‍්‍රයනාත්ය. “මං අයි. ටී. වලට හරි කැමැතියි. ගුරුතුමියත් කැපවීමෙන් අපිට උගන්වනවා. අපේ ඉස්කෝලෙට පරිගණක සම්පත් මධ්‍යස්ථානයක් ලැබුණ එක මට ලොකු සතුටක්.”

හැම දරුවෙකුටම තමන්ගෙ පාසල ගැන හැඟීමක් ඇති බව ඔවුන්ගේ ක්‍රියාකාරකම් මඟින් පැහැදිලිව නිරූපනය විය. හය ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරණ පවනි රුවන්ති දැක්වූයේ මෙවැනි අදහසක්.

“අපේ ඉස්කෝලෙ ගොඩක් හොඳයි. අධ්‍යාපනයට විතරක් නෙවෙයි බාහිර ක්‍රියාකාරකම්වලටත් යොමු වෙන්න පුළුවන්. හැම ආකාරයේම ගුරුවරු උදව් කරනවා.

මීළඟට අදහස් දැක්වූයේ 8 ශ්‍රේණියේ විපුනි සඳරුවනි.

“ආර්ථික අපහසුතා තියෙනවා කියලා මේ ඉස්කෝලෙ දරුවො කවදාවත් කොන් වෙලා නැහැ. ඒක අපිට ලොකු ශක්තියක්.”

තවත් කඩඉම් විභාගයක් වන අ. පො. ස. සා.පෙළ මේ සඳහා ඉදිරිපත් වීමට නියමිත කවිෂා ගයන්ති දැරුවේ මෙබඳු අදහසකි. “මොනතරම් අඩුපාඩුකම් මැද්දෙ වුණත් අපි ඉගෙන ගන්නවා. ගුරුවරු හැම වෙලාවකම අපිව ධෛර්යමත් කරනවා. මගේ බලාපොරොත්තුව ඒ අටක් ගන්න එකයි.

කෙතරම් බාධක ආවත් ඔවුන් උත්සාහවන්තය. තිර අදිටන ඔවුන්ගේ ඉලක්කය සනිටුහන් කළේ කැපවීම නිසාමය.

තවත් කිව යුතු දෙයක් ඇත. උත්සාහවන්තයා නියත වශයෙන්ම ජය ලබන බව සද්ධාතිස්ස සිසු දරුවන් සාක්ෂි සහිතව අපට පෙන්නුම් කැර තිබුණි.

රූපාන්ති බුලත්සිංහල

සේයාරූ - සුදම් ගුණසිංහ
http://silumina.lk/2010/11/28/_art.asp?fn=af1011286

07/01/2025
30/11/2022

2021(2022) අ.පො.ස.(සා.පෙළ )විභාගයට පෙනී සිට විශිෂ්ට ප්‍රතිඵල අත්කර දුන් දරු දැරියන්ට සහ උ.පෙළ වරම් ලැබූ සියලු දරුවන්ට සුබ පැතුම් එක් කරන අතර ඒ සඳහා මග පෙන් වූ විදුහල්පතිතුමා ඇතුළු විෂය භාර ගුරු භවතුන්ටත් 1ශ්‍ර්ණියේ සිට ඉගැන්වීම් කළ සියලු ගුරුභවතුන්ටත් තුති පුද කරමු.

02/09/2022

ඔබගේ කණ්ඩායම හැකි ඉක්මනින් ලියාපදිංචි කරන්න...0753771695 Eranda / 0718647717 Roshan / 0717400244 Saman

Photos from Past Pupils' Association - K/Saddhathissa College's post 29/08/2022

අද දින පැවති අවුරුදු 17න් පහළ III කොටසේ පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවන වටයේ තරගයෙන් ලකුණු 160ක විශිෂ්ඨ ජයග්‍රහණක් හිමි කර ගැනීමට වල්ගම සද්දාතිස්ස ජාතික පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් සමත් විය.ප්‍රථමයෙන්ම පන්දුවට පහර දුන් සද්දාතිස්ස ක්‍රීඩකයන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 289 රැස් කලා.විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කල උමේෂ් දිල්ශාන්- 75,හර්ශ ආශින්ශන-61 ඉසුරු සන්දරුවන-43•.🏏🏏🏏
වර්ශාවෙන් බාධා එල්ල වූ නිසා තරගය පන්දුවාර 37 කට සීමා උනා.පන්දුවාර 37 ට ලකුණු 251ක ඉලක්කයක් නානෝදය කණ්ඩායමට හිමි විය.ඔවුන්ට පන්දුවාර 37 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 90ක් පමණි.දක්ශ පන්දු යැවීමක නිරත වූ බිනර කවීශ්වර කඩුලු 4ක් ලබා ගත්තා.අද ජයග්‍රහණයත් සමග 3 වෙනි වටය සදහා සුදුසුකම් ලැබීමට සද්දාතිස්ස ජාතික පාසල් ක්‍රීඩකයන් සමත් විය.🏆🏆🏆

Photos from Past Pupils' Association - K/Saddhathissa College's post 01/08/2022

කලාප අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අනු ශූරතාවය දිනාගත් ක / සද්ධාතිස්ස ජාතික පාසලේ ක්‍රිකට් කණ්ඩායමට පාසල් ආදිශිෂ්‍ය සංගමයෙන් උණුසුම් සුභ පැතුම් ..විදුහල්පති තුමා ඇතුළු ක්‍රිකට් පුහුණුවීම් කරන ගුරුන්තුමන්ලටත් , සියලු ගුරුවරුන්ටත් , ගොඩක් ස්තුතියි .. පාසලේ නම තව තවත් ඉදිරියට ගෙන යාමටත් පළාත් , සමස්ත ලංකා තරගාවලි ජය ගෙන පාසලට අභිමානයක් ගෙන ඒමට ශක්තිය ධෛර්ය ලැබේවා ..❤❤❤

Photos from Past Pupils' Association - K/Saddhathissa College's post 28/07/2022

අවුරුදු 17න් පහල ක්‍රිකට් තරගාවලියේ ජුලි 27 වන දින පැවති තරගයෙන් පෙරළිකාර ජයක් ලැබීමට විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම සමත් විය.🏆🏆🏆🏆

Photos from Past Pupils' Association - K/Saddhathissa College's post 23/07/2022

අද දින පැවති අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගයෙන් සද්දාතිස්ස ජාතික පාසල ලකුණු 184 ක විශිෂ්ඨ ජයග්‍රහණක් හිමි කරගන්නා ලදි.🏆🏆🏆🏆🏆
ප්‍රතමයෙන් පන්දුවට පහර දුන් සද්දාතිස්ස පාසල සියල්ලන් දැවී ලකුණු 279 ලබා ගත්තා.විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කල රවීශ නිම්සර ලකුනු 79 ක් ලබාගත්තා.පිලිතුරු ඉනිම ක්‍රීඩා කල බුද්දාලෝක පාසලට ලබා ගත හැකි වූයේ ලකුනු 95ක් පමණි.දක්ශ පන්දු යැවීමක නිරත වූ ඉසුරු සදරුවන් කඩුලු 4ක් ලබා ගත්තා.
🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏
සද්දාතිස්ස ජාතික පාසල -279/10
(රවීශ නිම්සර-79,හර්ශ ආශින්ශන-31)
බුද්දාලෝක විද්‍යාලය-95/10
(ඉසුරු වීරසිරි-4,දිනිත් හේශාන් 2)

Want your school to be the top-listed School/college in Bandaragama?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Walgama
Bandaragama
12530