The KIDS care pree school

The KIDS care pree school Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The KIDS care pree school, School, NAMALUWAROAD , RIGAMA, Bandaragama.

27/11/2024
27/11/2024

පර්ස් එකක් නැතිවුණු සිද්ධියකට දරුවෙකුගේ කකුල් වලට කරන්ට් අල්ලපු සිද්ධියත් එක්ක පොඩි කතාවක් මතක් වුණා.

මම එතකොට ඉගැන්නුවේ පුත්තලමේ ටිකක් දුෂ්කර ඉස්කෝලෙක.පත්වීම් හම්බවෙලත් ඒ තරම් කාලයක් නැති බොහෝම තරුණකාලේ.
මම හතරේ පංතිභාර ගුරුතුමී.

විවේකය වේලාවට තේ එකක් බොන්න යන්න කලින් පංතියේ හැම ළමයම කෑම ගෙනාවද කියලා බලන පුරුද්දක් හැමදාම මට තිබුණා.අද ඉහළ පංතිවලට ඉගැන්නුවත් ඒ පුරුද්ද තවමත් තියෙනවා.
කෑම ගෙනාවේ නැති ළමයෙක් හිටියොත් බොහෝවිට මම කැන්ටිමෙන්⁣ කෑම ⁣මොනවා හරි අරන් දෙනවා .එහෙමත් නැත්නම් මම කිව්වා කියලා කැමති දෙයක් ඉල්ලගන්න කියනවා. එහෙම කරන්න වුණේ ඉදහිට දවසක් තමයි.මොකද
පොඩි ළමයි නිසා බොහෝ වෙලාවට එයාලා කෑමට දෙයක් ගේනවා.

මගේ පංතියේ හිටියා වැඩිය කතාබහක් නැති බොහෝම අහිංසක සුදු කෙට්ටු කොලු පැංචෙක්.පංතියේ අනිත් ළමයි එක්ක වැඩිය මුහුවෙන්න කැමති නැති කොලුවෙක්. අනිත් ළමයි තමන්ගේ කෑම එක යාළුවෝ එක්ක බෙදාගෙන කද්දි මෙයා තනියමමයි කෑම කෑවේ. බොහෝ වෙලාවට ඒ කෑම පෙට්ටියේ තිබුණේ ත්‍රිපෝෂ ගුලියක්, බතල කෑලි දෙකක් වගේ පුංචි ⁣දෙයක්. ටික දවසකින් විවේකය වෙලාවට කොලුවා එළියට යන්න ගත්තා.. අහපුවාම කියනවා ගෙනාපු කෑම එක කලින් කෑවා කියලා.⁣දවසක් දෙකක් කලින් කෑවට කමක් නෑ කියලා මම බනිස් ගෙඩියක් අරන් දුන්නා.

ඉස්කෝලේ තිබුණේ පොල්අතු වලින් හදපු පුංචි කැන්ටිමක්. ඇන්ටි කෙනෙක් තමයි කැන්ටිම කළේ . අපි ගුරුවරු ගොඩක් දෙනෙක් කෑම සල්ලි දුන්නේ පඩි අරගත්තම. එක මාසෙක මගේ ගාන ටිකක් වැඩි වෙලා තිබුණා. විස්වාසෙට කෑම ගන්න නිසා ඇයි මෙහෙම ගාන වැඩි කියලා අහන්නත් බෑ. ඔය විදියට ඊළඟ මාසෙත් වුණා . පස්සේ මම සතියට සල්ලි දෙන්න පුරුදු වුණා විතරක් නෙවෙයි ගාන වෙනම ලියා ගත්තා.ඔන්න දැන් ඒත් කාපු ගානට වැඩිය ගණන් වැඩියි.කවුරුත් නැති වෙලාවක් බලලා මම ඇන්ටිගෙන් මේ ගැන ඇහුවා. එතකොට එයා කියපි ඇයි මිස් හැමදාම මිස්ගේ පංතියෙ ළමයෙක් මිස් කිව්වා කියලා සීනී බනිස් ගෙඩියක් ඉල්ල ගන්නවනේ. ඒකටත් එක්කයි ඒ ගාන කියලා.

ආ..කිව්වා නම් තමයි ඇන්ටි . මට ඒක අමතක වුණානේ. මට දැන් කියපු ළමයවත් මතක නෑ කියලා කියද්දි ඇන්ටි අර අහිංසක කොලු පැටියගේ නම කිව්වා.

කොලුවගෙන් අහද්දි තමයි විස්තර දැනගත්තේ . වත්තක මුරට හිටපු පවුලේ තාත්තා මියගිහිල්ලා .අම්මායි නංගියි මල්ලියි එක්ක තමයි ළමයා ජීවත් වෙන්නේ.අම්මා ඒ වත්තෙම කුලීවැඩ කරනවා. දවසටම ළමයින්ට බත් හම්බවෙන්නේ රෑට විතරයි. උදේට කන්නේ නෑ. දවල්ටත් මොනවා හරි පොඩි දෙයක්. සමහර දවස්වලට ඒකත් නෑ. ඉතිං මේ කොලුවා මම කිව්වා කියලා හැමදාම බනිස් ගෙඩියක් ඉල්ල ගන්නවා. දුකම කතාව ඒක නෙවෙයි. මේ බනිස්ගෙඩි ගෙනියන්නේ නංගිටයි මල්ලිටයි බාගේ බාගේ දෙන්න.කොලුවා බඩගින්නේ.

එදා ඉදන් අවුරුදු හයකට පස්සේ මම ඒ ඉස්කෝලේන් මාරුවෙලා එනකල්ම කොලුවට විතරක් නෙවෙයි නංගිටයි මල්ලිටයිත් බනිස් ගෙඩියක් ලැබුණා . කැමති දෙයක් අරන් කන්න කිව්වට කොලුවා හැමදාම ගත්තේ සීනී බනිස් ගෙඩි දෙකක් විතරමයි. ඊට වැඩිය දෙයක් කරන්න තරම් වැටුපක් මට ඒ කාලේ ලැබුණෙත් නෑ.

මම ඒ ඉස්කෝලෙන් මාරුවෙලා එනකොට කොලුවා හිටියේ මට මතක හැටියට නමය පංතියේ. මම එහෙන් ආවට පස්සේ කොලුවගේ මතකය අමතක වෙලාම ගියා.පස්සේ ආරංචි වුණා වෙන ඉස්කෝලේකට ගියා කියලා.මම දැන් එහෙන් ඇවිතුත් අවුරුදු දාහතරක්.

මීට අවුරුදු කීපයකට කලින් මට කෝල් එකක් ආවා. පිරිමි ළමයෙක් . "පවනි මිස්ද කතා කරන්නේ. මිස් මම අහවලා . අර ඉස්කෝලේ හිටියේ."

"හරියටම මතක නෑ පුතේ." ඒ මම.

" ඇයි මිස් අර මිස් හැමදාම බනිස් ගෙඩි දෙකක් දුන්නේ." ඔන්න දැන් මට මතක් වුණා .

"මතකයි පුතේ "

"මිස් මම මිස්ගේ නොම්බරේ හොයාගත්තේ මිස්ගේ fb යාළුවෙක්ට මැසේජ් කරලා.මම මේ පාර විද්‍යාපීඨ තේරිලා.ඒක කියන්න මම මිස්ව හැමතැනම හෙව්වා.මිස් එදා මම බනිස් හොරෙන් කෑවා කියලා ප්‍රින්සිපල්ට කිව්වා නම් මම ආයේ කවදාවත් ඉස්කෝලේ එන්නේ නෑ. මම අද මෙහෙම ඉන්නේ මිස් නිසා.."

(උපුටා ගැනීමකී )

27/11/2024
26/11/2024
23/11/2024
23/11/2024
23/11/2024
අඳුරනවාද මේකේ ඉන්න කට්ටියව 1992 /95 සංගීත කණ්ඩායම අප පාසලේ
01/05/2024

අඳුරනවාද මේකේ ඉන්න කට්ටියව 1992 /95 සංගීත කණ්ඩායම අප පාසලේ

Address

NAMALUWAROAD , RIGAMA
Bandaragama
12530

Telephone

0776023380

Website

Alerts

Be the first to know and let us send you an email when The KIDS care pree school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category