ITDLH - Balangoda

ITDLH - Balangoda

Share

Information Technology and Distance Learning Hub- Balangoda Zone

31/12/2024

මෙවර උසස්පෙළ විභාගය සඳහා පෙනීසිටි සියලුම සිසුන් සඳහා,

උසස්පෙළින් පසුව පරිගණක පාඨමාලාවක් හැදැරීමට බලාපොරොත්තුවන ඔබට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සහනදායී පාඨමාලාගාස්තු යටතේ පවත්වාගෙන යනු ලබන රජයේ පාසල් ගුරුවරුන් විසින් ඉගැන්වීම් කටයුතු සිදුකරන පරිගණක පාඨමාලා සමග සම්බන්ධවිය හැකිය.

ස්ථානය : බලන්ගොඩ තොරතුරු තාක්ෂණ සහ දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය, බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ජාතික පාසල

කිසිදු පාඨමාලාවක් සඳහා ඇතුලත්වීමේ ගාස්තු අයනොකෙරේ.
පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව සළසා ඇත.

*පාඨමාලා ගාස්තු*
Certificate in General ICT Rs.5000/=
Certificate in Graphic Design Rs.3600/=
Certificate in Web Design Rs.3600/=
Certificate in Python Programming Rs.3600/=
Microprocessor Programming Rs.3600/=
Java Programming Rs.3600/=

*බඳවාගැනීම 2025 ජනවාරි 10 දින දක්වා පමණයි.*
වැඩි විස්තර සදහා අමතන්න. 0452288343/ 0775490021

18/01/2024

මෙවර 2022(2023) උසස් පෙළ විභාගයෙන් පසුව, අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙහෙයවන පරිඝණක පාඨමාලාවක් හැදෑරීමට කැමතිනම් බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය ම.ම.විද්‍යාල පරිශ්‍රය තුල පිහිටි කලාපීය පරිඝණක සම්පත් මධ්‍යස්ථානයට පැමිණෙන්න. රජයේ අනුමත ගාස්තු පමණක් අය කෙරේ. ඔබගේ තේරීම පරිදි පූර්ණකාලීන පාඨමාලා ලෙස හෝ Online පාඨමාලා ලෙස පැවැත්වේ. මෙහි දැක්වෙන QR කේතය scan කර හෝ www.crcbalangoda.edu.lk වෙත පිවිසීමෙන් පාඨමාලාවන් සඳහා මූලික ලියාපදිංචිය සිදුකරන්න. 2024.02.12 දින පාඨමාලා ඇරඹේ.

13/05/2023

සාමාන්‍ය පෙළට ආසන්න හොඳම පහසුම හා වටිනාම පුණරීක්ෂණ අත්වැලක් ..............

සාමාන්‍ය පෙළ විභාගයේ සෑම විෂයකම පාහේ බහුවරණ ප්‍රශ්න පත්‍රය අතිශය තීර්ණාත්මක වටිනාකමක් සහිත වූ ප්‍රශ්න පත්‍රය කි.

එසේම එහි සමස්ත විෂය නිර්දේශයම ආවරණය වන පරිදි ප්‍රශ්න ලැබෙන නිසා සහ ඇතැම් විට ප්‍රශ්න රටා පැවැතීමත් එකම ආකාරයේ ප්‍රශ්න අවුරුදු කිහිපයක ලැබෙන නිසාත් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල MCQ පුහුණු වීම ඉතා වටිනා පුහුණුවකි.

මෙහි දී මාර්ගගත ආකාරයට පසුගිය වර්ෂ 5 ක පමණ ප්‍රශ්න පත්‍ර සකසා එහි පිළිතුරු සමග විභාග ගුණත්වය ආරක්ෂා කරමින් ම ඉතා විශාල වෙහෙසක් දරා ඔබ වෙනුවෙන් ලබා දී ඇත. ඊ-නැණපියස අධ්‍යාපන මෙහෙවර විසින් ඔබ වෙත ගෙනඑන මේ සේවාවේන් උපරිම ප්‍රයෝජන ලබාගෙන ඉහළ ප්‍රතිඵලයක් වෙත ගමන් කරන ලෙස අපි ඔබට ආරාධනා කරමු.

මෙහිදී සාමාන්‍ය පෙළ ප්‍රධාන හා කාණ්ඩ විෂයන් රැසක වසර ගණනාවක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර මාර්ගගතව සූදානම් කර ඇත. සෑම ප්‍රශ්නයක්ම සැබෑ විභාග ප්‍රශ්න පත්‍රයේ ස්වභාවයෙන්ම දර්ශනය වන අතර පිළිතුර සටහන් කිරීමට පිළිතුරු අංක සහිත radio button 4 ක් ඇත. එයින් එකක් ඔබගේ පිළිතුර ලෙස සලකුණු කළ හැකි ය. ප්‍රශ්න පත්‍රය අවසන් වූ වහාම ඔබේ ලකුණු බලාගැනීමට හැක. එකම ප්‍රශ්න පත්‍රය කිහිප වරක් පුහුණු වීම තුළින් වැරදි අවස්ථා නිවැරැදි කරගත හැකි ය.

www.enenapiayasa.lk වෙබ් අඩවියට පිවිස *OL MCQ PRACTICE* අයිකනය මත CLICK කිරීමෙන් ඔබට වර්ෂ හා මාධ්‍ය තෝරාගැනීමටත් ඉන් පසු විෂය තෝරා පරීක්ෂණයට මුහුණ දීමටත් හැකියාව පවතී.

enenapiayasa ප්‍රධාන තාක්ෂණ කණ්ඩායම හා enenapiayasa දෙවෙන පෙළ තාක්ෂණය කණ්ඩායම එක්ව විශාල වෙහෙසක් දරා විවිධ විෂයන් විවිධ මාධ්‍යයන් මගින් ඔබ වෙනුවෙන් සැකසූ මෙම උපකාරක වැඩසටහන ඔබ භාවිත කරනවාසේම දිවයින පුරා ඔනෑම දරුවෙකු වෙත නොමිලයේ SHARE කරන්න..

FREE-VALUABLE-TIMELY-SUPPRT

AI Image Genrator 03/05/2023

AI භාවිතයෙන් වෙසක් කාඩ් හදමුද?

මෙන්න වීඩියෝ එක 👇👇

AI Image Genrator www.craiyon.com වෙබ් අඩවිය සහ කෘතිම බුද්ධිය භාවිතයෙන් පින්තූරයක් නිර්මාණය කිරීම.

02/05/2023

වෙසක් සිතුවිලි සිත්තම් කරන කෘතිම බුද්ධියේ නිර්මාණ දැක්ම හා වෙසක් නිර්මාණ තරඟය
අසිරිමත් සම්බුදු තෙමගුල සැමරීම හා කෘතිම බුද්ධිය (Artificial Intelligence) හෙවත් AI තාක්ෂණය රටේ අධ්‍යාපන පද්ධතිය වෙත කාන්දු කිරීමේ අරමුණින් සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඊ-නැණපියස අධ්‍යාපන මෙහෙවර විසින් සංවිධානය කරන ඩිජිටල් වෙසක් කාඩ් පත් නිර්මාණ වැඩසටහනට ඔබටත් නිර්මාණ එවිය හැක.
1. ශ්‍රී ලංකාවේ ඕනෑම පාසල් දරුවෙකුට හෝ ගුරු භවතෙකුට මේ සඳහා සහභාගී විය හැක.
2. වෙසක් පත් නිර්මාණය සඳහා කෘතිම බුද්ධිය මගින් නිර්ණායක මත පදනම්ව සිතුවම් ඇඳීම සිදුකරන

*DALL.E (openai.com)
*Hotpot.ai
*Midrange
*Crayons

යන මෙවලම් වලින් එකක් භාවිත කළ යුතු ය.
3. ඉහත සඳහන් කළ මෙවලම් 4 ට අමතරව ඔබට වෙනත් මෙවලමක් වුවද භාවිත කළ හැකිය. (ඔබේ නිර්මාණ විස්තරයෙහි එම මෙවලම පිළිබඳ විස්තර සැපයිය යුතුය)

4. ඔබේ නිර්මාණයේ අවසන් නිමැවුම JPEG ආකෘතියේ රූපයක් ලෙස අපට එවිය යුතු ය. එහිදී ඔබ‍ට එම නිර්මාණය upload කිරීමට ලබා දෙන google form එකෙහි ඔබ භාවිත කළ මෙවලම හා ඔබේ නිර්ණායක text එක සඳහන් කළ යුතු ය.

5. හොඳම වෙසක් නිර්මාණ අපගේ වෙබ් අඩවියෙහි (www.enenapiyasa.lk) හි ඵල කෙරෙන අතර එම නිර්මාණ හිමිකරුවන්ට සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කරනු ලබන වටිනා සහතකියක් හිමි වේ.

6. ඔබේ නිර්මාණය www.enenapiyasa.lk වෙබ් අඩවියේ HOME PAGE හි AI-Vesak අයිකනය මත click කර upload කළ හැක.

7. නිර්මාණ භාරගන්නා අවසන් දිනය 2023-05-12 වේ.

8. නිර්මාණ එළි දක්වීම හා කෘතිම බුද්ධිය භාවිතය පිළිබඳ meet a specialist වැඩසටහන 2023-05-12 දින පැවැත්වේ. මෙම මාර්ගගත සාකච්ඡා වැඩසටහන මගින් කෘතිම බුද්ධිය පිළිබඳ විශේෂඥයෙකුගේ අදහස් බෙදාගැනීමේ අවස්තාව ඔබට හිමි වේ.

9. Ai පිළිබඳ හා Ai සිතුවම් කරණය පිළිබඳ පහත උපකර වීඩියෝව නරඹා දැනුම වැඩිකරගන්න.

AI, එහෙමත් නැතිනම් Artificial Intelligence කියන්නේ පරිගණකයක් ඇතුලේ මොළයක් තියෙනවා වගේ දෙයක්. ඔබේ මොළය ඔබට සිතීමට, ඉගෙන ගැනීමට සහ තීරණ ගැනීමට උපකාර කරන්නේ කෙසේ ද ඒ ආකාරයෙන් AI මගින් පරිගණකයකට සිතීමට, ඉගෙන ගැනීමට සහ තීරණ ගැනීමට උපකාර කරනවා. එය ක්‍රියා කරන්නේ පරිගණකයට එම දත්ත සමඟ කළ යුතු දේ පවසන උපදෙස් මාලාවක් වැනි බොහෝ දත්ත සහ ඇල්ගොරිතම භාවිතා කිරීමෙන්. .
කෘතිම බුද්ධිය ගැන දැනුම් අළුත් කරගමු. එම දැනුම සමාජයේ අනෙක් අයටත් බෙදා දෙමු. මෙවර අපේ සිතුවිලි වලින් අපේ Ai දැනුමෙන් හදපු වෙසක් නිර්මාණ යහළුවන්ට යවමු.

“SEEKING KNOWLEDGE is like OPENING DOORS”

20/02/2023
Photos from ITDLH - Balangoda's post 22/11/2022

Empowering Teachers to 21st Century Classroom

AL ACCOUNTS Teachers
Balangooda Zone

11/03/2022

ආයුබෝවන්... වෙනදා කලාපීය පරිගණක සම්පත් මධ්‍යස්තානය ලෙස ඔබ හඳුනාගත් මේ වන විට ITDLH (Information Technology and Distance Learning HUB) ලෙස නාමය වෙනස් කර ඇති අප මධ්‍යස්තානයේ උසස්පෙල විභාගය අවසන් කල සිසුන් සඳහා නව පාඨමාලාවන් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.. ඔබ උසස් පෙල අවසන් කල සිසුවෙක් නම් අපත් සමග සම්බන්ද වී ඔබගේ වෘත්තිය ජීවිතයට මුල්ම පියවර තබන්න...
වැඩි විස්තර සඳහා - https://www.crcbalangoda.edu.lk

Photos from ITDLH - Balangoda's post 30/03/2021

Courses were started in accordance with the health guidelines

08/12/2019

Robotic Car

08/12/2019

Vehicle Counter with Arduino

Want your school to be the top-listed School/college in Balangoda?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Computer Resource Center, R/Balangoda Ananda Maithriya Central College
Balangoda
70100

Opening Hours

Monday 08:00 - 13:00
Tuesday 08:00 - 13:00
Wednesday 08:00 - 13:00
Thursday 08:00 - 13:00
Friday 08:00 - 13:00