Sasip Higher Education Centre - Damahana

Sasip Higher Education Centre - Damahana

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sasip Higher Education Centre - Damahana, Community College, Damahana, Balangoda.

Photos from Sasip Higher Education Centre - Damahana's post 06/07/2024

Susuki maruti for sale
YOM 2011
YOR 2012
Efi
Price can be negotiate after inspection
Location balangoda
Contact whatsapp or call 0707961680

27/06/2024
09/03/2024

වැටිල බලන්න මිත්‍රයා,,,, අන්තිම හුස්ම යන්නත් කලින් මිනිස්සු ඔයාගෙ මාංශ අනුභව කරනවා..
වැටිලත් අල්ලගෙන හිනාවෙලා ඉඳල බලන්න මිත්‍රයා .... කන්න කෑම ටිකක් නොදුන්නු මිනිස්සු ,,, කන්න සල්ලි කොයින්ද කියල හොයනවා.

මේ ලෝකෙ කවුරුත්ම අපි හිනාවෙලා ඉන්නවට ආස මිනිස්සු නෑ මිත්‍රයා .හැමෝම කැමති ඒ මිනිස්සු ඉස්සරහ අපි දණින් වැටිලා ජීවිතේ සිඟමන් යදිනවා දකින්න .

ඒක තමයි එයාලගෙ සතුට .

මේ හැමදේම ඔයාගෙ මතකයෙ තියන් ඉන්න . දවසක් එනවා එහෙම මිනිස්සු ඉස්සරහ Ground එක ඔයාගෙ කරන් ලස්සනට Play කරල පෙන්වන්න වෙන.

අන්න එදාට අතපය හතර ඇතත් නැතත් හුස්මකින් හරි ඔයාගෙ role එක හරියට play කරන්න .

ඔයාට ඔයා ඉන්නව කියන ගැම්ම විතරක් හිතේ තියන් එතකම් මිනිස්සු ඉස්සරහ Add එකට ඉන්න . Over _ Open වෙන්නවත් Close වෙන්නවත් එපා. Limit එකේ යන්න .

අල්ලගෙන ඉන්න .කුණාටු උනත් හැමදාම තියෙන්නෙ නෑ . ආව වගේම එයාලත් ආපහු යනවා. Be calm !

©නිරාශා🖤

17/01/2024

බලංගොඩ econ පන්තිය ❤️❤️❤
2025 Theory (මුල සිට)
2024 Revision (මුල සිට)
විමසීම් 0778961680

17/01/2024

හේතුවක් ඇතුව හෝ නැතුව මිනිස්සු විදිහට අපි හැමෝම පුදුමාකාර බයයි තනි වෙන්න.

සම්බන්ධකම් බිඳෙනකොට, ආදරේ කරපු අය මැරෙනකොට, මිනිස්සු පොළවේ පස් කකා අඬන්නේ ඒ අයට තිබ්බ ආදරේ නිසා විතරක්ම නෙමෙයි ,

එයාල නැතුව තමන්ට තනි වෙන්න තියන බය නිසා.
එහෙම නැත්තම් ,
එයාල නැතුව ජීවිතේට මුහුණ දෙන්න තියන බය නිසා ,

ඒත් මොනම හේතුව මත හෝ තනියම ඉපදිලා තනියම මැරිලා යන ගමනක අතරමගදි, ඔයාට තනිවෙන්න උනොත් පොඩ්ඩක්වත් බය වෙන්න එපා,

ඒක තමයි ඔයාට, ඔයාව හොයාගන්න ලැබෙන හොඳම අවස්ථාව, ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න.💙

මොකද, කෙනෙක් තනි උනේ නැත්තම් ඒ කෙනාට තමන්වම මග ඇරෙනවා,
රිදිලා, අඬලා, අහිමි වෙලා, මේ හැමදේම වෙලා,දවසක හොඳටම තනිවුනාට පස්සෙ තමයි, තමන්ට තමන්ව හරියටම පේන්න පටන් ගන්නෙ ,

සරළවම කිව්වොත්, තමන්ට තමන්ව හොයාගන්න ඕනෙ නම්, බලෙන් හරි තනි වෙන්නම ඕනෙ,
එතකොට තමයි , තමන් කව්ද, තමන්ට පුලුවන් මොනවද, තමන්ට ඇත්තටම ඕනෙ මොනවද කියල හරියටම දැනෙන්න පටන් ගන්නෙ,

ගොඩක් අය නොදන්නවා උනාට, තනිවීම කියන්නෙ හිමි වීමක්,💜

ඒක තමයි ජීවිතයක turning point එක,
තනිවෙන්න තනිවෙන්න හිමින් හිමින් මිනිස්සු තමන්ව ගොඩනගන්න පටන් ගන්නවා.

තේරුමක් නැති රංචු ගැසීම් වලට වඩා, තනිවීම කොච්චර වටිනවද කියල තේරිච්ච දවසට, මිනිස්සු අළුතෙන් යාළුකම් ඇති කරගන්න බැඳීම් හදා ගන්න හිතන එකක්වත් නැහැ.හුරු උනහම ඒක ඒ තරම්ම රසවත්.

ඒ රහට ඇබ්බැහි වෙච්ච මිනිස්සු, කෝටියක් පිරිවර අස්සෙ උනත්,මොහොතකට හරි හිතින් තනි වෙලා තමන් එක්ක සල්ලාපයට සෙට් වෙනවා. ❤️

තේරුමක් නැති රංචු වලින් ඉගිලිලා නිකමට වගේ, පොඩ්ඩකට තනි වෙලා බලන්න,
පුදුම සැහැල්ලුවක් සැනසීමක් ඔයාට දැනෙයි.
හොයල බලන්නකො , ජීවිතේ දිනපු, ලෝකෙ වෙනස් කරපු බොහොමයක් මිනිස්සු, ජීවිතේ කවදාම හරි, කට්ටටම තනි වෙච්ච මිනිස්සු තමයි ..

ඉහළටම ඉගිලෙන්න ඕනෙ නම් මුලින්ම බය නැතුව තනි වෙන්න..
හුරුවෙනකම් පොඩ්ඩක් අමාරුයි තමයි ඒත්,
හුරු වුනාට පස්සෙ තනිවීම කියන්නෙ ලෝකෙ තියන රසවත්ම ඇබ්බැහිවීම කියල ඔයාට තේරෙයි..

බය නැතුව තනි වෙන්න .❤️

අනිශා ජයකොඩි ✍

09/01/2024

Best english class ❤️

Photos from Sasip Higher Education Centre - Damahana's post 04/01/2024

දුක හිතුන නිසා ලියමි.
ලෝකයේ අනිත් රටවල්වල මිනිස්සු තමුන්ගේ මූලික අවශ්‍යතාවය " ආහාර " සදහා ගෙවන්නේ වැටුපට සාපේක්ෂව ඉතා සුලු මුදලක්.

අද මට ඒ වෙනස හොදටම දැනුන නිසා මේ ලියන්නේ..

පහුගිය සති කිහිපයේ ශොපින් උර දෙකකට බඩු ටිකක් දාගෙන රු 15000 ක් 20000ක් ගෙවලා ගෙදර ආවා..

පහල පින්තූරයේ තියෙන්නේ අද මම ගෙදරට ගෙනාපු බඩු ටික සහ එහි බිල..
(පින්තූරය දාන්නේ ලොකු කමට නෙමෙයි යථාර්ථය පෙන්වන්න )

අපි තුන්දෙනාට දින 07 කට පමණ මේ බඩු ටික ප්‍රමාණවත්.

බිල පවුම් 134.67 යි..

ලංකාවේ මුදලින් රු 55,000 ක් පමණ.

ඒ කියන්නේ මේ රටේ අවම වැටුප ලබන කෙනෙකුගේ පැය 12 ක පඩිය.

පොඩි උදාහරණයක් ලියන්නම්
කම්කරුවෙකුගේ දිනක සාමාන්‍ය වැටුප රු2000 ක් පමණ වෙන ලංකාවේදී කුකුල්මස් ( drumstick ) කිලෝ එකකට රු 1900 ක් ගෙව්වා..
අද එංගලන්තයේ පැය 8 ක් වැඩකරන කම්කරුවෙකුගේ දිනක අවම වැටුප රු 36,500ක් පමණ.
කුකුල් මස් Drumstick කිලෝ එක රු 800 යි..
ඒ කියන්නේ මනුස්සයෙක් පැය 08 වැඩකලොත් කුකුල්මස් කිලෝ 45 ක් ගෙදර ගෙනියන්න පුලුවන්.

වෙන මුකුත් ලියන්නේ නැහැ..
අපේ රටේ මිනිස්සු ගැන හරිම දුකයි.
අවුරුදු 500 ක් අපිව එක එකා හූරගෙන කෑවා..
ඉතිරි අවුරුදු 75 අපේම මහ උන් අපිව හූරගෙන කෑවා..

නිමි.

Copied - සුමේධ පෙරේරා
03.01.2024

Want your school to be the top-listed School/college in Balangoda?

Click here to claim your Sponsored Listing.

Location

Culinary Team

Attire

Telephone

Website

Address


Damahana
Balangoda