Medabedda Maha Vidyalaya

Medabedda Maha Vidyalaya

Share

ර/බල/මැදබැද්ද මහා විද්‍යාලය
* 1957.01.16*
"පැනිණි දැය නගව්"

Photos from Medabedda Maha Vidyalaya 's post 24/07/2024

සුජය පුවත්පත,කැන්ඩොස් චොක්ලට් යන ආයතන අනුග්‍රහයෙන් සෙසු පාසල් වල දුවා දරුවන් එකතු කරගනිමින් ප්‍රවීන දේශක මඩුල්ලකගේ සහභාගීත්වයෙන් අද දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පවත්වනු ලැබූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ වැඩසටහන.

#2024.07.24

Photos from Medabedda Maha Vidyalaya 's post 23/07/2024

"සිසු අභිසෙස් අභිමන්"

මැදබැද්ද විද්‍යාලයීය 2024 ශිෂ්‍ය නායක නායිකා නිළ ලාංඡන පැළඳවීමේ උත්සවය අද දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී සාර්ථක අයුරින් පවත්වන ලදී.

#2024.07.23

25/06/2024

වසර 19 කට ආසන්න කාලයක් අප විද්‍යාලයේ සේවය කළ හිටපු නියෝජ්‍ය විදුහල්පති අජිත් කුමාර ගුරුපියාණන් ස්ථාන මාරු ලැබ අප පාසලෙන් නික්ම යාම.

සැබවින්ම නිහතමානී චරිතයක් වූ ඔබ දරුවන්ට විෂයය දැනුම මෙන්ම ජීවිතය ද උගන්වා ,නොමද සිනාමුසු මුහුණින් පාසල්
කාර්‍ය මණ්ඩලයේ සියලු සාමාජික සාමාජිකාවන්ගේ දුක සැප එක ලෙස බෙදාගත් ආදරණීය චරිතයක් විය.❤️❤️එසේම ඔබ කල නොමද කාර්‍යභාරය අප මහත් සේ අගයන්නෙමු.

ගුරුපියාණනි ඔබගේ මින් ඉදිරි මාවත සුබ වේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.💐💐💐

Photos from Medabedda Maha Vidyalaya 's post 20/06/2024

පොසොන් පොහොය දින නිමිති කොටගෙන අද දින විද්‍යාලයේ පවත්වන්නට යෙදුණු ශීල සමාධි භාවනා වැඩසටහන.

නන් අයුරින් සහයෝගය දැක්වූ සියලුම දෙනාට විද්‍යාලයීය ප්‍රණාමය පුද කර සිටිමු.🙏🙏

Photos from Medabedda Maha Vidyalaya 's post 20/06/2024

අද දින පවත්වනු ලැබූ 2024 කලාප ක්‍රීඩා 20 න් පහල බාලිකා වොලිබෝල් තරගාවලියේ ප්‍රථම ස්ථානය ලබා ගත් මැදිබැදි විදුහලේ දරුවන්ටත් ඒ වෙනුවෙන් ඇපකැප වුණු ක්‍රීඩා විෂයභාර නන්දිකා ගුරුතුමියටත් අපගේ උණුසුම් සුබ පැතුම් එක් කරමු.💐💐

Photos from Medabedda Maha Vidyalaya 's post 19/06/2024

පොසොන් පොහොය නිමිති කොටගෙන 7 ශ්‍රේණිය ,8 ශ්‍රේණිය දූ දරුවන් සහභාගිත්වයෙන් අද දින මැදබැද්ද පියසේන ආයුර්වේද රෝහලේ සිදුකරන ලද ප්‍රජා සත්කාරක වැඩසටහන.

# 2024/06/19 #

Photos from Medabedda Maha Vidyalaya 's post 14/06/2024

අද දින විදුහල්පතිතුමන්ගේ මූලිකත්වයෙන් පවත්වනු ලැබූ අ.පො.ස.උසස් පෙළ නව සිසුන් බදවා ගැනීමේ පූර්ව වැඩසටහන.

14/06/2024

මැදිබැදි විදුහලෙන් සරසවියට,

2023 උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව ඉහළ දිස්ත්‍රික් කුසලතා ලබා ගනිමින්,සරසවි වරම් හිමි කර ගන්නා දූ දරුවන්ට විද්‍යාලීය උණුසුම් සුබ පැතුම්....💐💐
මෙම ජයග්‍රහණය පිටුපස සිටින
දිවා රෑ නොබලමින් දරුවන්ගේ නැණ පහන් කරන්නට වෙරදැරූ හිටපු විදුහල්පතිවරුන්ටත්,අනේක කැපකිරීම් කරමින් දරුවන්ට මගපෙන් වූ ආචාර්යය මණ්ඩලයටත් විද්‍යාලීය ප්‍රණාමය පුදකර සිටිමු.💐💐

Photos from Medabedda Maha Vidyalaya 's post 28/05/2024

" Mathematics Activity Room" opening ceremony held today.🧑‍💻🧑‍💻👨‍🏫👨‍🏫

2024.05.28

Photos from Medabedda Maha Vidyalaya 's post 12/04/2024

වසන්ත_උදානය_2024


1 ශ්‍රේණියේ හා 2 ශ්‍රේණියේ දරුවන් විසින් සිදුකල සිංහල දමිළ අවුරුදු චාරිත්‍රයන්🌟

Want your school to be the top-listed School/college in Balangoda?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Medabedda, Kalthota
Balangoda
70122