R / Vidyaloka Central College - Balangoda

R /  Vidyaloka Central College - Balangoda Knowledge Is The Key To Future

01/10/2026

🏆 පාසල් ඉතිහාසය රන් අකුරින් ලිවූ ඓතිහාසික ජයග්‍රහණය! 🥇✨
පාසල් ඉතිහාසයේ ප්‍රථම වරට සමස්ත ලංකා මලල ක්‍රීඩා තරගාවලියකදී රන් පදක්කමක් දිනාගනිමින් අප පාසලට අතිමහත් කීර්තියක් අත්කර දීමට B. G. N. බානගල ක්‍රීඩිකාව සමත් වූවාය! 🇱🇰🏃‍♀️💨
🥇 තරගාවලිය: Sir John Tarbet Senior Athletics Championship
🏃‍♀️ ඉසව්ව: 18න් පහළ බාලිකා මීටර 100
🏆 ජයග්‍රහණය: ප්‍රථම ස්ථානය (රන් පදක්කම)
👤 ක්‍රීඩිකාව: B. G. N. බානගල
දිවයිනේ විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වැදුණු මෙම ප්‍රබල තරගාවලියේදී, සිය අසමසම දක්ෂතාවය සහ කැපවීම ප්‍රදර්ශනය කරමින් අප පාසල් නාමය දිවයින පුරා බැබළවූ බානගල දියණියට අපගේ උණුසුම් සුභ පැතුම්! 👏🎉
එමෙන්ම මෙම ඓතිහාසික ජයග්‍රහණය පිටුපස සිටි මලල ක්‍රීඩා භාර ආචාර්ය මණ්ඩලයට, නිරන්තරයෙන්ම මඟපෙන්වූ පුහුණුකරුවන්ට සහ ශක්තියක් වූ දෙමාපියන්ටද අපගේ ගෞරවනීය ප්‍රණාමය! ❤️🙌
ඔබගේ ඉදිරි ක්‍රීඩා දිවියට තවත් මෙවැනිම විශිෂ්ට ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට ශක්තිය සහ ධෛර්යය ලැබේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමු! 🌟💪
(මීට අමතරව තවත් ජයග්‍රහණ වාර්තා කරමින් පවතින අතර තරඟාවලිය අවසන් වූ පසු ඒ පිළිබඳව අප ඔබට දැනුම් දෙමු)

"එකට එක්වෙමු,මතින් වැළකෙමු."පෝස්ටර් ච්ත්‍ර තරගයේ ගුරුභවතුන්ගේ ච්ත්‍ර තරග කාණ්ඩයේ ප්‍රථම ස්ථානය හා දෙවන ස්තානය ලැබූ අප වි...
01/10/2026

"එකට එක්වෙමු,මතින් වැළකෙමු."
පෝස්ටර් ච්ත්‍ර තරගයේ
ගුරුභවතුන්ගේ ච්ත්‍ර
තරග කාණ්ඩයේ ප්‍රථම ස්ථානය හා දෙවන ස්තානය ලැබූ අප විද්‍යාලයේ චිත්‍ර විෂය භාර ආචාර්ය ලලිත් අල්විස් ගුරුතුමාට සහ කුමුදු නදීශිකා ගුරුතුමියට අපගේ සුභ පැතුම් !

🎈 ලෝක ළමා දිනය - 2026 🎈"මනසින් සවිමත් – දරුවන් පොහොසත්..."ලොව දිනන බුද්ධිමත්, ගුණගරුක හා නිර්මාණශීලී හෙට දවසක හිමිකරුවන්...
30/09/2026

🎈 ලෝක ළමා දිනය - 2026 🎈
"මනසින් සවිමත් – දරුවන් පොහොසත්..."
ලොව දිනන බුද්ධිමත්, ගුණගරුක හා නිර්මාණශීලී හෙට දවසක හිමිකරුවන් වන අපේ ආදරණීය විද්‍යාලෝකයේ දූ දරුවන් ඇතුළු සමස්ත ලෝකවාසී සියලුම දූ දරුවන්ට ප්‍රීතිමත් ලෝක ළමා දිනයක් වේවා! 🌸✨
දරුවෙකුගේ සිනහව යනු මුළු ලොවටම එළිය දෙන පහනකි. ඔවුන්ගේ අහිංසක සිහිනවලට පියාපත් දෙමින්, දැනුමෙන්, ආදරයෙන් හා යහපත් ගුණධර්මවලින් ඔවුන්ගේ ලෝකය පෝෂණය කරමින්, හෙට දිනයේ ලොව දිනන නිවැරදි නායකයින් ලෙස සමාජයට දායාද කිරීම අප සැමගේ පරම වගකීමයි.
විද්‍යාලෝක මාතාවගේ සෙවණේ සිප්සතර හදාරන අපගේ සෑම දරුවෙකුටම තමන්ගේ උපරිම දක්ෂතා දක්වමින්, සුන්දර හා සාර්ථක අනාගතයක් කරා පියනැගීමට අවශ්‍ය ශක්තිය සහ වාසනාව ලැබේවායි හදවතින්ම සුබ පතමු! 📚🏆🌈
"දරුවන් සුරකිමු - සුන්දර හෙටක් තනමු" 🌟
— විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලය, බලංගොඩ —

🌟 සබරගමු පළාත් මලල ක්‍රීඩා උළෙලේ අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්  විශිෂ්ට ජයග්‍රහණ ලැබූ වගයි !🌟34 වන සබරගමු පළාත් මලල ක්‍රීඩා ත...
15/09/2026

🌟 සබරගමු පළාත් මලල ක්‍රීඩා උළෙලේ අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට ජයග්‍රහණ ලැබූ වගයි !🌟
34 වන සබරගමු පළාත් මලල ක්‍රීඩා තරගාවලියේදී අප පාසලට කීර්තියක් අත්කර දෙමින් අභිමානවත් ලෙස ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය! 🏆🔥
✨ අපේ අභිමානවත් කුසලාන ජයග්‍රහණ:
🏆 18න් පහළ බාලිකා අනු ශූරතාව
🏆 බාලිකා සමස්ත සහය දිවීමේ අනුශූරතාව
🏆 බාලිකා සමස්ත ශූරතාව - 3 වන ස්ථානය
✨ අවසන් දිනයේ දක්ෂතා:
🥇 18න් පහළ බාලිකා මීටර් 100×4 - රන් පදක්කම
🥈 18න් පහළ බාලිකා මීටර් 400×4 - රිදී පදක්කම
🥈 18න් පහළ බාලිකා මීටර් 400 - රිදී පදක්කම
🥈 16න් පහළ බාලිකා මීටර් 400×4 - රිදී පදක්කම
🥉 16න් පහළ බාලිකා මීටර් 100×4 - ලෝකඩ පදක්කම
🎖️ 20න් පහළ බාලිකා මීටර් 400×4 - 5 වන ස්ථානය
🎖️ 20න් පහළ බාලිකා මීටර් 100×4 - 6 වන ස්ථානය
🎖️ 18න් පහළ බාලක මීටර් 400 - 6 වන ස්ථානය
📊 සමස්ත පදක්කම් සටහන:
🥇 රන් පදක්කම් - 04
🥈 රිදී පදක්කම් - 05
🥉 ලෝකඩ පදක්කම් - 03
🎖️ සිව්වන ස්ථාන - 01
🎖️ පස්වන ස්ථාන - 01
🏅 හයවන ස්ථාන - 08
අප පාසලේ නාමය ඉහළින්ම ඔසවා තැබූ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත්, ඔවුන් පිටුපස සිටි නියමුවන්ටත් අපගේ උණුසුම් සුබ පැතුම්! ❤️👏

###IV වන සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා තරග සඳහා සහභාගී වන අපේ පාසලේ  ක්‍රීඩා කණ්ඩායම වෙත අපගේ හෘදයාංගම සුභ පැතුම් එක්කර සි...
10/09/2026

###IV වන සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා තරග සඳහා සහභාගී වන අපේ පාසලේ ක්‍රීඩා කණ්ඩායම වෙත අපගේ හෘදයාංගම සුභ පැතුම් එක්කර සිටිමු! 🏆✨
ක්‍රීඩාශීලීත්වයෙන් යුතුව, ඔබේ උපරිම දක්ෂතා දක්වමින් පාසලේ නාමය බබළවන්නට ඔබට හැකියාව ලැබේවායි විදුහල්පතිතුමා, චාර්ය මණ්ඩලය සහ විද්‍යාලෝක පවුලේ සියලූම සහෝදර සහෝදරියන් එකමුතුව ප්‍රාර්ථනා කරමු. ජයග්‍රහණය අප සතු වේවා! 💪🔥

2026 ශිෂ්‍යත්ව කඩඉම සමත් වූ ආදරණීය දුවේ, පුතේ... 2026 වර්ෂය සඳහා 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ ආදි ශිෂ්‍ය / සහෝදර /...
10/09/2026

2026 ශිෂ්‍යත්ව කඩඉම සමත් වූ ආදරණීය දුවේ, පුතේ...
2026 වර්ෂය සඳහා 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ ආදි ශිෂ්‍ය / සහෝදර / කාර්ය මණ්ඩල පදනම් සඳහා වන අයදුම්පත් දැන් නිකුත් කරනු ලැබේ.
📝 විශේෂ නිවේදනයයි:
* අයදුම්පත් පහත සබැඳියෙන් භාගත කරගෙන සම්පූර්ණ කර එවන්න.
https://drive.google.com/file/d/11QJC84e9LGU_ljEhte84-EwOZCAo-omJ/view?usp=drive_link
*අයදුම්පත් එවීමේදී ලියුම් කවරයේ වම් පස ඉහළ කෙළවරෙහි " 2027 6 ශ්‍රේණිය අයදුම්පත" ලෙස සටහන් කිරීමට මතක තබා ගන්න
* ආදි ශිෂ්‍ය, සහෝදර හෝ කාර්ය මණ්ඩල පදනම යටතේ ඇතුළත් වීම සඳහා මෙම අයදුම්පත පමණක් අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු අතර, වෙනත් කිසිදු අයදුම්පත් සලකා බලනු නොලැබේ.
අත්දැකීම් බහුල, සුදුසුකම්ලත් ප්‍රවේණික ආචාර්ය මණ්ඩලයක මගපෙන්වීම යටතේ ඔබගේ දරුවාගේ ද්විතීයික අධ්‍යාපන ගමන විශිෂ්ට ලෙස ආරම්භ කිරීමට විද්‍යාලෝක පවුල ඔබට ආදරයෙන් ආරාධනා කරයි! 🎓✨

සුභ පැතුම්! 🎓✨All Island School Media Association හි 2026/2027 වර්ෂය සඳහා Head of Administration ලෙස තේරී පත් වූ තරුක් න...
08/09/2026

සුභ පැතුම්! 🎓✨
All Island School Media Association හි 2026/2027 වර්ෂය සඳහා Head of Administration ලෙස තේරී පත් වූ තරුක් නුවනක පුතනුවන් හා Sabaragamuwa Province Organizer ලෙස තේරී පත් වූ දිමුත් හන්සක පුණුවන්ටත් අපගේ උණුසුම් සුභ පැතුම්! 📸🏆
විද්‍යාලෝක මාතාවට මහත් අභිමානයක් එක්කළ ඔබලාගේ මෙම නව නිලතල දැරීම තුළින් සමස්ත ලංකා පාසල් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ තවත් ඉදිරියටම යන්නට ශක්තිය සහ ධෛර්යය ලැබේවයි හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🌟🎉

CONGRATULATIONS...
08/09/2026

CONGRATULATIONS...

සුභ පැතුම්! 🎓✨
All Island School Media Association හි 2026/2027 වර්ෂය සඳහා Head of Administration ලෙස තේරී පත් වූ, අප FOCUS VCC - Vidyaloka Central College Balangoda ඡායාරූප සංගමයේ සභාපති තරුක් නුවනක පුතනුවන්ට අපගේ උණුසුම් සුභ පැතුම්! 📸🏆
විද්‍යාලෝක මාතාවටත්, FOCUS VCC පවුලටත් මහත් අභිමානයක් එක්කළ නුඹේ මෙම නව නිලතල දැරීම තුළින් සමස්ත ලංකා පාසල් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ තවත් ඉදිරියටම යන්නට ශක්තිය සහ ධෛර්යය ලැබේවයි හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🌟🎉

හෙට දින ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින අපගේ ආදරණීය විද්‍යාලෝක දූ දරුවන් සියලු දෙනාටම විද්...
09/08/2026

හෙට දින ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින අපගේ ආදරණීය විද්‍යාලෝක දූ දරුවන් සියලු දෙනාටම විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් හදපිරි සුභ පැතුම් එක් කරමු! 💐
​වසර ගණනාවක් පුරා ඔබ දැක්වූ කැපවීම, නොපසුබස්නා උත්සාහය සහ අඛණ්ඩ මහන්සිය මල්පල ගන්වන්නට නිවැරදිම කාලය පැමිණ තිබේ.
​නොසැලෙන විශ්වාසයෙන් මුහුණ දෙන්න: කිසිදු බියකින් හෝ තැතිගැන්මකින් තොරව, සන්සුන් මනසින් සහ ආත්ම විශ්වාසයෙන් යුතුව විභාග ශාලාවට පා තබන්න.
​ඔබේ හැකියාව විශ්වාස කරන්න: ඔබ කැපවී ලබාගත් දැනුම නිසි ලෙස කළමනාකරණය කරගනිමින් සෑම ප්‍රශ්න පත්‍රයකටම සාර්ථකව පිළිතුරු ලියන්න.
​විද්‍යාලෝක මාතාවගේ නාමය සමස්ත දිවයින පුරා නැවතත් බැබළවීමටත්, ඔබේ සිහින යථාර්ථයක් කරගැනීමටත් ඔබට ශක්තිය, ධෛර්යය සහ නුවණ නිරතුරුව ලැබේවා!
​ඔබ සැමට උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතම ජයග්‍රහණ හිමිවේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🇱🇰🌟
​

Address

R/Vidyaloka Central College
Balangoda
70100

Opening Hours

Monday 06:45 - 16:00
Tuesday 06:45 - 16:00
Wednesday 06:45 - 16:00
Thursday 06:45 - 16:00
Friday 06:45 - 16:00

Telephone

+94452286206

Alerts

Be the first to know and let us send you an email when R / Vidyaloka Central College - Balangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category