R/Ba/Samanpura Siddhartha Vidyalaya

R/Ba/Samanpura Siddhartha Vidyalaya ර/බලංගොඩ දුරකන්ද සිද්ධාර්ථ විද්‍යාලය

අනාගත ලොව දකින දූ දරුවන්ගේ නෙත් පාදන්නට...​ර/බල/විද්‍යාලෝක ජාතික පාසල් භූමියේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ "අරුමැස...
09/07/2026

අනාගත ලොව දකින දූ දරුවන්ගේ නෙත් පාදන්නට...

​ර/බල/විද්‍යාලෝක ජාතික පාසල් භූමියේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ "අරුමැසිය" අධ්‍යාපනික, විද්‍යාත්මක හා වාණිජ ප්‍රදර්ශනය නැරඹීම සඳහා 2026 ජූලි මස 06 වනදා අප පාසලේ දූ දරුවන් සහභාගී විය.

​නවෝත්පාදන, තාක්ෂණික නිපැයුම් මෙන්ම විවිධ විෂය පථයන් ඔස්සේ සංවිධානය කර තිබූ මෙම සුවිශේෂී ප්‍රදර්ශනය නැරඹීමෙන් අපේ දූ දරුවන්ට තම විෂය දැනුම යාවත්කාලීන කර ගැනීමටත්, නිර්මාණශීලී අදහස් රැසක් තම ජීවිතයට එකතු කර ගැනීමටත් මහඟු අවස්ථාවක් උදාවිය.

​ළමුන්ගේ නිර්මාණශීලීත්වය සහ කුසලතා ඔප්නැංවීම වෙනුවෙන් මෙවැනි අගනා ප්‍රදර්ශනයක් සංවිධානය කළ විද්‍යාලෝක ජාතික පාසලේ විදුහල්පතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත්, අප පාසලේ සිසු සිසුවියන්ට මේ සඳහා සහභාගී වීමට මඟපෙන්වීම් සිදුකළ විදුහල්පතිතුමිය ඇතුළු ගුරුමණ්ඩලයටත් දෙමාපියන් සහ සහයෝගය දුන් සැමටත් අපගේ හෘදයාංගම ස්තූතිය!

​






ඩෙංගු පිළිබඳව ඔබ දැනුවත් ද?ඩෙංගු රෝගය යනු කුමක් ද?ඩෙංගු රෝගය යනු වෛරසයක් මගින් ඇති කරනු ලබන රෝගයකි. ඩෙංගු වෛරසය ශරීරගත ව...
01/07/2026

ඩෙංගු පිළිබඳව ඔබ දැනුවත් ද?

ඩෙංගු රෝගය යනු කුමක් ද?

ඩෙංගු රෝගය යනු වෛරසයක් මගින් ඇති කරනු ලබන රෝගයකි. ඩෙංගු වෛරසය ශරීරගත වූ අයෙකු බොහෝ විට රෝග ලක්ෂණ නොපෙන්වන අතර රෝග ලක්ෂණ මතුවුවහොත් එය සාමාන්‍ය සුළු උණ තත්ත්වය සිට ඩෙංගු උණ (Dengue Fever - DF)ඩෙංගු රක්තපාත උණ (Dengue Haemorrhagic Fever - DHF) අසාමාන්‍ය ඩෙංගු උණ තත්ත්වය දක්වා වර්ධනය විය හැකිය.

ඩෙංගු බෝ වන්නේ කෙසේ ද?

ඩෙංගු රෝගය ඇති කරන වෛරසය ඊඩිස් වර්ගයේ ගැහැණු මදුරුවන් මගින් පතුරවයි. මෙම මදුරුවන් තුලට වෛරසය ඇතුළු වන්නේ ඩෙංගු වෛරසය ශරීරගතවූ පුද්ගලයෙකුට දෂ්ට කිරීමෙනි.

ඩෙංගු රෝගය සෑදීමේ අවදානම ඇත්තේ කාහට ද?

ආසාදිත ඩෙංගු මදුරුවෙකු දෂ්ට කරන ඕනෑම පුද්ගලයෙකුට ඩෙංගු රෝගය සෑදීමේ අවදානමක් පවතී. තවද පුද්ගලයෙකුගේ වයස, ප්‍රතිශක්තීකරණය හා ඩෙංගු වෛරසයේ ප්‍රභේද (Serotype) මත රෝගයේ ස්වභාවය වෙනස් විය හැකිය.

උණ රෝගය සෑදුනු විට එය ඩෙංගු විය හැකි බවට සැක කළ යුත්තේ ඇයි?

ඩෙංගු රෝගය සාමාන්‍ය සුළු උණ මෙන්ම රක්තපාත උණ (DHF) වැනි අවදානම් අවස්ථා වලට ද පත්විය හැකිය. මෙම අවදානම් අවස්ථා මුල් අවධියේ දී සාමාන්‍ය උණෙන් වෙන්කර හඳුනා ගැනීමට අපහසු වේ. සාමාන්‍ය උණ තත්ත්වය ඉක්මනින් සුව වන අතර අවදානම් අවස්ථා වලදී රෝහල් ගතව ප්‍රතිකාර ලැබිය යුතුය. එබැවින් අවදානම් අවස්ථා ඉක්මනින් හඳුනා ගැනීමට ඩෙංගු උණෙහි රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු වේ.

ඔබට වැළඳී ඇත්තේ ඩෙංගු උණ ද?

උණ සමග පහත රෝග ලක්ෂණ පවතී නම් ඔබට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සැක කළ යුතුය.

හිසරදය හා ඇස් යට වේදනාව
මස්පිඩු හා සන්ධි වේදනාව
ඔක්කාරය සහ වමනය
සමෙහි රතු පැහැ ලප හට ගැනීම
රුධිර වහන තත්ත්වයන්
ඉහත රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම අවශ්‍ය වේ. ඔබ ඩෙංගු බහුල ප්‍රදේශයක වාසය කිරීම හා අවට ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ සැකය වඩාත් තහවුරු කිරීමට හේතු වේ.

ඩෙංගු රෝගය නිශ්චය කරගන්නේ කෙසේ ද?

ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී වඩාත් වැදගත් වන්නේ අවදානම් අවස්ථාවට පත්වන රෝගීන් ඉක්මනින් හඳුනා ගැනීමය (උදා: ඩෙංගු රක්තපාත උණ, අසාමාන්‍ය ඩෙංගු උණ) ඒ සඳහා උණ සෑදී දින 02ට පසුව කරනු ලබන සම්පූර්ණ රුධිර පරීක්ෂාව (FBC - Full Blood Count) වඩාත් ප්‍රයෝජනවත් වේ. ඩෙංගු වෛරසය ශරීර ගතවී ඇති බව තහවුරු කිරීම සඳහා කරනු ලබන NS1 හා ඩෙංගු ප්‍රතිදේහ පරීක්ෂාවන් මගින් ඩෙංගු උණ (DF) හා ඩෙංගු රක්තපාත උණ (DHF) වෙන්කර හදුනා ගත නොහැකිය.

ඩෙංගු රෝගය කිහිප වරක් සෑදිය හැකි ද?

ඩෙංගු වෛරසයට ප්‍රභේද 4ක් ඇත. යම් පුද්ගලයෙකු ඩෙංගු රෝගයට වරක් ගොදුරු වූ විට ප්‍රතිශක්තිය ඇතිවන්නේ එම අදාළ ප්‍රභේදයට පමණක් බැවින් ඔහුට නැවත අනෙකුත් ප්‍රභේද මගින් ආසාදනය විය හැකිය. තවද නැවත වරක් ඩෙංගු රෝගය සෑදීමේ දී එම පුද්ගලයා ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවය (විශේෂයෙන් දෙවන අවස්ථාවේ ) වැඩිවේ.

ඩෙංගු උණ වැළඳුන විට නිවසේ දී ප්‍රතිකාර කළ හැකි ද?

ඩෙංගු වෛරසය ශරීරගත වන බොහෝ රෝගීන් සාමාන්‍ය උණ තත්ත්වයක් පෙන්නුම් කරයි. එබැවින් හොදින් විවේක ගැනීම හා වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීම වැදගත් වේ. වෛද්‍යවරයා විසින් දින 02 කට පසුව FBC පරීක්ෂාව කොට රෝගියා රෝහල් ගතකල යුතු ද යන්න තීරණය කරනු ඇත. එම FBC පරීක්ෂාව සාමාන්‍ය වුවත් පසුදින නැවත වරක් එය සිදුකල යුතුය.

ඩෙංගු රක්තපාත උණ (DHF) යනු කුමක් ද?

ඩෙංගු රක්තපාත උණ, ඩෙංගු රෝගී තත්ත්වයේ ඇතිවිය හැකි අවදානම් අවස්ථාවකි. උණත් සමග ඇතිවන අනෙකුත් රෝග ලක්ෂණ බොහෝ දුරට සාමාන්‍ය ඩෙංගු උණට සමාන වන බැවින් ඩෙංගු රක්තපාත රෝගීන් ඩෙංගු උණ රෝගීන්ගෙන් වෙන්කර හඳුනා ගැනීම මුල් අවධියේ පහසු නොවේ. එහි දී උණ බැස යාමත් සමග ප්‍රධාන ලක්ෂණය වන රුධිර වාහිනී වලින් පිටතට (විශේෂයෙන් පෙනහළු ප්ලූරා පටල අතරට/ උදර කුහරයට) ප්ලාස්මා තරලය කාන්දු වීම සිදුවේ. මෙය සාමාන්‍යයෙන් උණ සෑදී 3වන දින හෝ ඊට පසුව සිදුවන අතර දිනපතා කරන රුධිරය පරීක්ෂා (FBC) වල වෙනස්කම් මඟින් හඳුනාගත හැකිය. මෙසේ නොදැනුවත් කමින් දිගටම ප්ලාස්මාව කාන්දු වීම මඟින් කම්පන අවස්ථාවට පත්විය හැකිය. ඇතැම් රෝගීන් කම්පන අවස්ථාවට පත්වීමට පෙර අවදානම් ලක්ෂණ පෙන්නුම් කරයි. එබැවින් මෙම අවදානම් ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වේ.

ඩෙංගු අවදානම් ලක්ෂණ මොනවා ද?

උදරයේ ඇතිවන තද වේදනාව
නොනවත්වා වමනය පැවතීම
අධික නිදිමත බව/ නොසන්සුන් බව/ අප්‍රාණික බන
රුධිර වහනය වීම (විදුරුමසෙන්, නාසයෙන් දුඹුරු පැහැ වමනය හා කළු පැහැ මළ පහවීම)
පැය 06ට වඩා වැඩි කාලයක් මුත්‍රා පහ නොවීම හෝ පිටවන මුත්‍රා ප්‍රමාණය අඩුවීම.

උණ ඇති විට කුමක් කළ යුතු ද?

වෙහෙසකර කටයුතු වලින් බැහැර වී හොඳින් විවේක ගන්න.
උණ පාලනය කිරීමට නියමිත මාත්‍රාවෙන් නියමිත කාල සීමාව තුළ පැරසිටමෝල් (Paracetamol) ඖෂධය ලබා දෙන්න (උපරිම මාත්‍රාව 60mg/ kg/ 24h වේ) තදින් උණ පවතී නම් පිරිසිදු රෙදි කඩක් උණුසුම් ජලයෙන් පොඟවා රෝගියාගේ ශරීරය තැවීම සිදු කරන්න.
වේදනා නාශක ඖෂධ / Non Steroidal Anti Inflammatory Drugs (NSAID's) කාණ්ඩයේ ඖෂධ හා ස්ටීරොයිඩ් (Steroids) භාවිතයෙන් වලකින්න.
සැහැල්ලු පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගන්න.
උණ පවතින කාලය තුළදී මදුරුවන් දෂ්ට කිරීමෙන් හැකිතාක් වලක්වා ගන්න.

උණ සහිත කාලය තුළ භාවිතා කළ යුතු ආහාර මොනවාද?

උණ හා වමනය නිසා ඇතිවන විජලන තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග පානය කරන්න. (තැඹිලි වතුර, කැඳ, කිරි, ජීවනී වැනි මුඛසජලන පානය (Oral Rehydration Solution - ORS) පළතුරු යුෂ වඩාත් සුදුසුය.
ළමුන්ට ග්ලූකෝස් වැනි සීනි සහිත දියර කුඩා ප්‍රමාණ නිරතුරුව ලබා දෙන්න.
රෝගියා කැමති ආකාරයෙන් වරකට කුඩා ප්‍රමාණයක් බැගින් අර්ධ ඝන සැහැල්ලු ආහාර වේල් කීපයක් ලබා දෙන්න. තෙල් සහිත ආහාර ගැනීමෙන් වලකින්න.
අභ්‍යන්තර රුධිර වහන තත්ත්වයන් (රතු/ දුඹුරු පැහැ වමනය හා කළු පැහැ මළ පහ) හඳුනා ගැනීමට අපහසු වන බැවින් රතු/ දුඹුරු පැහැ ආහාර හා දියර වර්ග ගැනීමෙන් වළකින්න.

අවධානම් ලක්ෂණ නොමැති වුව ද රෝහල් ගතවිය යුතු පුද්ගලයින් කවුරුන් ද?

ගර්භනී මවුවරුන්
අවුරුදු 1 ට අඩු දරුවන්
අධිබර සහිත රෝගීන්
වැඩිහිටි පුද්ගලයින්

නිදන්ගත රෝග සහිත පුද්ගලයින්
උණ අවධියේ දී NSAID's භාවිතා නොකළ යුත්තේ ඇයි?
NSAID's
Aspirin (ඇස්ප්‍රින්) - අඩංගු ඖෂධ
Diclofenac Sodium (ඩික්ලොෆෙනැක් සෝඩියම්)
Mefanamic Acid (මෙෆෙනමික් ඇසිඩ්)
Ibuprofenn (ඉබියුප්‍රොෆෙන්)
ඉහත NSAID's කාණ්ඩයේ ඖෂධ සහ ස්ටිරොයිඩ් (Steroids) භාවිතයෙන් උණ සහ ඇඟපත වේදනාව අඩු වුවත් එමගින් ඩෙංගු රෝගයේ බරපතල සංකූලතා ඇතිවිය හැක. තව ද, රුධිරය කැටි ගැසීමේ ප්‍රශ්න ඇතිවන නිසා රෝගය උත්සන්න වී ශරීරය අභ්‍යන්තරය තුළ අධික ලෙස රුධිර වහනය විය හැක.

ඩෙංගු රෝගීන්ට ඇතිවිය හැකි සංකූලතා මොනවා ද?

සාමාන්‍ය ඩෙංගු උණ රෝගීන්ට සංකූලතා ඇතිවීමේ අවදානම අවම වේ. ඩෙංගු රක්තපාත උණ හා අසාමාන්‍ය ඩෙංගු වැනි අවදානම් අවස්ථා වලට පත්වන රෝගීන්ගෙන් සුළු පිරිසකට වකුගඩු හා අක්මාව අකර්මන්‍ය වීම. මොළයට සිදුවන බලපෑම් වැනි සංකූලතා ඇති වී කලාතුරකින් මරණය පවා සිදුවිය හැකිය. පමා නොවී නිසි ප්‍රතිකාර වලට යොමු වීමෙන් මෙවැනි තත්ත්වයන් අවම කර ගත හැකිය

ඩෙංගු රෝගය ඇති විට මදුරුවන්ගේ දෂ්ට කිරීමෙන් ආරක්ෂා වියයුතු වන්නේ ඇයි?

මදුරුවා දෂ්ට කළ පසු වෛරසය රෝගියාගේ ශරීරය තුළ වර්ධනය වන අතර එම කාලය තුල කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වයි. මෙම බීජෞෂණ සමය දින 3 - 4 අතර කාලයක් පවතී. ඉන්පසුව ඇතිවන්නේ උණ අවධිය වන අතර එය දින 2 - 10 අතර කාලයක් පවතී. මෙම කාලය තුළ ඩෙංගු වෛරසය රෝගියාගේ රුධිරය තුළ පවතින බැවින් මදුරුවෙකු දෂ්ට කළහොත් වෛරසය මදුරුවා තුළට ඇතුළුවන අතර එමගින් වෙනත් පුද්ගලයින් තුලට වෛරසය ඇතුළු වී රෝගය පැතිරිය හැකිය.

ඩෙංගු මදුරුවන් දෂ්ට කරන්නේ කුමන වේලාවන්හිද?

සාමාන්‍යයෙන් ඊඩිස් මදුරුවන් දවසේ උදය කාලයේ හිරු පායා පැය කිහිපයක් යන තුරු ද, සවස් කාලයේ හිරු බැසීමට පැය කිහිපයකට පෙර ද වැඩිපුර දෂ්ට කිරිම සිදුකරයි. එබැවින් මෙම කාලය තුළ දෂ්ටන වලින් ආරක්ෂා විය යුතුයි.

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන මොනවාද?

මිනිස් ක්‍රියාකාරකම් වලින් ඇති වූ ඉවතලන ප්ලාස්ටික්, මැටි හා ලෝහ බඳුන්, විසිතුරු මල් බඳුන්, බැරල්, කුරුළු නාන තටාක, වතුර ටැංකි, ශීතකරණ තැටි, ඉවතලන ටයර්, වියළි පොල් කෝම්බ හා වැහි පීලි වැනි ජලය රැඳෙන ස්ථානවල මෙම මදුරුවන් බිත්තර දමයි. තව ද, බ්‍රෝමිලියා, අන්නාසි පත්‍ර අතර ද, ගස් බෙන වැනි ස්වාභාවිකව ජලය රැඳෙන ස්ථාන වල ද ඩෙංගු මදුරුවන් බෝවේ. වැඩිහිටි මදුරුවන් නිවසින් පිටත මෙන්ම නිවෙස් ඇතුළත අඳුරු ස්ථාන වල ද රැඳී සිටිය හැකිය.

මදුරුවන්ගේ දෂ්ට වීමෙන් වැළකෙන්නේ කෙසේ ද?

අත් පා හොඳින් ආවරණය වන ඇඳුම් අදින්න.
මදුරු දැලක් යට විවේකීව සිටින්න.
මදුරු විකර්ශක භාවිතා කරන්න (උදා: පැඟිරි තෙල් හෝ කෘතීම විකර්ෂක)

ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වන්නේ කෙසේ ද?
භාවිතා කළ හැකි ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල්, ටින් ආදිය ප්‍රතිචක්ක්‍රීකරණය කරන්න. අනෙකුත් බඳුන් මදුරුවන් බෝ නොවන ලෙස විනාශ කරන්න
වැහිපීලි වල හිර වී ඇති කොළ රොඩු ඉවත් කර නිතර පිරිසිදු කරන්න වතුර ටැංකි, බැරල්, මල් බඳුන්, ශීතකරණ තැටි බුරුසුවකින් අතුල්ලා පිරිසිදු කරන්න.
වතුර එක්රැස් වන ස්ථාන ලිං සහ ටැංකි වලට මදුරුවන්ට ඇතුල්විය නොහැකි ලෙස දැල් යොදා ආවරණය කරන්න.
නිරන්තරයෙන් සතියකට වරක් ගෙවත්ත හා ගෙතුළ හොඳින් පරීක්ෂා කර මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කරන්න.

සෞඛ්‍ය සම්පන්න නිරෝගී අනාගත පරපුරක් වෙනුවෙන්..
01/07/2026

සෞඛ්‍ය සම්පන්න නිරෝගී අනාගත පරපුරක් වෙනුවෙන්..

රළු දිය රැළි පිරි විලෙක පිපුණු රන් පියුමන් විලසිනදහසක් දුක් ගැහැට මැදපොත් මිටි පපුවට තුරුළු කරගෙන,උල් ගල්  පිරුණු බොරළු ...
30/06/2026

රළු දිය රැළි පිරි විලෙක
පිපුණු රන් පියුමන් විලසින
දහසක් දුක් ගැහැට මැද
පොත් මිටි පපුවට තුරුළු කරගෙන,
උල් ගල් පිරුණු බොරළු මාවත් පසු කරගෙන
නුඹලා පියමැන්නේ මේ ජයග්‍රහණයේ මාවතට...
​අගහිගකම් කඳුළු කර නොහඬා,
නොපසුබට උත්සාහයෙන් පිරුණු හදවතින්,
අභියෝග මල් පොකුරු ඉවසීමෙන් දරාගෙන,

නුඹලා දිනෙව්වා සමන්පුර විදු මාතාව...

​කටු කොහොල් පිරි දුෂ්කර ඉසව්වක,
සෙවනක් වෙමින්,නොසැලී,
අභියෝගයන්ට නොබියව මුහුණ දුන්,
විදුහල්පති,ගුරු මෑණිවරුනි, පියවරුනි, නුඹලාටත් ප්‍රණාමය...

​දහඩිය කඳුළු මැදින් නෙලාගත්,
රන් දිනුම,
දිදුලන හෙට දවසකට
පාර කියයි දහසක් දරු දැරියනට..

චිරo ජයතු !!

​සමන්පුර විදු මාතාව දිනෙන් දින වැජඹේවා!

🌸 සමන්පුර සිද්ධාර්ථ විද්‍යාලයේ පොසොන් දින ශීල සමාදාන වැඩසටහන 🌸​උතුම් වූ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් සමන්පු...
27/06/2026

🌸 සමන්පුර සිද්ධාර්ථ විද්‍යාලයේ පොසොන් දින ශීල සමාදාන වැඩසටහන 🌸

​උතුම් වූ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් සමන්පුර සිද්ධාර්ථ විද්‍යාලයේ විදුහල්පතිතුමිය ප්‍රමුඛ ගුරු මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සංවිධානය කරන ලද පොසොන් දින ශීල සමාදාන වැඩසටහන මෙවරත් ඉතාමත් සාර්ථක අයුරින් නිමාවට පත්විය. 🕊️✨

​ගෞරවනීය මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාත්මික ගුණ වර්ධනය උදෙසා දාන,සීල,භාවනා සහ ධර්ම දේශනා ඇතුළත් මෙම උතුම් පින්කම සාර්ථක කර ගැනීමට සහයෝගය දැක්වූ ගරු විදුහල්පතිතුමිය A.W.M ජයලත් මහත්මිය ඇතුළු ගුරු මණ්ඩලයටත්, ආදරණීය දෙමාපියන්ටත්, විවිධාකාරයෙන් දායකත්වය සැපයූ සැමටත් පුන්‍යාණූමෝදනා !

මෙම වැඩසටහනට සම්බන්ධ වූ සියලූම දෙනාහට දහවල් දානය සහ අතුරුපස ලබා දීම සිදුකළ දුරකන්ද සමගි අවමංගල්‍යධාර සමිතියේ හා සමගි ක්‍රීඩා සමිතියේ තරුණ තරුණියන්ටත් පාසලේ ආදි ශිෂ්‍යයන් සහ ප්‍රදේශවාසී ප්‍රජාවටත් පුන්‍යාණූමෝදනා!

එමෙන්ම ධර්මාසනය නිර්මාණාත්මකව සකසා දීමට මූලික වී කටයුතු කළ සිතුමිණි ශිෂ්‍යාවගේ සහ ඉෂාන් ශිෂ්‍යාගේ පියවරුන් දෙදෙනාටත්,ඉෂාන්,ශාමින්ද ඇතුළු සහයෝගය ලබා දුන් දරුවන්ටත්,අමිල අරුණෂාන් සහ අතුල ජයසිරි යන ගුරුවරුන්ටත් පුන්‍යාණූමෝදනා !

ශීල සමාදාන වැඩසටහන හා සම්බන්ධ වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට ත්‍යාග ලබා දුන් අප කාර්‍ය මණ්ඩලයේ නදීකා මහත්මිය සහ පවුලේ සැමට ද පුන්‍යාණූමෝදනා !

​"දහමින් සුවපත් වන හෙට දවසක් වෙනුවෙන්..."

​

🏆 පාසල් ඉතිහාසයේ ප්‍රථම වතාවට 100% ක විශිෂ්ට සමත් ප්‍රතිඵලයක්! 🏆ර/බල/ සමන්පුර සිද්ධාර්ථ විදු මාතාව දිනෙන් දින වැජඹේවා !!...
21/06/2026

🏆 පාසල් ඉතිහාසයේ ප්‍රථම වතාවට 100% ක විශිෂ්ට සමත් ප්‍රතිඵලයක්! 🏆

ර/බල/ සමන්පුර සිද්ධාර්ථ විදු මාතාව දිනෙන් දින වැජඹේවා !!

​සමන්පුර සිද්ධාර්ථ මෑණියන් සෙවනේ ඉගෙනුම ලබමින් විදු මෑණී නාමය පතළ කරමින් දිනූ දුවේ පුතේ...

කඳුළු-දහඩිය නොයෙකුත් බාදා බිදහෙළමින් ලැබූ විජයග්‍රහණ විලසේ...

හෙට දින ලොව දිනන්නට වෙර වීරිය රැගෙන වැජඹෙනු මැන සදාකල් ..🌻🎓

​මඟ පෙන්වූ විදුහල්පති ගුරු මඩුල්ල නිබඳවම...
දුක් ගැහැටක් නොබලා වෙහෙස මහන්සි වූ මව්පිය කැළ...

බාධා කම්කටොලු ආශිර්වාද මැදින් ආ මේ ගමන...

හෙට දිනෙත් බැබළේවා ගුණදම් මනුදම් රැකගනිමින් නිතින🌟📚

​2025(26) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් 100% ක සමත් ප්‍රතිඵලයක් ලබා ගනිමින් අප විද්‍යාලයීය ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් වූ කේ.එම්. ඉරේෂා හර්ෂණී, පී.එම්. ඉෂාන් උදයංග සහ ආර්.එම්. කවිෂ්ක නිමේෂාන් ඇතුළු ආදරණීය සිසු දරු දැරියන් සැමට අපගේ හදපිරි උණුසුම් සුබ පැතුම්! 🎉❤️

​මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් නිවැරිදි මඟ පෙන්වීම් ලබා දුන් ගරු විදුහල්පතිතුමිය ඇතුළු මුළු මහත් ගුරු මණ්ඩලයටත්, නන් අයුරින් සහය වූ ආදරණීය දෙමාපියන්ටත් අපගේ ප්‍රණාමය! 🙏✨
​

21/06/2026
04/06/2026

2026 වෙසක් පොහෝ දින සැමරුම (වෙසක් සතිය)

රාස්සගල මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් පාසල් ප්‍රජාව සම්බන්ධ කරගනිමින් සිදු කරනු ලැබූ දැනුවත් කිරීමේ වැඩ සටහන සහ පාසල් භ...
29/05/2026

රාස්සගල මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් පාසල් ප්‍රජාව සම්බන්ධ කරගනිමින් සිදු කරනු ලැබූ දැනුවත් කිරීමේ වැඩ සටහන සහ පාසල් භූමිය තුළ ඖෂධ පැළ සිටුවීමේ වැඩ සටහන 2026.05.28 දින සිදු කෙරිණි.

Address

Durakanda, Rassagala
Balangoda
70100

Telephone

+94741937904

Website

Alerts

Be the first to know and let us send you an email when R/Ba/Samanpura Siddhartha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category