Science Utopia

Science Utopia Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Science Utopia, Education, Badulla.

01/05/2025

අවුරුදු මිලියන 400ක් පැරනි ඇම්නයිට් ෆොසිල

ඇමෝනයිට් කියන්නෙ සාගරයේ ජීවත් වුන මොලුස්කාවන් විශේශයකට.මොලුස්කා කියන්නෙ දැල්ලො,බූවල්ලො,ගොලු බෙල්ලො,හංගොල්ලො වගේ මෘදු දේහයක් තියෙන අයට.

#ෆොසිල්

වසර මිලියන 99ක් පැරනි Springtail කෘමියෙක් සහිත ඇම්බර ෆොසිලයක්Springtail කියන්නෙ කවුද කියලා බලමු අපි•යටි දිගු ශරීරයක්•ශරී...
26/04/2025

වසර මිලියන 99ක් පැරනි Springtail කෘමියෙක් සහිත ඇම්බර ෆොසිලයක්

Springtail කියන්නෙ කවුද කියලා බලමු අපි

•යටි දිගු ශරීරයක්

•ශරීරයට සාපේක්ෂව කෙටි පාද

•ඉදිරියට දිගු ඇන්ටෙනා

•උරහිසේ යටින් පිහිටි යම් ව්‍යුහයක් (furcula) දැකිය හැක, එය පනින එක සඳහා භාවිතා කරයි.

Springtail සතුන් පැරණි ඇම්බර්වල නිතරම සොයාගන්න පුළුවන් වීම නිසා
වසර මිලියන 99කට පෙර ද ඔවුන් සාර්ථකව ජීවත් වූ බවට ෆොසිල ඇම්බර් හොද සාක්ෂියක්

මේ වගෙ වටින ඇම්බර් මිලදී ගන්න කැමති අය whatspp කරන්න (0717187208) Science Utopia

19/04/2025

අවුරුදු මිලියන 100 ක් විතර පරන වටිනාකමින් වැඩි විශේෂ වර්ගයේ ඇම්බර් ෆොසිල.

දැනට අවුරුදු මිලියන 100කට විතර කලින් ඩයිනෝසරයො එක්ක එකට ජීවත් වෙලා එහෙ මෙහෙ පියාඹපු මදුරුවෙක් ඇම්බර් කැබැල්ලක හිර වෙලා ෆොසිලයක් විදිහට තවම සුරක්ෂිතව මගෙ අතේ මෙහෙම තියෙන එකනම් හරිම පුදුමයක් නේද

මගෙ අතේ තියෙන මේ ඇම්බර් ෆොසිල් එක අවුරුදු කෝටි 10ක් එහෙමත් නැත්තම් අවුරුදු මිලියන 100ක් විතර පරන ටිකක් වටිනාකමින් වැඩි විශෙශ වර්ගයේ ඇම්බර් ෆොසිල් එකක්.

ඔයාලට හොදින් බැලුවොත් පේනවා ඇති මේ ඇම්බර් එක ඇතුලෙ හොදින් සංරක්ෂණය උන අවුරුදු මිලියන 100කට කලින් ජීවත්වෙලා හිටිය කෘමියෙක්ව. මෙයා ක්‍රිටේසියස් යුගයේ ඩයිනෝසරයන් එක්ක එකට ජීවත් වෙලා වද වෙලා ගිය මදුරුවෙක්.



Fish fossils Lycoptera (80 million years old)Lycoptera යනු Jurassic & Cretaceous යුග වලදී ජීවත් වූ මත්ස්‍ය වර්ගයකි. මෙය ...
04/04/2025

Fish fossils Lycoptera (80 million years old)

Lycoptera යනු Jurassic & Cretaceous යුග වලදී ජීවත් වූ මත්ස්‍ය වර්ගයකි. මෙය විශේෂයෙන්ම චීනය, මොන්ගෝලියාව සහ රුසියාවේ වැනි රටවල්වලින් බහුලව සොයාගන්නා ලද ඉතා පැරණි මත්ස්‍ය ප්‍රභේදයකි.
fans

ඇම්බර් ෆොසිල එකතු කරන අයට https://wa.me/c/94717187208
31/03/2025

ඇම්බර් ෆොසිල එකතු කරන අයට

https://wa.me/c/94717187208

Learn more about their products and services

30/03/2025

Did Dinosaurs Build Cities? | Silurian Hypothesis

මිනිස්සු බිහිවෙන්න අවුරුදු මිලියන ගානනකට කලින් පෘතුවියෙ දියුනු ශිශ්ටාචාරයක් තාක්ශනයක් තිබිලා තියෙනවා කියන එක ඔයාලට විශ්වාස කරන්න පුලුවන්ද?

ඔයාලා හිතන් ඉන්නෙ
පෘථිවියෙ මුලින්ම දියුනු ශිශ්ටාචාරයක් ගොඩ නැගුවෙ මිනිස්සු වෙන අපි විතරයි කියලද ?

එහෙමත් නැත්තම්
මිනිස්සු බිහිවෙන්න ගොඩක් කාලෙකට කලින් දියුනු ශිශ්ටාචාරයක් ගොඩ නගපු වෙනත් ජීවීන් වර්ග හිටියද?

ෆොසිල කලෙක්ශන් හදන්න කැමති අයට ඇම්බර් ෆොසිල ටිකක් 😍✌https://wa.me/c/94717187208
13/02/2025

ෆොසිල කලෙක්ශන් හදන්න කැමති අයට ඇම්බර් ෆොසිල ටිකක් 😍✌

https://wa.me/c/94717187208

Learn more about their products and services

29/01/2025

------"ස්ටෙගොඩන් මැමත්"------
මන් වගේම ෆොසිල වලට ආස යාලුවන්ව සාදරයෙන් පිලිගන්නවා සයන්ස් යුටෝපියාවට

මේ මගෙ අතේ තියෙන්නෙ ස්ටෙගොඩන් මැමත් කෙනෙක්ගෙ දලක ෆොසිල් එකක්. මේක ආසන්න වශයෙන් අවුරුදු මිලියන 1.9ක් වගේ පරනයි.
ස්ටෙගොඩන් කියන්නෙ වර්තමානයෙ ජීවත්වෙලා ඉන්න අලින්ගෙ වදවෙලා ගිය පැරනි සමාජිකයෙක්ට.

Science Utopia fans

Stegodon mammoth fossilized part tusk from Indonesia
Period: approx. 1.9 million years old

01/01/2025

"Otodus obliquus shark(ඔබ්ලිකස්)"
කියන්නෙ මහ මුහුදෙ රජ කරපු දැවැන්ත මුහුදු රාක්ශයෙක්.

මෙයා ටොන් 15ක් විතර බර අඩි 35ක් විතර දිග යෝද මාංශභක්ෂක මෝරෙක්.

#මෙගලඩොන් #මෝසසෝරස් #ක්‍රිටේසියස්
Science Utopia

20/11/2024

ඔයා දන්නවද කුකුලා පරිනාමය වුනේ T Rex ගෙන් කියලා ??

පෘථිවියෙ බිහිවුන බයානකම ගොඩබිම විලෝපිකයෙක් උන ටිරානෝසෝරස් රෙක්ස් එහෙමත් නැත්තම් ටී-රෙක්ස් කුකුලෙක් වෙලා අපි එක්ක දැනුත් මේ ලෝකෙ ජීවත් වෙනවා කිව්වොත් ඔයාට විස්වාස කරන්න පුලුවන්ද?

Are Chicken the closet relatives of T-Rex ?

#ටීරෙක්ස් .rex #ක්‍රිටේසියස්
Science Utopia

31/10/2024

"මෝසසෝරස්" මහ මුහුදෙ දැවැන්ත මුහුදු රාක්ශයා.

මෙයා පෘථිවියෙ මෙච්චර කාලෙකට ජීවත් උන දැවැන්තම සහ දරුනුම විලෝපිකයන්ගෙන් එක්කෙනෙක්.
හරි අපි බලමු කව්ද මේ බිහිසුනු මුහුදු රාක්ශයා කියලා. එයා තමයි මෝසසෝරස් කියන්නෙ. මෙයා ජීවත්වෙලා තියෙන්නෙ හැබැයි අද ඊයෙකනම් නෙමේ. අවුරුදු මිලියන 82-66 අතර ක්‍රිටේසියස් පීරියඩ් එකේදී.

ක්‍රිටේසියස් පීරියඩ් එකේ ජීවත් උන අනිත් දරුනු ගනයේ විලෝපිකයො ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. ටිරානෝ සෝරස්,ස්පයිනො සෝරස් වගේ සද්දන්ත වීලෝපිකයෝ ජීවත් උනෙත් මේ කාලයේදීම තමයි.

හැබැයි මෝසසෝරස් මේ හැමෝටම වැඩිය විශාලයි.මෙයා අඩි 56ක් විතර දිග බර ටොන් 15ක් වගේ වෙන යෝද උරගයෙක් ඒ කියන්නෙ අඩි 40ක් විතර වෙන ටී රෙක්ස් කෙනෙක්ටත් වැඩිය ලොකුයි.ඒ කාලෙ පෘථිවියෙ ජීවත් උන විශාලම විලෝපිකයා තමා මෝසසෝරස් කියන්නෙ.ඒ කාලයේදී මුහුදේ ආදිපත්‍ය සම්පූර්ණයෙන්ම තමන් සතුකරගන්න මෝසසෝරස්ලට පුලුවන් වෙලා තියෙනවා.මෙයාලගෙ පොසිල ලෝකෙ හැම මහද්වීපයකින්ම වගේ මේ වෙද්දි හමු වෙලා තියෙනවා.මෙයාලා ලෝකය පුරාම හොදින් ව්‍යාප්ත වෙලා හිටියා කියන්න හොද සාක්ශියක් ඒක.මෝසසෝරස්ලා මුහුදෙ විතරක් නෙමේ විශාල ගංගා අශ්‍රිතවත් හොදින් ව්‍යාප්තවෙලා ඉදලා තියෙනවා කියන්න සාක්ශි හම්බෙලා තියෙනවා.

මිඩ්ල් ක්‍රිටේසියස් පීරියඩ් එකේදී නැවත වතුරට ගිය උරගයන්ගෙන් මෝසසෝරස්ලා පරිනාමය වෙන්න ඇති කියලා ජීවවිද්‍යන්නයො කියන්නෙ. සාගරය තුලදි තමයි මෙයාලා විශාල දේහයක් දරන දරුනු විලෝපිකයෙක් විදිහට පරිනාමය වෙලා තියෙන්නෙ.
අවසානයේදී මුහුදු උරගයෙක් වුන ඩෙලසෝරස්, මෝසසෝරස් දක්වා පරිනාමය වුනා කියලා තමයි විද්‍යාන්නයින් කියන්නෙ.මෙයාලට ජලය තුලදි හුස්ම ගැනීමේ හැකියාවක් තිබිලා නැති හින්දා හුස්මගන්න ජලයෙන් උඩට එන්න සිද්ද වෙලා තියෙනවා.

අනිත් පුදුම හිතෙන කාරනය තමා
ක්‍රිටේසියස් පීරියඩ් එකේ ගොඩබිම ජීවත් උන බිහිසුනම විලෝපිකයෙක් උන ටිරානෝසෝරස් රෙක්ස්ලව පවා මෝසසෝරස්ලා අහාරයට අරන් තියෙන එක. ඒ කියන්නෙ මෝසසෝරස් කියන්නෙ ලේහෙසි පහසු මුහුදු රාක්ශයෙක්නම් නෙමේ.එයාට අහු උන කිසිම කෙනෙක් බේරිලානම් යන්නෙ නැහැ.ඒකට එක හේතුවක් තමයි මෙයාට තිබුන ශක්තිමත් වලිගය සහ ශක්තිමත් හකු දෙක.
මෙයාලාගෙ ආහාර වෙලා තියෙන්නෙ ඒ කාලෙ හිටුය යෝද කැස්බෑවො,ඩයිනෝසෝරයන්,මෝරු වගේම කුඩා මෝසසෝරස්ලා.

මෙයාගෙ දත්වල විශේෂ පිහිටීම හා හකුවල ශක්තිය හින්දා මෙයාට අහුවෙන සත්තුන්ට බේරිලා යන්නනම් බැරි වෙන්න ඇති. මෙයාගෙ දත්වලට අහුවුනා කියන්නෙ ඉතින් ජීවිතේ අවාසානය තමයි.

අපි දැනගන්න ඕනෙ අනිත් වැදගත්ම කාරනය තමයි මුහුදේ ජීවත්වුන තවත් දරුනුම විලෝපිකයෙක් වෙච්ච මෙගලඩොන් සහ මෝසසෝරස් එකම කාලෙක ජීවත්වුනේ නැහැ කියන එක.

මෙගල්ඩොන්ලා ජීවත් උනේ දැනට අවුරුදු මිලියන 20-3.6යි අතර කලයෙදි.ඒ කියන්නෙ මෝසසෝරස් වදවෙලා අවුරුදු මිලියන 45 කට විතර පස්සෙ තමයි මෙගලඩොන් බිහිවෙලා තියෙන්නෙ. ඒ හින්දා මෙයාලා දෙන්න එකම කාලයක ජීවත් වෙලා ඉදලා නැහැ.
ඒ හින්දා මෙයාලා දෙන්න අතර බිහිසුණු සටන් මහ මුහුදෙ කවදාවත්ම ඇති වෙලත් නැහැ.හැබැයි
මෝසසෝරස්ලා ජීවත්වෙලා ඉන්න කාලෙ සාගරයෙ ඉදලා තියෙනවා අඩි 25ක් විතර දිග යෝද මෝරෙක්.ඒයා තමයි ජයන්ට් ජින්සු ශාර්ක් කියන්නෙ. ඒයා එක්කනම් ඒ කාලෙ මෝසසෝරස්ලා ඕනෙ තරම් ෆයිට් කරන්න ඇති.

#මෝසසෝරස් #ක්‍රිටේසියස්

16/10/2024

"ටයිටනබෝවා" පෘථිවියෙ මෙච්චර කාලෙකට ජීවත්වුන විශාලම සර්පයා.

එයා තමයි පෘථිවියෙ මෙච්චර කාලෙකට ජීවත්වුන විශාලතම සර්පයා. මූ ඇනකොන්ඩා වගේ දහගුනයක් විතර විශාල පත සයිස් සර්පයෙක්.
සාමන්‍යයෙන් ටයිටනබෝවාගේ දිග අඩි 50ක් වගෙයි බර රාත්තල් 2500ක් වගේ වෙන්න ඇති කියලා තමයි කියන්නෙ.

හරි එහෙනම් මේ වගේ වීඩියෝ තව බලන්න කැමති අය මගේ යූ ටියුබ් එක සබ්ස්ක්‍රයිබ් කරලා ටික්ටොක් එකත් ෆලො කරන්න.Youtube ලින්ක් එක පලවෙනි කමෙන්ට් එකේ ඇති.
මන් කලින් දාපු ශ්‍රී ලංකාවෙ තියෙන alien mountain එහෙමත් නැත්තම් පිටසක්වල ජීවීන්ගේ තෝතැන්නක් උන දානිගල වීඩියෝව බලපු නැති අය ගිහින් බලන්න.

#ටයිටනබෝවා

Address

Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when Science Utopia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category