Kuttiyagolla Maha Vidyalaya

Kuttiyagolla Maha Vidyalaya "අබිමන් මනුදම් සපිරි හෙටක්"

වෙසක් සතිය -202605 වන දිනයවෙසක් කාඩ් නිර්මාණය හා ප්‍රදර්ශනය..
03/06/2026

වෙසක් සතිය -2026

05 වන දිනය

වෙසක් කාඩ් නිර්මාණය හා ප්‍රදර්ශනය..

02/06/2026
වෙසක් සතිය -202604 වන දිනය 2026.06.01උතුම් භාවනාමය වැඩසටහන හා පාසලේ සියලුම සිසුන් වෙනුවෙන් පැවැත්වූ බීම දන්සල..භාවනා වැඩ...
02/06/2026

වෙසක් සතිය -2026

04 වන දිනය 2026.06.01

උතුම් භාවනාමය වැඩසටහන හා පාසලේ සියලුම සිසුන් වෙනුවෙන් පැවැත්වූ බීම දන්සල..

භාවනා වැඩසටහන සඳහා සම්පත් දායකත්වය-
විනීතගම ශ්‍රී විවේකාශ්‍රමාධිපති කයිලගොඩ ශ්‍රී සද්ධම්මානන්ද පිරිවෙනෙහි පරිවෙණාචාර්‍ය ශාස්ත්‍රපති පූජ්‍ය අම්බාලේ ඤාණසිරි හිමි 🙏🙏

වෙසක් සතිය -202603 වන දිනය ආමිස පූජා 🙏වෙසක් කූඩුවලින් හා වෙසක් සැරසිලිවලින් පාසල් භූමිය අලංකාර කිරීම
02/06/2026

වෙසක් සතිය -2026

03 වන දිනය ආමිස පූජා 🙏

වෙසක් කූඩුවලින් හා වෙසක් සැරසිලිවලින් පාසල් භූමිය අලංකාර කිරීම

වෙසක් සතිය- 2026උතුම් වූ වෙසක් පොහොය නිමිති කරගෙන 2026.05.27 දින පාසලේ පැවැත්වූ සෞඛ්‍ය වැඩසටහන හා ප්‍රාථමික අංශ සිසුන් ව...
02/06/2026

වෙසක් සතිය- 2026

උතුම් වූ වෙසක් පොහොය නිමිති කරගෙන 2026.05.27 දින පාසලේ පැවැත්වූ සෞඛ්‍ය වැඩසටහන හා ප්‍රාථමික අංශ සිසුන් වෙනුවෙන් බුද්ධ චරිතය චිත්‍රපටය නැරඹීමට අවස්ථාව සලසා දීම.

සෞඛ්‍ය වැඩ සටහන සඳහා සම්පත් දායකත්වය ආයුර්වේද වෛද්‍ය ගමගේ මහතා..

සොරණාතොට කොට්ඨාස ක්‍රීඩා -20262026 සොරණාතොට කොට්ඨාස ක්‍රීඩා තරඟවලදී මළල ක්‍රීඩා හා කණ්ඩායම් ක්‍රීඩා සමස්ත අනුශූරතාවය අප ...
19/05/2026

සොරණාතොට කොට්ඨාස ක්‍රීඩා -2026

2026 සොරණාතොට කොට්ඨාස ක්‍රීඩා තරඟවලදී මළල ක්‍රීඩා හා කණ්ඩායම් ක්‍රීඩා සමස්ත අනුශූරතාවය අප පාසලට හිමි වුණා.

එහි සහතික හා පදක්කම් ප්‍රදානොත්සවය සොරණතොට කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ ප්‍රධානත්වයෙන් අද දින පවත්වනු ලැබූවා.

එහිදී සහතික හා පදක්කම් ලබා ගත් අපේ දරුවෝ...👇🏃🏋️🤾

Yes..we did it..🙋💃🧚‍♂️E N G L I S H  D A Y - 2026English Day was celebrated in a festive manner today in the main hall o...
08/05/2026

Yes..we did it..🙋💃🧚‍♂️

E N G L I S H D A Y - 2026

English Day was celebrated in a festive manner today in the main hall of the school, with the Principal, all the staff ,students and parents participating.

ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තේරීමේ නිල ඡන්ද විමසීම- 2026ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තේරීමේ නිල ඡන්ද විමසීම අ...
29/04/2026

ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තේරීමේ නිල ඡන්ද විමසීම- 2026

ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තේරීමේ නිල ඡන්ද විමසීම අද දින පාසලේදී සිදු කෙරුණා..මධ්‍යස්ථාන දෙකකදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 150 දෙනෙකු පමණ තමන්ගේ මනාපය අනුව අපේක්ෂකයන්ට ඡන්දය භාවිතා කරනු ලැබූවා..

පළාත් ශිෂ්‍යභට ඇගයීම් කඳවුර -20262026 පළාත් ශිෂ්‍යභට ඇගයීම් කඳවුර පසුගිය 20 වනදා සිට 25 වනදා දක්වා රන්ටැඹේ ජාතික ශිෂ්‍යභ...
26/04/2026

පළාත් ශිෂ්‍යභට ඇගයීම් කඳවුර -2026

2026 පළාත් ශිෂ්‍යභට ඇගයීම් කඳවුර පසුගිය 20 වනදා සිට 25 වනදා දක්වා රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබූවා.

ඒ සඳහා අප පාසලෙන්ද ශිෂ්‍යභටයින් 25 දෙනෙකු සහභාගී වූ අතර පළාතේ පාසල් 56කින් 28 වන ස්ථානයත්, හොඳම ශිෂ්‍යභට නිවාසය ලෙස ප්‍රථම ස්ථානයත් දිනා ගනු ලැබූවා..

මේ සඳහා ඇපකැප වී ක්‍රියාකළ පාසලේ පුහුණුකිරීම් භාර පොලිස් නිලධාරීතුමන්ටත් ශිෂ්‍යභට අංශය භාර සියලුම ගුරුභවතුන්ටත් ගෞරවණීය ස්තූතිය පුද කර සිටින්නෙමු.

අලුත් අවුරුද්ද වෙනුවෙන් පලතුරු පැළ රෝපණ වැඩ සටහනක් ඊයෙ දින පාසලේදී සිදු කරනු ලැබූවා..මේ සඳහා අනුග්‍රහය දැක්වූයේ බදුල්ල H...
24/04/2026

අලුත් අවුරුද්ද වෙනුවෙන් පලතුරු පැළ රෝපණ වැඩ සටහනක් ඊයෙ දින පාසලේදී සිදු කරනු ලැබූවා..

මේ සඳහා අනුග්‍රහය දැක්වූයේ බදුල්ල HDFC බැංකුවයි.මෙහි කළමනාකාරතුමිය ඇතුලු කාර්‍යමණ්ඩලයේ කිහිප දෙනෙක් පාසලට පැමිණ දරුවන් සමඟ එක්වී පාසලේ පළතුරු පැල සිටුවමින් පළතුරු උයනක් සකස් කරනු ලැබූවා.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වන්නේ පාසලේ මෙම රුක් රෝපණය කර නඩත්තු කරනවා සේම තම ගෙවත්තේද පළතුරු පැළයක් රෝපණය කර නඩත්තු කිරීමයි.එසේම කාබනික වගාවට දරුවන් හුරු කරවීමයි.

තවද දරුවන් සඳහා බෙලිමල් පානයක්ද ඔවුන් විසින් ලබා දෙනු ලැබූවා.

මේ සඳහා විදුහල්පතිතුමා නියෝජ්‍ය විදුහල්පතිවරුන් හා ගුරුභවතුන් එක් වූ අතර පාසලේ පරිසර ළමා සමාජය හා පරිසර නියමුවන් ද සම්බන්ධ වූවා.

මෙම පළතුරු උයනේ ප්‍රධාන වගකීම හත ශ්‍රේණියේ දරුවන්ට පවරනු ලැබූවා..

Address

Kuttiyagolla
Badulla
90046

Website

Alerts

Be the first to know and let us send you an email when Kuttiyagolla Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kuttiyagolla Maha Vidyalaya:

Shortcuts

Share

Category