සිරිවිමල දහම් පාසල මලංගමුව

සිරිවිමල දහම් පාසල මලංගමුව Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සිරිවිමල දහම් පාසල මලංගමුව, School, Badulla.

Everyone
15/04/2023

Everyone

15/04/2023
2021 02 28
28/02/2021

2021 02 28

නවම් පොහොය දිනයේ වැදගත්කමසම්බුදු රදුන් විසින් සැරියුත් මුගලන් දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු පිරි නැමීමත්, ප්‍රථම සංඝ සන්නිපා...
26/02/2021

නවම් පොහොය දිනයේ වැදගත්කම

සම්බුදු රදුන් විසින් සැරියුත් මුගලන් දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු පිරි නැමීමත්, ප්‍රථම සංඝ සන්නිපාතය සිදුවීමත්, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමත්, බුදුරදුන් ආයුසංස්කාරය කිරීමත් යන වැදගත් කරුණු සිදු වූ දිනය වශයෙන් නවම්පුර පසළොස්වක පොහොය ශාසන ඉතිහාසයෙහි ඉතා වැදගත් තැනක් ගනී.

මෙයින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර සැරියුත් හිමියෝ සරද මානවක නමින් බමුණු කුලයක උපත ලැබූහ. මෙකල ම මුගලන් හිමියෝ සිරිවඩ්ඪ නමින් ගෘහපති කුලයක උපත ලැබූහ. ඒ ආත්මයේ ද මේ දෙදෙන හිතමිතුරන් සේ ජීවත් වූහ. පියාගේ ඇවෑමෙන් අසීමිත ධනයකට හිමිකම ලැබූ සරල මානවකයා ගුණ නුවණ මෙහෙයවා බලා මව්පිය උරුමයෙන් ලැබුණ සියලු වස්තුව දුගී මගීනට පරිත්‍යාග කොට තවුස් පැවිද්ද ලබා ගත්තේ නිවන් මග සොයා යාමටය. මෙකල ලොව පහළ වී සිටි අනෝමදස්සි බුදුරදුන් ප්‍රධාන ශ්‍රාවක පිරිසට උපස්ථාන කොට අවසානයෙහි අග්‍රශ්‍රාවකවීමේ වාසනාව ප්‍රාර්ථනා කළේ ය. අනෝමදස්සි බුදුහු එදා ඔහු කළ එම ප්‍රාර්ථනය ගෞතම බුදුරදුන් කල ඉටුවන බවට විවරණ දුන්හ. සිරිවඩ්ඪ කෙළඹියා ද යහලුවා කළ පින්කම් ද ප්‍රාර්ථනා ද දැන ඒ අන්දමට ම අධිෂ්ඨාන කළේ ය. දිවැසින් බැලූ බුදුහු ඔහුගේ ප්‍රාර්ථනය ද ඒ අන්දමට ඉටුවන බව ප්‍රකාශ කළහ.

සරද මානවකයා අප ගෞතම බුදුරදුන් කල රජගහ නුවරට නුදුරෙන් පිහිටි උපතිස්ස නම් බ්‍රාහ්මණ ගමෙහි සාරි නම් බැමිණියගේ කුස පිළිසිඳ මව්කුසින් බිහි වූ අතර මොහුට ‘උපතිස්ස’ යන නම තබන ලදී. සිරිවඩ්ඨ නමැත්තා එයට නුදුරුව පිහිටි කෝලිත නම් ගමෙහි මොග්ගලී නම් බැමිණියගේ කුස පිළිසිඳ උපත ලබා කෝලිත නමින් ප්‍රසිද්ධ විය. විවිධ ශිල්ප ශාස්ත්‍ර උගත් මේ දෙදෙනාට පන්සියයක් පිරිවර වූහ. ගිරග්ග සමජ්ජ නාට්‍ය ඇතුළු විවිධ නැටුම් බැලීමෙන් සසර කලකිරුණ මේ දෙදෙන තම පිරිසෙන් අඩක් ආපසු යවා ඉතිරි පිරිස සමග නිවන් මග සොයා සුප්‍රසිද්ධ සංජය තවුසාණන් වෙත පැමිණියහ. ටික දිනකින් ඔහුගේ ධර්මයෙහි ඇති නිසරු බව වටහාගෙන නියම නිවන් මඟ දුටු විට නැවත දෙදෙනා එක් වෙමුයි තීරණයකට එළඹ වෙන්වී පිටත්ව ගියහ.

සම්බුදු රදුන්ගේ ප්‍රථම ශ්‍රාවක පස්නම අතුරෙන් කෙනෙකු වූ අස්සජි හිමියන් උපතිස්ස තවුසාට හමුවී පැහැද කරුණු විමසා බුදුරදුන් ලොව පහළ වී ඇති බව දැන උන්වහන්සේ දේශනා කරන ධර්මයෙන් බිඳක් ප්‍රකාශ කරන මෙන් ඇවිටිලි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අස්සජි හිමියෝ පහත සඳහන් ගාථාව දේශනා කළහ.

යෙ ධම්මා හේතුප්පභවා -
තෙසං හෙතුං තථාගතො ආහ
තෙසං ච යො නිරොධො -
එවං වාදි මහාසමණො

මෙවැනි අර්ථයක් ඇති ඉහත දැක් වූ ගාථාවෙන් අඩක් ඇසීමෙන් ම උපතිස්ස තවුසා සෝවාන් භාවයට පත්විය. එහිදී බුදුරදුන් වැඩසිටින ආරාමය පිළිබඳ තොරතුරු මැනවින් දැනගත් ඔහු වැඳ තම මිත්‍ර කෝලිත තරුණයා සොයා ගමන් කළේ ය. ඔහු මුණගැසී තොරතුරු පවසා ඇසූ ගාථාව ප්‍රකාශ කොට අවසන් වෙත්ම කෝලිත තවුසා සෝවාන් භාවයට පත්විය. අනතුරුව සංජය පරිබ්‍රාජකයා වෙත පැමිණ බුදුරදුන් හමුවට කැටුව යාමට දැඩි උත්සාහයක් ගත් නමුත් ලෝකයේ අඥානයන් වැඩී නිසා ඔවුන් තමන් වෙත පැමිණෙන හෙයින් තවදුරටත් නායකයෙකු මෙන් තමාට විසිය හැකි බැවින් ගෞතම බුදුරදුන් වෙත යාමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය.

කෝලිත – උපතිස්ස යහලු දෙදෙන වේළුවනාරාමයේ වැඩසිටි බුදුරදුන් වෙත පැමිණෙන බව ඈතදීම දුටු උන්වහන්සේ ‘ඔය පැමිණෙන්නේ මගේ අග්‍ර ශ්‍රාවකත්වය ලබන දෙදෙනා’යි රැස්ව සිටි භික්ෂු පිරිසට හඳුන්වා දුන්හ. සපිරිවරින් එහි ළඟා වූ දෙසිය පණස් දෙකක් වූ පිරිස බුදුරදුන් වෙතින් පැවිදි උපසම්පදාව ලබා ගත්හ.නවම් පුන් පොහෝ දිනයක් වූ එදින උපතිස්ස තරුණයා සාරි නමැති මවගේ නම ද සම්බන්ධ වන අන්දමට ‘සාරිපුත්ත’ නමින් ද කෝලිත තරුණයා මොග්ගලී නමැති මවගේ නමින් ‘මොග්ගල්ලාන’ යනුවෙන් ද හැඳින් වූහ. මෙහිදී බුදුරදුන් දෙසූ දහම් අසා සැරියුත් මුගලන් දෙනම හැර යහලු පිරිස රහත් භාවයට පත් වූහ.

මුගලන් හිමියෝ පැවිද්දෙන් සත්වෙනි දා මගධ රටෙහි කල්ලවාල නම් ගමෙහි දී බුදුරදුන් දෙසූ ධාතු කර්මස්ථාන දේශනාව අසා රහත් වූහ. සැරියුත් හිමියෝ පැවිද්දෙන් පසළොස්වන දින රජගහ නුවර සූකරඛත ලෙණෙහි දී දීඝනඛ නම් බෑණාට දෙසූ වේදනාපරිග්‍රහ සූත්‍රය අසා රහත් භාවයට පත් වූහ. මේ වන විට සසුන්ගතව එහි වැඩ විසූ ජටිල භික්ෂූන් එක්දහස් තුන් නම ද, සැරියුත් මුගලන් හිමිවරුන් ප්‍රධාන දෙසිය පණස් දෙනමක් භික්ෂූන් ද වශයෙන් වැඩ විසූ සියලු රහතන් වහන්සේ වේළුවනාරාමයට රැස්කරවා සිදුකළ ප්‍රථම මහා සංඝ සන්නිපාත අවස්ථාවක්, සැරියුත් හිමියන් දකුණත් සව් වශයෙන් ද මුගලන් හිමියන් වමත් සව් වශයෙන්ද හඳුන්වා අග්‍රශ්‍රාවක තනතුරුවලට පත්කිරීමේ සිදුවීමත් නවම් පෝදා වූ වැදගත් සිදුවීම්ය. සැරියුත් මාහිමියන් තුළ තිබූ විවිධ දක්ෂතාවන් හැරුණුවිට බුදුරදුන් වෙතින් මහා ප්‍රාඥයන් අතර අගතනතුර ලබාගැනීමට ද උන්වහන්සේ වාසනාවන්ත වූහ. බුදුසසුනේ අභිවෘද්ධිය සඳහා මහඟු සේවයක් සිදුකළ සැරියුත් මාහිමියන් ජීවත්වීමේ ආයු ප්‍රමාණය අවසන් වන බව දැන බුදුරදුන්ගෙන් අවසර ගෙන තමා උපන් මගධ ජනපදයෙහි නාලක ගමට වැඩමවා එතෙක් මිත්‍යාදෘෂ්ටිව සිටි මවට දහම් දෙසා මගඵල ලබා දී එහිදී පිරිනිවන් පා වදාළහ. ආදාහන කටයුතුවලින් පසු චුන්ද තෙරණුවන් විසින් ශාරීරික ධාතූන් ගෙන ගොස් බුදුරදුන් අතට පත් කිරීමෙන් අනතුරුව ඒවා අතෙහි තබාගත් බුදුහු ගාථා පන්සියයකින් සැරියුත් මාහිමියන්ගේ ගුණ වැනූහ.

ප්‍රධාන ශ්‍රාවකත්වය ලැබූ මුගලන් තෙරණුවෝ ද, සෘධිමතුන් අතරින් අග්‍රස්ථානයට පත් වූහ. නොපැහැදුනු ලක්ෂ ගණනක් ජනයා සසුන කෙරෙහි ප්‍රසාදයට පත්කළ මුගලන් තෙරණුවන්ගේ අවසාන අවස්ථාවේ සිදුවීම් බෙහෙවින් සංවේගජනකය. පෙර ආත්මයක භාර්යාවගේ පෙළඹවීම මත මවුපියන් තලා පෙළා මරා දැමීමේ විපාක සසර දුක් ගෙනදෙමින් ලුහුබැඳ අවුත් මේ අවස්ථාවේ තවදුරටත් විපාක දුන් බව පැහැදිලිය. කාලශිලාවෙහි උන්වහන්සේ වැඩසිටිය දී පිරිවැජියන්ගෙන් අල්ලස් ගත්් සොරමුලක් පැමිණ දරුණු ලෙස පහර දී පීඩාවට පත් කළහ. තමන්ට මේ විපාක දී ඇත්තේ පෙර කර්මයක් බව වටහා ගත් උන්වහන්සේ බුදුරදුන් හමුවට ගොස් අවසර ගෙන නැවත කාලශිලාවට වැඩමවා පිරිනිවන් පා වදාළහ.

බුද්ධත්වයෙන් විසි වසරක් යනතුරු බුදුහු භික්ෂූන් සඳහා කිසිදු විනය නීතියක් නො පැනවූහ. එතෙක් තම ශ්‍රාවක පිරිස හික්මවා ගැනීම සඳහා දේශනා කරන ලද්දේ ඕවාද ප්‍රාතිමෝක්ෂය පමණි. ඛන්ති පරමං තපො තිතික්ඛා යන්නෙන් පටන් ගන්නා ගාථා තුනක් මේ ඕවාද ප්‍රාතිමෝක්ෂයට ඇතුළත් ය.

ඉවසීමෙන් යුත් තපස උතුම් බවත්, ශාන්ති ලක්ෂණ ඇති නිවන උසස් යයි බුදුවරුන් වදාරණ බවත්, අනුන්ගේ දිවි තොරකරණ හා අනුන් පෙළන තැනැත්තා පැවිද්දෙකු නොවන බවත් ඕවාද ප්‍රාතිමෝක්ෂයට අයත් පළමු වන ගාථාවෙන් පෙන්වා දෙයි. ප්‍රාණඝාතාදී සියලු අකුසල කර්ම නො කිරීමත්, කුසල කර්ම ඉපදවීමත්, උපදවන ලද කුසල් වැඩීමත්, සිත පිරිසුදු කිරීමත්, සියලු බුදුවරුන්ගේ අනුශාසනාව බව දෙවන ගාථාව පෙන්වා දෙයි. තුන්වන ගාථාවෙන් ජාති ආදියෙන් ආක්‍රෝස නො කිරීමත්, අන් අයට පහර නොදීමත්, ප්‍රාතිමෝක්ෂ සංවරය රැකීමත්, ආහාරයෙහි පමණ දැන ගැනීමත්, ප්‍රාන්ත සේනාසනයන්හි ඇලීමත්, සමථ – විදර්ශනා භාවනාවන්හි නිරත වීමත් බුදුවරුන්ගේ අනුශාසනාව බව පැවසෙයි. සංසාරයෙහි දීර්ඝ කාලයක් ප්‍රාර්ථනා කිරීමෙන් මගඵල ලැබීමට සුදුසුව සසුන්ගතව සිටින පිරිසක් නිසා පළමුවන විසි වසර තුළ එතරම් වරදක් සිදු නොවේ. මෙනිසා භික්ෂූන්ගේ මනා සංවරය සඳහා විසිවසරක් යනතුරු මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය ප්‍රමාණවත් විය.

බුදුරදුන්ට අසූ වසරක් වීමට තිබුණේ තවත් තෙමසක් පමණ වූ කාලයකි. ඒ නවම්පුර පසළොස්වක පොහෝ දිනයෙහි චාපාල චෙතියස්ථානයෙහි වැඩ සිටි බුදුහු ආනන්ද හිමියන් අමතා සසර සෘධිපාද වැඩූවෙකුට කැමති නම් ආයු කල්පයක් වැඩසිටිය හැකියයි වදාළහ. තෙවරක් ම මේ අදහස ආනන්ද හිමියන්ට ප්‍රකාශ කළ නමුත් ඒ ගැන වැටහීමක් උන්වහන්සේ තුළ නො තිබුණි. ඒ සමඟ නිහැඬියාව පැවති අවස්ථාවේ වසවත් මාරයා පැමිණ පිරිනිවන්පාන මෙන් බුදුරදුන්ගෙන් ඉල්ලා සිටියේ ය. මෙයින් තෙමසකින් හෙවත් වෙසක් පුන් පෝදා පිරිනිවන් පා වදාරන බවට බුදුහු ප්‍රතිඥා දුන්හ. ආයුසංස්කාරය යනුවෙන් දැක්වෙන්නේ එය යි. ඒ අනුව අසූ වසරක් වැඩ සිටි බුදුහු වෙසක් පුන් පෝදා පිරිනිවන් පා වදාළහ.

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය 2021
24/02/2021

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය 2021

Address

Badulla

Opening Hours

08:00 - 12:00

Telephone

+94788546347

Website

Alerts

Be the first to know and let us send you an email when සිරිවිමල දහම් පාසල මලංගමුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category