17/12/2025
🌷සුජාතාව යළි බැබළවූ සහෝදරත්වයේ ප්‍රණාමය! 🌷
*මාතර රාහුල විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමය වෙත අපගේ ගෞරවයෙන් පිරුණු ස්තුතිය*
අධ්‍යාපනයේ උතුම් ව්‍රතය පිරිපුන්ව පවත්වාගෙන යාමට, ඔබ සැම විසින් පසුගිය දිනවලදී ක්‍රියාත්මක කළ *ආපදා සහන සේවා ක්‍රියාන්විතය හරහා බදුල්ල සුජාතා විද්‍යාලය නැවත ජීවමාන කිරීමේ පියවර* අපගේ සිත් අවසන් වන තෙක් අමතක නොවනු ඇත.
විද්‍යාගාර, පංති කාමර, අංග සම්පන්න පහසුකම් යළි පිහිටුවමින් සිසුන්ගේ හදවත් තුළ ආශාවක් බැබලෙන ලෙස සැලැස්වීම ඔබගේ සත්කාර්යභූමිකාව දැක්වූ ආදර්ශයකි.
*මාතර රාහුල ආදි ශිෂ්‍ය සංගමය* – ඔබගේ නමට ගෞරවයක් පමණක් නොවෙයි, එය දැක්මක්, හදවතක්, යහපත් සමාජයකි. ඔබට අපගේ හදපිරි වූ ස්තුතිය හා නිරන්තර ආශීර්වාදය!
මෑතකදී ඇතිවූ ආපදා තත්ත්වය හමුවේ අසරණ වූ අප පාසල් මාතාව යළිත් සුපුරුදු සෝභාවට පත් කරන්නට, දුර බැහැර නොබලා සහෝදරත්වයේ දෑත් දිගු කළ ඔබ සැම වෙනුවෙන් බදුල්ල සුජාතා මහා විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසු දුවා දරුවන් සහ සමස්ත දෙමාපිය ප්‍රජාව හදපිරි කෘතවේදීත්වය මෙසේ පුද කර සිටිමු. 🙏✨
අපේ දරුවන්ගේ පාසල් සිහිනය යළිත් සැබෑ කරන්නට ඔබ දුන් ශක්තිය අතිමහත්ය.
🎓 *අපගේ විශේෂ ස්තූතිය හා උපහාරය*🎓
1. *මාතර රාහුල විද්‍යාලීය ප්‍රජාව වෙත*:
ගෞරවණීය විදුහල්පතිතුමිය , සහකාර විදුහල්පතිතුමන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට.
2. *රාහුල සහන සවිය* - *මාතර රාහුල ආදි ශිෂ්‍ය සංගමය*:
දින දෙකක් පුරා අප්‍රතිහත ධෛර්යයෙන් කැපවී කටයුතු කළ :
ප්‍රධාන ලේකම් - නිර්මාල් ඉලංගම්ගේ මහතා
උප සභාපති - සමීර රාජපක්ෂ මහතා
සම්බන්ධීකරණ හා ප්‍රධාන සංවිධායක - නුශාන් රසංග මහතා සහ සහ උත්පල එරංග මහතා
කමිටු සාමාජික සහ ජයරු, ජීවන්ත, ඉන්දුල යන මහත්වරුන් ඇතුළු සහය දුන් සියලුම ආදි රාහුලයන්ට.
විශේෂයෙන්ම අප දිරිමත් කළ ජනප්‍රිය ගායක කවීශ කවිරාජ මහතා.
3. *මෙම මානුෂීය මෙහෙවර සම්බන්ධීකරණය කළ*:
ධර්මදූත ආදිශිෂ්‍ය සංගමයේ උප සභාපති - වජීර ජයසංක මහතා
4. *ශක්තියක් වූ රාජ්‍ය හා ආරක්ෂක අංශ*:
ශ්‍රී ලංකා යුද හමුදාවේ සියලුම කණ්ඩායම්වලට.
බදුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා ඇතුළු සේවක මණ්ඩලයට.
5. *සත්කාරක සහයෝගය*:
ධර්මදුත විද්‍යලයෙ ආදී ශිෂ්‍ය කවීන් අංජන මහතා,
Hotel Thilina අධිපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට.
මාතර ආදරණීය ජනතාවටත්, මේ සඳහා විවිධ අයුරින් අතහිත දුන් සියලුම පින්වතුන්ටත් අපගේ හදපිරි ගෞරවය හිමිවේ. ඔබ සැමගේ මේ උතුම් මෙහෙවර නිසා සුජාතා දූ දරුවන් හෙට දින සිට නැවතත් සතුටින් පාසල් මළිනට පියමං කරනු ඇත.
ඔබ සැමට බොහෝ පින්! 🙏💐
මෙයට කෘතවේදීව,
විදුහල්පතිතුමිය,
ආචාර්ය මණ්ඩලය,
සිසු දූ දරුවන් සහ දෙමාපියන්,
බදුල්ල සුජාතා මහා විද්‍යාලය.