Madhu Teacher

Madhu Teacher Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Madhu Teacher, Education, Baddegama South.
(1)

සිසු සෙවණ උපකාරක පන්තිය කාල සටහන🏆🥇📖✍️🏅පෙර පාසල් - අකුරු පන්තියසදුදා සවස 2.30 - 5.00🏅පෙර පාසල් - ඉංග්‍රීසි පන්තියබ්‍රහස්ප...
21/08/2026

සිසු සෙවණ උපකාරක පන්තිය කාල සටහන🏆🥇📖✍️

🏅පෙර පාසල් - අකුරු පන්තිය
සදුදා සවස 2.30 - 5.00

🏅පෙර පාසල් - ඉංග්‍රීසි පන්තිය
බ්‍රහස්පතින්දා සවස 2.30 - 4.30

🥇1 ශ්‍රේණිය - අකුරු පන්තිය
අගහරුවාදා සවස 3.00 - 6.00

🥇🥈1 සහ 2 ශ්‍රේණි - ඉංග්‍රීසි පන්තිය
බ්‍රහස්පතින්දා සවස 4.30- 6.30

🥈2 ශ්‍රේණිය - අකුරු පන්තිය
ඉරිදා සවස 3.30 - 6.30

🥉3 ශ්‍රේණිය - අකුරු පන්තිය
සදුදා සවස 5.00 - 8.00

👩‍🏫මධූ ටීචර්
📍ලවල්හේ,බද්දේගම
📞📩076 - 0208440

පොඩි වැඩ්ඩොන්ගේ වැඩ 🥰🥇🏆️
20/08/2026

පොඩි වැඩ්ඩොන්ගේ වැඩ 🥰🥇🏆️

🌈📚 සිසු සෙවණ Work Sheets 📚🌈දරුවන් කිහිපදෙනෙකු දැනටමත් සිසු සෙවණ පෙර පාසල් වැඩ කට්ටලය මිලදීගෙන, ඉතාමත් උනන්දුවෙන් තමන් කළ...
20/08/2026

🌈📚 සිසු සෙවණ Work Sheets 📚🌈

දරුවන් කිහිපදෙනෙකු දැනටමත් සිසු සෙවණ පෙර පාසල් වැඩ කට්ටලය මිලදීගෙන, ඉතාමත් උනන්දුවෙන් තමන් කළ වැඩ අප වෙත එවමින් සිටිනවා. 🥰❤️

දරුවාගේ දැනුම වර්ධනය කරමින්, අකුරු ලිවීම, හඳුනාගැනීම, සිතීම හා නිර්මාණශීලීත්වය වැඩිදියුණු කරගැනීමට නිවසේදීත් පහසුවෙන් කළ හැකි වටිනා වැඩසටහනක්. ✏️🌈

ඔබේ පුංචි දරුවාටත් සිසු සෙවණ Work Sheets ලබාගෙන නිවසේදී විනෝදයෙන් ඉගෙනීමට අවස්ථාව ලබාදෙන්න. 💕📖

📕 පිටු 50 – රු. 500/-
📗 පිටු 100 – රු. 1000/-

📲 වැඩ කට්ටලය මිලදී ගැනීම සඳහා
WhatsApp – 076 020 8440

✨ පුංචි උත්සාහයක්… ලොකු දැනුමක්… පුංචි සිත් වලට ලස්සන ඉගෙනුම් අත්දැකීමක්! ❤️🌈

මධූ ටීචර් 🥇🏆️✍️

දරුවා හොඳම පන්තියට යැව්වත්, මේ එක දේ ගෙදරදී වෙන්නේ නැත්නම් ප්‍රතිඵලය වෙනස් වෙන්නේ නැහැ. ❤️අද බොහෝ දෙමව්පියන්ගෙන් අහන්න ල...
19/08/2026

දරුවා හොඳම පන්තියට යැව්වත්, මේ එක දේ ගෙදරදී වෙන්නේ නැත්නම් ප්‍රතිඵලය වෙනස් වෙන්නේ නැහැ. ❤️

අද බොහෝ දෙමව්පියන්ගෙන් අහන්න ලැබෙන දෙයක් තමයි,

“Teacher, මෙයා වැඩ කරන්න කැමති නෑ.”
“කියන දේ අහන්නේ නෑ.”
“පාඩම් කරන්න කම්මැලියි.”
“Homework කරන්න බෑ කියනවා.”

නමුත් අපි මතක තියාගන්න ඕන වැදගත්ම දෙයක් තියෙනවා.

පුංචි දරුවෙකුගෙන් වැඩිහිටියෙකුගේ self-discipline එක බලාපොරොත්තු වෙන්න බෑ. ඒ පුරුද්ද දරුවා තුළ හදලා දෙන්න ඕන අපි.

සතියකට පැය දෙකක් පන්තියක ඉගෙනගත් පමණින් දරුවෙකුට පාඩමක් හොඳින් මතක තබාගන්න අමාරුයි.

පන්තියේදී ගුරුවරයාට පුළුවන් අලුත් පාඩම පැහැදිලි කරන්න, දරුවාට පුහුණු වෙන්න අවස්ථාව දෙන්න, වැරදි හඳුනාගෙන නිවැරදි කරන්න සහ ඉදිරියට යන්න අවශ්‍ය මඟපෙන්වීම ලබා දෙන්න.

නමුත් ඉගෙනගත් දේ දරුවාගේ මතකයේ තහවුරු වෙන්නේ නැවත නැවත භාවිතා කිරීමෙන්.

විශේෂයෙන් English වගේ භාෂාවක් ඉගෙනගන්නකොට Vocabulary, Spelling, Grammar, Reading සහ Writing වගේ skills එක දවසකින් හෝ සතියකට පැය දෙකකින් develop වෙන්නේ නැහැ.

ඒ සඳහා ගෙදරදීත් නිතරම පුංචි පුංචි පුහුණුවීම් අවශ්‍යයි.

දවසකට පැය ගණන් දරුවා පොත් ඉස්සරහ තියාගන්න අවශ්‍ය නැහැ.
විනාඩි 15–20ක් වුණත් ප්‍රමාණවත්.

එදා කළ පාඩම නැවත බලන්න.
වචන කිහිපයක් මතක් කරන්න.
පොඩි exercise එකක් කරන්න.
කලින් වැරදුණු දෙයක් නැවත නිවැරදි කරන්න.

මේ පුංචි දේවල් නිරන්තරයෙන් කරන එක තමයි වැදගත්.

දෙමව්පියන්ගේ වගකීම දරුවාට answers කියලා දෙන එකවත්, දරුවා වෙනුවෙන් homework කරන එකවත් නෙවෙයි.

දරුවා වැඩේ කරන්න වාඩි කරවීම, ඒ සඳහා routine එකක් හදලා දීම, වැඩ අවසන් කරලා තියෙනවද බලන එක සහ දරුවාව උනන්දු කරන එකයි.

“අද කරන්න බෑ කියනවා, ඒ නිසා කරවන්නේ නෑ” කියන තීරණය නැවත නැවත ගත්තොත්, නොදැනුවත්වම අපි දරුවාට උගන්වන්නේ,

“මට අකමැති දෙයක් නම් මට ඒක මඟහරින්න පුළුවන්” කියන පුරුද්දයි.

පසුව ඒ පුරුද්ද වෙනස් කිරීම තවත් අපහසුයි.

දරුවෙකුගේ අධ්‍යාපනය ගුරුවරයාට පමණක් භාරදීලා ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බැහැ.

Teacher + Child + Parent ❤️

මේ තුන්දෙනාම එකම අරමුණකට, එකම consistency එකකින් වැඩ කළොත් තමයි දරුවාගේ සැබෑ දියුණුව දැකගන්න පුළුවන්.

අද දරුවාට නැති පුරුද්දක්, “එයා කම්මැලියි” කියලා අත්හැරලා දාන්න එපා.
ආදරය, මඟපෙන්වීම සහ නිරන්තර පුහුණුව තුළින් ඒ පුරුද්ද හෙට ඔහු තුළ ගොඩනගන්න. ❤️

Copied

17/08/2026

ආසාවෙන් වැඩ කරන්න කැමති සිසු සෙවණ අපේ 1 ශ්‍රේණිය පොඩ්ඩෝ...🥇🏆️🥰😍

🌈✨ 2027 වර්ෂයට පෙර පාසල් නවක සිඟිත්තන් බඳවා ගැනීම ✨🌈💙 පාසල් යන්නට පෙර… දරුවාට අවශ්‍ය දැනුම, හැකියාවන්, ආත්මවිශ්වාසය සහ ස...
17/08/2026

🌈✨ 2027 වර්ෂයට පෙර පාසල් නවක සිඟිත්තන් බඳවා ගැනීම ✨🌈
💙 පාසල් යන්නට පෙර… දරුවාට අවශ්‍ය දැනුම, හැකියාවන්, ආත්මවිශ්වාසය සහ සමාජීය හැකියාවන් ගොඩනගමු! 💙
👶 *එක් වසරක්* පමණක් පෙර පාසල් යැවීමට බලාපොරොත්තු වන දරුවන් සඳහා විශේෂයෙන්ම ගැළපෙන පරිදි…
🌸 පෙර පාසල් අධ්‍යාපනයට අවස්ථාව නොලැබුණු දරුවන් සඳහා
🌸 පාසල් ජීවිතයට සූදානම් කරවන ක්‍රමානුකූල ඉගෙනුම් ක්‍රියාවලියක්
🌸 ආර්ථික අපහසුතා ඇති පවුල්වල දරුවන්ටත් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට හැකි පරිදි අවධානය යොමු කිරීම
📚 අපගේ පන්තියේදී දරුවන්ට…
🧠 මූලික දැනුම හා පාසල් සූදානම
🔤 අකුරු හා ශබ්ද හඳුනාගැනීම
🔢 මූලික සංඛ්‍යා හා ගණිත සංකල්ප
🎨 චිත්‍ර, වර්ණ හා නිර්මාණාත්මක ක්‍රියාකාරකම්
🎵 ගීත, රිද්ම හා සංගීත ක්‍රියාකාරකම්
💃 නර්තන හා රංගන හැකියාවන්
🗣️ කථන හා භාෂා හැකියාවන්
🤝 මිතුරන් සමඟ එකමුතුව කටයුතු කිරීම
😊 හැඟීම් හඳුනාගැනීම හා ප්‍රකාශ කිරීම
✋ සියුම් හා විශාල මාංශ පේශී වර්ධනය සඳහා ක්‍රියාකාරකම්
🧩 සිතීමේ, නිරීක්ෂණයේ හා ගැටලු විසඳීමේ හැකියාවන්
🌱 ස්වාධීනව කටයුතු කිරීමේ පුරුදු
🎭 සෞන්දර්ය හා නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය
🏃 ක්‍රීඩා හා ශාරීරික ක්‍රියාකාරකම්
🌍 පරිසරය හා දෛනික ජීවිතය පිළිබඳ මූලික අවබෝධය
💫 “පෙර පාසලේ එක් වසරක්…
දරුවාගේ මුළු පාසල් ජීවිතයටම ශක්තිමත් පදනමක්!” 💫
❤️ සෙල්ලමින් ඉගෙනගෙන…
❤️ ක්‍රියාකාරකම් තුළින් දැනුම ලබාගෙන…
❤️ තමන් ගැන විශ්වාසයෙන් පාසලට පියනගන්නට…
🌈 ඔබේ පුංචි සිඟිත්තාට ආදරයෙන්, සතුටින් හා නිදහසේ ඉගෙනගන්නට අවස්ථාවක්!
📌 2027 නවක සිඟිත්තන් සඳහා බඳවා ගැනීම් දැන් ආරම්භයි!
📞 වැඩි විස්තර සඳහා අප අමතන්න. 📍 ස්ථානය: _______ලවල්හේ,බද්දේගම ___ 📱 දුරකථන: _____0760208440_____

මධූ ටීචර් 🥇🏆👩‍🏫📚✏️🖌️🎨

දෙමව්පියන්ට උපදෙස් බිඳක්..🌸ගෙදරයි පාසලයි එකතු වුවහොත්... ඔබේ දරුවා ට  සාර්ථක අනාගතයක් නිසැකයි.🥇🏆️❤️Copied
15/08/2026

දෙමව්පියන්ට උපදෙස් බිඳක්..🌸

ගෙදරයි පාසලයි එකතු වුවහොත්... ඔබේ දරුවා ට සාර්ථක අනාගතයක් නිසැකයි.🥇🏆️❤️

Copied

2️⃣0️⃣2️⃣6️⃣ ජාතික මුල් ළමාවිය අධ්‍යාපන ගුරු මාර්ගෝපදේශය
13/08/2026

2️⃣0️⃣2️⃣6️⃣ ජාතික මුල් ළමාවිය අධ්‍යාපන ගුරු මාර්ගෝපදේශය

13/08/2026

🌸 මගේ පන්තියේ දරුවන්ගේ පුංචි පුංචි උත්සාහයන් මට ලැබෙන ලොකු තෑග්ගක්… ❤️🥇🏆✏️📚

දෙමාපියන් තම දරුවන්ගේ පොත් පරීක්ෂා කරලා ඔවුන්ගේ වැඩ ගැන සතුටු වෙනවා වගේම, මමත් මගේ දරුවන්ගේ සෑම වැඩක්ම ආදරයෙන් හා කැපවීමෙන් බලනවා. 🥰

ලස්සනට කරපු වැඩකට ⭐ තරුවක්…
පුංචි 😊 සිනහවක්…
“Good”, “Excellent” වගේ පුංචි වචනයක්…

දරුවෙකුට මේවා පුංචි දේවල් වුණත්, ඒ පුංචි දිරිගැන්වීමක් ඔවුන්ගේ හිතේ *“මට තවත් හොඳට කරන්න පුළුවන්”* කියන විශ්වාසය ඇති කරනවා. 🌱✨👊

හැම දරුවෙකුගේම පොත්පත් වල සහ ක්‍රියාකාරකම් සියල්ලගේම පුංචි උත්සාහයක් පවා මගේ අවධානයට ලැ⁣බෙනවා.👀👂🗣️

ඔබ,ඔබේ දරුවා මට භාර දෙන්නේ විශ්වාසයෙන්…🤝
ඒ විශ්වාසයට වටිනාකමක් දෙමින්, ආදරයෙන් සහ කැපවීමෙන් ඔවුන් සමඟ ඉදිරියට යෑම මගේ වගකීමයි. 👏👩‍🏫

💫 පුංචි දිරිගැන්වීමක්… 😍පුංචි තරුවක්… 🌟දරුවෙකුගේ ලොකු හීනයකට ආරම්භයක්. ❤️

මධූ ටීචර් ✍️🥇🏆️❤️

2️⃣0️⃣2️⃣6️⃣ වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න පත්‍රය - 2 කොටස ✍️🥇🏆️Copied
09/08/2026

2️⃣0️⃣2️⃣6️⃣ වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න පත්‍රය - 2 කොටස ✍️🥇🏆️

Copied

Address

Baddegama South
80200

Telephone

+94760208440

Website

Alerts

Be the first to know and let us send you an email when Madhu Teacher posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category