R/Nivi/Ayagama Sri Rahula Central College

R/Nivi/Ayagama Sri Rahula Central College Our school can be described as a beautiful school located in the Ayagama area in the Ratnapura District of the Sabaragamuwa Province.

27/04/2026
27/04/2026

RCC

අසීමිත ආදරයම කැටිකොට ගනිමින්......වන්දනීය සේවයට සමුදෙන....පිංසාර ඇදුරුතුමියනි.....ඔබට සමුදෙන්න අපිට හරි ලෝබයි...ඔබට අපි ...
24/04/2026

අසීමිත ආදරයම කැටිකොට ගනිමින්......
වන්දනීය සේවයට සමුදෙන....
පිංසාර ඇදුරුතුමියනි.....
ඔබට සමුදෙන්න අපිට හරි ලෝබයි...
ඔබට අපි හරි ආදරෙයි....
නිදුක් නිරෝගී ඉසිඹු දිවියක් ප්‍රාර්ථනා කරන්නෙමු...

31/03/2026
RCC Inter School Sports Meet - 2026
31/03/2026

RCC Inter School Sports Meet - 2026

එකල්හි ශ්‍රී ලංකාද්වීපයෙහි සපරගමුව දිසාවනියේ අයගම නම් කොට්ඨාසයේ අයගම ශ්‍රී රහල් නම් ගාම්භීර වූත් අලංකෘතවූත් අබිමානවත් තක...
31/03/2026

එකල්හි ශ්‍රී ලංකාද්වීපයෙහි සපරගමුව දිසාවනියේ අයගම නම් කොට්ඨාසයේ අයගම ශ්‍රී රහල් නම් ගාම්භීර වූත් අලංකෘතවූත් අබිමානවත් තක්සලාවකි. තක්සලාව ශතක පූර්ණය කර වසර 30ක් පමණ ඉක්ම ගොසිනි. එහි නිවැසියෝ වංශ තුනකින් පැවතෙන්නෝ වෙත්. සූර්ය වංශිකයෝ ප්‍රඥාවන්තය. චන්ද්‍රයෝ උපායශීලිය. මෞර්යයෝ රණකාමීය.
ක්‍රිස්තු වර්ෂයෙන් සහස්‍ර දෙක ඉකුත්වී විසි හය වන වර්ෂයේදි රහල් නම් තක්සලාවේ පුරෝහිත මණ්ඩලයේ තීරණය වූයේ මෙවර තක්සලාවේ වාර්ෂික කෙළිය පැවැත්වීමටයි.

තීරණය දැනුම් දුන් කල්හි රහුලයෝ ප්‍රීතියෙන් ඉපිලුණාහුය. සූර්ය,චන්ද්‍ර හා මෞර්යයෝ යුහුසුළුව බලමුළු ගන්වන්නට වූහ.

රාහුලයෝ කරට කර සටනට වන්හ. වරෙක සූර්යයෝ පෙරමුණට වන්හ. තවත් වරෙක චන්ද්‍රයෝ පෙරට වන්හ. රණකාමී මෞර්යෝ තරමක උදාසීනත්වයක් පෙන්නුම් කළද ප්‍රථම අර්ධයේදී ඔවුන් පෙරමුණේ පසුවිය. කෙළිය ඉදිරියට යත්ම චන්දු වංශිකයන් හා සූර්ය වංශිකයන් කරට කර වන්හ.

මහා සැණකෙළියට දින දෙකක කාලයකි. ඒ ඒ වංශිකයෝ තම කඳවුරු බැඳීමට යුහුසුළු විය. ඒ අවසන් මහා කෙළියට තම වික්‍රමයන් පෙන්වීමටය. මෙි වන විට සූර්ය වංශිකයෝ ලකුණු 60 පමණ පෙරමුණේ විය.

අවසන් දින සංග්‍රාමය උදාවිය. විස්මයෙකි..!ඉතා අලංකෘත වූත් මනස්කාන්ත වූත් කඳවුරු තුනක් මැදින් මහේ 27 වන දිනැ අලුයම වන විට සංග්‍රාම භූමියේ දිස් විය. එය දුටු පුරෝහිත මණ්ඩලයේ අධ්‍යක්ෂ තූමුගේ මුවින් අහා..කදිමැයි කියවිනි.

එය විචිත්‍රවත් සැණකෙළියකි. තක්සලාවන්හි අධිපතීන් තක්සලාවන් සඳහා අණ දෙන අධ්‍යක්ෂවරුන් තරඟකරුවන්ගේ මව්පියන් ආධාරකරුවෝද විශාල පිරිසක් කෙළිපිටියේ
දක්නට වන්හ. තක්සලාවේ මහා කලාකරුගේ දෑතින් අලංකාර කෙළි පහන නිමවා තිබිණි. චාරිත්‍රානුකූලව මනස්කාන්ත වීනස් දෙව් දුවගේ සුරතින් පන්දම රැගත් තක්සලාවේ ප්‍රධාන කෙළි බට තෙමේ තම සහායිකාවද සමගින් කෙළි පහන දල්වන ලදි. රාහුලයෝ තරඟ කළෝය. ජය සූර්ය වංශිකයන්ට ලෙස පෙනී ගොස් තිබිණ. නමුත් තවත් කෙළි ඉසව් කිහිපයක් ඉරිව තිබුණි. වම දකුණ එකපෙළට සීරුවෙන් යන ඉසව්ව, බලසම්පන්න කඳවුර, කඳවුරු සලකුණ තෝරන ඉසව්වෙන් චන්දුයෝ පෙරට වන්හ. අලංකාර නර්තන හරඹ කෙළියෙන් මෞර්යෝ පෙරටවන්හ. මේ නිසා චන්දුයෝ ⁣සූර්යයන්ට තර්ජනයක් වෙමින් ඉදිරියට වන්හ. මහා සැණකෙළියේ අවසානය වන විට චන්ද්‍රයන්ට වඩා ලකුණු 9කින් සමස්ථ කෙළියේ ජය සූර්ය වංශිකයෝ හිමි කර ගත්හ. චන්ද්‍ර වංශිකයින්ට දෙවැන්නද මෞර්යන්ට තෙවැන්නද හිමි කර දෙමින් ගාම්භීර රාහුල තක්සලාවේ වාර්ෂික මහා කෙළිය නිමාවට පත්විය. කෙළිය නිම වීමත් සමඟ
ඒ ඒ වංශික⁣යින්ගේ නිරන්තර ගර්ජනාවට ලක්වූ පුරෝහිත මණ්ඩලය සැනසුම් සුසුමක් හෙළීය.

Address

Ayagama

Alerts

Be the first to know and let us send you an email when R/Nivi/Ayagama Sri Rahula Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to R/Nivi/Ayagama Sri Rahula Central College:

Shortcuts

Share

Category