Kg/Dehi Daigala Kanishta Vidyalaya

Kg/Dehi Daigala Kanishta Vidyalaya Daigala KV is located in Daigala village which is located in Dehiowita education Zone.

19/10/2023

ගොඩක් තොරතුරු කියන්න උත්සාහ කරන්නෙ නෑ , ඒ ඇයි කියලා කියනවා නම් පටං ගත්තොත් කොතනින් ඉවර කරන්නද? කියලා හිතා ගන්න බැරි හින්දා . මෙහෙම කියන්නම් පහළ වීඩියෝවෙ තියෙන්නේ අතැඹුලක් වෙලා තියෙන ලෝකෙ , " smart class room " සංකල්ප පම්පෝරි ගහන රටේ එක්තරා පාසලක දරුවො බොහොම අමාරුවෙන් එකතු කරගත්තු පුස්තකාල පොත්ටික තියාගන්න තැනක් නැතුව දිරාගිය වහළෙ හින්දා වැස්සට අහුවෙලා වේයො කාලා තියෙන විදිහත් , අයෙ අයෙ පිහදදා ඉතුරු වෙලා තියෙන වස්තුව හරි බේරගන්න අසරණ දරුවො දරණ උත්සාහයක් . ඒ ඇති. වැඩිපුර දැනගන්න ඕනි කෙනෙකුට කළිනුත් මේ ගැන කියපු එකක් තියනවා , මේ link එකෙන් බලන්න
https://m.facebook.com/story.php?story_fbid=1648072472357962&id=100014656742932&mibextid=Nif5oz

වේයන් කන පුස්තකාල කාමරයමේ තියෙන්නේ දෙහිඕවිට අධ්‍යාපන කොට්ඨාස⁣යට අයිති ග්‍රාමීය ඉස්කෝලෙක පුස්තකාල කාමරය . පුස්තකාල කාමරය ...
12/06/2023

වේයන් කන පුස්තකාල කාමරය

මේ තියෙන්නේ දෙහිඕවිට අධ්‍යාපන කොට්ඨාස⁣යට අයිති ග්‍රාමීය ඉස්කෝලෙක පුස්තකාල කාමරය . පුස්තකාල කාමරය කිව්වට ඒක දැන් පන්ති කාමරයක්. එහෙම වෙන්න හේතුව පන්ති කාමරය පවත්වන්න වෙන තැනක් නැති හින්දා . පුස්තකාල කාමරය බවට පත්වුනේ ගුරු නිවාසෙ තියෙන වර්ග අඩි 110ක් විතර කාමරයක්. ඒ කියන්නේ අටේ පන්තියෙ ළමයි ටික ඉගෙන ගන්නෙ මේ ඉඩ ටිකේ , ඒක හරියට සැමන් ටින් එකක මාලු කෑලි ටික අහුරලා වගේ , විසඳුමක් චිදිහට දෙමව්පියන් එකතුවෙලා තාවකාලික මඩුවක් හදන්න ගත්තා , ඒත් විවිධ හේතු හින්දා ඒකත් අතරමග නැවතිලා , කවදා ඒක ඉවර වෙයිද කියන්න දන්නෙ නෑ , කොහොම උනත් තාම අටේ ළමයි ටින් එක ඇතුලෙ මාලු කෑලි වගේම තමයි . ⁣
හැබැයි මේ ඡායාරූපවල කතාව ⁣වෙන එකක්. ඉස්සෙල්ලා කිව්වෙ අටේ පන්තිය ගැන විතරනේ, හයේ ඉඳලා එකොළහට අනික් හැමෝම ඉගෙන ගන්නෙත් මේ ගොඩනැගිල්ලේම තමයි . ⁣ගොඩනැගිල්ල හොඳයි , හරිම ශක්තිමත් , ඒත් ළමයින්ට ඉඩ මදි.ඒක එක ගැටලුවක් ,අනික තමයි දැන් අවුරුදු හතළිහකින් විතර අලුත්වැඩියා කරලා නෑ, එතකොට ඔබ හිතයි හදලා හතළිහකට වැඩිද කියලා , ඔව් දැන් ඒකට වයස අවුරුදු අසූව පැනලා, දැන් තමයි ඡායාරූපයේ කතාව කියන්න හදන්නෙ, වහළට දාලා තියෙන්නේ උළු, වැස්ස වෙලාවට පන්තිවල වැඩ කරන්න බෑ , තෙමෙනවා . හැම පන්ති කාමරයක්ම තෙමෙනවා , ඒ වගේ වෙලාවක මේ අසරණ දරුවො ඉගනගන්න වගේම උගන්වන්න ගුරුවරු විඳින දුක ඔබ ඇස් දෙකෙන්ම දැක්කොත් ඇරෙන්න එය නොතේරේවි. මම මේ ඉස්කෝලෙට ආවෙ 2016 දි, එදා ඉඳලා මේ වහලේ අලුත්වැඩියා කරලා දෙන්න කියලා කියන්න තියෙන හැම තැනටම කිව්වා , දැන් දහ දොළොස් වතාවක් නෙවෙයි විසි තිස් වතාවක්ම කියන්න ඇති, ඒත් ප්‍රතිඵලය තාම බිංදුවයි, ලියපු ලියුම් ගණන නම් මතකත් නෑ . ⁣අධ්‍යාපන කාර්යාලයේ සැලසුම් අංශයෙන් ආවා බැලුවා ගියා , ඇස්තමේන්තු කරන්න කියලා ⁣විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ආවා බැලුවා ගියා , මේ වැඩ දෙක කීප වතාවක්ම සිද්ධ වුනා , ඒමදිවට මීට මාස පහකට විතර ඉස්සර දවසක රත්නපුර ⁣අධ්‍යාපන කාර්යාලයේ ගොඩනැගිලි අධ්‍යක්ෂකතුමා ආවා බැලුවා ගියා. දැන් වැස්සත් ටික ටික වැඩි වෙනවා.ඒ⁣ ගොල්ලො සාමාන්‍ය පෙළ විභාගෙදි අපේ දරුවන්ගෙන් ලොකු ලොකු ප්‍රතිඵල ඉල්ලනවා , කලාපෙ, පළාතෙ ප්‍රතිඵල අඩු වෙන එක එයාලට ප්‍රශ්නයක් . අනේ මන්දා තේරෙන්නෙ නෑ .
තාමත් ඡායාරූපයේ කතාව කිව්වේ නෑනෙ, මේ පාර කියන්නම් . මම කිව්වනෙ 2016 දි ඉස්කෝලෙට ගියෙ කියලා , ඒ දවස්වල ඉස්කෝලෙ ටීචර් කෙනෙක්ගෙ මැදිහත් වීමෙන් අවිස්සාවේල්ල කර්මාන්ත පුරේ T.J. ගාමන්ට් එකේ ළමයි එකතු වෙලා අද මේ වේයො කාලා තියෙන පොත් ටික තියෙන පුස්තකාල කාමරේ හදලා දුන්නා . මේ පාර නිවාඩුව ඉවර වෙලා පුස්තකාල කාමරේට වරහන් ඇතුලේ අටේ පන්තියෙ මාලු කෑලි අහුරලා තියෙන ටින් එකට ගිහින් බලනකොට දැනුන හැඟීම , හ්ම්ම්ම්....... ඕනි නෑ . පොඩි එවුන්ට කියවන්න අමාරුවෙන් එකතු කරගත්තු පොත් ටික, ඇත්තටම දැක්කා නම් පොත්වලට ආදරේ කරන කෙනෙකුගේ ඇස්වලින් ඇත්තටම ඇඬුවෙ නැතත් මනසින් හරි අඬනවා ෂුවර් .
කතාව ඉවරයි , පුදුම වැස්සක්, උදේ ඉඳන් රෑ වෙනකනුත් වැස්ස , තව ටික දවසක් අල්ලල හිටියි වගේ . සබරගමුවට වහින්නෙ නැති දවසක් නෑනෙ අම්මප. ගූගල් සෙන්සස් ෆෝම් එක පුරවනවද ????? ⁣තෙමෙන පන්ති ටිකේ උළු ටික එහා මෙහා කරලා හදාගන්න බලනවද........ කමක් නෑ හෙට ඉස්කෝලෙ ගිහිල්ලාම බලමු

The dream is not so far. Thank you very much Mr. Nathan Campbell for your all supports since beginning..🙏🙏🙏🙏
23/03/2023

The dream is not so far. Thank you very much Mr. Nathan Campbell for your all supports since beginning..🙏🙏🙏🙏

18/01/2023

ශිෂ්‍යත්වය නම් හිරකරන අධ්‍යාපනය වෙනුවට කායිකව , මානසිකව නිදහසේ ඉගෙනගන්නට දරුවන් තුළ ඇති රුචිකත්වය මොනවාට ඔප්පු කරන 2022 ශිෂ්‍යත්වය ලියූ දරුවන්.

හරියට ඉන්න ඩෙස් පුටුවත් නැත තිබු⁣ණේනොතෙමී ඉන්න වහලෙට සවි නෑ  තිබුණේඅන්තර් ජාල මෙවලම් බල  නැත තිබුණේමේ හැම තිබුණු අය තරගෙ...
16/12/2022

හරියට ඉන්න ඩෙස් පුටුවත් නැත තිබු⁣ණේ
නොතෙමී ඉන්න වහලෙට සවි නෑ තිබුණේ
අන්තර් ජාල මෙවලම් බල නැත තිබුණේ
මේ හැම තිබුණු අය තරගෙට එයි පුතුනේ.

රට යන අතට අපහට සවි නැත පුතුනේ
එනමුදු නු⁣ඹේ නැණ ගුණ වැඩුවා පුතුනේ
බුදු හිමි දේව රැකවරණය ඇත පුතුනේ
ශිෂ්‍යත්වයෙදි ජය නියතයි මගෙ පුතුනේ

ජාතික ආර්ථිකයෙන් 90%කට වැඩි ප්‍රතිශතයකින් රටේ 10% ත් අඩු පිරිසක් සුපිරි සැප විඳීමටත්  , ඉතිරි 10% ක ප්‍රමාණය පුරවැසියන්ග...
02/08/2022

ජාතික ආර්ථිකයෙන් 90%කට වැඩි ප්‍රතිශතයකින් රටේ 10% ත් අඩු පිරිසක් සුපිරි සැප විඳීමටත් , ඉතිරි 10% ක ප්‍රමාණය පුරවැසියන්ගෙන් 90% ප්‍රමාණයකට අක්‍රමිකව බෙදී යන පරිදි දුක් විඳීමටත් සිදුවන පරිදි මේ රටේ පද්ධතිය නිර්මාණය වී ඇත. අධ්‍යාපන පද්ධතිය තුළද මෙම ධර්මතාවය එළෙසමය , ලැබෙන්නේ තියෙන එකාටමය, කිසිවක් නොලැබෙන්නේ නොලැබෙන එකාටමය. පාසල ,විදුහල්පති , ගුරුවරයා, ශිෂ්‍යයා කියා වෙනසක් එහි නැත . අධ්‍යාපනය දියුණු රටවල ආර්ථිකය දියුණුය, එම රටවල අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ආර්ථිකය ලොකු කොටසක් වෙන් කරයි, එය "සමසේ" හැමෙකාටම බෙදා දෙයි, ඒ නිසාම එම රටවල් සැමදාම දියුණුය, අධ්‍යාපනය අනාගත ආයෝජනයක් කියන්නේ ඒ නිසාය. පද්ධතිය එසේ නොසෑදෙන තාක් අපේ වැනි පාසල්වල දරුවන් හැමදාම දුක, කඳු⁣ළේ උරුමකරුවන් බවට පත්වී මේ ළිඳ තුළම ජීවත් වනු ඇත..ඔවුන්ගේ දරුවන්ද, දරුවන්ගේ දරුවන්ද එසේම ජීවත්වනු ඇත. වසංත රෝග, දේශපාලන අර්බුද, ආර්ථික අර්බුද , ...... ආදියද වැඩි ප්‍රතිශතයකින් පහර දෙන්නේ මෙම දරුවන්ට වීම තත්ත්වය තවත් ඛේදනීය කරයි ,

මගේ මිතුරෙකුගේ ඇරයුමකින් මෙහි පහත ලිපිය ලිවීමට අවශ්ථාවක් ලැබුණි. අධ්‍යාපන පද්ධතිය තුළ අක්‍රමිකතා නැති වී අසරණ දරුවන් වෙනුවෙන් යහපත උදාවීම වෙනුවෙන් දේශපාලන ඇතුලු අනෙකුත් සියලුම වගකිවයුතු බලධාරීන්ගේ ඇස් ඇරීමට මෙය සුළු හෝ උපකාරයක් වේවායි පතමි.

🔥 Prefects' Day - 2022 🔥======================
06/02/2022

🔥 Prefects' Day - 2022 🔥
======================

😀Proud Moment For Daigala KV.🤔============================  Sports Festival -2020-----------------------------------Divi...
27/03/2021

😀Proud Moment For Daigala KV.🤔
============================

Sports Festival -2020
-----------------------------------

Divisional Secretariat Inter Club Sports Competition

🔥🔥🔥🔥FIRST Place (400m /800m)🔥🔥🔥🔥
What an achievement for this 14 years old girl.

The heartfelt thank of us to Jinendrani Malshika on your dedicated commitment for this remarkable achievement
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

22/02/2021
මේ සෙවනේ උරුමකරුවන්ගේ තවත්  සම්ප්‍රාප්තියක්
15/02/2021

මේ සෙවනේ උරුමකරුවන්ගේ තවත් සම්ප්‍රාප්තියක්

Arts and Artists Of the School ❤️======================❤️
12/02/2021

Arts and Artists Of the School
❤️======================❤️

අපි එකතුවෙලා අ⁣පේ ඉස්කෝලෙ තවත් ආභරණයකින් සැරසුවා. සතුටුයි !!
10/02/2021

අපි එකතුවෙලා අ⁣පේ ඉස්කෝලෙ තවත් ආභරණයකින් සැරසුවා. සතුටුයි !!

Address

Daigala Road
Avissawella

Website

Alerts

Be the first to know and let us send you an email when Kg/Dehi Daigala Kanishta Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category