Anura IT Club

Anura IT Club Official page for Anura IT Club

“Pongal marks joy and cheer and brings along everything that’s best."සුභ පොන්ගල් දිනයක් වේවා 🙏Happy Ponga🙏lபொங்கல் வாழ்...
15/01/2023

“Pongal marks joy and cheer and brings along everything that’s best."

සුභ පොන්ගල් දිනයක් වේවා 🙏
Happy Ponga🙏l
பொங்கல் வாழ்த்துக்கள்🙏

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !!!இனிய புத்தாண்டு வாழ்த்துக்கள் !HAPPY NEW YEAR TO YOU ALL-Anura IT Club-
31/12/2022

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

இனிய புத்தாண்டு வாழ்த்துக்கள் !

HAPPY NEW YEAR TO YOU ALL

-Anura IT Club-

17/11/2022

චීනයේ Tesla Model Y වර්ගයේ මෝටර් රථයක් අනතුරට පත් වෙන පහළ තියෙන Video එක හැමෝම දකින්න ඇති. මේක දැක්කාම කොහොමවත් හිතා ගන්න බැරි වුණා මේ Tesla එකට මෙහෙම වුණේ ඇයි කියලා. Edit එකක්ද කියලා හිතුනා. හැබැයි අර වෙන ඇක්සිඩන්ට් දැක්කාට පස්සේ අදහස අත ඇර ගත්තා.

සිදුවීම වෙලා තියෙන්නේ මේ මාසේ 05 වෙනිදා චීනයේ ගුවැංග්දොංග් කියන ප්‍රදේශයේ දී. සිදුවීමෙන් පුද්ගලයන් දෙදෙනෙකුට දිවි අහිමි වෙලා තව තිදෙනෙකුට තුවාල සිදුවෙලා තියෙනවා.

සිදුවීම මාධ්‍ය වාර්තා කරලා තිබුණු හැටියට රියදුරා විසින් ඔවුන්ගේ පවුලට අයත් වෙළෙඳසැළ ඉස්සරහ මෝටර් රථය නවත්වන්න උත්සාහ කරලා තියෙනවා. රියදුරු කියලා තියෙන හැටියට ඒ අවස්ථාවේ තිරිංග (Break) ක්‍රියාත්මක වෙලා නැහැ.

එහි අවසාන ප්‍රතිඵලය තමා තප්පර 30ක වගේ කාලයක් තුළ මෝටර් රථය කිලෝ මීටර් 2.6ක දුරක් අධික වේගයෙන් ධාවනය වෙලා අනතුරට පත් වීම. ඒ අතර මාර්ගයේ ගමන් කරමින් සිටින පිරිසකුත් අනතුරට පත් වෙනවා.

මේ අනතුර සම්බන්ධයෙන් Tesla සමාගම විමර්ශනයක් කරලා තියෙනවා. ඒ අනුව අනාවරණය වෙලා තියෙන්නේ රියදුරු කිසිම අවස්ථාවක තිරිංග පැටලය පාගා නැති බවයි..

ඔයාලා දන්නවා ඇති Tesla Car වල තියෙනවා ලොග් සටහන් ගන්න ක්‍රමයක්.. ඒ කියන්නේ වාහනය ධාවනය වීම ගැන තොරතුරු රැස් කරගන්නවා. එතකොට මෝටර් රථයේ දෝෂයක් ආවොත් අර ලොග් සටහන් හරහා හඳුනා ගන්න පුළුවන් මොකද වුණේ කියලා. ඉතින් තිරිංග පැටලය පාගලා නැහැ කියන එකත් අනාවරණය කරගෙන තියෙන්නේ එහෙම. හරියට ගුවන් යානා වල කළු පෙට්ටිය (black box) එක වගේ.

CCTV දර්ශනය අනුවත් තිරිංග පැටලය අදාළ රියදුරු විසින් ක්‍රියාත්මක කරලා නැහැ කියලා අනාවරණය වෙලා තියෙනවා. මොකද බ්‍රේක් ලයිට්වල ආලෝකය දීප්තිමත්ව දැල්වෙන්නේ නැහැ.

කොහොම වුණත් Tesla වලට තියෙන චෝදනා අතරින් එකක් තමා තිරිංග හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක. ඒ වගේම Self Drive Mode වලින් ගිහින් සිදුවූ අනතුරු පිළිබඳවත් චෝදනා තියෙනවා...

ලිව්වේ #සංජේ

අනුරෙන් සයිබර් අවකාශයටඅධ්‍යාපන අමාත්‍යාංශයේ School Net ශාඛාවේ සහයෝගීතාවය හා LK Domain Registry ආයතනයේ අනුග්‍රාහක දායකත්...
14/11/2022

අනුරෙන් සයිබර් අවකාශයට

අධ්‍යාපන අමාත්‍යාංශයේ School Net ශාඛාවේ සහයෝගීතාවය හා LK Domain Registry ආයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් Webcomms Global සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන "සයිබර් ලොවට පියාපත්" ව්‍යාපෘතිය හරහා 2022 ඔක්තොම්බර් මස 17, 18 හා 19 යන තෙදින රත්නපුර අධ්‍යාපන කලාපයේ පාසල් 31ක සහභාගිත්වයෙන්, මාර්ගගතව පවත්වන ලද "පාසල් වෙබ් අඩවි නිරමාණ" පුහුණු වැඩමුළුවෙන් අනතුරුව, පළමු අදියර ලෙස අප පාසලේ සිසුන් තම වෙබ් අඩවි නිරමාණ 2022 ඔක්තොම්බර් මස 28 දින ඉදිරිපත් කළේ මෙලෙසිනි.

මෙහි කණ්ඩායම් අංශය යටතේ 9-C පංතියේ සුධීර දිල්ශාන්, ඉමල්ක නෙත්සර හා ප්‍රතිභා මනෝහාරි යන සිසුන් විසින් අධ්‍යාපනික වර්ගය යටතේ ශ්‍රී ලංකාව පිළිබඳව වෙබ් අඩවියක් නිර්මාණය කර ඉදිරිපත් කළ අතර කේවල අංශයෙන් 11-B පංතියේ දේශාන් සංදීප සිසුවා විසින් ඉ-වාණිජ්‍ය වර්ගයට අයත් වෙබ් අඩවියක් හා එම පංතියේම කසුන් පද්මකුමාර සිසුවා විසින් පරිගණක ක්‍රීඩා වර්ගයට අයත් වෙබ් අඩවියක් නිර්මාණය කර ඉදිරිපත් කරන ලදී.

"Cyber Lowata Piaypath" project's vision is to "Making Equal Platform for Global Education For All." and it is implemented as a collaborative effort between ...

"සයිබර් ලොවට පියාපත්" යන ව්‍යාපෘතිය මඟින් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පාසල් සිසුන්හට වෙබ් අඩවි නිර්මාණය පිළිබදව ඔක්තෝබර් ම...
28/10/2022

"සයිබර් ලොවට පියාපත්" යන ව්‍යාපෘතිය මඟින් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පාසල් සිසුන්හට වෙබ් අඩවි නිර්මාණය පිළිබදව ඔක්තෝබර් මස 17, 18 හා 19 යන තෙදින විද්‍යාලීය පරිගණක විද්‍යාගාරයේ පැවැත්වූ මාර්ගත වැඩමුළුවේ පළමු අදියරේ අවසාන අංගය වූ සිසු වෙබ් අඩවි නිර්මාණ ඉදිරිපත් කිරීම අද දින සිදුවිය. එහිදී අප විද්‍යාලයේ සිසුන් විවිධ තේමා යටතේ වෙබ් අඩවි තුනක් ඉදිරිපත් කරන ලදී.

Wishing for the light of Diwali to touch every household and bring prosperity! Happy Diwali
24/10/2022

Wishing for the light of Diwali to touch every household and bring prosperity! Happy Diwali

19/10/2022

"සයිබර් ලොවට පියාපත්" වැඩසටහන මඟින් පවත්වන ලද වෙබ් අඩවි නිර්මාණය පිළිබඳ තෙදින මාර්ගගත පුහුණු වැඩසටහන මෙලෙස සාර්ථක ලෙස අප විද්‍යාලයේ සිසුන් නිම කරන ලදී.

18/10/2022

"සයිබර් ලොවට පියාපත්" වැඩසටහනේ දෙවන දිනය - Joomla framework භාවිත කරමින් වෙබ් පිටු නිර්මාණය කිරීම

17/10/2022

"සයිබර් ලොවට පියාපත්" යන ව්‍යාපෘතිය මඟින් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පාසල් සිසුන්හට වෙබ් අඩවි නිර්මාණය පිළිබදව පවත්වන මාර්ගත වැඩමුළුවේ පළමු දිනය.

Address

Getahetta
Avissawella

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94362121077

Website

Alerts

Be the first to know and let us send you an email when Anura IT Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Anura IT Club:

Shortcuts

Share

Category