02/06/2026
රසායනික උපාගම හරහා ස්නායු ආවේග ගමන් කරන්නේ කොහොමද? 🧠 එය සිදුවන ආකාරය/යාන්ත්‍රණය ගැන අපි අද කතා කරමු!👇
ඔබගේ Biology දැනුම වැඩිදියුණු කරගැනීමට මේ Video එක Save කරගන්න. යාලුවන්ටත් බලන්න Share කරන්න.
* ⚡ අක්සන අග්‍රස්ථයේදී ක්‍රියා විභවයක් මගින් පූර්ව උපාගම සෛලයේ ප්ලාස්ම පටලය විධ්‍රැවනය කරයි.
* 🔬 පූර්ව උපාගම පර්යන්තයේ විධ්‍රැවනය නිසා Ca²⁺ මේ අග්‍රස්ථය තුළට විසරණය වෙයි.
* 💥 Ca²⁺ සාන්ද්‍රණය ඉහළ යාම නිසා ස්නායු සම්ප්‍රේෂක සහිත උපාගම ආශයිකා පූර්ව උපාගම පටලයට බැඳී, ස්නායු සම්ප්‍රේෂක උපාගම පැල්ම තුළට නිදහස් කරයි.
* 🌊 ස්නායු සම්ප්‍රේෂක උපාගම පැල්ම හරහා විසරණය වී, පශ්ච උපාගම පටලයෙහි ඇති විශිෂ්ට ප්‍රතිග්‍රාහකවලට බැඳී ඒවා සක්‍රීය කරයි.
* 🔑 උදාහරණයක් ලෙස, ඇසිටයිල් කෝලීන් බැඳීම මගින් පශ්ච උපාගම පටලය හරහා K⁺ හා Na⁺ අයන විසරණය වීමට ඉඩ සලසයි.
* ⚡️ මේ මගින් පශ්ච උපාගම පටලයෙහි විධ්‍රැවනයක් සිදු වන අතර, එය ක්‍රියාවිභවය කරා ළඟා වෙයි.
🛑 ක්‍රියාවලිය නතර කරන්නේ කොහොමද?
ස්නායු ආවේගය ගමන් කිරීමෙන් අනතුරුව සංඥාව පහත සඳහන් ක්‍රමයකින් නතර කරයි:
1️⃣ ස්නායු සම්ප්‍රේෂක එන්සයිමිය ජල විච්ඡේදනය.
2️⃣ පූර්ව උපාගම පර්යන්තය තුළට ස්නායු සම්ප්‍රේෂක ප්‍රතිග්‍රහණය.
💡 මේ ක්‍රියාවලියේදී වැදගත්ම වන ස්නායු සම්ප්‍රේෂක (සුලභ උදාහරණයක්: ඇසිටයිල් කෝලීන්) යනු පූර්ව උපාගම නියුරෝනවල උපාගම පර්යන්තයෙන් නිදහස් වී, උපාගම පැල්ම හරහා විසරණය වී පශ්ච උපාගම පටලයේ ඇති ප්‍රතිග්‍රාහකවලට බැඳී ප්‍රතිචාරයක් උත්ප්‍රේරණය කරන අණු වේ.
INDU WEERASINGHE A/L BIOLOGY
Contact : 071 4094604
Whatsapp: 071 4094604 | 077 9718230