19/03/2025
පහන්සිළු පරීක්ෂාව..
• s ගොනුවේ ලෝහ කැටායන හඳුනාගන්න කරන පරීක්ෂාවක් තමයි මේ.
• ඒ ඒ ලෝහ කැටායනය විසින් බන්සන් දැල්ලට ලබාදෙන වර්ණය අනුව ලෝහ කැටායනය මොකක්ද කියල හඳුනගන්න එක තමයි මේ පරීක්ෂණයෙන් කරන්නෙ.
• අදාල ලෝහ කැටායනයේ ඉලෙක්ට්‍රෝන බන්සන් දැල්ලෙන් ශක්තිය ලබාගෙන උත්තේජිත අවස්ථාවට (ශක්තියෙන් වැඩි සැකැඹුණු අවස්ථාවකට) පත් වෙලා ඉහල ශක්ති මට්ටම් වලට සංක්‍රමණය වෙනව.
• නැවත භූමීය අවස්ථාවට (ශක්තියෙන් අඩු මුල් තත්ත්වයට හෙවත් පහළ ශක්ති මට්ටම් වලට) එනව. අන්න එතකොට උත්තේජිත අවස්ථාවට පත්වීමට අවශෝෂණය කළ ශක්තිය ආලෝක ශක්තිය ලෙස මුදා හරිනවා.
• එක් එක් ලෝහය මුදා හරිනු ලබන්නේ ඊට ආවේණික තරංග ආයාමයන්ට (නැතහොත් සංඛ්‍යාතයන්ට) අදාළ දෘශ්‍ය ආලෝක කිරණයක්.
• ඒ අනුව එක් එක් ලෝහය ඊට ආවේණික වර්ණයෙ ආලෝකය විමෝචනය කරනවා.
• ඒ අනුව අදාළ ලෝහ කැටායනය මොකක්ද කියලා හඳුනාගන්නන පුළුවන්.
• ඉතින් මේ පරීක්ෂණයේ මූලධර්මය ඕක තමයි.
This video shows the positive results for the flame test section of MegaLab. The flame test can be used to identify the following cations: Li, Na, K, Ca, S...