Mahanama Maha Viduhala - Thirappane

Mahanama Maha Viduhala - Thirappane

Share

School Start 1929.05.29 with 48 student and 1 teacher (U.B.

Rathnayaka) it was called "swabhasha Pirimi Patashalawa", 1970 name changed as "A/Thirappane Mahanama Maha Viduhala" and now "A/Mahanama Maha Vidyalaya - Thirappane"

02/06/2018

ජීවිතයට ඔවදනක්...

Photos from Poddaa පොඩ්ඩා's post 14/05/2018
Photos 14/05/2018

වලස්‌බැද්දේ ලොකු ඉස්‌කෝලෙ මහත්තයා

* පාසලට විදුලිය ගන්නෙ විදුලි බලය හෝ සූර්ය කෝෂ නැතිව
* අඩි සීයක්‌ උඩින් තියන ඉස්‌කෝලෙට වතුර ගන්නෙ මෝටරයක්‌ නැතිව
* පාසලට තියෙන්නේ වයින් නොකර බැටරි නැතිව ක්‍රියාත්මක වන ඔරලෝසුවක්‌
වලස්‌බැද්ද ඉස්‌කෝලය වසා දමන්නට නියමිතව තිබුණේය. වලස්‌බැද්ද ඉස්‌කෝලය පිහිටා තිබුණේ බදුල්ල දිස්‌ත්‍රික්‌කයේය. ඇල්ල අධ්‍යාපන කොට්‌ඨාසයේය. කුඹල්වල බස්‌රථයෙන් හල්පේට පැමිණ එතැන් සිට වලස්‌බැද්ද කන්ද නගිමින් දුෂ්කර ක්‍රියාවක්‌ කර පැමිණිය යුතුව තිබූ වලස්‌ගල ඉස්‌කෝලයට ගුරුවරයෙක්‌වත් එන්නට කැමති වූයේ නැත. එන ගුරුවරුන් මොනම හෝ කනපින්දමක්‌ ගහගෙන පුළුවන් ඉක්‌මනින් පාසල හැර තම සේවයට සුකර පහසුකම් සහිත ස්‌ථාන සොයාගෙන ගියහ.

කෙසේ වෙතත් වලස්‌ගල ඉස්‌කෝලය මුලින් සාර සුබාවට තිබුණු එකකි. ඒ ඉස්‌කෝලයේ මුලින්ම සිසුහු 400 ක්‌ පමණ ඉගෙන ගත්හ. එහෙත් 1994 පමණ වනවිට පාසලේ සිටියේ දරුවන් 20 ක්‌ පමණය. දයානන්ද රත්නායක ඉස්‌කෝලෙ මහත්තයා වලස්‌ගල ඉස්‌කෝලයට එන්නේ ඔය අස්‌සේය. දයානන්ද මහත්තයා වලස්‌ගල ඉස්‌කෝලයට එන්නට කලින් හිටියේ බොහෝම ගෞරවයට පාත්‍රවෙමින් තිබුණ බණ්‌ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ලෙසය. ඉන් පස්‌සේ පේරන්දෝරුව විදුහලේ විදුහල්පතිව සිටි හෙතෙම වැහෙන්නට යන වලස්‌වැව ඉස්‌කෝලයට එන්නේ වර්ෂ 1994 දීය. අද වලස්‌වැව ඉස්‌කෝලය මධ්‍යම පළාත බබළවන පාසලකි. මේ වනවිට පාසලේ දරුවෝ දෙසීය තිස්‌පහක්‌ අධ්‍යාපනය ලබති. වලස්‌වැව පාසල ගොඩනැගූ දයානන්ද රත්නායක ඉස්‌කෝලෙ මහත්තයා ඒ දුෂ්කර වු සද්ක්‍රියාව ගැන අපට කියන්නේ මෙසේය.

"මං දැනගෙන හිටියා මට තියෙන අභියෝගය ගැන. මං ඇවිත් හිටියෙ ඈවර කරන්න හදන පාසලකට. මේ වගේ ඉස්‌කෝලයක්‌ ගොඩනගන එක ඉතාම සරල දෙයක්‌ නෙමෙයි. මොකද ආකල්පමය වශයෙන්ම ඉස්‌කෝලෙ මිනිස්‌සුන්ගෙන් ඈත් වෙලා තිබුණෙ. පාසල් වත්ත වත් නෑ.

අක්‌කර 05 ක්‌ පමණ තිබෙන පාසල් වත්ත අහල පහල අය අල්ලා ගෙන තිබුණා. ඒ නිසා පාසල් භූමිය නිරවුල් කිරීමේ ව්‍යාපෘතියක්‌ ආරම්භ කරන්න මුලින්ම සිද්ධ උනා. නොයෙක්‌ බාධක ආවා. තර්ජන ආවා. ඒවා එච්චර හිතුවෙ නෑ. අන්තිමට පාසල් වත්ත නිරවුල් කරගත්තා."

"මුලින්ම පාසලේ භෞතික සම්පත් ටික දියුණු කළ යුතු වුනා. ඉස්‌කෝලෙට වතුර තිබුණෙ නෑ. කම්කරුවා උනෙත් මම... ඉංජිනේරුවා උනෙත් මම... අන්තිමට මං පරීක්‌ෂණ කරලා වතුර මෝටරයක්‌ නොමැතිව අඩි සීයක්‌ පමණ ඉහළින් තියෙන ඉස්‌කෝලෙට ජලය ලබා ගත්තා... ඒ වැඩේ සරලව කියනවනම් මෙහෙමයි සිද්ධ උනේ... මං ළිං පත්ලට උමගක්‌ කපලා අ`ගල් 6 ක බටයක්‌ එළුවා. එතෙන්ට අ`ගල් පහ හමාරක බටයක්‌ සවි කරලා පියවරෙන් පියවර ඉහළට එන්නට කුඩා බට යොදා ගත්තා... ඒ ක්‍රමයට මට මුළු පාසලටම වතුර දෙන්න පුළුවන් උනා..."

"අතීතයේ සීගිරියේ ගල මුදුනටම ජලය ගෙන ගියෙත් මේ මූලධර්මය පාවිච්චි කරලා. වතුර මෝටරයක්‌ නැතිව පාසල් භූමියෙ අඩි 100 ක්‌ උසට වතුර ගෙනිච්ච අපි පාසල් භූමියේ වතුර මල් පවා සවි කර තිබෙනවා. මෙම නිර්මාණයට හිමිකම් පත්‍රයක්‌ (පේටන් බලපත්‍රයක්‌) ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සකස්‌ කර ගෙනයන බැවින් එම ජල සැපයුම් ක්‍රමය පිළිබඳව අදාළ කරුණු සම්පූර්ණයෙන්ම අනාවරණය කිරීමට නොහැකියි. මේ වන විට විදුහලේ සියලුම අවශ්‍යතාවයන් සඳහා මෙම ළිෙඳන් වසර පුරාවටම ජලය ලබා ගන්න පු`ඵවන්. කිසිම වියදමක්‌ යන්නේ නැහැ."

පාසලට විදුලිය තිබුණෙ නෑ... පරිගණක වැඩ කළේ සූර්ය කෝෂ වලින්.. ඒ හින්දා මං විදුලිය නැතිව ක්‍රියාත්මක වන ජංගම විදුලි නිෂ්පාදන යන්ත්‍රයක්‌ හැදුවා... විදුලිය අවශ්‍ය ශබ්ද විකාශන ක්‍රියාත්මක කිරීම, කැසට්‌ රෙකෝඩර් හා රූපවාහිනිය ක්‍රියාත්මක කිරීම වාගේ විදුලිය අවශ්‍ය කටයුතු පවත්වාගෙන යන්නෙ මේ ජංගම විදුලි කෝෂයෙන්... විදුලි පහන් දල්වන්නත් මේ ජංගම විදුලි කෝෂයෙන් පුළුවන්... මේ විදුලි කෝෂය යොදාගෙන කාමරයක්‌ සිසිල් කිරීමේ පද්ධතියකුත් මම සකස්‌ කරලා තිබෙනවා. මෙම උපකරණයට සවිකර තිබෙන ඕල්ටනේටරය (ඩයිනෝමෝවක්‌ වැනි) නිසා මෙහි ස්‌විචයක්‌ දැමූ ගමන් මේ විදුලි කෝෂය ක්‍රියාත්මක වෙලා විදුලිය නිපදවනවා. වැහි කාලෙට සූර්ය කෝෂ වලින් පරිගණක වැඩ කරන්නෙ නෑ... ඒ වෙලාවට මෙමගින් පාසලේ පරිගණක කිහිපයක්‌ ක්‍රීයා කරන්නෙ මේ ජංගම විදුලි උත්පාදකයෙන්. ඒ වාගේම මෙම උපකරණය මගින් විදුලිය නිෂ්පාදනය කරන අතරම එම උපකරණයට අවශ්‍ය විදුලිය තැන්පත් කර ගැනීමක්‌ සිදු වෙනවා. zවිදුලිය නිෂ්පාදනය වැඩිපුර සිදුවෙනවා නම් මෙම උපකරණයෙන් පෙන්නුම් කරනවා. එ වාගේම විදුලිය නිෂ්පාදනය වන ප්‍රමාණය අඩුනම් ඒ ආකාරයේ දැනුම්දීමක්‌ සිදු කෙරෙනවා. එවිට මෙම උපකරණය මගින් අවශ්‍ය මට්‌ටමට විදුලිය නිෂ්පාදනය කරනු ලබනවා."

"මෙය සැකසීම සඳහා මම භාවිතා කලේ අපතේ යන දේවල්. නිෂ්පාදනයට මට වැය වුණේ රුපියල් 3500 ක මුදලක්‌ පමණයි. ඉදිරියේදීත් මෙය තවත් වැඩි දියණු කර මෙම ජංගම විදුලි උත්පාදන යන්ත්‍රය වෙළෝදපළ සඳහා නිෂ්පාදනය කිරීමට කටයුතු කරන්න මං හිතාගෙන ඉන්නවා. දැනට මේ උපකරණයට පේටන්ට්‌ බලපත්‍රය ලබාගන්න ඉල්ලුම් කරලා තියෙන්නෙ."

"මේ විදිහට පියවරෙන් පියවර පාසල ගොඩනැගෙද්දී දෙමව්පියන් පාසල වටා එකතු වුණා. දෙමව්පියන්ගේ සිත්ද දිනාගනිමින් පාසල ගොඩනගද්දී දිනෙන් දින පාසලට සිසුන් වැඩි වැඩියෙන් ඇතු`ඵ වන්නට වුණා. වසර කිහිපයක්‌ යනවිට 9 ශ්‍රෝණිය දක්‌වා පන්ති පැවැත්තුවා. ඉතින් 10 ශ්‍රෝණීය සමත් සිසුන් ඒ ආසන්න පාසලකට ගියා. ඒත් ඒ විදුහලේ විදුහල්පතිවරයා වලස්‌බැද්ද ඉස්‌කෝලෙන් 10 පන්තියට එන ළමයින්ව "හි`ගන්නෝ මේ පාසලට ගන්නේ නැහැ" කියලා අමානුෂික විදිහට එළවගෙන තිබුණා. අවසානයේදී අධ්‍යාපන බලධාරීන්ගේ නිසි අවසරය සමගින් තාවකාලික මඩුවක්‌ තුළ සාමාන්‍ය පෙළ දක්‌වා පංති ආරම්භ කළා. පසුව එය උසස්‌ පෙළ දක්‌වා වර්ධනය කළා."

"අන්තිමට 2013 අවුරුද්දෙ අ.පො.ස. උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි දරුවෝ සියලුම දෙනා විභාගයෙන් සමත් කරන්න අපට හැකි වුණා. අපේ රටේ දරුවො දක්‌ෂයි... මේ පුංචි ක්‍රිඩා පිටියෙ පුහුණු වෙච්චි දරුවො සමස්‌ථ ලංකා තරගවලින් දිනුවා... කථික තරග වලින්, සාහිත්‍ය තරග වලින් ජාතික මට්‌ටමෙන් දස්‌කම් දැක්‌වීමටත් අපේ ඉස්‌කෝලෙ දරුවන්ට හැකි වුණා."

මේ පුදුමාකාර ගුරුතුමා අපව මවිත කරන්නේය. මෙහෙම මිනිස්‌සු මෙවන් සමාජ ක්‍රමයක්‌ තුළ ඉතිරිවී ඇති බව දැනෙන විට ඊටත් වඩා පුදුම හිතෙන්නේය. සැතපුම් තුනහමාරක්‌ පා ගමනින් එන විදුහල්පතිවරයා පාසල උදෑසන 6.30 ට ආරම්භ කර භාවනා වැඩසටහනක්‌ පවත්වනු ලබයි. විදුහලේ අනෙකුත් ගුරු පිරිවර උදෑසන 7.30 වන විට පාසලට පැමිණ සිසුනට ඉගැන්වීම් කටයුතු= මැනවින් සිදුකරයි. දැන් බණ්‌ඩාරවෙල අධ්‍යාපන කලාපයේ සෑම දෙනා අතර ජනප්‍රියම සුවිශේෂී පාසල වලස්‌බැද්ද ඉස්‌කෝලේය. මේ ඉස්‌කෝලේ ගැන තවත් අරුම කතා බොහෝ තිබේ.

වලස්‌බැද්ද අවට හැම ඉස්‌කෝලයටම විද්යුත් ඔරලෝසු ලැබුණේය. ඒත් වලස්‌බැද්දට ලැබුණේ නැත. හේ ඇස්‌බැස්‌ටොස්‌ ෂීට්‌ එකක්‌ උපයෝගී කරගෙන බැටරි බලයෙන් හෝ වයින් නොකර ක්‍රියාකරන ඔරලෝසුවක්‌ හැදුවේය. යු හැඩයේ නළයකට පුරවා ඇති ජල බිංදු මගින් මේ ඔරලෝසුව දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වුණේය. මේ ඔරලෝසුව තුන් වරක්‌ කිසිවෙක්‌ විසින් කඩා දා තිබිණි.

අවසානයේ එහි තාක්‌ෂණික ක්‍රියාකාරීත්වය එළිදක්‌වන කොටස ගලවා ඉවත්කර තැබීමට ඔහු පියවර ගත්තේය.

වලස්‌ගල ඉස්‌කෝලේ හරි පුදුම ඉස්‌කෝලයක්‌ වන්නේ මේ වික්‌ෂිප්ත තාක්‌ෂණික මෙවලම් නිසාම නොවේ. වෙන කිසිම පාසලක අපට ප්‍රකට නොවන විනයක්‌ මේ ඉස්‌කෝලේ තිබීම නිසාය. ස්‌වයං විනයක්‌ පවත්වා ගැනීමට දරුවෝ මෙහෙයවා සිටිති.

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී බිස්‌කට්‌ පැකට්‌ එකක්‌වත් රැගෙන ඒම තහනම්ය. ඔවුන් රැගෙන ආ යුත්තේ බුලත් හුරුල්ලක්‌ පමණි. එම දරුවන්ට පාසල් බෑගය සහ පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ලැබෙන්නේ විදුල්පතිවරයාගේ පඩිපතිනි. නිවාසාන්තර ක්‍රීඩා උළෙළ තිබුණද එයටද මුදල් එකතු කිරීම තහනම්ය. සහතික පත් සහ අනෙකුත් වියදම් සඳහාද මුදල් ලැබෙන්නේ රත්නායක විදුහල්පතිවරයෙගේ සාක්‌කුවෙනි.

ඒ සඳහා විදුහලේ ගුරු මණ්‌ඩලයද නිරන්තරයෙන් දායකත්වය ලබා දෙමින් සිටිති. විදුබිමෙහි වගා කරන ලද ගොටු කොළ වගාවෙන් නෙළන අලුත්ම ගොටුකොළවලින් සතියකට වතාවක්‌ සිසු දරුවන්ගේ පෝෂණය නංවාලීම සඳහා කොළ කැඳ ලබාදීම සිදුකරනු ලබයි. පාසලේ සරුවට වැවී තිබෙන කෙසෙල් වගාවේ අස්‌වැන්න දිනපතාම වාගේ සිසු දරුවන් හට ආහාරයට ලැබේ. විදුහල්පතිවරයාගේ කෙතේ වගා කරනා දේශීය වී වර්ග සහල් කර මත තබා ගෙන සැතපුම් ගණන් දුෂ්කර මාර්ගයේ පා ගමනින් ගෙනවිත් පාසලට පැමිණෙන සියලු දෙනාහට ආහාර සකස්‌ කරදෙන්නට හේ නිර්ලෝභී වේ.

අපි හරිපුදුම ඉස්‌කෝලේ දෙස මහා ප්‍රසන්න හැඟිමකින් බලා සිටියෙමු... මිනිසුන්ට ලෝකය වෙනස්‌ කළ හැකි ප්‍රමාණය පිළිබඳ සජීවී ආදර්ශයක්‌ ඈත දුෂ්කර ඇල්ල වලස්‌බැද්දෙන් ලෝකයට ලබා දී ඇති අයුරු මොහොතකට අප දෙනෙත් බොඳ කරනු ලැබුවේය.
http://www.kolanmaduwa.com/
උපුටා ගැනීම http://www.divaina.com/2014/02/23/nimna02.html

20/02/2018

#දකින_අහන_දේ
😍

✔ ℓιкє ✔ comment ✔ тαg ✔ ѕнαяє කරලා අපේ පිටුවට එකතු වෙන්න.
පේජ් එක ලයික් කරන්න මෙතනින්
https://www.facebook.com/motivation.lk/

Photos 16/11/2016

උසස් පෙළ ප්‍රතිඵල මේ මස 27 වනදා.
Read More>>
http://goo.gl/HE6DNi

අපේ බෙහෙත් පැළෑටි වර්ග ! 08/07/2016
ස්ථාන 1000ක උෂ්ණත්වය එකවර මැනිය හැකි උපකරණයක් අපේ දක්ෂයෙක් නිපදවයි | ගන්න දේශීය දේ (Ganna... 10/07/2015

ස්ථාන 1000ක උෂ්ණත්වය එකවර මැනිය හැකි උපකරණයක් අපේ දක්ෂයෙක් නිපදවයි | ගන්න දේශීය දේ (Ganna... Wednesday, July 8, 2015 ස්ථාන 1000ක උෂ්ණත්වය එකවර මැනිය හැකි උපකරණයක් අපේ දක්ෂයෙක් නිපදවයි POSTED ON Wednesday, July 8, 2015| | Edit Post Labels:නව නිපැයුම් මෙම නව නිපැයුම කුමක්ද? උෂ්ණත්වය මනින සෙන්සරයක්. මෙය නම් කර තිබෙන්නේ THERMONO ලෙසින්. මෙහි විශේෂත්වය කුමක්ද? සාමාන්‍යයෙන් උෂ්ණත්වය මනින ක්‍රම දෙ…

21/02/2015
දැනුමට යමක් 17/09/2014

අපි නිතරම භාවිතා කරන කඩදාසි වර්ගයක් තමයි A4 කඩදාසි. ප්‍රින්ට් කරන්න වගේම ෆොටෝ කොපි කරද්දීත් මේ ප්‍රමාණයේ කඩදාසි තමයි අපි යොදා ගන්නේ. ඒ වගේම තමයි ගෘහ නිර්මාණ ශිල්පින් වගේම තාක්‍ෂණික ශිල්පීන් වැනි අය සිය Drawings සඳහා A0 හෝ A1 වැනි කඩදාසිත් භාවිතා කරනවා. හැබැයි ඉතින් මේ හැම එකකටම අමතරව තවත් A වර්ගයේ කඩදාසි ප්‍රමාණයන් තියෙනවා. මේ පුංචි ලිපියෙන් ඔබට A0 සිට A10 දක්වා වූ කඩදාසි වල දිග පළල දැන ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කඩදාසි අංක අතර අපූරු සබන්දතාවයකුත් තියෙනවා A0 එකෙන් දෙකෙන් පංගුවක් A1 එකයි. A1 එකෙන් දෙකෙන් පංගුවක් A2එකයි ආදී වශයෙන්. මේ සබඳතාවයත් බොහොම අපූරුවට දෘශ්‍යමය වශයෙන් මෙහි ඔබට බලන්න පුළුවන්.

මිතුරන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා.
===================================
වෙබ් අඩවිය www.vidulowin.lk
වෙබ් අඩවියට පිවිස විදුලොවින් සාමාජිකත්වය ලබා ගන්න
වෙබ් අඩවි නිර්මාණය සහ තාක්‍ෂණ සහය :www.ebonetwork.com

Want your school to be the top-listed School/college in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Kandy Road, Thirappane
Anuradhapura
50072