Anura MV Periyakulama fb page

Anura MV Periyakulama fb page This is the official page of A/Periyakulama Maha Viduhala

පෙරියකුලම අනුර මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසු දරුවන්ගේ විෂය දැනුම සංවර්ධනය උදෙසා පැවැත් වූ සිගිති පොළ ❤️
09/09/2024

පෙරියකුලම අනුර මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසු දරුවන්ගේ විෂය දැනුම සංවර්ධනය උදෙසා පැවැත් වූ සිගිති පොළ ❤️

අ/අනුර මහ විදුහලේ 2024 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු දරුවන් වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ ප්‍රතිඵල ඉහළ නැංවීමේ සම්මන්ත...
30/08/2024

අ/අනුර මහ විදුහලේ 2024 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු දරුවන් වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ ප්‍රතිඵල ඉහළ නැංවීමේ සම්මන්ත්‍රණය 2024.08.30 වන දින අ/වළගම්බාහුව මහ විදුහලේ සේවය කරන තිලාන් ගුණවර්ධන මහතාගේ සම්පත් දායකත්වයෙන් පැවැත්විණි

17/07/2024
ශ්‍රී ලංකාව යටත් විජිතයක්ව පවති සමයේ එංගලන්ත රජුගේ රාජෝත්පත්තිය නිමිති කොට වර්ෂ 1939.06.09 වන දින සිසු සිසුවියන් සිව්දෙන...
09/06/2024

ශ්‍රී ලංකාව යටත් විජිතයක්ව පවති සමයේ එංගලන්ත රජුගේ රාජෝත්පත්තිය නිමිති කොට වර්ෂ 1939.06.09 වන දින සිසු සිසුවියන් සිව්දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයකින් වත්මන් අ/පෙරියකුලම මහා විද්‍යාලය ආරම්භ වූ බව විද්‍යාලයීය ඉපැරැණි ම ලොග් සටහන් පොතක සඳහන්ව තිබේ.

මෙහි ආරම්භක විදුහල්පතිවරයා බවට පත්ව ඇත්තේ එම් සිරිසේන මහතා ය. විදුහල්පතිවරයාට සහය දක්වමින් දරුවන් සිව්දෙනාට ඉගැන්වීමේ ක්‍රියාවලිය කරගෙන යාමට ගුරු යුවලක් ඉදිරිපත් වී ඇත.

එවකට පහතරට ප්‍රදේශවලින් විදුහල්පතිවරු කීපපලක් ම පැමිණ ඇතත්, ඔවුන් ඉතා කෙටි කාලයකින් සිය ගම් ප්‍රදේශ කරා ස්ථානමාරු ලබා ගොස් ඇති බව ද සඳහන් වේ.

මේ අතර 1951 වසර අවසානයේ දී ඩී.එම්.මාන්නප්පෙරුම මහතා විශ්‍රාම යන තෙක් ම වසර 15ක් මෙම පාසලේ සේවය කරමින් ස්වර්ණමය යුගයක් එවකට උදා කර දී ඇත. ඒ අතර වර්ෂ1962.10.10 දින සිට මහා විද්‍යාලයක් බවට උසස් කිරීම ඩී.එම්.මාන්නප්පෙරුම මහතාගේ උත්සාහයේ හා කැපවීමේ මල්ඵල ගැන්වීමකි.

මාන්නප්පෙරුම යුගයෙන් පසු විදුහල්පතිතුමන්ලා හා විදුහල්පතිතුමියන්ලා 13 දෙනෙකු මෙම පාසලේ මුල් පුටුවේ සේවය කර ඇත.එම කාල පරාසය තුළ අහේතුක කරුණු මත එවකට අප විද්‍යාලය හැඳින් වූ "අනුර'' යන නාමය ඉවත්ව අ/ පෙරියකුලම මහ විදුහල ලෙස ව්‍යවහාර වන්නට පටන් ගෙන ඇත.

විද්‍යාලයීය ගමන් මගේ පරිවර්තනීය වෙනසකට මුල පුරමින් ඩබ්ලිව්. ආර්.ජයලත් මහත්මිය 2017 වර්ෂයේ දී විදුහල්පතිනිය ලෙස වැඩ භාර ගත්තා ය. ඉගෙනුම් ඉගැන්වීම් හා විෂය භාහිර ක්‍රියාකාරකම් තුළින් කොට්ඨාස, කලාප ,පළාත් හා සමස්ත ලංකා ජාතික මට්ටමේ ජයග්‍රහණ පවා රැගෙන ඒමට එතුමියගේ පාලන කාලය තුළ සමත්කම් දැක්වීය.

ඒ අතර අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයේ කොට්ඨාස හා කැකිරාව කලාපයේ විභාග ප්‍රතිඵල සීග්‍රයෙන් ඉහළට ගත් පාසලක් ලෙස ද පෙරියකුලම විද්‍යාලයේ නම රැදවූයේ කැකිරාව කලාපයේ මුල් පාසල් නාම ත්‍රිත්වය අතරේ පෙරමුණට ම ගනිමිණි.

2024.03 21 ඩබ්ලිව්.ආර්.අයි. ජයලත් විදුහල්පතිතුමිය විශ්‍රාම යෑමෙන් පසු නව විදුහල්පතිවරයා ලෙස සී.ආර්.විතානගේ මහතා වැඩ භාර ගත්තේ ය. ඒ අනුව වර්තමාන විදුහල්පතිතුමා වැඩ භාර ගැනීමෙන් පසු පාසල් අතීතය පිළිබඳ පළමුවෙන් ම ගවේෂණයක් කරන්නට විය.

එහි දී අනාවරණය වූ සුවිශේෂී කරුණක් වූයේ එවකට පළාතේ පැවති පාසල් අතර ඉහළින් තිබූ පාසලක් ලෙස පෙරියකුලම අනුර මහා විද්‍යාලය ජනගතව තිබී ඇති බවයි. ඒ පිළිබඳ තවදුරටත් සොයා බැලීමේ දී පාසලේ අතීත ලොග් සටහන්වල පවා වර්තමාන අප පාසල පෙරියකුලම අනුර මහා විද්‍යාලය ලෙස භාවිතා කර ඇති බවට සාක්ෂි හමු විය.

පැරණි පාසල් නාමය යළි භාවිතා කිරීමට අවශ්‍ය පියවර සකසමින් අනුර මහා විද්‍යාලය ලෙස භාවිතා කිරීමට තවදුරටත් ගැටලුවක් නොවන බව ඉහළ අධ්‍යාපන නිලධාරීන් වාචිකව තහවුරු කර ඇත.

එබැවින් 85 වන සංවත්සරය සමරන අද දින සිට අ/ පෙරියකුලම අනුර මහා විද්‍යාලය ලෙස භාවිතා කිරීමටත්, එය ජනගත කිරීමටත් පාසල් කළමණාකාරීත්වය තීරණය කළේ ය.

පාසල් නාමය වෙනස් කරමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය හා විෂය සමගාමී වැඩසටහන් තුළින් කලාපයේ විශිෂ්ටතම පාසලක් බවට පත්කරවීමේ කාර්‍ය නව විදුහල්පතිතුමා ආරම්භ කර ඇත.

"පළමුව යුතුකම " යන ආදර්ශ පාඨය තේමා කරගනිමින් කැකිරාව අධ්‍යාපන කලාපයේ තිරප්පනේ අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි 1 සී වර්ගයේ පාසලක් වන අ/ අනුර මහා විද්‍යාලය අද වනවිට අධ්‍යයන කාර්‍ය මණ්ඩලය ලෙස විසි දෙදෙනෙකුගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් හා තිදෙනෙකුගෙන් සමන්විත අනධ්‍යයන කාර්ය මණ්ඩලයක්, දූ දරුවන් 160ක් සඳහා සිය නැණ නුවණ නංවලීමට කැපවීමෙන් කටයුතු කරයි.

අ/පෙරියකුලම අනුර විදු මව්නි, ඔබට සුබ දිනයක් වේවා !

සිරස මාධ්‍ය ආයතනය හා LOLC මූල්‍ය ආයතනය එක්ව පාසල් සිසුන්ට පරිත්‍යාග කළ පාසල් බෑග ඇතුලු ලිපි ද්‍රව්‍ය සිසුන් වෙත බෙදා දීම...
05/06/2024

සිරස මාධ්‍ය ආයතනය හා LOLC මූල්‍ය ආයතනය එක්ව පාසල් සිසුන්ට පරිත්‍යාග කළ පාසල් බෑග ඇතුලු ලිපි ද්‍රව්‍ය සිසුන් වෙත බෙදා දීමේ අවස්ථාව

පෙරියකුලම මහා විදුහලේ සෞඛ්‍යදාන කණ්ඩායම විසින් එහි පවත්වනු ලැබූ විභාගය සමත් වී සහතික පත් ලබාගත් අවස්ථාව
31/05/2024

පෙරියකුලම මහා විදුහලේ සෞඛ්‍යදාන කණ්ඩායම විසින් එහි පවත්වනු ලැබූ විභාගය සමත් වී සහතික පත් ලබාගත් අවස්ථාව

වෙසක් පොහොය නිමිත්තෙන් සිදු කළ අනෝදා පැළ රෝපණය කිරීමේ වැඩසටහන
27/05/2024

වෙසක් පොහොය නිමිත්තෙන් සිදු කළ අනෝදා පැළ රෝපණය කිරීමේ වැඩසටහන

Address

Periyakulama, Maradankadawala
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Anura MV Periyakulama fb page posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category