05/10/2025
Only 2 days more for Aduru Abhiman 2025 — the moment where we honor the guiding lights who shape generations with wisdom and love. 🌟
Prefects' Guild of Central College Anuradhapura proudly prepares to celebrate the spirit of our beloved teachers. 💐✨
10/07/2025
"ඤාණාගදේන විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජය මංගලානී"
යහපත් උතුම් නැණ බෙලෙන් මුනිදුන් දිනුවෝය.ඒ තේජසින් ඔබට ජය මඟුල් වේවා !
78 වසරක නැණ ප්‍රදානයකින් පසු ,ලැබුවා වූ ජයග්‍රහණ කියා නිම කළ නොහැකි තරම් ය. තවමත් ඒ සුවිසල් මැදි විදු මාතාව සිප් නැණ ප්‍රදානය කරමින් පවතී. මෙතුවක් කල එ ආ ගමන් මඟ සැරසූ සියළු දෙනා සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කරන්නටත්, මැදි විදු මාතාවට මතුත් ජය පැන් ඉසින්නටත් අපි සූදානමින්.
78 වසරක සංවත්සර නිමිත්ත අරමුණු කොටගෙන ආශිර්වාදාත්මක "සර්ව රාත්‍රික පිරිත් දේශනයක්" ජූලි මස 19 වැනි දින රාත්‍රියේ විද්‍යාල පරිශ්‍රයේදී පවත්වන්නට නියමිත ය.
මේ සඳහා විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරුමහත්ම මහත්මීන් ඇතුලු පවුලේ සැමටද, සියලුම සිසු සිසුවියන්ටද, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද ගෞරවයෙන් ඇරයුම් කර සිටිමු!
Designed by : Prabhashana Perera
Captioned by : Kamesha Ghimandini
23/05/2025
Let’s Crown our Centralian🌍🇱🇰
අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අනුදි ගුණසේකර, 72වැනි Miss World තරඟාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ මොහොතේ තරඟ වදිමින් සිටී. Talent Round හා Head To Head Round හි අවසන් වටයට තේරී පත්වීමත් සමඟ, ඇය මධ්‍ය විද්‍යාලීය වටිනාකම්, ගෞරවය සහ පෞරුෂය ජාත්‍යන්තර වේදිකාවට රැගෙන ගොස් තිබේ🔰🇱🇰.
මෙවැනි ගෞරවය සඳහා ඇයට අපගේ ආදරය, සහාය සහ ඡන්දය ලබා දීම අපේ වගකීමයි.
ඔබට හැකි හැම මට්ටමකින්ම ඇයගේ ජයග්‍රහණය සඳහා එකමුතුවෙන් උදව් කරමු👑❤️.
Miss World App එක හරහා Anudi Gunasekara ට සහාය පළකරන්නෙ පහත ආකාරයෙනි 👇
🔹 Anudi ට මේ App එක ප්‍රයෝජනවත් වෙන්නෙ Miss World තරඟාවලියේ Public Engagement සහ Public Votes සලකා බලන Multimedia Challenge සහ Peoples' Choice යන තරඟවට සඳහායි. ඒ සඳහා මුලින්ම ඔබ කරන්න ඕනි Play Store හෝ App Store හරහා Miss World App එක ඩවුන්ලෝඩ් කරගැනීමයි. ඊට ලින්ක්ස් පහතින් දැක්වෙනවා.
Android (Google Play Store):
https://play.google.com/store/apps/details?id=io.deweb.messageboard.missworld
iOS (Apple App Store):
https://apps.apple.com/lk/app/miss-world-mw/id6499343140
🔹 App එක දාගත්තාම ඒකට account එකක් හදාගන්න අවශ්‍ය වෙනවා. ඔයාලාගේ gmail account එකෙන්ම ලේසියෙන් ඒකට register වෙන්න පුළුවන්. ඊටපස්සෙ user name එකක් හදාගන්න තියෙන්නෙ.
🔹 Log වුණාට පස්සෙ Countries List එකට ගිහින් Sri Lanka කියලා තෝරලා, Miss World Sri Lanka Community එකට ජොයින්වෙන්න ඕනි.
🔹 ඒ යටතේ ඔයාලාට පෙනෙයි Anudi Gunasekara කියන profile එක ඒක තමයි ෆලෝකරන්න ඕනි.
🔹 අනුදිව ෆලෝකරාම ඔයාලාට පෙනෙයි එතන channels දෙකක් තියෙනවා කියලා, Miss World Sri Lanka සහ Miss World කියලා මෙන්න මේ channels දෙකේම Anudi Gunasekara කියන ප්‍රොෆයිල් එකෙන් වෙන වෙනම පෝස්ට් දානවා. ඒ පෝස්ට් එක්ක වෙන වෙනම අපි එන්ගේජ් වෙන්න ඕනි.
🚩 සැ.යු: මේ වෙනකොට ගොඩාක් අය වැඩිපුරම engage වෙලා තියෙන්නෙ Miss World Sri Lanka කියන චැනල් එක එක්කයි. ඒ නිසා Miss World Sri Lanka එකට සාපේක්ෂව Miss World චැනල් එකේ අනුදිගෙ රීච් එක සෑහෙන අඩුයි.මේ නිසා අනිවාර්යයෙන්ම අනුදිගෙ Miss World චැනල් එක උඩට ගේන්න, ඒකෙ තියෙන පෝස්ට් වලටත් ලයික් කරන්න සහ කමෙන්ට් කරන්න !!
🔹 ඊලඟට ඔයාලා අනුදි වෙනුවෙන් App එකේ පෝස්ට්ස් හදනවා නම්, එතනත් අර වගේම Miss World Sri Lanka සහ Miss World කියලා චැනල්ස් දෙක වෙන වෙනම සිලෙක්ට් කරන්න පුළුවන්.ඒකෙදිත් අර වගේම Miss World කියන එක වැඩිපුර භාවිතා කරන්න, පුළුවන් නම් චැනල්ස් දෙකටම පෝස්ට්ස් දාන්න.
✳️Leaderboard එක
🔹 අනුදිගෙ ප්‍රොෆයිල් එකේ එන්ගේජ්මන්ට් එක අනුව එයාට ලකුණු ලැබෙනවා. ඒ ලැබෙන ලකුණු වලට අනුව එයා අනික් තරඟකාරිනියන්ට සාපේක්ෂව කොතනද ඉන්නෙ කියලා ඔයාලාට Leaderboard එකේ බලාගන්න පුළුවන්. මෙතනත් Leaderboards දෙකක් තියෙනවා, Miss World Sri Lanka සහ Miss World වෙනුවෙන්.අර උඩින් කියපු විදිහට මේ දෙකට වෙන වෙනමයි අනුදිට ලකුණු ලැබෙන්නෙ. Miss World Sri Lanka Leaderboard එක කියන්නෙ ලංකාවෙ අපේ community එකට විතරක් අදාළ එකක්. තරඟයට අදාළ වෙන්නෙ Miss Word Home එකේ Leaderboard එකයි. ඒ නිසා අපි අනුදිව උඩට ගේන්න ඕනි මේ MWHOME කියන Leaderboard එකෙයි ‼️
🔹 ඒ වගේම මේ Leaderboards වල ඔයාලාට පෙනෙයි missworldsrilanka කියලා entry එකක්. ඒක අනුදිගෙ profile එකක් නෙමෙයි, Miss Sri Lanks Official Page එක.ඒකත් ෆලෝකරලා එන්ගේජ් වෙන්න, අප්ඩේට්ස් ගන්න.
‼️ හැබැයි ලකුණු ලැබෙන්නෙ ඒකට නෙමෙයි, Anudi Gunasekara කියන profile එකට. ඒ නිසා අපි අවධානය දෙන්න ඕනි Anudi ගෙ ප්‍රොෆයිල් එකටයි‼️
🔹 ඒ වගේම Anudi ගෙ ප්‍රොෆයිල් එකෙන් පෝස්ට් එකක් දැම්මාම ඔයාලාට notification එකක් පෙන්නයි Notifications section එකේ. ඒකෙත් උඩ කිව්වා වගේම චැනල්ස් දෙකට වෙන වෙනම නොටිෆිකේශන්ස් පෙන්නනවා. එතකොට ඒ දෙකටම ගිහින් වෙන වෙනම ලයික් කරන්න,comment කරන්න අමතක කරන්න එපා.
⚠️ මේ App එකේ engagement එක බලන Multimedia Challenge එක ළඟ ළඟම එනවා. Peoples' Choice voting round එක එන්නෙ ඊටපස්සෙයි. Multimedia Challenge වටය ජයග්‍රහණය කළොත් අපේ කෙල්ල කෙළින්ම Top 40 ඇතුළෙ. ඒ නිසා අපි පුළුවන් තරම් හැකි විගසම අනුදිව Leaderboard එකේ උඩටම ගේන්න බලමු. ඒකට ඔයාලාගෙ Likes,comment පෝස්ට් විතරක් නෙමෙයි, Anudi Gunasekara කියන profile එකට ලැබෙන views ගාණ පවා ගණන් ගැනෙනවා. ඒ නිසා පුළුවන් නම් මේ ටිකේ දවසට දෙතුන් පාරක් වත් Anudi Gunasekara කියන ප්‍රොෆයිල් එක App එකෙන් view කරන්න…
චිරං ජයතු මැදිමාතා 💐🔰❤
Designed by - Prabhashana Perera
15/05/2025
5 වැනි රාජධානි සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේදී පොළොන්නරුව රාජකීය විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 130ක පහසු ජයක් ලබමින් තරග ඉතිහාසයේ තම තෙවැනි ජය ලැබීමට අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය පසුගිය දා සමත්විය.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පළමු වරට තෙදින තරගයක් ලෙස පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය හිමිකරගත් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඇරැයුමෙන් පළමුව පන්දුවට පහරදුන් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය සියල්ලන් දැවී ලකුණු 336 ක් රැස් කළේය. අංක 7 පිතිකරු නායක කවිඳු විමලසූරීය පන්දු 111 කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 124 ක් රැස් කළේය. පන්දුවෙන් දස්කම් දැක්වු ජිනාජිත් වීරමුණි ලකුණු 76 කට කඩුලු 6ක් දවාලීය.
පිළිතුරු ඉනිම දියත් කළ පොළොන්නරුව රාජකීය විද්‍යාලයට පළමු ඉනිම වෙනුවෙන් රැස්කරගත හැකිවූයේ ලකුණු 123ක් පමණි. එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූ කවිඳු විමලසූරිය ලකුණු 19කට කඩුලු 5ක් දවාලීය.
ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 213 ක් පසුපසින් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ පොළොන්නරුව රාජකීය පිල ලකුණු 83 කට සීමා කිරීමට අනුරාධපුර මැදි විදුහල් පිලේ දහම් සෙනෙවිරත්න සහ නිර්මාල් තිලකසිරි ප්‍රධාන දායකත්වය සපයා තිබිණි.
පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් දැක්වූ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ නායක කවිඳු විමලසූරිය තරගයේ වීරයා සහ තරගයේ දක්ෂතම පිතිකරු ලෙස සම්මාන දෙකකට හිමිකම් කීය. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ පීනාපිත් වීරමුණි තරගයේ දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන ලැබීය.
Credits : අද මව්බිම Newspaper
Template Design : Prabhashana Perera
15/05/2025
The wait is over!
The Official Photo Albums of Battle of the Kingdoms 2025 are now RELEASED!🔥
Relive the action, excitement, and unforgettable moments.
👉Check them out now: facebook.com/ccapsonline
Designed by : Prabhashana Perera
14/05/2025
Anudi Gunasekara , your journey from our school 🏫 to the Miss World stage 🌍 is nothing short of inspiring ✨. You carry not just a crown 👑, but the hopes and dreams of countless young Sri Lankans 🇱🇰. Your strength, elegance, and purpose make us proud beyond words 💫. As you take each step on this global journey 💥, know that your Central family is cheering you on with love and pride ❤️. Go conquer the world, queen 👸🏻!
🛑This is how we support her let’s cheer for Anudi on her Miss World journey😍⚡️: https://www.facebook.com/share/v/1Krqm62215/?mibextid=wwXIfr
Designed & Captioned by : Sithum Manvidu