Niwaththakachethiya National College Media Unit - Anuradhapura

Niwaththakachethiya National College Media Unit - Anuradhapura Official page Of Niwaththakachethiya National College Media Unit.

අනුරාධපුර නිවත්තකචේතිය ජාතික පාසලේ කලා අංශය විසින් පළමු වරට සංවිධානය කරන, "චේතිය මහා සුප් දන්සල" මැයි මස 27 වන දින ප.ව.1...
22/05/2026

අනුරාධපුර නිවත්තකචේතිය ජාතික පාසලේ කලා අංශය විසින් පළමු වරට සංවිධානය කරන,
"චේතිය මහා සුප් දන්සල" මැයි මස 27 වන දින ප.ව.1.30 සිට පාසල ඉදිරිපිට දී පැවැත්වේ.බැති සිතින් ඔබ සැමට ආරාධනා !🙏🙏🙏




අප විද්‍යාලියීය වාණිජ අංශය මඟින් සංවිධානය කරනු ලැබූ "ප්‍රහස්ථ" වාණිජ පොළ මෙවරත් සාර්ථක අන්දමින් පාසල් ක්‍රීඩාංගනයේදී පවත...
21/05/2026

අප විද්‍යාලියීය වාණිජ අංශය මඟින් සංවිධානය කරනු ලැබූ "ප්‍රහස්ථ" වාණිජ පොළ මෙවරත් සාර්ථක අන්දමින් පාසල් ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.




2026 අනුරාධපුර කලාප, නැ.නු.ප. කොට්ඨාස ක්‍රීඩා තරඟාවලියේදී විශිෂ්ට ජයග්‍රහණ රැසක් හිමි කර ගත්  අප විද්‍යාලීය ක්‍රීඩා අංශය...
20/05/2026

2026 අනුරාධපුර කලාප, නැ.නු.ප. කොට්ඨාස ක්‍රීඩා තරඟාවලියේදී විශිෂ්ට ජයග්‍රහණ රැසක් හිමි කර ගත් අප විද්‍යාලීය ක්‍රීඩා අංශයට උණුසුම් සුභ පැතුම්!




අනුරාධපුර නිවත්තකචේතිය ජාතික පාසල සහ අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලය අතර පැවැත්වෙන සන්දුල් සංග්‍රාම ක්‍රිකට් ගැ...
19/05/2026

අනුරාධපුර නිවත්තකචේතිය ජාතික පාසල සහ අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලය අතර පැවැත්වෙන සන්දුල් සංග්‍රාම ක්‍රිකට් ගැටුම 2026,රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ දී ජූනි මස 27,28 දිනයන්හි දී පැවැත්වීමට නියමිත අතර
ඒ සම්බන්ධ සාකච්ඡාව පාසල් ද්විත්වයේ විදුහල්පතිවරුන් හා ආදි ශිෂ්‍ය සංගම් සමඟ පසුගිය දා අප විද්‍යාලියීය විදුහල්පති කාර්යාලයේදී පැවැත්විණි.




අප විද්‍යාලයේ 92වන සංවත්සරයට සමගාමීව,සාලියපුර වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටි මා පියන් වෙනුවෙන් පැවැත්වූ "මාපිය හරසර ප...
09/05/2026

අප විද්‍යාලයේ 92වන සංවත්සරයට සමගාමීව,සාලියපුර වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටි මා පියන් වෙනුවෙන් පැවැත්වූ "මාපිය හරසර ප්‍රසංගය"




අප විද්‍යාලයේ 92 වන සංවත්සරයට සමගාමීව විද්‍යා හා ගණිත අංශවල ගුරුභවතුන්ගේ හා සිසු දරු දැරියන්ගේ සංවිධාන ශක්තියෙන් ,"සරණ" ...
08/05/2026

අප විද්‍යාලයේ 92 වන සංවත්සරයට සමගාමීව විද්‍යා හා ගණිත අංශවල ගුරුභවතුන්ගේ හා සිසු දරු දැරියන්ගේ සංවිධාන ශක්තියෙන් ,"සරණ" ළමා නිවාසයේ නේවාසික දරු දැරියන් වෙනුවෙන් දිවා ආහාරය හා අවුරුදු ක්‍රීඩා ඇතුලත් රසවින්දනාත්මක වැඩසටහනක් අප විද්‍යාලීය නියමුවානන් වන ගරු එස්. එම්. කුසුම් තිලක් විදුහල්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2026.05.07 වන දින පවත්වන ලදී..




අප පාසලේ 92 වන සංවත්සරයට සමගාමීව උසස් පෙළ කලා අංශය හා ද්වීභාෂා අංශයේ පූර්ණ දායකත්වයෙන්,අනුරාධපුර මහ රෝහලෙහි අංක 08, සහ 3...
06/05/2026

අප පාසලේ 92 වන සංවත්සරයට සමගාමීව උසස් පෙළ කලා අංශය හා ද්වීභාෂා අංශයේ පූර්ණ දායකත්වයෙන්,අනුරාධපුර මහ රෝහලෙහි අංක 08, සහ 38 හා යන වාට්ටුවල නේවාසික රෝගීන් සඳහා අද දින දිවා ආහාරවේල ලබා දීම සහ රසවින්දනාත්මක වැඩ සටහනක් ගරු එස්.එම්. කුසුම් තිලක් විද්‍යාලාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්,විද්‍යාලීය ගුරුභවතුන්ගේ හා ශිෂ්‍යනායක සංසදයේ දරුදැරියන්ගේ සහභාගීත්වයෙන් හා සංවිධාන ශක්තියෙන් අද දින එම රෝහල් පරිශ්‍රයේදී සිදුකරන ලදී.




අප පාසලේ 92 වන සංවත්සරයට සමගාමීව සාලියපුර "සතුට"ළමා නිවාසයේ නේවාසික දරුවන්ගේ සතුට වෙනුවෙන් ත්‍යාග බෙදාදීමක් හා රසවින්දනා...
04/05/2026

අප පාසලේ 92 වන සංවත්සරයට සමගාමීව සාලියපුර "සතුට"ළමා නිවාසයේ නේවාසික දරුවන්ගේ සතුට වෙනුවෙන් ත්‍යාග බෙදාදීමක් හා රසවින්දනාත්මක වැඩ සටහනක් ගරු එස්.එම්. කුසුම් තිලක් විද්‍යාලාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හා ශිෂ්‍යනායක සංසදයේ දරුදැරියන්ගේ සංවිධාන ශක්තියෙන් අද දින එම නේවාසික පරිශ්‍රයේදී සිදුකරන ලදී.




අප විද්‍යාලයේ 92වන සංවත්සරයට සමගාමීව ආශිර්වාද ආලෝක පූජාවක් හා ධර්ම දේශනාවක් 2026.05.01.වන දින අප  විද්‍යාලීය භූමියේදී පව...
01/05/2026

අප විද්‍යාලයේ 92වන සංවත්සරයට සමගාමීව ආශිර්වාද ආලෝක පූජාවක් හා ධර්ම දේශනාවක්
2026.05.01.වන දින අප විද්‍යාලීය භූමියේදී පවත්වන ලදී.




චේතියයන්ගේ ප්‍රෞඪ වංශ කතාවේ අභිමානවත් අනූ දෙවසරක සැමරුම...ප්‍රඥා ප්‍රදීපයෙන් සුවහසක් දැයේ දරු දැරියන්ගෙ සිප් නැණ පාදමින්...
30/04/2026

චේතියයන්ගේ ප්‍රෞඪ වංශ කතාවේ අභිමානවත් අනූ දෙවසරක සැමරුම...

ප්‍රඥා ප්‍රදීපයෙන් සුවහසක් දැයේ දරු දැරියන්ගෙ සිප් නැණ පාදමින්,
නිවත්තකචේතිය විදු මව් නාමය සිරිලක පුරාවට ම චිරාත් කාලයක්
යෙහෙන් වැජඹේවා..!




අප පාසලේ 92 වන පාසල් දින සැමරුමට සමගාමීව විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කෙරේ...
30/04/2026

අප පාසලේ 92 වන පාසල් දින සැමරුමට සමගාමීව විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කෙරේ...




Address

Anuradhapura

Alerts

Be the first to know and let us send you an email when Niwaththakachethiya National College Media Unit - Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Niwaththakachethiya National College Media Unit - Anuradhapura:

Shortcuts

Share

Category