Student Action Committee - University College Of Anuradhapura

Student Action Committee - University College Of Anuradhapura නිදහස් අධ්‍යාපනය රැකගැනීම උදෙසා

මිතුදමට එහා ගිය සහෝදරත්වයෙන් බැදෙමු අපි එක්ව සිට මේ මොහොතේ අපේම සොයුරිය වෙනුවෙන්!! අනුරාධපුර විශ්ව විද්‍යාලය විද්‍යාතනයේ...
21/07/2026

මිතුදමට එහා ගිය සහෝදරත්වයෙන් බැදෙමු අපි එක්ව සිට මේ මොහොතේ අපේම සොයුරිය වෙනුවෙන්!!

අනුරාධපුර විශ්ව විද්‍යාලය විද්‍යාතනයේ පසු අස්වනු කලමනාකරන තාක්ශන දෙපාර්තුමේන්තුවේ 2022 ශිෂය කන්ඩායමේ ඉගෙනුම ලබන රහීමා සොයුරිය මේ වන විටත් දැඩි ලෙස පිළිකා රෝගයෙන් පෙලෙන අතර , මේ වන විටත් ඇය රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටී. මේ අපගේ උදව් ඇයට අවශ්‍යම මොහොතයී. ඇයගේ ඉදිරි ප්‍රතිකාර හා ඖෂධ සදහා විශාල මුදලක් අවශය කර තිබේ. දිනෙන් දින ඉහල යන ඖෂධ මිල හා ප්‍රතිකාර වියදම දරා ගැනීමට ඇයට මේ මොහොතේ දැඩි අපහසුතාවකට ලක්ව තිබේ. මේ වෙහෙසකර කාර්තුවේ හැකි අයුරින් කුඩා මුදලකින් හෝ උදව් කර අපි අපගේ සොයුරියගේ ජීවීතය වෙනුවෙන් පෙනී සිටිමූ.
ඔබ ලබා දෙන සෑම රුපියලක්ම ඇයගේ දිවි රැක ගැනීමට රුකුලකී....❤️

DONATE NOW 🙏

Account Holder Name - G.G .L P. B Dharmarathna
Bank and Branch - BOC Bank , Pujapitiya Branch
Account Number - 84959947
Mobile Number - 075-4456622

⭕ඔබගේ පරිත්‍යාගයට අදාල රිසිට් පත ඉහත සදහන් Whatsapp අංකයට නම ,විශ්වවිද්‍යාල විද්‍යාතනය සහ ශිෂ්‍ය කණ්ඩායම ඇතුලත් කර යොමු කරන්න.

⭕මෙහිදි ඔබ පරිත්‍යාග කරන සියලුම මුදල් වල නම් ඇතුලත් විස්තරය අපගේ 2022 නිල ශිෂ්‍ය කණ්ඩායම් සමූහයේ පල කරණු ලබයි.

ස්තූතියි! 2022 Batch UCA

20/06/2026

" හෙට දින වෙනුවෙන් අද දවස කැප කළ අමරණීයයන්ගේ මතකයයි! "

"නූපන් පරපුරක හෙට දිනය වෙනුවෙන් තම අද දිනය කැපකල අභීත දූ පුතුන් පිරිසක් මිහිතලය මත මිහිදන් වූහ!"

නිදහස් අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙනුත්, මතු පරපුරේ සුරක්ෂිතභාවය වෙනුවෙනුත් දිවි පිදූ, සටන් වැදුණු ඒ අභීත ශිෂ්‍ය වීරයන් අපට දැක්වූ අසීමිත ප්‍රේමය සදා අනුස්මරණීයයි. ඔවුන්
උරුම කර දුන් නිදහස රැකගැනීමටත්, අයිතිවාසිකම් දිනාගැනීමටත් පෙළගැසෙන සිසු පරපුරේ අභිමානය රැකගමු .

"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ"

"அவர்கள் உங்களை வரம்பින්றி நேசித்தனர்"

"They have loved you unconditionally"

නිදහස් අධ්‍යාපනයේ සහ ශිෂ්‍ය අයිතිවාසිකම්වල නාමයෙන් ඉතිහාසය රන් අකුරින් ලියූ ඒ විරුවන්ගේ මතකය හදවත් තුළ දල්වා ගනිමු.

🎓 Student Action Committee - University College of Anuradhapura
🎓 ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව - විශ්ව විද්‍යාල විද්‍යායතනය අනුරාධපුර

"විද්‍යායතනය යනු උගතුන්ගේ තක්සලාවකි; නූගතුන් රජ කරන වධකාගාරයක් නොවේ!" ​"අකුරු උගන්වන දේශකයා පීඩිත කොට, අකුරු නොදත් අනධ්‍...
07/06/2026

"විද්‍යායතනය යනු උගතුන්ගේ තක්සලාවකි; නූගතුන් රජ කරන වධකාගාරයක් නොවේ!"

​"අකුරු උගන්වන දේශකයා පීඩිත කොට, අකුරු නොදත් අනධ්‍යන හෙංචයියන් රජ කරවන මේ 'පිළිකුල් සහගත පාලනය' වහාම හකුලා ගනු!"

​අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනය තුළ අද සිදුවන්නේ සමස්ත අධ්‍යාපන පද්ධතියටම මරණ සහතිකය ලියන නින්දිත ක්‍රියාවලියකි. දහඩිය හෙළා අපට දැනුම දෙන ගෞරවනීය දේශකවරුන්ගේ වෘත්තීය අභිමානය පාගා දමමින්, ඔවුන්ව මර්දනය කරමින්, පරිපාලන පුටුවල සැඟවී සිටින "නූගත් මාෆියාවක්" අද මුළු විද්‍යායතනයම තම ග්‍රහණයට ගෙන ඇත. තොප සිතන්නේ පරිපාලන බලය පාවිච්චි කර දේශකයන්වත්, ශිෂ්‍යයන්වත් බිය ගැන්විය හැකි බවද? උගතුන් දණගසා සිටින තැනක, නූගතුන් සෙල්ලම් දමන මේ විකෘති පාලනයට එරෙහිව අනුරාධපුර විශ්ව විද්‍යාල විද්‍යායතනය සිසු බලය අද පෙන්වීමට සූදානම්ය.
​දේශකයන් යනු ශිෂ්‍යයන්ගේ මග පෙන්වන්නාය. දේශකයා මර්දනය කරනවා යනු ශිෂ්‍යයාගේ අනාගතය අඳුරු කිරීමකි. AC කාමරවල සැඟවී තොප දමන පෑන් පාරට වඩා, අපේ ගුරුවරුන්ගේ ගෞරවය සුරැකීම අපට වටින්නේය. විද්‍යායතනය යනු පරිපාලන නිලධාරීන්ගේ "බප්පාගේ බූදලයක්" නොව, අපේ දහඩියෙන් සහ කඳුළෙන් ගොඩනැගුණු අනාගතයේ උල්පතයි. පරිපාලනයේ නාමයෙන් සිදු කරන මේ ම්ලේච්ඡ කුහකත්වය සහ අත්තනෝමතික මර්දනය වහාම නතර කරනු! නැතහොත් තොපේ කුහක සිංහාසන සිසු බලය හමුවේ සුනුවිසුනු වන දිනය වැඩි ඈතක නොවන බව මතක තබා ගනු!.

​සහෝදරයා... සහෝදරිය... නිහඬව සිටියා ඇති! උගතුන් පීඩාවට පත් වන තැනක, නූගතුන් රජ කරන තැනක යුක්තියක් බලාපොරොත්තු විය නොහැක. මේ කුහක අනධ්‍යන පාලනය පලවා හැරීමටත්, දේශකයන්ගේ සහ ශිෂ්‍යයන්ගේ අයිතීන් ජයග්‍රහණය කරවීමටත් එකා මෙන් පෙළගැසෙමු!.

​"උගතුන් පීඩිත තැන - නූගතුන් රජ කරන පාලනය පලවා හරිමු!"

ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව - අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනය

"බොරු පොරොන්දු දී අපේ උරුමය සූදුවට තැබූ රාජ්‍ය පාලකයිනි, තොපේ 'දේශපාලන රංගනය' අදින් අවසන්! AC කාමරවල සැඟවී අපේ ඉඩම 'කැබල...
12/04/2026

"බොරු පොරොන්දු දී අපේ උරුමය සූදුවට තැබූ රාජ්‍ය පාලකයිනි, තොපේ 'දේශපාලන රංගනය' අදින් අවසන්! AC කාමරවල සැඟවී අපේ ඉඩම 'කැබලි' කරන රාජ්‍ය පරිපාලන මාෆියාව සිසු බලය හමුවේ කුඩුපට්ටම් කිරීමට අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතන සිසු ගිනිකන්ද අද වීදි බැස අවසන්!"

සහෝදරයා... සහෝදරිය... මේ අරගලය අපේ අනාගතය වෙනුවෙනි. රාජ්‍ය පරිපාලනයේ මේ ද්‍රෝහීකමට එරෙහිව එකා මෙන් පෙළගැසෙමු! තොප අපේ ඉඩම ලබා නොදෙන්නේ නම්, අපේම දිනයකදී එය බලහත්කාරයෙන් හෝ උදුරා ගැනීමට අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතන සිසු බලය සූදානම්ය!

🚩✊

ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව - අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනය
Student Action Committee - University College Of Anuradhapura

"රාජ්‍ය පරිපාලනයේ 'නින්දිත රැවටිල්ල' සහ ආණ්ඩුවේ 'ද්‍රෝහීකම' හමුවේ - අනුරාධපුර සිසු බලය රවටන්නට ඉඩ නොදෙමු!" ​"මීටින් පවත්...
10/03/2026

"රාජ්‍ය පරිපාලනයේ 'නින්දිත රැවටිල්ල' සහ ආණ්ඩුවේ 'ද්‍රෝහීකම' හමුවේ - අනුරාධපුර සිසු බලය රවටන්නට ඉඩ නොදෙමු!"

​"මීටින් පවත්වා, දෑස්වලට වැලි ගසා අපව මුලා කළ රාජ්‍ය පාලකයිනි... තොපේ 'බොරු පොරොන්දු' වල රෙදි ගැලවෙන හෝරාව එළඹ ඇත! අපේ උරුමය වූ ඒ ඉඩම 'කෑලි' වලට බෙදා අපව රවටන්නට දරන නින්දිත උත්සාහය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු!"
​අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනයට හිමිවිය යුතු සම්පූර්ණ භූමිය ලබා දෙන බවට ආණ්ඩුව එදා මීටින් තබා පොරොන්දු වූයේ, ශිෂ්‍ය අපේ කටවල් වසා දැමීමටද?. අද වන විට රාජ්‍ය පරිපාලන නිලධාරීන් සහ ආණ්ඩුව එක්ව රහසිගතව ගිවිසුම් ගසා, අපේ අයිතිය වූ ඒ ඉඩමෙන් ඉතා කුඩා කොටසක් පමණක් ලබා දී ශිෂ්‍යයන්ව රවටා මඟහැරීමට තීරණය කර ඇත. මෙය හුදෙක් වංචාවක් නොව, අනාගත පරපුරක අධ්‍යාපනය වළපල්ලට ඇද දමන මහා රාජ්‍ය පාවාදීමකි!

සහෝදරයා... සහෝදරිය... මේ ඡායාරූපවල ඔබ දකින්නේ හුදෙක් වීදියේ වාඩි වී සිටින පිරිසක් නොව, රාජ්‍ය පාලකයන්ගේ වංචනික පොරොන්දු හමුවේ රවටනු ලැබූ 'සිසු ගිනිකන්දකි'. අපේ සම්පූර්ණ ඉඩම අපට ලැබෙන තෙක්, මේ වංචනික රාජ්‍ය පාලනයට තිත තබන තෙක් අපේ අරගලය වීදියෙන් පසුබසින්නේ නැත!

​"වංචාවෙන් මුලා කළ කාලය අවසන් - දැන් ඇත්තේ සටනෙන් අයිතිය උදුරා ගැනීමේ හෝරාවයි!"

ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව - අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනය
🚩✊

"පරිපාලනයේ කුහක බලකොටු දෙදරවා හරින සිසු අරගලයේ රතු එළිය !" ​පාලකයනි, මේ දකින්නේ තොපේ අමනෝඥ, හිතුවක්කාරී පාලනයෙන් පීඩිත ව...
10/02/2026

"පරිපාලනයේ කුහක බලකොටු දෙදරවා හරින සිසු අරගලයේ රතු එළිය !"

​පාලකයනි, මේ දකින්නේ තොපේ අමනෝඥ, හිතුවක්කාරී පාලනයෙන් පීඩිත වූ ශිෂ්‍යත්වයේ පුපුරා යාමයි! මර්දනයේ යදම්වලින් අපේ හඬ සිරකළ නොහැකි බව දැන්වත් පසක් කර ගනිවු.

​මේ නිහඬව හිඳගෙන සිටින්නේ ඉවසීමේ අවසන් සීමාවේය. පිළිතුරු නොලැබෙන තාක්, මේ මහා සිසු පවුර අඩියක්වත් පසුපසට නොගනු ඇත.

​"අයිතිය උදුරා ගන්නා තෙක් - සටන අත් නොහරිනු!"
✊🚩

ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව - University College of Anuradhapura

08/02/2026

අපට හිමි විය යුතු ඉඩම ලබා දෙනවා වෙනුවට පාලකයන් තවමත් කරන්නේ 'බොරු කයිවාරු' ගැසීම පමණි. අපේ ඉවසීමේ සීමාව දැන් අවසන්!

​පාලකයිනි, තීරණය ඔබේ අතේය. යුක්තිය ඉටු නොවන්නේ නම්, මුළු අපුර විද්‍යාර්ථයින් පාරට බසින දිනය වැඩි ඈතක නොවේ. අයිතීන් දිනා ගන්නා ඒ තීරණාත්මක සටනට සූදානම් වන්න!

​"දෙනවා කියූ ඉඩම තවමත් පොරොන්දු පත්තරවලට පමණක් සීමා වී ඇත! පාලකයිනි, අපව රවටා අවසන් යැයි සිතන්න එපා - සැබෑ සටන දැන් ආරම්භ වනු ඇත!"
​අපේ උරුමය අපට ලබා දෙනවා වෙනුවට පලකයින් කරන්නේ කාලය මරමින් සිසුන් රවටන දේශපාලන සූදුවකි. අප ඉල්ලන්නේ දන්සැලක් නොව, අපේම ඉඩමයි! වසර ගණනාවක් තිස්සේ අපව මුළා කළ තොපේ 'බොරු කයිවාරු' වලට තිත තබන්නට අනුරාධපුරයේ සිසු බලය දැන් සන්නාහ සන්නද්ධ වී හමාරයි.
​අයිතිය දෙනවා යැයි කියා තවදුරටත් අපව නිහඬ කළ නොහැක. පොරොන්දු ඉටු නොකරන්නේ නම්, එම අයිතීන් බලෙන් හෝ උදුරා ගන්නා 'රැඩිකල්' සටනකට අපි සූදානම්! ✊

​​"ලියූ පොරොන්දු කොළවලටම සීමා වෙද්දී,
අපේ අයිතීන් පාලක පාමුල පෑගෙද්දී,
තවත් බලන් ඉන්නට අපට නොහැක...
සහෝදරයා! සටනට සැරසෙන්න, ඉක්මනින්ම වීදියේ හමුවෙමු!"

ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව - University College of Anuradhapura

2013 දී අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනය හට අක්කර 2 රූට් 2 පර්චර්ස් 16 භූමි ප්‍රමානයක් වෙන්කර තිබුනද මේ වන විටත් විද්...
07/02/2026

2013 දී අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනය හට අක්කර 2 රූට් 2 පර්චර්ස් 16 භූමි ප්‍රමානයක් වෙන්කර තිබුනද මේ වන විටත් විද්‍යායතනය වෙත වෙන්කර ඇත්තේ පර්චස් 80 වක පමන කුඩා ඉඩ ප්‍රමානයකි.මේ වන විට විශ්වවිද්‍යාල විද්‍යායතනය තුල ශිෂ්‍ය කණ්ඩායම් 4 ක සිසුන් 900 අදික ප්‍රාමනයක් වන අතර සිසුන් 600 පමන දෛනික අධ්‍යයන කටයුතු වල නිරත වේ.සිසුන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමටවත් ඉහත කී භූමි ප්‍රමානය ප්‍රමානවත් නොවේ.පවතින රජය සමග මෙම ගැටලුව සාකච්චා කර එම නිලධාරීන් විසින් තීරනය කර සිටියේ මාස දෙකක කාලයකින් විද්‍යායතනයට හිමි භූමිය පවරා දෙන බවයි. නමුත් දෙමසකට වැඩි කාලයක් ගත වුවත් පොරොන්දු වූ පරිදි කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.සිසුන් මුලා කරන මෙම පාවෙන තීන්දු තීරන ශිෂ්‍යයන් වශයෙන් තරයේ හෙලා දකිමු.
#ඉගෙන_ගන්න_ඉඩක්_දියව්

07/02/2026
"වැටෙන සෑම කඳුළක්ම අරගලයක පන්නරයක් කරගනිමු. එක්ව නැගී සිටිමු සහෝදරවරුනි!"✊❤️​අපේ අරගලය හුදෙක් සටන් පාඨවලට පමණක් සීමා වූව...
07/02/2026

"වැටෙන සෑම කඳුළක්ම අරගලයක පන්නරයක් කරගනිමු.
එක්ව නැගී සිටිමු සහෝදරවරුනි!"✊❤️

​අපේ අරගලය හුදෙක් සටන් පාඨවලට පමණක් සීමා වූවක් නොවේ. එය අපේ සහෝදරත්වයේ ප්‍රකාශනයකි.
පාලකයන්ගේ මර්දනයට වඩා, ඔවුන්ගේ බැටන් පොලු වලට වඩා අපේ සහෝදරත්වයේ බැම්ම බලවත්ය.
"​සහෝදරයා, ඔබේ ප්‍රශ්නය මගේත් ප්‍රශ්නයකි. "

ඔබේ අසාධාරණය වෙනුවෙන් මුළු අනුරාධපුර විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවම පවුරක් සේ පෙළගැසී සිටිමු.
අසාධාරණය හමුවේ දණ නොනමන, යුක්තිය උදෙසා එකම හඬින් හඬ නගන සටන්කාමී සහෝදරත්වයට ජය වේවා! 🤝🎓
​දිනන තුරු අත් නොහරින, අත් නොහැරෙන සහෝදරත්වයෙන් පෙරටම.......!

​ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව - University College of Anuradhapura

Address

Anuradhapura

Telephone

+94762874735

Website

Alerts

Be the first to know and let us send you an email when Student Action Committee - University College Of Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share