Mihinthale Maha Vidyalaya

Mihinthale Maha Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mihinthale Maha Vidyalaya, School, Mihinthale, Anuradhapura.

💐 දාරක පරපුරේ ජීවන පෙතිකඩෙහි අඳින ලද තවත් සිතුවමක් 👍👍 මිහින්තලේ මහා විද්‍යාලයේ දාරක පරපුරේ ජීවන පෙතිකඩ උපදේශනාත්මකව තව ත...
17/08/2026

💐 දාරක පරපුරේ ජීවන පෙතිකඩෙහි අඳින ලද තවත් සිතුවමක් 👍👍

මිහින්තලේ මහා විද්‍යාලයේ දාරක පරපුරේ ජීවන පෙතිකඩ උපදේශනාත්මකව තව තවත් සිත්තම් කළ සොඳුරු මොහොත දායාදයක් සේ එකී හයිහත්තිය ලබා දුන් වතුගෙදර නම් වූ සොඳුරු මිනිසාට නොවක් තුති.💐💐💐💐

මෙම වැඩසටහන සඳහා අප විද්‍යාලයේ 6-9 ශ්‍රේණිවල දුවා දරුවන් සහභාගි වූ අතර මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහාය ලබා දුන් අප විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමියන්ලාට, ආචාර්ය මණ්ඩලයේ ගුරුභවතුන්ට හා සියල්ලට නායකත්වය දෙන ගරු විදුහල්පතිතුමාට විද්‍යාලයීය ප්‍රණාමය..💝💝💝

පමාදං අප්පමාදෙන - යදා නුදති පණ්ඩිතෝපඤ්ඤාපාසාදමාරුය්හ - අසෝකෝ සෝකිනිං පජංපබ්බතට්ඨෝව භූමට්ඨේ - ධීරෝ බාලේ අවෙක්ඛති​"නුවණැත්...
29/07/2026

පමාදං අප්පමාදෙන - යදා නුදති පණ්ඩිතෝ
පඤ්ඤාපාසාදමාරුය්හ - අසෝකෝ සෝකිනිං පජං
පබ්බතට්ඨෝව භූමට්ඨේ - ධීරෝ බාලේ අවෙක්ඛති

​"නුවණැත්තා අප්‍රමාදයෙන් ප්‍රමාදය දුරු කරයි. එවිට හෙතෙම ශෝක රහිතව ප්‍රඥා නම් වූ මාලිගාවට නැගී, කඳු මුදුනක සිට බිම සිටින්නන් දෙස බලන්නාක් මෙන්, ශෝක කරන මෝඩ ජනයා දෙස (නුවණින්) බලයි."
​(ධම්මපදය - අප්පමාද වග්ගය)

​මහා බෝසතුන් තුසිත දෙව්ලොවෙන් චුතව මවු කුස පිළිසිඳ ගැනීම, රාහුල කුමරුගේ උපත සිදුවීම, සිදුහත් කුමරු මහා අභිනිෂ්ක්‍රමණය සිදු කිරීම, බුදුරජාණන් වහන්සේ උතුම් වූ දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව සිදු කිරීම, බුද්ධත්වයෙන් ප්‍රථම වස් සමාදානය පස්වග මහණුන් සමග ඉසිපතන මිගදායේ දී සිදුවීම යනාදී ශාසනික සිදුවීම් රැසක් සිදුවූ උතුම් ඇසළ පුර පසළොස්වක පුන් පොහෝ දිනය අදයි...!!
​ඔබ සැමට,
සුපින්බර ඇසළ පුර පසළොස්වක පුන් පොහෝ දිනයක් වේවා..!
​ඇසළ මංගල්‍යය - 2026



*ගිම්හාන පොළ – 6/7 අංශය* 🌞දරුවන්ගේ විෂය භාහිර ක්‍රියාකාරකමක් ලෙසත්, සැබෑ ජීවිත අත්දැකීම් ලබාදීමේ අවස්ථාවක් ලෙසත් *"ගිම්හ...
29/07/2026

*ගිම්හාන පොළ – 6/7 අංශය* 🌞

දරුවන්ගේ විෂය භාහිර ක්‍රියාකාරකමක් ලෙසත්, සැබෑ ජීවිත අත්දැකීම් ලබාදීමේ අවස්ථාවක් ලෙසත් *"ගිම්හාන පොළ"* සංවිධානය කර ඇත. මෙම ක්‍රියාකාරකම ගණිත විෂයට මෙන්ම ,PTS නිපුණතා වර්ධනයට සමගාමීව සැලසුම් කර ඇති අතර, *සැලසුම් කිරීම, මුදල් භාවිතය, ගනුදෙනු කිරීම, සන්නිවේදනය, කණ්ඩායම් වැඩ කිරීම හා වගකීම් දැරීම* වැනි ජීවන කුසලතා ප්‍රායෝගිකව අත්විඳීමට දරුවන්ට මෙය වටිනා අවස්ථාවකි.

අනාගත ව්‍යවසායකයන් බිහිකරනු වස්....

ගිම්හාන පොළ මෙසේ සංවිධානය කරන ලදී.

මෙම කාර්ය සාර්ථක කර ගැනීම සඳහා උදව් උපකාර කළ ගරු විදුහල්පතිතුමා හය හත අංශ ප්‍රධාන නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ම ස්තුතියි. දරුවන්ට ද්‍රව්‍ය සපයා දුන් අපගේ ආදරණීය දෙමාපියන්ට අපට ශක්තියක් වීම වෙනුවෙන් ස්තුතිවන්ත වෙමු.

අපේ දරුවන්ගේ සමාජ මෙහෙය💪💪💪 මාධ්‍ය ඇසෙන් සමාජගත කළ ඔබට තුති💐💐
25/07/2026

අපේ දරුවන්ගේ සමාජ මෙහෙය💪💪💪
මාධ්‍ය ඇසෙන් සමාජගත කළ ඔබට තුති💐💐

💐💪💪💪💐 අපේ දරුවන්ගේ සමාජ මෙහෙය මාධ්‍ය ඇසෙන් සමාජගත කළ ඔබට තුති🙏
25/07/2026

💐💪💪💪💐
අපේ දරුවන්ගේ සමාජ මෙහෙය මාධ්‍ය ඇසෙන් සමාජගත කළ ඔබට තුති🙏







Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

🎭ඩෙංගු උවදුරෙන් මිහින්තලේ ප්‍රජාව රැකගන්නට මිහින්තලා මහා විද්‍යාලයේ දූ දරුවන්ගෙන් විශිෂ්ට සමාජ මෙහෙවරක්! 🎭​ඩෙංගු රෝග ව්‍...
25/07/2026

🎭ඩෙංගු උවදුරෙන් මිහින්තලේ ප්‍රජාව රැකගන්නට මිහින්තලා මහා විද්‍යාලයේ දූ දරුවන්ගෙන් විශිෂ්ට සමාජ මෙහෙවරක්! 🎭

​ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සහ ඒ පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම අරමුණු කරගනිමින්, අප මිහින්තලා මහා විද්‍යාලයේ දූ දරුවන් විසින් සංවිධානය කළ වීදි නාට්‍ය සහ පෝස්ටර් ප්‍රදර්ශනය ඉහළ ප්‍රජා ප්‍රතිචාර මධ්‍යයේ සාර්ථකව පවත්වා අවසන් කරන ලදී. 🦟🚫
​තමන්ගේ රංගන කෞශල්‍යය සහ නිර්මාණශීලීත්වය උපයෝගී කරගනිමින්, මුළු මහත් මිහින්තලේ ප්‍රජාවම දැනුවත් කිරීමට කැපවූ අපගේ ආදරණීය දූ දරුවන් හට අපගේ හදපිරි උණුසුම් සුබපැතුම් සහ ප්‍රණාමය! ❤️👏
​එමෙන්ම, මෙම කර්තව්‍යය සාර්ථක කරගැනීම වෙනුවෙන් දූ දරුවන් පිටුපස සිටිමින් නොමද සහයෝගයක් සහ මගපෙන්වීමක් ලබා දුන් විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා ඒකකයටත්, කැපවීමෙන් කටයුතු කළ ගුරු මණ්ඩලයටත් අපගේ ගෞරවනීය ස්තුතිය පිරිනමන්නෙමු. 🙌✨
👉💪 මෙම කාර්යය සම්බන්ධීකරණය සිදු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමන්ලා ඇතුලු මිහින්තලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සියලුම දෙනාටත්,

👉💪 මෙම කාර්ය සාර්ථක කර ගැනීමට අවශ්‍ය ආරක්ෂක කටයුතු සිදු කර දුන් මිහින්තලේ පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙමු.

​ඔබගේ මෙම පූර්වාදර්ශී සමාජ මෙහෙවර අප විද්‍යාලයට මහත් අභිමානයකි! 🏫🌟

24/07/2026

ගිම්හාන පොල

22/07/2026
22/07/2026

අද වීදි ගතවන මිහින්තලා මහා විද්‍යාලයීය විදි නාට්‍ය බලකාය

Address

Mihinthale
Anuradhapura
50300

Alerts

Be the first to know and let us send you an email when Mihinthale Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category