12/06/2026
මියැසි නිම්නය සාහිත්‍ය රසවින්දන වැඩසටහන🎺🪘🥁🪕🎻🎻
10,11,12,13 සිසු දරු දැරියන්ගේ සාහිත්‍ය රසවින්දන හැකියාව වැඩි දියුණු කිරීමේ අරමුණින් විද්‍යාලීය සිංහල අංශය විසින් සංවිධානය කරන ලද වැඩසටහනකි. මේ සඳහා සම්පත් දායකත්වය සැපවූයේ නන්දන සමන් කුඹලාතර මහතා විසිනි.
🎷🎺🪘🥁🪕🎻🎻🎸🪇🪈🪗🎸🎹🎻
09/06/2026
සොබා දහමට හසුන්පත් ලියූ අපේ දරුවන් කිහිපදෙනෙක්....
සොබා දහමට හසුනක් වැඩසටහන
2026.06.05
Clean Sri Lanka
#ස්වභාදහමටහසුනක්
09/06/2026
ජුනි මස 5 වැනිදාට යෙදෙන ලෝක පරිසර දිනය නිමිති කරගනිමින්, අප පාසලේ දූ දරුවන්ගේ පරිසර ලැදියාව සහ නිර්මාණශීලීත්වය අවදි කළ අපූරු වැඩසටහනක් පසුගියදා පාසල් පරිශ්‍රයේදී ඉතා සාර්ථකව පවත්වන ලදී.
🌿🌿🌿🌿🌿🌿☘️☘️☘️☘️🌿🌿🌿🌿
"සොබාදහමට හසුනක්" තේමාව යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ හුදෙක් පරිසරය සුරැකීම ගැන කතා කිරීමට එහා ගොස්, සොබාදහම සමඟ දරුවන් තුළ ඇති සංවේදී සබැඳියාව අකුරු බවට පෙරළීමට අවස්ථාවක් ලබා දීමයි.
08/06/2026
☘️☘️☘️☘️☘️
ලෝක පරිසර දිනයට සමගාමීව පාසලේ සිසු දැරියන් විසින් සිදු කරන ලද රුක් රෝපණ වැඩසටහන
08/06/2026
ලෝක පරිසර දිනයට සමගාමීව මිහින්තලේ මහා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ පැවැත් වූ *දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා පෙළගැසෙමු.* වැඩසටහන...
04/06/2026
📌 අහස සිසාරා පාවෙන පාට පාට හීන... 🪁✨
මිහින්තලේ මහා විද්‍යාලීය සිසු දරු දැරියන්ගේ නිර්මාණශීලීත්වය සහ එකමුතුකම විදහා දක්වමින් සංවිධානය කළ "සරුංගල් සංදර්ශනය" ඉතාමත් සාර්ථකව සහ වර්ණවත්ව නිමාවට පත් විය.
නිල් අහස පුරා විවිධ හැඩතලවලින්, විවිධ වර්ණයෙන් තමන්ගේම දෑතින් නිමවූ සරුංගල් ඉහළටම යවමින් අපේ දරුවන් ලැබූ ඒ සතුට, ඔවුන්ගේ මුහුණුවල තිබූ ඒ අවිහිංසක සිනහව වචනවලට පෙරලන්නට බැරි තරම් සුන්දරයි.
ළමා කාලයේ සුන්දරත්වය උපරිමයෙන් විඳිමින්, තාක්ෂණික ලෝකයෙන් මොහොතකට මිදී, සොබාදහමත් එක්ක අපේ දරුවන් ගතකල ඒ අපූරු නිමේෂයන් කිහිපයක් මෙන්න.
📸 දක්ෂතා දැක්වූ සහ සහභාගී වූ සියලුම දරු දැරියන්ට අපගේ උණුසුම් සුබපැතුම්!