09/09/2026
2014… මම Beautician කෙනෙක් විදියට මගේ ජීවිතයට දැනුම එකතු කරගත් අවුරුද්දක්. 🎓❤️
අද, අවුරුදු ගණනාවකට පසුවත් මගේ ජීවිතයේ වටිනා මතකයක් වෙලා..
V.T.A. Certificate Awarding Ceremony ❤️🎓 එකට සහභාගී වෙන්න ලැබීම මගේ හිතට දැනුණේ මගේ අතීතයත්, අද මම ඉන්න තැනත් එකවර මතක් කරවන සුන්දර මොහොතක් විදිහටයි. ❤️
අවුරුදු ගණනාවකට පස්සේ වුණත්, තමන් මහන්සි වෙලා ලබාගත් වටිනාකමට ඇගයීමක් ලැබෙන මොහොතේ දැනෙන සතුට වෙනස්ම හැඟීමක්. 🥹❤️
මගේ රූපලාවණ්‍ය වෘත්තීය ගමනේ මුල්ම පියවර තැබුවේ 2014 වසරේදී.
අනුරාධපුර VTA ආයතනය හරහා, මගේ ආදරණීය හා ආදර්ශවත් ගුරුතුමියක් වූ අනූෂා මිස් යටතේ, රූපලාවණ්‍ය හා කොණ්ඩා සැලසුම් ශිල්පය හැදෑරීමට මට අවස්ථාව ලැබුණා.❤️ඔබ තුමියට බෙහෙවින්ම ස්තූතියි නොඅඩුව දුන් දැනුමට..
අද මම වෙනත් ක්ශේත්‍රයක වැඩි වශයෙන් නියැලුනත් එදා ඉගෙන ගත් දැනුම අදටත් මගේ ජීවිතයට වටිනා දායාදයක්..
එදා මම ඉගෙන ගත්තේ එක් විෂයක් පමණක් නොවෙයි…
මගේ ජීවිතය වෙනස් කළ දැනුමක්, වෘත්තීය හැකියාවක් සහ මගේම සිහිනයක්.
මේ විෂයට තිබුණු ආදරය, ආශාව සහ ලෙන්ගතුකම නිසාම, අධ්‍යාපනය තවදුරටත් ඉදිරියට ගෙන යන්න මම උත්සාහ කළා.
කාලයත් සමඟ එදා ලබාගත් දැනුම මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් බවට පත්වුණා.
කෙනෙක්ව ලස්සනට හැඩගන්වලා, ඔවුන්ගේ මුහුණේ සතුට දකින හැම මොහොතකම මගේ හිතට දැනුණේ කියාගන්න බැරි තරම් සතුටක්… ❤️
ඒ ගමනේ ආරම්භය නම් ලේසි වුණේ නැහැ.
අභියෝග තිබුණා… අසීරුකම් තිබුණා… වැටුණු තැන් තිබුණා…
ඒත් අද ආපසු හැරී මගේ ගමන් මඟ දිහා බලනකොට, එක දෙයක් හිතට දැනෙනවා…
“මට මම ගැන ආඩම්බරයි.” ❤️
තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන එකත්, ඒක පවත්වාගෙන යන එකත් අපි හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි.
හොඳ කළමනාකරණයක් නැත්නම්, කොතරම් මහන්සි වුණත් ව්‍යාපාරයක් කඩා වැටෙන්න පුළුවන්.
ඒ වගේම අපිට වරදිනකම් බලාගෙන ඉන්න අය නැතුවාම නෙවෙයි.
ඒ නිසාම අපේ ගමන අපිම තීරණය කරන්න ඕන.
සිහින තිබිය යුතුයි…
ඉලක්ක තිබිය යුතුයි…
බලාපොරොත්තු තිබිය යුතුයි…
ඒවා වෙනුවෙන් කැපවීමක්, උත්සාහයක් සහ නිවැරදි කළමනාකරණයක් තිබිය යුතුයි. ❤️
ලස්සන නිවසක්…
තමන්ගේම වාහනයක්…
දරුවන්ගේ හොඳ අධ්‍යාපනයක්…
ඔවුන්ගේ සුරක්ෂිත අනාගතයක්…
හිතේ සතුටක්…
මේ හැම සිහිනයක්ම අපේම උත්සාහයෙන් සැබෑ කරගන්න පුළුවන් කියන විශ්වාසය මම මගේ ජීවිතයෙන්ම ඉගෙන ගත්තා.
විශේශයෙන්ම මේ ගමනේදී මට සැමදා සෙවනැල්ල මෙන් පිටුපසින් සිටින ආදර අම්මාටත්,
ඒ වගේම ආදරයෙන් මතක් කරන්න ඕන කෙනෙක් ඉන්නවා… ❤️
මගේ ආදරණීය මහත්තයා…
මම ආදරය කරන විෂය තුළ මගේ දක්ෂතා තව තවත් ප්‍රගුණ කරගන්නත්, මගේම ව්‍යාපාර ආරම්භ කරගෙන ඉදිරියට යන්නත් මට අවස්ථාව දුන්නාට, මගේ පිටුපසින් නිහඬව සිටි ශක්තියක් වුණාට…
ඔයාට හදවතින්ම ස්තූතියි. ❤️
ඒ වගේම මම ආසාවෙන් ගොඩනගාගත් ක්ෂේත්‍ර දෙකම ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න මට ලොකුම ශක්තියක් වෙන්නේ මගේ දූලා දෙන්නා. ❤️❤️
මගේ ගමනේදී මාව තේරුම්ගෙන, මට ශක්තියක් වෙමින්, මගේ සිහින වෙනුවෙන් ඉදිරියට යන්න මට හයියක් වූ ඔයාලා දෙන්නා මගේ ලොකුම ආශිර්වාදයයි.
අද මේ Awarding Ceremony එකේදී මට දැනෙන්නේ ඇගයීමකටත්,වටිනාකමටත් වඩා දෙයක්…
එදා 2014දී සිහිනයක් අරගෙන පටන්ගත් ගමනක්, අද මගේ ජීවිතයේ ශක්තිමත් පදනමක් බවට පත්වෙලා තියෙනවා. ❤️
මම තවමත් ගමනේ…
තව ඉලක්ක තියෙනවා…
තව සිහින තියෙනවා…
තව බොහෝ දුර යන්න තියෙනවා… 🌸
ඒත් අද එක මොහොතකට නතර වෙලා මට මටම කියන්න පුළුවන්…
“අනූෂා… ඔයා ආපු දුර ගැන ඔයාට ආඩම්බර වෙන්න පුළුවන්.” ❤️
මගේ ගමනට ආශිර්වාද කළ, සහය දුන්, මාව විශ්වාස කළ හැමෝටම හදවතින්ම ස්තූතියි. 🙏❤️
සිහින දකින්න…
ඉලක්ක තබාගන්න…
උත්සාහ කරන්න…
කැපවෙන්න…
දවසක ඔබටත් ඔබ ගැනම ආඩම්බරයෙන් බලන්න පුළුවන් වේවි. 🌸❤️
#2014