Sri Sadananda maha Pirivena

Sri Sadananda maha Pirivena A Buddhist Educational Institution.

ප්‍රාචීන පණ්ඩිත විභාග කාල සටහන
15/04/2026

ප්‍රාචීන පණ්ඩිත විභාග කාල සටහන

06/04/2026
සමස්ත ලංකා අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය සිසු නිපුණතා තරඟය -2025 ජයග්‍රහණ ලබාගත් පොඩි හාමුදුරුවන් වහන්සේලාට සහ සිසු ...
18/10/2025

සමස්ත ලංකා අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය සිසු නිපුණතා තරඟය -2025 ජයග්‍රහණ ලබාගත් පොඩි හාමුදුරුවන් වහන්සේලාට සහ සිසු දරුවාට අපගේ උණුසුම් සුබ පැතුම්! පුහුණු කිරීම් සිදුකළ ගෞරවණීය ආචාර්ය මණ්ඩලයටද කෘතඥතා පූර්ව ස්තුතිය පුද කරමු.
රජරට දෙරණේ දිලෙන පහන්ටැඹ සදානන්ද පිරිවෙන් මෑණි
සැරදේවා! ඔබ සැරදේවා!
මවුනි සදාකල් සැරදේවා!

30/05/2024

The Opening Ceremony of the newly constructed building at Sri Sadananda Vidyayathana Piriwena, Maradankadawela under third year “Arunella” project was held in 18th of July 2015 with the distinguished participation of Prof. Ranjith Dissanayake of Dept. of Civil Engineering and Mrs. Renuka Kumari Herath, Divisional Secretariat of Thirappane. “Arunella” is the biggest Social Welfare Project of Engineering Students’ Union, which is the main body representing the students, aims to serve the people who are deprived of the equal rights of free education. The newly constructed building is 20ftx80ft in size and nearly Two Million Rupees were spent on construction. The opening ceremony was decorated with various aesthetic performances of the students of the institute. Many students representing all four batches participated in the opening ceremony along with the Engineering Students’ Union and Peradeniya Students’ Union.
Reported by: Prasan Premathilaka

28/05/2024

මානිවත්ත අභික්කම’ නොනැවතී ඉදිරිය යමු’ පාඨයෙන් දිවි මංපෙත් ජය දද නැංවු මේ විද්වතා කැලණිය විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා ය.

මම උපන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හංවැල්ල කියන ගමේ. අපි හද්දා පිටිසර මිනිස්සු. ඒ කාලයේ අපේ ගම බොහොම දුෂ්කරයි. එහෙත් කොන්ක්‍රීට් වනාන්තරයෙන් එපිට ගැමි සුවඳ වැගිරෙන, නිල්ල පිපෙන, ගොයම් අස්වනු සාරවන, ඇළ දොළ ගංඟා කඳු මිටියාවතින් පෝෂිත සුන්දර ගම් පියසක මම ඉපදුණේ. මගේ තාත්තා මර්ලියානු ගල්මංගොඩ. අම්මා පොඩි නෝනා. තාත්තා ගොවි මහත්මයෙක්. ඒ වගේම පළාතේ ප්‍රසිද්ධ ඡ්‍යොතිෂඥයෙක්. ඒ කාලයේ ගුරුවරුන්, ජ්‍යෙතිෂවේදීන් වෙදමහත්වරුන් මුදලට තමන්ගේ සේවය ඉටු කළේ නැහැ. මගේ තාත්තත් එහෙම කෙනෙක්.

මිනිසකු පූර්ණත්වයට පත්කරන කාරණා දෙකක් මා දකිනවා. ඒ තමයි බුද්ධිය සහ හෘදයාංගම බව. ජීවිතය සැලසුම් සහගතව පවත්වාගෙන යන්නට බුද්ධිය මහෝපකාරී වෙනවා. මම තාත්තාගෙන් ලැබුවේ ඒ බුද්ධිමය ජීවිතයයි. කොයිතරම් බුද්ධිය තිබුණත් වැඩක් නැහැ. ඔහු හෝ ඇය තුළ හදවත පිහිටියේ නැතිනම්, ඒ හෘදයාගම බව, දයාන්විත බව, කරුණාව ජීවිතය ගෙන යන්නට බලපානවා. ඒක නැතිනම් මිනිසුන් වල් වදින්නට පුළුවන්. මං අම්මගෙන් තමයි ඒ හෘදයාංගම බව අවබෝධ කරගත්තේ.

ගමේ තිබුණු දුප්පත්ම ගෙදර අපේ ගෙදර. පොල් අතු හෙවිල්ලපු, කටු මැටි ගහපු පුංචි කාමර දෙකක ගෙයක් අපේ නිවස්නය වුණේ. පවුලේ හිටියේ අයියයි මායි මල්ලියි නංගිලා තුන්දෙනයි. ඉතාම අල්පේච්ඡ ජීවිත කුඩා අවධියේ ගත කළේ. ලැබෙන දේ පිරිමහගෙන දරුවන්ට කවා පොවා උගන්වලා හොඳ පුරවැසියන් කරන්නට අම්මාත් තාත්තාත් එක වගේම වෙහෙසුණා. බඩකට පිරෙන්න මොනවා හෝ කවන්න අම්මා පසුබට වුණේ නැහැ. අපේ දිළිඳුකම තිබුණේ ගෙවල් දොරවල්වල මිස බත් මුට්ටියේ නොවේ.
වවාගත් බත බුලත බෙදාහදාගෙන කෑමේ උතුම් පුරුද්ද අපේ ගමේ තවත් ගැමියන්ට වගේම අපේ මව්පියන්ටත් හොඳින්ම පිහිටලා තිබුණා.

ගෙදර දෙල් හා කොස්, අටු කොස්, වේලපු මඤ්ඤොක්කා ආදිය පිරිලා තිබුණා. අම්මා ඒවායින් අතුරුපසට විවිධ රසවත් කෑම ජාති හැදුවා. ඒත් ගෙදරට ඥාතියෙක් හරි ඇවිත් කේක් ගෙඩියක් ලැබුණොත් අම්මා ඒවා තනියෙන් දරුවන්ට දීලා කාපු මවක් නොවෙයි. ඒකෙනුත් කෑල්ලෙන් කෑල්ල කපලා අසල්වැසියන්ටත් දීලා කාපු මවක්.

අල්පේච්ඡතාව, බෙදාහදාගැනීම, පරිත්‍යාගය කියන දේවල්වල පළමු පාඩම අම්මා අපට ප්‍රායෝගිකව කියලා දුන්නේ එහෙමයි.
පුුදුමාකාර සහජීවනයක් අම්මා තාත්තා අතරත් තිබුණා. ගෙදර අඩුපාඩු තිබුණත් ඒවා දරුවන්ට දැනෙන්න ඉඩ තිබ්බේ නැහැ. අමාරුම දවසට පිං හාල් මුට්ටියක් ගරලා ළිප තියලා හරි අපේ බඩ කට පිරෙව්වා.

මම මුලින්ම පාසල් ගියේ කළුගමුව මහ විදුහලට. උදේ පාන්දර නැගිටලා කවලා පොවලා අම්මා අපව පිටත් කරනවා. කිලෝමීටර් 1 1/2 විතර පයින්ම යන්න ඕනෑ. ඒත් අපට ගස් ගල් වගේ හයිය හත්තිය තිබුණා. පාසලේ දී මම හරිම දඩබ්බර චරිතයක්. නිතරම සණ්ඩු සරුවල් කර ගන්නවා. දිනපතාම ගුරුවරුන්ගෙන් ගුටිකනවා. පංතියක සිසුන් සංඛ්‍යාව තිහයි. සෑම වාර විභාගයකින්ම මම පංතියේ විසි අට වැනියා නැතිනම් විසිනම වැනියා.

අපේ අධ්‍යාපනය අකුරට පමණක් සීමා වුණේ නැහැ. අපි උදෙන්ම ගිහින් විදුහල්පතිතුමාගේ කාරය හෝදනවා. ඒවා යහගුණ ලෙසයි මව්පියන් සැලකුවේ. ඊළඟට ටික වේලාවක් අකුරු ඉගෙනගෙන පාඩම් පොතත් කියවලා වතුවැඩ කරනවා. ළමයින්ට දවාලට දෙන්න කිරි හදනවා. සමහර දවස්වලට බනිස් ගේන්න කිලෝ මීටර් 1 1 /2 ක් විතර පයින්ම බේකරිවලට යනවා. මේ අධ්‍යාපනයේ දී ළමයා නිද්‍රාශීලී නැහැ. හරිම ක්‍රියාශීලියි.
අපේ මව්පියන් පන්සල් යන වේලාවට දරුවන් කැටුවම යනවා. මටත් සංසාරිකව ආපු පුරුද්දක් ද කොහෙද මට පන්සල් යන්නේ නැතිව ඉන්නම බැහැ. විශේෂයෙන් පෝයට නම් සිල් ගන්නට ඕනේ.

අපි ගියේ මුදුන්නේ පන්සලට. අපේ ගමේ හිටියා පවුලට ඉතා කිට්ටු කිරි අම්මා කෙනෙක්. එතුමිය සතර පෝයටම සිල් ගන්නවා. මං හැම පෝයටම කිරි අම්මා සමඟ තමයි සිල් ගන්න යන්නේ.
දවසක් අම්මයි මමයි පන්සල් යනකොට ඇය නොවරදවාම ගෙන යන පේරු දානය හා වෙනත් වට්ටි පෙට්ටි සියල්ල ගෙනියන්න බැරිව ඒදණ්ඩක් ළඟදී මට කීවා ‘පුතේ මේකෙන් එකක් ගනින්කෝ. මගේ බර හෑල්ලු වෙන්න.’ කියලා. මම ගත් කටටම ‘බෑ’ කියලා පන්සලට දුවගෙන ගියා. අම්මත් පන්සලට බර කර ගහගෙන ආවා. දැන් පන්සලේ කටයුතු අහවර කරලා එනකොට මං ඉන්නවා මකර තොරණ ළඟ. එහි මහත කුඩා ළමයින් දෙන්නෙක් මකර තොරණ අමාරුවෙන් උස්සාගෙන ඉන්නා සිතුවමක් අඹලා තියෙන්නේ. (බහිරව රූප) මං බැලුවා මේ ළමයින් මේ විදිහට බර කරගහන්නේ ඇයි කියලා.
අම්මා ළඟට ආවාම මම ඇහුවා ‘ඇයි අම්මේ මේ ළමයින් මේ තොරණ අමාරුවෙන් කරගහගෙන ඉන්නේ’ කියලා. ‘ඒක තමයි, අම්මලා බර කරට ගත්තාම ඒක ගණන් නොගෙන දුවපු ළමයින්ට වෙන දේ තමයි ඔය’ කියලා අම්මා කීවා.
බලන්න කොච්චර ලස්සනට මගේ පුංචි හිතට ඒ වැරැද්ද කා වැද්දුවද කියලා.

එදා අම්මා පන්සලට උස්සාගෙන ගිය බර මං ගත්තේ නැහැ. ඒ පාපය නිසා අදත් අම්මා කෙනෙක් බර උස්සාගෙන යනවා දැක්කොත් මට ඒක බලා ඉන්න බැහැ. මා ඇයව වාහනයේ නංවාගෙන ගෙදරට හරි ගිහිල්ලා ඇරලවනවා.

අවුරුදු 13 දී පමණ කාලෙ දී මම පන්සලේ පිරිවෙන් අධ්‍යාපනයට යොමු වුණා. මේ ගැන අම්මා බොහෝ සතුටු වුණා. අම්මාගේ ආභාසය තමයි මාව ඒ තැනට ගෙන ගියේ. ඈ සමඟ පන්සල් ගිහින්ම මගේ ධර්මානුකූල හැඟීම් දියුණු වුණා. ගමේ විහාරයේ චෛත්‍යය හැදුවේ අපේ ගමේ අම්මලා. අපේ අම්මත් ඒ සඳහා බොහෝ වෙහෙසී වැඩ කළා. වැලි ගෙනැවිත් කුරහන් ගලේ අඹරලා ඒ චෛත්‍යය අපේ අම්මලා නිර්මාණය කළේ.
ඒ පිරිවෙන් අධ්‍යාපනය මට ඒ තරමට හොඳින් කර ගන්න ලැබුණේ අම්මගේ මේ මහා ශ්‍රද්ධාව නිසාම වෙන්න ඇති.
බලගල්ලේ සරස්වතී පිරිවෙනෙන් ප්‍රාචීන, ප්‍රාරම්භ,මධ්‍යම විභාග සහ අ.පො.ස (සා/පෙළ) (උ.පෙළ) යන විභාග සියල්ලම උසස් ලෙස සමත්වීමට හැකි වුණා. 1975 දී කැලණිය විශ්ව විද්‍යාලයෙන් පාලි පිළිබඳ ප්‍රථම පන්ති ගෞරව උපාධියක් ද, ඊට සමගාමීව රාජකීය පණ්ඩිත උපාධිය ද ලබා ගත්තා. 2014 දී ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සර්වාංග වෛද්‍යවරයෙක් ලෙස ලියාපදිංචි වී සිටිනවා. මේ වන විට පොත් 35ක් පමණ සිංහල / ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ලියා පළ කර තිබෙනවා. ඉගෙන ගැනීම, ඉගැන්වීම සහ පොත් ලිවීම ජීවිතයේ ඉහළම සතුට ලෙසයි මා සලකන්නේ.

වර්තමානයේ මානෙල්වත්ත නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේ පශ්චාත් උපාධි පීඨාධිපති වශයෙන් ද කටයුතු කරනවා.

කුඩා කාලයේ සිටම අද දක්වාම දිනපතාම බුදුන් වැඳීම, පුද පූජා කිරීම, පිරිත් කීම, භාවනා කිරීම සිදු කරනවා. ගුවන් යානයක හෝ වෙනත් වාහනයක ගමන් කරන විටත් තැන්පත්ව දෙනෙත් වසා එම චාරිත්‍රවල මැනවිත් යෙදෙනවා. දැනටමත් මාස දෙකකට වරක්වත් මට ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලි සෑය වන්දනා නොකර ඉන්න බෑ.

මේ සියලු කටයුතු සාර්ථකව කරගැනීම සඳහා බිරිඳගෙන් හොඳ සහායක් ලැබෙනවා. ඇය චන්ද්‍රිකා මල්කාන්ති. දුව ප්‍රියංවදා ගල්මංගොඩ, තොරතුරු තාක්ෂණ පශ්චාත් උපාධිධාරිනියක්. පුතා දිලීප මහානාම ගල්මංගොඩ, තොරතුරු තාක්ෂණ උපාධිධාරීයෙක්.

මගේ ජීවිතය සාර්ථක කර ගැනීමට උපකාරී වූ සංස්කෘත උපදේශයක් මෙහිදී මට සිහිපත් වෙනවා.

* වැඩ 100ක් පසෙක තබා කෑම ගත යුතු ය.
* වැඩ 1000ක් පසෙක තබා නෑම කළ යුතු ය.
* වැඩ 10,000ක් පසෙක තබා නිදාගත යුතු ය.
* වැඩ කෝටියක් පසෙක තබා ආධ්‍යාත්මික කටයුතුවල යෙදිය යුතු ය.

මේ ශ්ලෝකය මා ඉතා අගය කරනවා. ඒ වගේම මා තවමත් සම්පුර්ණ නැත යන සිතිවිල්ල දිනපතා සිහිපත් කරනවා.

අයන්ති විතාන

05/04/2024
වෙහෙර වහන්සේගේ නිර්මාණ කටයුතු ආරම්භ කිරීම 2024.03.28 දින
31/03/2024

වෙහෙර වහන්සේගේ නිර්මාණ කටයුතු ආරම්භ කිරීම 2024.03.28 දින

https://youtu.be/fCXeBEiN5qI?si=nlJHknKbsGziZyli
10/11/2023

https://youtu.be/fCXeBEiN5qI?si=nlJHknKb
sGziZyli

නෙත් FM නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, 0777 725 214 අංකයෙන් අමත.....

13/09/2023

Address

Periyakulama, Maradankadawala
Anuradhapura Town

Telephone

+94714490595

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sadananda maha Pirivena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Sadananda maha Pirivena:

Shortcuts

Share