KJB Lenawala

KJB Lenawala

Share

🖥️ IT Teacher & Tech Enthusiast 🎓 | Web & Software Developer | Graphic Designer |

05/11/2025

💻✨ ICT Classes by Kanishka Lenawala

🚀 Beyond Theory — Into Real World Mastery

Want to truly understand ICT — not just memorize for exams?
Join individual or small-group ICT classes designed to make learning clear, practical, result oriented & interesting!

(හරියට ICT ඉගෙන ගන්න, විභාගයට සීමා නොවුන ICT පංතිය)

🎯 Grades: 6–11 | A/L
🌐 Medium: Sinhala & English
🧠 Focus: Theory + Practicals (using your own Laptop or PC)
🏠 Locations: Thisawewa | Airport Road | Home Visits | Online

📅 Dates & Times: Flexible — Book Your Slot
📞 Call / WhatsApp: 071 25 29 050 | 070 659 659

🔥 Learn the smart way. Master ICT with confidence.

{School Teacher | IT & Programming Tutor | Developer }

01/10/2024

Behind every , there’s belief in your future.

I may be strict, but it’s only because I want to see you grow into the best version of yourselves. Keep pushing forward.
*Happy Children's Day My lovely students*💖

22/06/2024

එක්තරා පුද්ගලයෙකු බූරු #වෙකු මිල දී ගෙන ඔහු බූරු #වා ගේ පස්චත්භාගයට රන් කාසි පුරවා ගෙන ගමේ පොළට ගෙන ගොස් පොළට එන අයට කියනවා ඌ වසුරු හෙලන සෑම අවස්ථාවකම උගේ පිටුපසින් රත්‍රන් එළියට එනවා කියල.

මේක දැකපු ගමේ අය බූ #රුවා මිලදී ගැනීමට පොරකනවා. පොළේ ප්‍රධාන වෙළෙන්දා ඔවුන්ට වඩා විශාල මුදලකට ඌ මිල දී ගෙන ගෙදර ගෙන යනවා.

නමුත් ගෙදර ගෙනිච්චාට පස්සෙ බූ #රුවා කෙඳිරිගානව විතරයි. කියපු විදිහට රත්තරං කිසිම දවසක උගේ පස්චත් භාගයෙන් ආවෙ නැහැ ...😌

මෙයින් කෝපයට පත් ප්‍රධානියා මිනිසුන් සමඟ බූරුවා විකිණූ වෙළෙන්දාගේ නිවස වැටලීමට යනවා. ඔවුන් එහි යනවිට ඉන්නේ වෙළෙන්දාගේ බිරිඳ පමණයි.

ඔහුගේ බිරිඳ ඔවුන්ට කියනවා.. ඔහු ගෙදර නැහැ නමුත් ඔහුව ගෙන්වා ගැනීමට ගෙදර සිටින බල්ලාව යවන්න පුලුවන් කියලයි. මේ කතාවට මිනිසුන් පුදුමයට පත් වෙනවා. වෙළෙන්දාගේ බිරිඳ කියූ අයුරින්ම මිනිසා ආපසු එනවා බල්ලත් එක්කම. 😌

නමුත් මිනිස්සු දන්නෙ නෑ වෙළෙන්දා එන්නේ ඒ බල්ලා වගේම වෙන බල්ලෙක් එක්ක කියලා. ඔවුන් ආපු කාරණයද අමතක කරලා බල්ලා මිලදී ගැනීමට ගනන් කතාකරනවා. 😅

කෙනෙක් එය මිල දී ගෙන ඔහුගේ බිරිඳට දීලා කියනවාමේ බල්ලා ගන්න, ඔබට මා අවශ්‍ය වෙලාවෙ මම මම ගෙදර හිටියේ නැත්නම් මාව එක්කන් යන්න බල්ලා එවන්න කියලා.

ඇය වරක් බල්ලා ඔහු සොයා ඒමට යැව්වද බල්ලා නැවත ගෙදර ආවෙ නැත.
ඌ ආයෙත් උගේ පුරුදු නිවස වෙලෙන්දාගේ නිවසට ගොස් ඇතිබව දැනගෙන ආයෙත් ගමේ අය එකතු වෙලා වංචනික වෙළෙන්දාගේ නිවසට යනවා.

නමුත් සුපුරුදු පරිදි වෙළෙන්දාගේ බිරිඳ කියනවා ඔහු ගෙදර නැහැ හොයාගෙන එක්කන් එන්න බල්ලාත් ගෙදර නැහැ කියලා. මේ කතාව අහපු මිනිස්සු ඔහු එනකම් බලා ඉන්නවා.

වෙළෙන්දා ගෙදර එනකොට දැනගන්නවා මිනිස්සු කෝපයෙන් කියලා. ඒ නිසා ඔහුගේ ඊළඟ උප්පරවැට්ටිය ක්‍රීයාත්මක කරනවා😪

ඔහු තම බිරිඳට කෑගැසනවා ඇයි ?ගෙදර ට මනුස්සයෙක් ආවම ආගන්තුක සත්කාර කියල දෙයක් දන්නෙ නැද්ද ඇයි මේ මිනිස්සුන්ට ඉදගන්නවත් නොදුන්නේ කියලා බොරු තරහක් මවාපාලා සාක්කුවෙන් පිහියක් එළියට ගෙන බිරිඳගේ පපුවෙන් තියනවා. පිහිය වටකර ලේ වැනි රතු පැහැති සායම් බෑගයක් බැඳ තිබූ අතර පි #හියේ තලය බිරිඳගේ පපුවට තබනවාත් සමඟ සායම් බෑගය බිඳී බිරිඳගේ පපුව පුරා රතු සායම් ගලායනවා.

ආව මිනිස්සු බයවෙලා කෑගහනවා. ඇයි ඔයා ඔයාගේ බිරිඳව මැ #රු #වෙ කියලා. ඔහු ඔවුන්ට කියනවා එය අතපසු වීමක් මම ඇයව මරන්න හිතුවෙ නෑ, බය වෙන්න එපා කියලා ඔහු සාක්කුවෙන් නළාවක් ගෙන නළාව වාදනය කරන්න පටන් ගන්නවා. එතකොට බොරුවට හිටපු බිරිඳට පණ එනවා. 😅

ඒක දැකපු මිනිස්සුන්ට ආයෙත් ආපූ කාරණාව අමතක වෙලා නලාව මිලදී ගන්න පොරකනවා. මේ නළාව ඔහුට ලොකු මුදලකට විකුණාගන්න පුළුවන් වෙනවා.

ඉතිං මේ මිළදී ගත්තැනැත්තා ගෙදර ඇවිත් බිරිඳ සමඟ ඇතිවූ ආරවුලකදී ඇයට පිහියෙන් අනිනවා. නැවත නලාව අතට ගෙන වාදනය කරනවා. නමුත් කොච්චර නළාව වාදනය කලත් ආපහු බිරිඳට පණ දෙන්න බැරිව යනවා. දැනගන්නවා ඔවුන් නැවතත් වංචාවකට අහු උනා කියල.

මේ තොරතුර රට පුරා පැතිර යනවා. ඊටපස්සේ හැමෝම එකතු වෙලා නිවස වටලලා ඔහු අල්ලගෙන ගෝනියක දාලා බැඳලා මුහුදට විසිකරන්න අරගෙන යනවා.

අතරමගදී නිදිමත නිසා ටිකක් විවේක ගන්නවා හැමෝම ඒ අතරතුර එඩේරෙක් එතනින් යනවා. බෑග් එකේ හිටිය වෙළෙන්දා ඔහුගෙන් ඉල්ලනවා බේරගන්න කියලා. ගෝනියට දාලා බඳින්න හේතුව ඇහුවම ඔහු කියනවා, මට පෙම්වතියක් සිටියදී මාව ධනවත් පවුලකට බලහත්කාරයෙන් විවාහ කරල දෙන්න යනවා මම ඒකට කැමතිනෑ, මාව පුලුවන්නම් බේරගන්න කියලා.

වෙළෙන්දාගෙ කතාවට රැවටුන එඩේරා තමන්ගේ බැටලුවො ටික මේ මිනිහට දීලා. විවාහයට කැමති වෙලා ගෝනිය ඇතුලට ඔහු රිංඟාගන්නවා. එඬේරාව බෑගය ට දාල බැඳලා ඔහු බැටළුවන් 300ක් රැගෙන ආපසු ගමට යනවා.

ගමේ මිනිස්සු බැඳපු බෑගය අරගෙන මුහුදට විසි කරලා ආපහු ගමට ඇවිත් බලනකොට වංචනික වෙළෙන්දා බැටළුවො 300ක් එක්කගමේ ඉන්නවා. මිනිස්සු ඔහු දැකලා පුදුමයට පත්වෙලා අහනවා කොහොමද එහෙම උනේ කියලා.

වෙලෙන්දා කියනවා මුහුදු සුරංගනාවිය ඔහුව බේරාගෙන බැටළුවන් සියල්ල ඔහුට දී ඔහුට දිලා කියුවා කියනවා "ඔවුන් ඔබව තවපාරක් මුහුදට විසි කලොත් ඔයා ඔයිට වඩා දෙගුනයක් පෝසත් වෙනවා කියලා.

ඇත්තටම ගමේ අය ඔහුව විස්වාසකරනවා. මොකද මුහුදට විසිකරපු ඔහු අත්තටම ඇවිත්, ඒකත් බැටලුවො 300ක් එක්ක.

මේක විස්වාස කරපු ඔවුන් එකිනෙකා රැස් කර මුහුදට ගිහින්. එකිනෙකා බැද මුහුදට විසි කරගන්නවා. අවසානයේ ඔවුන් සම්පූර්ණයෙන්ම මුහුදට විසි වී ගිහින් සියල්ලෝම මිය යනවා.

දැන් වංචනිකයාට ගම අයිතියි, මෝඩ මිනිස්සු ඔක්කොම මැ #රි #ලා. 😁

වරද “වංචාකාරයාගේ නොවේ” වරද ඇත්තේ තණ්හාව නිසාත්, මුදලට ඇති ආශාව නිසාත්, ආශාවෙන් පිරවිය නොහැකි ඇස නිසාත්, ආත්මාර්ථකාමී කම නිසාත් සෑම විටම රවට්ටන උන්වම විශ්වාස කරන "මෝඩයන්" ගේය.

මේක කියවන ඔබත්, මේ සැරේ හාල් මිටියට, අරක්කු කාලට, ටෙන්ඩර් එකට, තෙල් මිලට, සහනාදාර වලට, ගෑස් මිලට රැවටෙන්නෙත් ඔහොම්මම තමයි ඉතිං... එච්චරයි

Copied

31/03/2024
25/08/2023

ගුරුවරියක් නම් ගුරුවරයෙක් නම් කියවන්න ❤️

බ්ලුබෙරි..🍇

ගොඩක් කාලෙකට ඉස්සර ඇමරිකාවේ තිබුණා ප්‍රසිද්ධ අයිස්ක්‍රීම් හදන සමාගමක්.
ඒ අය හදන අයිස්ක්‍රීම් ඇමරිකාව පුරාම හරිම ප්‍රසිද්ධයි.

ඒ අයිස්ක්‍රීම් ඉතා මිල අධික උනත් ඒ රටේ හැම පලාතකම ජීවත් උන මිනිස්සු ඒ අයිස්ක්‍රීම් වල රස බලන්න පුරුදු වෙලා හිටියේ.

හේතුව තමයි ගුණාත්මක භාවය සහ රසය අතින් ඒ අයිස්ක්‍රීම් ගොඩක් ඉහල මට්ටමක තිබුණ එක.

දවසක් ඒ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහතාට ඇරයුමක් ලැබෙනවා ඒ පලාතේ පාසැලක තිබුණ උත්සවයක ප්‍රධාන අමුත්තා හැටියට ඇවිල්ලා පාසැලේ දරුවන් වෙනුවෙන් කතාවක් පවත්වන්න.
ඔහු ඒක සතුටින් භාරගෙන එදාට ඒ උත්සවයට සහභාගි වෙලා දරුවන් වෙනුවෙන් කතාවක් පවත්වනවා.

ඒ කතාව ඔහුගේ ජීවිත අත්දැකීම් හා ව්‍යාපාර මූලධර්ම මත පදනම් වූ ඉතාමත් ආදර්ශමත් හා සාරවත් කතාවක්.

හැබැයි ඔහු ඔහුගේ දේශනය අවසන් කරේ ටිකක් වෙනස් විදියකට.

ඔහු මෙහෙම කිව්වා.

"මම මේ රටේ තියන අධ්‍යාපන ක්‍රමයටනං කොහෙත්ම කැමති නෑ"

"විශේෂයෙන්ම ආණ්ඩුවේ පාසල් වලට සිසුන් ඇතුලත් කිරීමේ පටන් ඔවුන්ට පාසල් තුල දැණුම ලබාදෙන පිලිවෙල දක්වා වෙන ක්‍රියාදාමයම සම්පූර්ණයෙන්ම වැරදියි.. "

"ඒ ක්‍රමවේදය දැනුම මූලික සමාජයකට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ"
"රජයේ පාසල් වල තියෙන අනෙක් ලොකුම ගැටලුව තමයි ගුරුවරු"
"මේ ගුරුවරු වෙනස් වෙන්න කැමතිම නෑ. හිතන්නෙම පරණ විදියට "
" එයාල හිතන්නෙ එයාලගෙ කාලෙ තමයි හොදම කාලෙ කියලා. "

" ඒ වගේම මේ ගුරුවරු හරිම සාම්ප්‍රදායිකයි"

" වේවැලක් නැතුව තාම මේ ගුරුවරුන්ට උගන්වන්න බෑ"

මේ කතාව අහගෙන හිටපු ගුරුවරුන්ගේ හිත් හරියට රිදුනා.
ඒත් හැමෝම බිම බලාගෙන හිටිය මිසක් කව්රුවත් කතා කලේ නෑ.
ඒත් මේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයගේ දේශනය අවසන් වෙනකොටම එක ගුරුවරියක් විතරක් අත ඉස්සුවා.
ඇය පාසලේ හිටපු ඉංග්‍රීසි ගුරුවරිය.

ඇය ව්‍යාපාරිකයගෙන් මෙහෙම අහනවා,

"සමාවන්න මහත්මයා.."
"මට පුළුවනිද ඔබ තුමාගෙන් එක ප්‍රශ්ණයක් අහන්න?"

ඔහු තරමක් පුදුමයට පත් උනත් ඇයට ඒ සඳහා අවස්ථාව ලබාදෙන්න කැමති උනා.

ගුරුවරිය මෙහෙම ඇහුව,

" සර්.. ඔබතුමා ඇමරිකාවෙ තියන ප්‍රසිද්ධම හා විශාලතම අයිස්ක්‍රීම් නිශ්පාදන සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා"

"ඔව් ඔබතුමිය නිවැරදියි"

" ඇමරිකාවේ හොදම අයිස්ක්‍රීම් හදන්නෙ අපි"
ඔහු ඉතා ආඩම්බරයෙන් පිලිතුරු දුන්නා.

ගුරුවරිය මෙහෙම කියනවා,

"එක කොච්චර හොඳද"

"ඒ අයිස්ක්‍රීම් කොච්චර රසද.. ඒවා සුදු හිම වගේ හරිම මෘදුයි"

ගුරුවරිය ව්‍යාපාරිකයගෙන් තවත් ප්‍රශ්ණයක් අහනවා,

" ඔබතුමා මොහොතකට හිතන්න ඔබ මේ දැන් ඇවිල්ල තියෙන්නේ ඔබගේ ඔය රසම රස අයිස්ක්‍රීම් හදන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය මිලදී ගන්න යන තැනකට කියලා"

" හිතන්න… මෙතන තියනව කියලා ඒ අයිස්ක්‍රීම් වලට දාන්න ගන්න ඕන බ්ලූබෙරි ලොරියක්.."
"ඒත් සර්…"
"ඒ බ්ලූබෙරි ලොරියේ තියන බොහොමයක් බ්ලූබෙරි නරක් වෙලා.. "
" දැන් ඔබතුමා මොකද කරන්නෙ..? "

ව්‍යාපාරිකය ටිකක් කල්පනා කරල කලබල නැතිව ඇත්තම කිව්වා.

" නරක් වෙච්ච බ්ලූබෙරි අපි කවදාවත් බාරගන්නේ නෑ.. "

" ඒව දාල අයිස්ක්‍රීම් හදලා අපේ නිෂ්පාදන වලට තියන හොද නම කැත කරගන්න අපිට ඕන නෑ"
" අපි ඒ බ්ලූබෙරි ලොරියම ප්‍රතික්ෂේප කරනවා "

ගුරුතුමිය හිනාවෙලා මෙහෙම කියනවා,

" හැබැයි සර්… අපිට එහෙම කරන්න බෑ "

"අපිට හම්බවෙන සමහර බ්ලූබෙරි ලොකු පවුල් වල… සමහර බ්ලූබෙරි හරිම දුප්පත් පවුල් වල.. "

" සමහර බ්ලූබෙරි හොර මත්පැන් පෙරන පවුල් වල.. "

" සමහර වෙලාවට අපිට ඒ බ්ලූබෙරි එන්නෙ අම්මයි තාත්තයි දෙන්නම නැති පවුල් වලින්."

"සමහර වෙලාවට.. අම්මයි තාත්තයි හැමදාම රණ්ඩු කරන පවුල් වලින් "

" සර් දන්නවද… "
" සමහර බ්ලූබෙරි අපිට එනකොටම පුංචි කාලෙම අතවරවලට ලක්වෙලා හිත් හොදටම නරක් වෙලා.. හරියට අර ඔබතුමාට හම්බ උන ලොරියේ තිබුණ නරක් වෙච්ච බ්ලූබෙරි වගේ.. "

" හැබැයි සර්…අපිට ඒ කිසි එකක් භාරනොගෙන ආපහු යවන්න බෑ.. "
" අපි ඒ හැම බ්ලූබෙරි ගෙඩියක්ම භාරගන්නවා.. "
" භාරගන්නව විතරක් නෙවෙයි.."
" අපි ඒ බ්ලූබෙරි වලින් අයිස්ක්‍රීම් හදනවා.. "
" ඔබලා හදන අයිස්ක්‍රීම් ඇමරිකාව පුරාම බෙදාහරිනවා.. "
" ඒක නොදන්න කෙනෙක් නෑ.. ඒක ඇත්ත.. "

" ඒත් සර්.. අපි අපිට හම්බවෙන ඒ බ්ලූබෙරි දාල හදන අයිස්ක්‍රීම් ඇමරිකාවේ විතරක් නෙවෙයි.. ලෝකේ ගොඩක් තැන් රසවත් කරන්න බෙදාහරිනවා… "

මෙච්වර වෙලා නිශ්ශබ්දව තිබුණ ශාලාව විනාඩි කිහිපයක් යනකල් අත්පොලසන් හඩින් ගිගුම් දෙන්න ගත්තා.
තමුන්ට වැරදුනු බව විධායක නිලධාරී මහතා තේරුම් ගත්තා.

පසු සටහන
*****

අද මට මේ සටහන අකුරු කරන්න "අ" යනු" ආ" යනු ලියන හැටි මුලින්ම කියල දුන්නු ප්‍රාථමික පංතියේ පටන් , උසස් අධ්‍යාපනය දක්වා මට සිප් සතර ඉගැන්වූ සියලු ගුරු මෑණිවරුන් සහ ගුරු පියවරුන්ටත්, අනේක දුෂ්කරතා විඳිමින්ද, විටෙක අවලාද අසමින්ද ජාතියේ වර්තමාන සිසු දරු පරම්පරාවේ නැණ නුවණ පාදන්නට අදටත් වෙහෙසෙනා සියලු ගුරුමෑණි වරුන්ටත් පියවරුන්ටත් මේ සටහන ගෞරවයෙන් පිලිගන්වමි. ❤️🧡

Copied ..

Photo by National Cancer Institute on Unsplash

05/05/2023

Vesak Day

14/04/2023

May the Sinhala and Hindu New Year bestow upon you an abundance of peace, joy, prosperity, and success in your academic and professional pursuits. Wishing you a delightful New Year, brimming with auspicious beginnings and renewed optimism for a promising future ahead.

21/03/2023

The Dangers of Artificial Intelligence
The most severe artificial intelligence created for military purposes.
Is this really safe? The decision is yours.

- Copied content

08/03/2023

Are you busy with your works?
Don't have time to do educational work?

We will complete your assignment project now.
Don't be late. Call us or Leave a message now.
0712529050
(Messenger and WhatsApp Available)

SERVICES:
Teaching / Notes
Assignment Writing
Project Completing
Online Exam
Professional Presentations
Software & Website Development

SUBJECT AREAS:
Computer Programming
Database Design and Management
Networking and Security
Web Development
Operating Systems
Computer Architecture and Organization
Software Development
Project Management
Data Structures and Algorithms
Computer Graphics and Multimedia
Mobile Application Development
Cloud Computing
Computer Hardware
Artificial Intelligence and Machine Learning
Internet of Things (IoT)
Cybersecurity

05/03/2023

මා විසින් නිර්මාණය කරන ලද ශාන්ත ජෝශප් විද්‍යාලයේ නව වෙබ් අඩවිය.

- ඔබගේ ව්‍යාපාරික වෙබ් අඩවිය ඉතාමත් අලංකාර සහ නව තාක්ෂණික ක්‍රම වලින් නිර්මාණය කිරීමට.
- ව්‍යාපාරය සඳහා තාක්ෂණික විසඳුම්/යෙදුම් භාවිතය පිළිබඳ උපදෙස් ලබා ගැනීමට.
- සමාජ මාධ්‍ය පිටු (ෆේස්බුක් පිටුව, ට්විටර්, යූ ටියුබ් නාලිකාව) වෘත්තීය වශයෙන් කළමනාකරණය කර ගැනීමට
*** මාව සම්බන්ධ කරගන්න ***
දුරකථනය : 0712529050
විද්‍යුත් තැපෑල: [email protected]
Facebook: KJB Lenawala

-------- English --------

New website of St. Joseph's College developed by me.

- To create your business website in the most beautiful and new technical ways.
- To obtain advice on the use of technical solutions/applications for the business.
- To get social media pages(page, Twitter, You Tube Channel) professionally managed
*** CONTACT ME ***
Telephone : 0712529050
email: [email protected]
Facebook: KJB Lenawala

Want your school to be the top-listed School/college in Anuradhapura Town?

Click here to claim your Sponsored Listing.

Telephone

Address


Anuradhapura Town