Ranjith Abeysinghe.

Ranjith Abeysinghe. lecture

02/12/2025

හිරගෙදරින් පිදුණු මනුස්සකම...

02/12/2025

ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් ගුවන් යානයක් අද (02) අලුයම මෙරටට ළඟා වුණා.

ආහාර, කූඩාරම් ඇතුළු මානුෂීය ආධාර තොගයක් මෙම පරිත්‍යාගයට ඇතුළත්.

කොළඹ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Rashed Ali Al Mazrouei මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකා (මැදපෙරදිග) සෙව්වන්දි ද සිල්වා, මේජර් ජෙනරාල් සුමේධ විජේකෝන්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි කපිතාන් දමින්ද රඹුක්වැල්ල යන මහත්ම මහත්මිහු වෙත එම ආධාර තොගය නිල වශයෙන් භාර දෙනු ලැබුවා.

02/12/2025
02/12/2025

ලංකාව වෙනුවෙන් මාලදීවයින....

ගංවතුරෙන් පීඩා විදින ලංකාවේ ජනතාව වෙනුවෙන් මාලදීවයින USD 782,000 මුදලක් එකතු කරලා තියනවා…

මේ වගේ විපතකදී අපි හැමොගෙම survival එක තමයි එකමුතු කම.... ඔව් Unity…. ඉතින් Maldives රජයට,ජනතාවට ගොඩක් පින්

02/12/2025

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු වැඩි වශයෙන් ලැබී එළවළු මිල සීග්‍රයෙන් පහත වැටෙමින් පවතින බවත් ඉහල මිල ගණන් යටතේ එළවළු මිලදී නොගෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ හෝ එළවළු මිලදී ගන්නැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටිති.

සූක්ෂම ලෙස මෙම අවස්ථාවේදී වැඩි මිලට එළවළු අලෙවි කිරීම නොකරන ලෙස ඔව්‍හු සමස්ත වෙළඳ ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක්ද කරන්නට විය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති සී.එස් සිරිවර්ධන මහතා සඳහන් කළේ මෙවන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සෑම එළවළුවක්ම පෙරසේ ඉතා අඩු මිල ගණන් යටතේ අලෙවි වන බවය

ඒ අනුව 02 දින පෙරවරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක් රුපියල් 300ක් 350ක් අතර ගෝවා කිලෝවක් රුපියල් පනහක් හැටත් අතර බෝංචි කිලෝව රුපියල් 650ක් හත්සීයක් අතර වම්බටු කිලෝ එකක් රුපියල් සීයක් එකසිය පනහක් අතර වට්ටක්කා කිලෝවක් රුපියල් තිහත් පනහක් අතර අමුමිරිස් කිලෝව රුපියල් 250ක් 300ත් අතර සීග්‍රයෙන් පහත වැටී තිබෙන බවය

ඒ අනුව ආර්ථික මධ්‍යස්ථානයේ තොග මිල පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කොට එළවළු මිලදී ගැනීම සිදුකරන ලෙස ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෝ ඉල්ලා සිටිති. ප්‍රදේශයේම සිල්ලර එළවළු වෙළඳසැල්වල මිල ඉහළ ගොස් ඇති අයුරද දැකගැනීමට හැකි විය.

Address

Anuradhapura Town

Website

Alerts

Be the first to know and let us send you an email when Ranjith Abeysinghe. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share