20/01/2026
Harvest 🥕
මේ තියෙන්නේ තවත් එක කැරට් වගාවක අස්වැන්නක් විතරක් නෙවෙයි.
ඒ පසු පස ලොකු කතාවක් තියෙනවා.
අඟුණකොළපැලැස්ස වගේ වියළි පොලවක බීජයක් රෝපණය කරන තැන ඉඳලා අස්වනු නෙලලා වෙළඳපොලට සැකසීම දක්වා වන සමස්ත ක්‍රියාවලියම අපේ සිසුන් ප්‍රායෝගිකව අත් විඳිනවා කියන්නෙම ඒක හරියට යුද්ධයක් කරනව වගේ වැඩක්.
එතනදී රෝග පලිබෝධ පලනය ආදී බොහෝ දෑ ඔවුන් ඉගෙන ගන්නවා. සමහර වෙලාවට සම්පූර්ණයෙන් ම අසාර්ථක වෙනවා. ඒ තුලිනුත් ඉගෙන ගන්නවා. නැවත සාර්තක වෙනවා.
ඉතින් මේ එවන් සාර්තක අස්වැන්නක්. එකක නෙවෙයි. දෙකක්.
එකක් අපට පෙනෙන කැරට් අස්වැන්න.
දෙවැන්න තමයි අනාගත කෘෂිකාර්මික තරුණ පරපුර. ඔවුන් තමයි අපේ අස්වැන්න. අවුරුදු දෙකහමාරක අපේ මහනසියේ ප්‍රතිඵල.