අ.පො.ස. උසස් පෙළ විභාගයට සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සෙත් පතා සිදු කරන්නට යෙදුනු මහා ආශිර්වාදාත්මක බෝධි පූජාව සහ පිරිත් දේශනාව 2026 අගෝස්තු 02 වන ඉරිදා පස්වරු 4.00 ට ශ්‍රී කල්‍යාණි රජමහා විහාරස්ථානයේදී ඉතාමත් සාර්ථකව පැවැත්විනි.
Sri Kalyani Dhamma School
ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලය, රජමහා විහාරය, කැලණිය
ශ්‍රී කල්‍යාණි රජ මහා විහාරස්ථ ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලය වසර 44 ක ඉතිහාසයකට උරුමකම් කියන අතර 4000 කට අධික ශිෂ්‍ය පිරිසක් වර්තමානය වන විට දහම් පාසල තුලින් දහම් හා ගුණ නැණ අධ්‍යාපනය ලබයි.
ශ්‍රී කල්‍යාණි රජ මහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය නිරතුරුව අප හට හිමිවන අතර වත්මන් ධර්ම විද්‍යාලාධිපතීත්වය පූජ්‍ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්
02/08/2026
අද දින සම්බුද්ධ පූජාව සහ උදෑසන රැස්වීම
2025 වසරේ දහම් පාසල් අවසාන විභාගය සමත් වූ සිසුන්ගේ සහතික පත්‍ර ලැබී ඇත.
එම සහතික පත්‍ර හෙට, අගෝස්තු 02 (ඉරිදා), දහම් පාසල් පැවැත්වෙන වේලාව තුළදී* ලබාගත හැක.
තවමත් පෙළපොත් භාරදී නොමැති සිසුන් ඒවා හෙට රැගෙන එන ලෙස කාරුණිකව දැනුම් දෙමු.
01/08/2026
ඇසළ පුර පසළොස්වක පොහෝ දින ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලීය 2026/2027 ශිෂ්‍ය නායක සංසදය විසින් සංවිධානය කරනු ලැබූ සැන්ඩ්විච් පාන් සහ බීම දන්සැල සාර්ථකව පවත්වන්නට යෙදුනි.
සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා! 🙏☸️
30/07/2026
අ.පො.ස. උසස් පෙළ විභාගයට සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සෙත් පතා සිදු කරන මහා ආශිර්වාදාත්මක බෝධි පූජාව සහ පිරිත් දේශනාව 2026 අගෝස්තු 02 වන ඉරිදා පස්වරු 4.00 ට ශ්‍රී කල්‍යාණි රජමහා විහාරස්ථානයේදී පැවැත්වේ.
ඔබ සැමට ආරාධනා!
30/07/2026
ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යය සිසුන් හා ආචාර්ය මණ්ඩලය දෙමාපියන් සමග ඇසළ පෝය දින පැවැත් වූ දන්සැල ...
වෙහෙස වී දායක වූ සැමට අප්‍රමාණ පින්...
29/07/2026
28/07/2026
ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලීය ඉංග්‍රීසි මාධ්‍යය ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ආචාර්ය මණ්ඩලය සහ දෙමාපියන් එක්ව සංවිධානය කරනු ලබන මඤ්ඤොක්කා සහ පොල් සම්බෝල් දන්සැල 2026 ඇසළ පුර පසළොස්වක පොහෝ දින (ජූලි මස 29 දින) දහවල් 12:00 සිට කැලණිය රජමහා විහාරස්ථ පරිශ්‍රයේ දී පැවැත්වේ.
ඔබ සැමට බැති සිතින් ආරාධනා...
28/07/2026
ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලීය 2026/2027 ශිෂ්‍ය නායක සංසදය විසින් සංවිධානය කරනු ලබන සැන්ඩ්විච් පාන් සහ බීම දන්සැල 2026 ඇසළ පුර පසළොස්වක පොහෝ දින එනම් ජූලි මස 29 දින ප.ව.4.00 සිට කැලණිය රජමහා විහාරස්ථ පරිශ්‍රයේ දී පැවැත්වේ.
ඔබ සැමට බැති සිතින් ආරාධනා...
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
Rajamaha Viharaya
Kelaniya
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |