10/05/2026
තමන්ගේ දරුවාගේ වැඩ දහසක් අතපසු වෙද්දී අනුන්ගේ දරුවන් වෙනුවෙන් කැප වෙන ඒ දරුවන්ගේ දියුණුව දැක සතුටු වෙන ගුරු මව්වරු
job එකේ වැඩ ගොඩක් මැද්දේ ඔලුව අවුල් වෙලා තියෙද්දීත් දරුවට හෙට මොනාද teacher ගේන්න තියෙන්නේ කියල whatsApp groups check කරන ගමන් එහෙට මෙහෙට call අරන් ඒවා සුදානම් කරන අම්මාවරු
දරුවන් රැක බලා ගැනීම මෙන්ම මුදල් උපයා ගැනීම දෙකම වගකීම වුණු තනිවුණු අම්මාවරු
ජීවිතයත් මරණයත් අතර සටන් කරන සුව කළ නොහැකි රෝගයකින් පෙළෙන ගමන් තමන්ට අනාගතයේ දැක ගත නොහැකි වුවත් දරුවාගේ දියුණුව හිතින් මවා ගෙන ඒ පිළිබඳව වෙහෙස වෙන අම්මාවරු
රෝගී දහස් ගණනකගේ ජීවිත බේරා දෙන්න hospitals වල රාජකාරි සඳහා උපරිම කැප වන ගමන් තමන්ගේ දරුවාගේ වැඩ අතපසු නොකර කරන්න උපරිම උත්සාහ කරන අම්මාවරු
ගෙදරට වී ඉන්න නිසාම කාටවත් නොපෙනන වැඩ ගොඩක් එක්ක දරුවාගේ වැඩ නිසාම රැකියාව අත් හැරුණු ඒ ගැනම දුක් වෙන එත් දරුවා වෙනුවෙන්ම කැප වෙන අම්මාවරු
ADHD ,ODD ,PTSD දරුවන් සමග දවස ගෙවන දරුවා වෙනුවෙන් මුළු ලෝකෙම සමග සටන් කරන ශක්තිමත් අම්මාවරු
ඇත්තටම මේ හැම අම්මෙක්ම මගේ ගුරු ජීවිතයේ මම දැකලා තියෙනවා. මමත් ඒ එක අම්මෙක් දරුවාගේ එක දෙයක් අතපසු වුණා කියලා දවස් ගණන් පසුතැවෙන. ඉතින් අපි කවුරුත් නරක නැහැ .අපි හැමෝම හොඳම අම්මලා .
මගේ ආදරණීය අම්මලා හැමෝටම ආදරණීය අම්මාවරුන්ගේ දවසක් වේවා !!!
Anuradha