01/10/2025
අද ඔක්තෝම්බර් මාසයේ පලවෙනි දවස .. ඔක්තෝම්බර් කිව්ව ගමන් යුරෝපයේ ඉන්න අයට නම් මතක් වෙන්නෙ ..පාට පාටින් හැඩ උන ගස් වැල් ..
කොල පාටින් පිරිලා තිබුන මැපල් ගස් වල 🍁ඕක් ගස් වල 🍂
🍃 ඇස්පන් ගස් වල විතරක් නෙවෙයි 🌿බීච් ගස් වලත් කොල රතු පාටින් කහා පාටට කහා පාටින් තැබිලි පාටට තැබිලි පාටින් ගුරු පාටටත් හැරිලා සුලං හමන දිශාව දිගේ පොලව ඉඹින දවස් තමයි යුරෝපයට මේ උදා උනේ
ඔක්තෝබර් පලවෙනිදා ඉදන්ම මේ උදා උන සරත් සෘතුව පුරාම යුරෝපයේ සහ එංගලන්තෙ විවිධාකාර උත්සව සහ සැමරුම් පැවැත්වෙනවා..
ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆෘට් වල තියන ලෝකයේ ලොකුම පොත් ප්‍රදර්ශනය සහ එංගලන්තයේ පැවැත්වෙන National poetry day එකත් යුරෝපයේ පොත් පිස්සන්ට විශේෂ දවස් උදාකරලා දෙනවා
ඉතින් සරත් සෘතුවේ පාට පාට කොළ හැලුන මාවත් දිගේ හවස් කාලයේ ඇවිදින්න ලැබෙන එක සහ මීදුමින් බර උන ඔක්තෝම්බරයේ හවස් වල පුංචි කෝපී ශොප් එකක කැපචිනෝ එකක් එක්ස්ප්‍රෙසෝ එකක් ක්‍රීම් කැෆේ එකක් තොල නොගාන මනුස්සයෙක් නැති තරම් . ☕️
අදන් පටන් ගත්තු ආදරණීය මාසයේ ආදරණීය දවස් සහ ආදරණීය මතතක විතරක් ජීවිතයට එකතු කර ගන්න ලැබේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනාවා ❤️