බෞද්ධ ශිෂ්ටාචාරය

බෞද්ධ ශිෂ්ටාචාරය

Share

🧑‍🏫ජීවිතයම සරසවියක් කරගන්නට පාර කියන ආදරණීය ගුරුතරුව ⭐️✨⚡️

22/04/2025

උපාධි, ආචාර්‍ය මහාචාර්‍ය පදවි තානාන්තර ගැන හෙනම කතාවක් යනවනේ.. මේ මම දන්න තරමින් ඒ ගැන සරළ විස්තරයක්. ⁣

මේකත් ඔය අත කහනවට කොටන ලියමනක්. ⁣
⁣------------------------------------------------------
ඩිප්ලෝමා (𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚)⁣
- උපාධියකට වඩා පහළ මට්ටමේ සහ කෙටිකාලීන අධ්‍යාපන සුදුසුකමක්.⁣
- බොහෝවිට විශේෂිත වෘත්තියක දක්ෂතාව ලබාදෙනවා.⁣
- සාමාන්‍යයෙන් ඩිප්ලෝමාවක් මාස 6 – අවුරුදු 2ක් අතර කාලයක් ඇතුළත සම්පූර්ණ වෙනවා.⁣
- උදාහරණ විදිහට ලංකාවේ තියෙන අධ්‍යාපන විද්‍යා පීඨ, Nursing Training School (NTS) වගේ තැන් වලින් ලබා දෙන්නේ ඩිප්ලෝමා මට්ටමේ සුදුසුකමක්.⁣
- මේ සුදුසුකම උපාධියක් සඳහා පිවිසුමක්, නැත්නම් රැකියාවකට පිවිසීමට මාර්ගයක් වශයෙන් යොදාගන්න පුළුවන්.⁣
- උපාදියකින් පසුව සම්පූර්ණ කරන ඩිප්ලෝමා සාමාන්‍යෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමා (Post graduate diploma) කියලා තමයි හදුන්වන්නේ. ඕස්ට්‍රේලියාව වගේ රටවල මේක graduate diploma කියලත් හඳුන්වනවා.⁣
- මේ සුදුසුකම් නමක් සමඟ යොදනවානම් සාමාන්‍යයෙන් යෙදෙන්නේ මෙන්න මේ විදිහට: ⁣
o Mr. Amarabandu Rupasinghe – Dip. in English ⁣
o Mrs. Sama Amaralatha – PgDip in Education⁣

------------------------------------------------------

ප්‍රථම උපාධිය (𝐁𝐚𝐜𝐡𝐞𝐥𝐨𝐫’𝐬 𝐃𝐞𝐠𝐫𝐞𝐞)⁣
- විශ්ව විද්‍යාලයක හෝ පිළිගත් උපාධි ප්‍රදාන ආයතනයකින් කෙනෙක් ලබාගන්නා මුල්ම උපාධිය.⁣
- සාමාන්‍යෙයෙන් අවුරුදු 3–4 ක් වගේ කාලයක් ගත වෙනවා උපාධියක් සම්පූර්ණ කරන්න. ⁣
- වෛද්‍ය උපාධියක් වගේ විශේෂ උපාධි සඳහා අවුරුදු 5ක් වගේ ගත වෙනවා. ⁣
- සමහරක් අවුරුදු 4ක උපාධි විශේෂවේදී උපාධියක් විදිහට හඳුන්වනවා. Special Degree එකක් කියන්නේ එතකොට. (BSc Special in Chemistry) ⁣
උදාහරණ:⁣
• BA – ශාස්ත්‍රවේදී උපාධිය ⁣
• BSc – විද්‍යාවේදී උපාධිය⁣
• BBA - ව්‍යාපාර කළමණාකරණ උපාධිය⁣
• BEng – ඉංජිනේරු උපාධිය⁣
• MBBS (Bachelor of Medicine, Bachelor of Surgery)- වෛද්‍ය උපාධිය ⁣

- මේ සුදුසුකම් නමක් සමඟ යොදනවානම් සාමාන්‍යයෙන් යෙදෙන්නේ මෙන්න මේ විදිහට: ⁣
o Mr. Amarabandu Rupasinghe – BSc in Science ⁣
o Mrs. Sama Amaralatha – BA (special) in Sociology⁣
සිංහලෙන් ලියනවානම්:⁣
o විද්‍යාවේදී අමරබන්දු රූපසිංහ⁣
o ශ්‍රාස්ත්‍රවේදී සාමා අමරලතා⁣

------------------------------------------------------

මාස්ටර් උපාධිය (𝐌𝐚𝐬𝐭𝐞𝐫’𝐬 𝐃𝐞𝐠𝐫𝐞𝐞)⁣
- ප්‍රථම උපාධිය පස්සේ කෙනෙක් තමන්ගේ කැමැත්තෙන් තවත් ඉදිරියට ඉගැන ගැනීමේදී තමයි Masters එකක් කරන්නේ⁣
- බොහෝ වෙලාවට එක් විෂය ක්ෂේත්‍රයක ගැඹුරු දැනුමක් මේ උපාධි පාඨමාලාවකදී හදාරනවා.⁣
- සාමාන්‍යෙන් අවුරුදු 1–2 ක් අතර කාලයක් යනවා උපාධිය සම්පූර්ණ කරන්න.⁣
- Taught Master’s / Research Master’s විදිහට වෙන් වීමක් ගොඩක් වෙලාවට තියෙනවා.⁣
- බොහොමයක් masters උපාධි වල නිබන්ධනයක් (thesis) එකක් තනියෙන් සම්පූර්ණ කරන්න ඕනි.⁣
උදාහරණ:⁣
• MA – ශාස්ත්‍රපති උපාධිය⁣
• MSc – විද්‍යාපති උපාධිය⁣
• MBA – master’s in business administration⁣

- මේ සුදුසුකම් නමක් සමඟ යොදනවානම් සාමාන්‍යයෙන් යෙදෙන්නේ මෙන්න මේ විදිහට: ⁣
o Mr. Amarabandu Rupasinghe – MSc in Data Science ⁣
o Mrs. Sama Amaralatha – MA in Communication⁣
සිංහලෙන් ලියනවානම්:⁣
o විද්‍යාපති අමරබන්දු රූපසිංහ⁣
o ශ්‍රාස්ත්‍රපති සාමා අමරලතා⁣

------------------------------------------------------

(𝐌.𝐏𝐡𝐢𝐥 – 𝐌𝐚𝐬𝐭𝐞𝐫 𝐨𝐟 𝐏𝐡𝐢𝐥𝐨𝐬𝐨𝐩𝐡𝐲)⁣
- මේ සම්පූර්ණයෙන්ම පර්යේෂණමය මාස්ටර් උපාධියක්.⁣
- බොහෝවිට PhD එකකට පෙර පියවරක් විදිහට තමයි කෙනෙක් මේ වගේ උපාධියකට යොමු වෙන්නේ.⁣
- මේ උපාධිය සම්පූර්ණ කරන්න අනිවාර්‍යෙන්ම ස්වාධීන පර්යේෂණයක් කරලා ඒ සොයාගැනීම් පිළිගත් ආකාරයකට publish කරන්න අවශ්‍යයයි. ⁣
- සාමාන්‍යයෙන් අවුරුදු 1–2 අතර ප්‍රමාණයක් යනවා M.Phil එකක් complete කරන්න.⁣
- මේ සුදුසුකම් නමක් සමඟ යොදනවානම් සාමාන්‍යයෙන් යෙදෙන්නේ මෙන්න මේ විදිහට: ⁣
o Mr. Amarabandu Rupasinghe – M.Phil in Computer vision ⁣

------------------------------------------------------

ආචාර්‍ය උපාධිය (𝐏𝐡𝐃 – 𝐃𝐨𝐜𝐭𝐨𝐫 𝐨𝐟 𝐏𝐡𝐢𝐥𝐨𝐬𝐨𝐩𝐡𝐲)⁣
- විශ්වවිද්‍යාලයකින් ලැබිය හැකි ඉහළම උපාධියක් තමයි ආචාර්‍ය උපාධිය කියන්නේ.⁣
- නව දැනුමක් නිර්මාණය කරන එක මූලික කරගත්තු අලුත්ම පරේක්ෂණයක් අනිවාර්‍යෙන්ම මේ උපාධි අපේක්ෂකයෙක් කරගෙන යනවා.⁣
- ඒ වගේම ඒ කරන පරේක්ෂණ වල සොයාගැනීම් පිළිගත් journals/ conferences වල publish කරන්න ඕනි.⁣
- සාමාන්‍යෙන් අවුරුදු 3–7 ක් අතර කාලයක් ගතවෙනවා complete කරන්න.⁣
- Thesis එකක් වගේම සහ viva test එකකුත් තියෙන්න පුළුවන් මේ උපාධිය ප්‍රදානය කරන්න කලින්. විශ්වවිද්‍යාලය මඟින් පත් කරපු board එකක් ඒ පිළිබඳ සෑහිමකට පත් උනොත් තමයි ආචාර්‍ය උපාධිය ප්‍රදානය කරන්නේ. ⁣
- ලෝකයේ සමහරක් විශ්වවිද්‍යාල DBA (Doctor in Business Administration), D. Eng (Doctor in Engineering) වගේ PhD වලට සමාන උපාධි පිරිනමනවා.
- Education field එකේ අයට Doctor of Philosophy වෙනුවට දැන් Doctor of Education (EdD) කියලා එකක් තියනවා මේක ගොඩක් ගුරුවරුන්ට ප්‍රින්සිපල් ලට වගේ අයට ජොබ් එක කරන ගමන් ඒකත් එක්කම සම්බන්ධ වෙලා කරන්න පුලුවන් එකක් .
- සාමාන්‍යෙන් PhD එකකදි යුනිවර්සිටි එකෙන් උපාධි අපේක්ෂකයාට ගෙවනවා ඒක කරනවට. ෆුලි ෆන්ඩඩ් ගොඩක් වෙලාවට. (ගෙවලා ගන්නවා නෙවෙයි. ගන්නවට ගෙවනවා! 😀 )

- සමහර පිළීගත් විශ්වවිද්‍යාල වලින් ඒ ඒ ක්ශේත්‍ර වල සුවිශේෂ හැකියා ඇති අයට ගෞරව ආචාර්‍ය උපාධි පිරිනමනවා. ( ආචාර්‍ය නන්දා මාලිනියන්ට සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලයෙන් 2017 වර්ෂයේ පිරිනමපු Doctor of Philosophy (Fine Arts) Honoris Causa ඒ වගේ උපාධියක්.) ⁣
- මේ සුදුසුකම් නමක් සමඟ යොදනවානම් සාමාන්‍යයෙන් යෙදෙන්නේ මෙන්න මේ විදිහට (Dr සහ PhD කියන යෙදුම් දෙකම එක වෙලාවක පාවිච්චි කරන්නේ නෑ): ⁣
o Amarabandu Rupasinghe, PhD⁣
o Dr. Amarabandu Rupasinghe⁣
o අචාර්‍ය අමරබන්දු රූපසිංහ ⁣

------------------------------------------------------

𝐃.𝐒𝐜. – 𝐃𝐨𝐜𝐭𝐨𝐫 𝐨𝐟 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞⁣
- මේක ඉතා සුවිශේෂී, PhD එකටත් වඩා ඉහළ උපාධියක්.⁣
- යම් අයෙක් දිගුකාලීනව කරන අතිවිශිෂ්ට ගවේෂණ පරීක්ෂණ සහ ක්‍රියාකාරකම් මත පදනම්ව තමයි මේ උපාධිය පිරිනැමෙන්නේ. ⁣
- ලෝකයේ සමහර විශ්වවිද්‍යාල විතරයි D.Sc උපාධි පිරිනමන්නේ. ⁣
- සමහර රටවල් වල PhD එකට සමාන උපාධියක් විදිහටත් සලකනවා. ⁣

------------------------------------------------------

මහාචාර්‍ය පදවිය (𝐏𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐨𝐫𝐬𝐡𝐢𝐩)⁣
- මහාචාර්‍ය පදවිය කියන්නේ තනතුරක්, උපාධියක් නොවෙයි.⁣
- සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයක උසස්ම අධ්‍යයන තනතුර වෙන්නේ මහාචාර්‍ය තනතුර.⁣
- බොහෝ වෙලාවට මහාචාර්‍ය කෙනෙක් වෙන්නේ ආචාර්‍ය උපාධියක් (PhD) එකක් සම්පූර්ණ කරපු කෙනෙක්.⁣
- USA වලදී Professor කියන term එක විශ්වවිද්‍යාල ගුරුවරු හැමෝටම යොදාගන්නවා. ඒ කියන්නේ PhD එකක් තිබ්බා හෝ නැතා, ඒ අය විශ්වවිද්‍යාලයක උගන්නනවා නම් professor කියලා හදුන්වනවා.⁣
- British system එකේදී ( ලංකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවලත් තියෙන්නේ ඒ system එක) අනිවාර්‍යෙන්ම විශ්වවිද්‍යාලය මහාචාර්‍ය පදවිය ප්‍රදානය කළ යුතුයි.⁣
- යමෙක් විශ්වවිද්‍යාලයෙන් අයින් උනාම මහාචාර්‍ය කියන title එක අයින් වෙලා නැවත ආචාර්‍ය වෙනවා. ⁣
- හැබැයි සමහර අවස්ථා වල සුවිශේෂ පුද්ගලයන්ට ජීවිත කාලයටම බලපාන විදිහට මහාචාර්‍ය පදවි (Emeritus professor) පිරිනමනවා. මහාචාර්‍ය VK සමරනායක එවැනි අයෙක්.⁣ (සේවාර්ජිත මහාචාර්ය තමයි සිංහල නාමය)
මේ සුදුසුකම් නමක් සමඟ යොදනවානම් සාමාන්‍යයෙන් යෙදෙන්නේ මෙන්න මේ විදිහට: ⁣
o Professor Amarabandu Rupasinghe⁣
o මහාචාර්‍ය අමරබන්දු රූපසිංහ⁣

------------------------------------------------------

මේ අධ්‍යාපන සුදුසුකම් නිසි ආකාරයෙන් සම්පූර්ණ කරන්න “හරියට” කරන මිනිස්සු පට්ටම කට්ටක් කනවා වගේම ලෝක දැනුම් පද්ධතියට හරයක් එකතු කරන්න තමන්ගේ ජීවිතේ සැළකියයුතු කාලයක් කැප කරනවා. ⁣

ඒ වගේම මේ උපාධි පිරිනමන “නිසි” ආයතන/ විශ්වවිද්‍යාල හරි ආකාර නියාමනයන්ට යටත් වෙලා කටයුතු කරනවා. ⁣

එහෙම තියෙද්දි ඩොලර්, රුපියල් වලට මේ අකුරු තුන හතර අලෙවි වෙද්දි, තමන්ට නැති උපාධි ගත්තා වගේ මාකට් කරද්දී, එව්වට කට පියාගෙන ඇස් අයාගෙන ඉන්නවා කියන්නේ අර වටිනාකමක් තියෙන මිනිස්සුන්ගෙත් වටිනාකම නැති කරන දෙයක්.⁣

තමන්ගේ දුවා දරුවන්ට පොඩ්ඩක් හරි ආදරයක් තියෙනවානම් “නිසි” අධ්‍යාපනයේ අගය වටහලා දෙන එක දෙමව්පියන්ගේ වගකීමක්. ඒත් එක්ක මේ සුදුසුකම්, උපාධි වල තියෙන බර, වටිනාකම අනිවාර්‍යෙන්ම කියලා දෙන එකත් යුතුකමක්! ⁣

17/04/2025

දළඳා lore...

මේ ඔක්කොම පටන්ගන්නේ ශාක්‍යමුණිගේ පිරිනිවනින්...බුද්ධ දේහය ආදාහනය වෙනකොට ඒ සිරුරෙන් වාම යටි දළඳාව ඛේම නම් රහතෙකු හරහා නැගෙනහිර ඉන්දියාවේ කාලිංග රාජ්‍යයට ලැබුණු බව කියවෙනවා...

කාලිංගයේ බුදුන්ගේ දළඳාව යුග යුග ගණනාවක් දන්තපුරයේ වන්දනාවට ලක්වෙනවා..ඒත් උතුරුකරයෙන් ඇෆ්ගන් නිම්නයේ කිදාර රජුන්ගේ ආක්‍රමණ නිසා ජගන්නාථයන්ගේ භූමියෙන් දළඳාව සිංහලයට අරන් එනවා...

බුදුන්ගේ සූඅසූදහසක් ධර්මස්කන්ධයේ ස්පර්ශය ලැබූ බැවින් දළඳාව ලක්දිව රාජ්‍යත්වයේ පරම සංකේතය වෙනවා..ආගමිකත්වයෙන් ඔබ්බට ගිය දේශපාලන වස්තුවක් වෙනවා...

දළඳාව සහ වර්ෂාව සහසම්බන්ධ වුණේ මොන යුගයේද කියන එක ප්‍රශ්නයක්..නමුත් ඒක ලංකාගමනයත් සමඟම වුණාදෝ කියලා හිතෙනවා දළඳාවේ මුල්ම නවාතැන්පොළ බවට මේඝගිරි නම් වැසි දෙවියන් පුදලැබූ බවට අනුමාන කෙරෙන විහාරයක් පත්වීම වගේ කතා එක්ක...

දළඳාව මුල් යුගයේදී පවතින්නේ අභයගිරි වාසීන් සතු වස්තුවක් විදිහට.එනිසාම මහාවිහාරික වංශකතා දළඳාව ගැන ඔය කාලයේ නිහඬ වෙනවා. නමුත් අභයගිරියට එන ෆාහියන් වැනි භික්ෂූන් දළඳා පෙරහැර ප්‍රදර්ශන ගැන වාර්තා පවා තියනවා.මහානාම රජදවසේ චීන අධිරාජ්‍යයාට දළඳා මාලිගයේ ආකෘති යැවෙනවා...

මිංයුවාන් (Ming yuen) වගේ භික්ෂූන් දළඳාවහන්සේව දළඳා මාලිගයෙන් උස්සන්න උත්සාහ ගන්නවා...

යිජින් (Yi jing) හිමියන් දොරවල් ගොඩකින් ආරක්ෂා කෙරුණු,නිලධාරීන් පස්දෙනෙකුගේ සලකුණු එකතුකරලා විතරක් අරින්න පුලුවන් මුද්‍රාවකින් අගුලු දාලා තිබුණු දළදා කුටියේ ආරක්ෂාව ගැන සටහන් තියනවා. ලංකා පොළොවෙන් නික්මුණොත් රාක්ෂයන්ට අයිතිවෙන බවත් එහෙම නැතිනම් ලංකා පොළොවෙන් නික්මුණොත් මේ දළඳාව චීන රටට ගමන් කරන බවත් චීන භික්ෂූන් විශ්වාස කරන්න ගන්නවා...

කාලය ගෙවෙනවා..දළඳාව විවිධ රජවරුන්ගෙන් පූජා ලබනවා.දළඳා පූජාවලියේ විදිහට ඒ අතරේ චෝලයන් දළඳාව පැහැරගන්නවා. පැසුළු සිරිසඟබෝ නම් රජෙක් සේනා අරන් ගිහින් දළඳාව සුරක්ෂිතව අරන් එනවා...

මානවම්ම,දෙවෙනි සේන,හතරවෙනි මිහිදු..මේ වගේ ගොඩක් රජවරු කළ දළඳා පූජා ගැන වංශකතාවල ලියවෙනවා...

රාජධානි මාරු වෙනවා..ශිෂ්ටාචාරය පුලනාරුවට කේන්ද්‍ර වෙනවා..වේලෙක්කාර දකුණු ඉන්දීය සෙබලුන්ගේ රැකවරණය දළඳාවට දෙන්න විජයබාහු රජු තීරණය කරනවා...

කාලයත් එක්ක පැනනැගින ආරවුල් එක්ක දළඳාව රුහුණේ සුගලා දේවිටත් එතැනින් නැවත පරාක්‍රමබාහුටත් අතමාරු වෙනවා. ඉන්පස්සේ කාලිංග වංශයෙන් රජවෙන නිශ්ශංකමල්ල දළඳාව වෙනුවෙන් පැය හැටෙන් දළඳාගෙයක් හදනවා.මේ තමා හැටදාගෙය...

පොළොන්නරුවේ බිඳවැටීමත් කාලිංග මාඝගේ ආක්‍රමණත් එක්ක දළඳා වහන්සෙ කොත්මලේට ගොස් හංගපු බවට,රටින් එළියට අරන් ගිය බව වාර්තාවල කියවෙනවා.කෙසේහෝ නැවත බෙලිගල තැන්පත් කෙරෙන මේ දළඳාවට දෙවෙනි පරාක්‍රමබාහු රජුන්ගෙන් රන්,මැණික්,රිදී කරඬු පූජා කෙරෙනවා.දළඳාව ගැන සැක කළ රජුගේ අතට දළඳාව වැඩි බව කතා ලියවෙනවා.ඔය යුගයේම විෂ හී විදින යන්ත්‍ර අරන් දළඳාවත් වෙනුවෙන් ජාවා රටින් චන්ද්‍රභානු ආක්‍රමණයක් දියත් කරනවා.මේ යුගයේ ලංකාවේ වෙඩිබෙහෙත් ආයුධ භාවිත වුණු හැටි දඹදෙනි අස්නේ ලියවෙනවා. ලංකාවට වැඩිබෙහෙත් ආවේ චන්ද්‍රභානුගේ හී විදින එක්කද?

දඹදෙණියෙන් යාපහුවට ශිෂ්ටාචාරය මාරුවෙනවා.උතුරු ඉන්දියාවෙන් ආ ආර්‍ය රාජ්පුත් සේනාවේ ඨාකූරක ප්‍රමුඛ නම් දරන්නෝ දළඳාව රකින්න පෙරමුණ ගන්නවා...

යාපහු යුගයේදි පාණ්ඩ්‍යයේ ආර්‍ය චක්‍රවර්තී දළඳාව අරන් පඬිරට කුලශේඛරන් රජුට ලබාදෙනවා.ඒ එක්ක එකල ලෝකයේ බලගතුම අධිරාජ්‍යයා කුබ්ලායි ඛාන් දළඳාව තමන් සතු කරගන්න මාර්කෝ පොලෝ ප්‍රමුඛ දූතයන් එවනවා.මේ අර්බුද දෙකම කළමණාකරණය කරගෙන තුන්වෙනි පරාක්‍රමබාහු දළදාව නැවත අරන් එනවා...

කුරුණෑගල..ගම්පොළ..යුග ගෙවෙනවා. කෝට්ටේ රාජධානියට අඩිතාලම හැදුණු යුගයේ චීනයේ චෙංහෝ සෙන්පතියා අලකේශ්වරව අල්ලන් යනකොට දළඳාවත් මිං අධිරාජ්‍යයට පෙන්නන්න චීනෙට අරන් ගිහින් නැවත ලංකාවට එවපු බව චීන මූලාශ්‍රවල එනවා.ඒත් ලංකාවේ මූලාශ්‍ර අනුව එහෙම චෙංහෝ දළඳාව අරන් ගිය බවට ලියවිලා නෑ...

1505..ටෝඩිසිලාස් ගිවිසුමෙන් පෙරදිගට ආ පරංගි ලංකාවට එනවා...කාලය ගෙවෙනවා.පෘතුගීසි වාර්තාවල විදිහට පෘතුගීසි කෝට්ටේ නගරයේ තුන්මහල් දළඳා මැදුර විනාස කරලා දළඳාව ගිනිතියලා අලු හුළඟේ පාකරලා අරිනවා...

ඒත් අපේ ජනප්‍රවාදවල විදිහට පෘතුගිසී දළඳාව විනාස කරන්ට කලින් හිරිපිටියේ රාළට හීනෙන් දෙවියෙක් ඇවිත් "කෝට්ටේ කළාලෙ කිසිල්ලේ දත මැද ගන්න රාලේ" කියලා අනතුරු අඟවනවා. මේ දෙවියෝ වක්‍රව කියන්නේ දළඳාවට එන අනතුරක් ගැන වග තේරුම් ගන්න මිනිහා හොරෙන් ගිහින් ව්‍යාජ දළඳාවක් තියලා ඇත්ත දළඳාව අරන් සීතාවකට පැනලා යනවා...

ඒ අතරේ මේ පෘතුගිසි 1561 දී ගෝවට අරන් ගිහින් විනාශ කරන දළඳාව ඇත්තටම යාපනය රාජධානියේ මන්නාරම සෑයක ආරක්ෂිතව තිබුණු එකක් බවට ජාවෝ රුබෙයිරෝගේ (Joao Ribeyro-1680) වාර්තා සනාථ කරනවා.1560 දී යාපනය ආක්‍රමණය කරන ඩොන් කන්ස්තන්තීනු ඩි බ්‍රැගන්සා (Don Constantine de Braganza) තමා මේක හොයාගෙන ගෝවට යවන්නේ...

මේක ගෝවට ගිය බව ආරංචි වුණ ඒකාලයේ මියන්මාරයේ පේගු රාජ්‍යයේ රජතුමා ගෝවට ධූතයෙක් එවනවා කෘසාඩෝ හාරලක්ෂයක් විතර ගෙවලා මේ දළඳාව ලබාගෙන මියන්මාරෙට අරන් යන්න.නමුත් ජෙසුයිට් නිකායේ දැඩි බලපෑම මත මේක ගිනිතියලා අලු හුළඟේ පාකරලා හරිනවා...

යාපනේට දළඳාවක් ගියේ කොහොමද? ඒ ප්‍රශ්නයට මගෙ මතය වෙන්නේ වීදියේ බණ්ඩාර.වීදියේ බණ්ඩාර තමන් සතුව දළඳාවේ අනුරුවක් තියන් හිටපු 1555දි වගෙ යාපනයේදි මියගිය කෙනෙක්.ඒ මරණය වැරදි වැටහීමක් නිසා වුණු ඛේදවාචකයක් වූ නිසා සංකිලි රජතුමා වීදියේ බණ්ඩාරට ගෞරවයක් විදිහට වීදියේ බණ්ඩාරගේ දළඳා අනුරුව යාපනේ තැන්පත් කරන් හිටියා වෙන්න පුලුවන්...

සීතාවක යුගයේ වැඩිකාලයක් කෝට්ටෙන් ආපු දළඳාව තැන්පත් වෙන්නේ දෙල්ගමු විහාරයේ.සීතාවක බිඳවැටීමත් උඩරට පිබිදීමත් එක්ක දළඳාව දෙල්ගමු විහාරයේ කුරහන් ගලක ඉඳන් වර්තමාන ගමනාන්තය වුණු මහනුවරට වඩිනවා...

පළමු විමලධර්මසූරිය මහනුවර මැදුරක ස්ථාපනය කරන දළඳාව සෙනරත් මැදමහනුවරට අරන් යනවා. මරණාසන්නයේ ඉන්න සෙනරත් රජු දළඳාව ඉදිරියේ සෝදුපත් ඇදලා තමන්ගේ පුත්තු අතරේ උඩරට පාලනය බෙදනවා...

නැවත නුවරට වඩින දළඳාව දෙවෙනි රාජසිංහ හදපු දෙවෙනි නුවර දළඳා මැදුරේ තැන්පත් වෙනවා. නරේන්ද්‍රසිංහ යුගයේ රිදී පර්වතයක් තරම් ලස්සන බව කියවෙන තුන්වෙනි දළඳා මැදුරක් මහනුවර ඉදිවෙනවා.වර්තමානයේ දළඳාව වැඩ ඉන්නේ එහෙම බැලුවොත් හතරවෙනි මාළිගාවේ...

ඒ අතරේ උඩරට නායක්කර්වරුන්ගේ පාලනය ස්ථාපිත වෙනවා. පළමු රජු වුණු විජය රාජසිංහ කරඬුව ඇරලා දළඳාව සියතට අරන් මහජන ප්‍රදර්ශනයක් කරනවා...

ඉන්පස්සේ රජවෙන කීර්ති ශ්‍රි රාජසිංහ දළඳාව කෙරේ දැක්වූවේ දැඩි භක්තියක්.ඔහුගේ යුගයේ අලුත් තේවාවක් එකතුවෙනවා.ඔහු තමන්ගේ කෙස්වැටිය කපලා දූවිලි පිස්නයක් හදලා දළඳාවට පුදනවා.ඔහුගේ මව කපාදුන් ඇගේ කොණ්ඩෙට රන් බෝල දවටලා මාලයක් කරඬුවට පළදිනවා. ඔහු රනින් කළ මහා දියමන්තියක් සහ දියමන්ති 160ක්,පුෂ්පරාග 171ක්,නිල්කැට 585ක්,රතුමැනික් 4880ක් සහ මුතු 788ක් යොදපු කරඬුවක් දළඳාව තැන්පත් කරන්න හදනවා...

ඒවගේම සතරදේවාල පෙරහැරට පළමු වතාවට දළඳා පෙරහැරක් එකතුකෙරෙනවා.නමුත් ඒ දළඳාව සහිතව නෙවේ කීර්ති ශ්‍රී රාජසිංහ පූජාකරපු සීවලි රහතුන්ගේ ධාතූන් රැගත් සීවලි කරඬුව වඩම්වමින්.ඔය අතරේ ලන්දේසි ගැටුම් එක්ක අවුල් වියවුල් මැද දළඳාව කෙටිකාලෙකට මහනුවරින් හඟුරන්කෙතට වැඩම කෙරෙනවා.ලන්දේසි උඩරට ගැටුම් අහවර වීම එක්ක නැවත මහනුවරට දළඳාව වැඩමවෙනවා...

ඊටපස්සේ එළඹෙනවා රාජාධිරාජසිංහ යුගය...ජනප්‍රවාද අනුව ඔය යුගයේ ග්‍රහ යුද්ධයකින් සිකුරුගේ කුණ්ඩලාභරණය කුණ්ඩසාලයට වැටෙනවා. එහි අයිතිය වෙනුවෙන් කොත්මලේ ගණිතයාත් බමුණෙකුත් අතර වූ ගැටුමේ අවසන් ඵලය ලෙස මේ කුණ්ඩලාභරණයෙන් දළඳාව වෙනුවෙන් පලාපෙත්තක් හැදෙනවා...

ඊළඟට එළඹෙනවා ශ්‍රී වික්‍රම රාජසිංහ යුගය. මහනුවරම වෙනස් වෙනවා අලුත් වෙනවා. අලුත් වලව් ඉදිවෙනවා. කිරිමුහුද හැදෙනවා.දළදා මැදුරේ "ඉඳන් බලන්නට "පාර්ත්ත ඉරුප්පු නොහොත් පත්තිරිප්පුව හැදෙනවා...

ඊටපස්සේ එළඹෙන්නේ ලංකාවට බ්‍රිතාන්‍ය කොඩියට යටත්වුණු යුගය........

තව දිගට වර්තමානය වෙනකන්ම කියන්නනම් කතා ගොඩයි..මගහැරපු කතා ගොඩයි..මොකද ඒ තරම් මේ දළඳාව ලංකා ඉතිහාසයේ ආගමේ සහ දේශපාලනයේ තියලා තියෙන සලකුණ ප්‍රබලයි...

අර පහුගිය දවසක ශෙයාවුණු ටික්ටොක් එකේ විදිහට කීවොත්

"What is දළඳාව worth?"

"Nothing..."

"Everything..."

ඒ කතාවේ වැරැද්දක් නැති බව ඉස්සරහට එන්න තියෙන දවස් කිහිපයේදී මහනුවර සාක්ෂි දෙයි.

18/10/2024

මම මේ කියන කතාව මේ පුංචි රටෙහි කිසි දිනක සිදුනොවූ එකක් බව ඒකාන්තයෙන්ම ඔබ කියාවී.

අහලා ඇතිනේ මහගම සේකර ශූරීන් ගැන ?

එතුමා ජීවත් වුණේ අවුරුදු 46 ක් පමණ යි.
ඔහු මෙලොව හැර ගියේ, 1976 ජනවාරි 15 වැනිදා

අපි දන්න කියන....අගය කරන....
රස විඳින එතුමාගේ සියළු නිර්මාණ ඔහු කළේ,
ඒ හිටපු ටික කාලය තුළ......

කොහොම හරි එතුමාගේ අවසන් කටයුතු
එකල පැවැත්වෙලා තියෙන්නෙ....

ඔහු උපන් ගමේ දී ඒ කියන්නේ රදාවානේ දී,
නමුත් ඊට ගමෙන් සහභාගි වෙලා තියෙන්නෙ
බොහොම ටික දෙනයි.

"ඒ ඇයි....? " ඔබේ හිතට දැන් ආපූ ප්‍රශ්නය එක වෙන්නැති.

ලංකාවේ ගමකට වඩා වටින්නේ මහගමසේකර
වගේ ප්‍රතිභාසම්පන්න කලාකාරයෙක් ද....?
එසේත් නැත්නම් බෝක්කුවක්වත්
දාලා දෙන්න හැකියාවක් තියෙන
ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයෙක් ද......?

මේ ප්‍රශ්නය මගේ සිතට නැඟුණේ.....

නැසීගිය ප්‍රවීණ සාහිත්‍යධර කේ. ජයතිලකයන් එකල
පුවත්පතකට කර තිබූ පහත ප්‍රකාශය අහම්බෙන් දැකීමෙන්,

// මහගමසේකර රටේ කොයිතරම් ප්‍රසිද්ධ පුද්ගලයෙක් වුණත්, ගමට එක බෝක්කුවක් බැදීම තරම්වත් සේවයක් ඔහු කර දී නැති බව...// සේකරගේ අවමඟුල් උත්සවයේදී හමුවූ රදාවාන ගැමියකු තමාට පැවසූ බව ජයතිලකයන් එහි කියා තිබෙනවා.....

"ඇයි මළ ගෙදරට සෙනඟ අඩු යැයි" අසළ සිටි ගැමියෙක් ගෙන් ජයතිලකයන් ඇසූ විට තමයි, ඒ පුද්ගලයා ජයතිලකයන්ට ඉහත ප්‍රකාශය කරලා තිබෙන්නේ.....

මහගමසේකර කවියකු, ගීත රචකයකු,
චිත්‍ර ශිල්පියකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු
යනාදි වශයෙන්, කලා ක්ෂේත්‍ර ගණනාවකම
අති විශිෂ්ටයකු වුණාට එතුමාගේ
ගමේ අයට ඒක මහ කජ්ජක් වෙලා
නැති බවක් මෙයින් පෙනී යනවා....

ගමේ අයට ඔහු නිකම්ම නිකම්
ජෝන් සිංඤෝගේ පුතා පමණක් වුණා....

මහගමසේකර අධ්‍යක්ෂණය කළ,
‘තුංමංහන්දිය’ චිත්‍රපටයේ ඇතැම් දර්ශන
රූ ගැන්වුණේ ඔහු උපන් ගමේ දී මයි.
එහි එක් රූපගත කිරීමක දී
ගමේ අය දැක්වූ ප්‍රතිචාරයක්,

‘මහගමසේකර සහ සමාජ යථාර්ථය’
කියන පොතේ මෙසේ සටහන්ව තිබෙනවා....

// ”ඒ අර කවුද ඉන්නේ ජෝ අබේවික්‍රම එකෙක් කීය.

'අර ඉන්නේ ස්වර්ණා මල්ලවආරච්චි’ තවකෙකුගේ හඬ ඇසිණි.

'අර ඉන්නේ ජෝන් අයියගේ පුතා.’

එකෙක් සේකර දෙසට ඇඟිලි දිගුකොට කීය.//

සොයිලියස් මැන්දිස් හා නිත්තවෙල ගුණයා
ගුරුන්නාන්සේ හැරුණු විට,

මම අහලා තියෙන විදියට අපේ රටේ හිටපු
ඉතා නිර්ව්‍යාජම කලාකාරයා තමයි මහගමසේකර...

ඔහු කීර්තියක් අත්පත් කරගත්තේ,

කුර්තා ඇඳුම්වලින් වත්....
පිනට ගත් සාම විනිසුරු පදවිවලින්වත්...
ඉන්දියාවේ වෛකල්පිත විද්‍යා ආයතනවලින්
මිලට ගත් ආචාර්ය උපාධිවලින්වත් නෙමෙයි!
ඔහු නිර්මාණය කළ ඔහුගේම
අග්‍රගණ්‍ය කලා කෘති වලින්ම යි.

සේකර ගමෙත් නගරයෙත්
කොතැනත් ජීවත් වුණේ ඉතාම සරල,
අල්පෙච්ඡ, නිර්ව්‍යාජ පුද්ගලයෙක් විදියට...

රස්සාව ඉවර වෙලා ගෙදර ඇවිත්
අමුඩෙ ගහගෙන ළිඳෙන් නාන්න
පුළුවන්කමක් ඔහුට තිබුණා....
ගමේ වෙල් එළියේ උඩුකය නිරුවතින්
ඇවිදීමට පුළුවන්කම ඔහුට තිබුණා....
සේකර ගමේ දී කා එක්කත් කතා කළේ
‘උඹ, බං, බොලං’ කියල....
කොටින්ම ඔහුගේ අම්ම තාත්ත එක්කත්
කතා කළේ ඒ අයුරින්.....

‘තුංමංහන්දිය’ චිත්‍රපටයේ තිරනාටකය
කියවන අවස්ථාවක දී තමන් ලද අත්දැකීමක් ගැන
ප්‍රවීණ ලේඛක හේමරත්න ලියනආරච්චි
මෙසේ කියා තිබෙනවා.

එහිදි ඔවුන්ට සිගරැට් ඕනැ වෙලා තියෙනවා.
සේකරයන් නිදා සිටින තම පියා අමතනවා....

ඒ මෙන්න මෙහෙම,

// ”තාත්තේ තාත්තේ නැගිටපංකෝ.”
පුතාගේ කටහඬ අපට ඇසේ.

”මොකද යකෝ මේ කරදරේ.....
නිදාගන්නවත් දෙන්න එපා.” ඒ පියාගේ් කටහඬ ය.

”අනේ තාත්තේ, අපේ සිගරැට් ඉවරයි.
අපිට සිගරැට් ටිකක් ගෙනත් දීපංකෝ අනේ”

"යකෝ මේ අනෝරා වැස්සේ.”
පියා නැඟිට ඇඳෙහි හිඳ ගත්තා සේය.

”අනේ මං අර මගේ චිත්‍රපටි කතාව යාළුවන්ට කියනවා....
උන් ගියොත් මේ වැඩේ නවතිනවනේ...
අනේ සිගරැට් ටිකක් ගෙනැත් දීපං
උඹට පින් සිද්ධවෙයි.”//

කොහොමද ඒ පිය පුතු අතර දෙබස....
බලන්න කෙතරම් අව්‍යාජ ද....?

මහගම සේකර කවියා....

ස්වකීය “රාජතිලක, ලයනල් සහ ප්‍රියන්ත”
නමැති කෘතියට ලියූ පෙරවදනින්....
උපුටා ගත් පහත වැකි කිහිපය,
ඔහු‍ගේ කාව්‍ය නිර්මාණ පිළිබඳව මෙන්ම,
ඔහු ගැන ද ඇති නිවැරදිම
විවරණය යැ'යි මට සිතෙයි.

“කවිය වූ කලී කවියාගේ
ආධ්‍යාත්මය මිස අනෙකක් නොවේ.
එබැවින් කවියා දේශීය වන තරමට,
කවිය දේශීය ගුණයෙන් යුක්ත වෙයි.
කවියා සංයමයෙන් යුක්ත වන තරමට,
කවියෙහි සංයමය ඇති වෙයි.
කවියා නිර්ව්‍යාජ වන තරමට,
කවිය නිර්ව්‍යාජ වෙයි.”

මහගම සේකරත්, ඔහුගේ කවියත්,
ඔහුගේ ගීතයත්, සාහිත්‍යකරුවකු හැටියට
ඔහුගේ දෘෂ්ටියත් ගැන, ඊට වැඩි විවරණයක්"
අවශ්‍ය නොවෙතැයි මට සිතෙයි.

සේකරයන් අපේ රටට වටිනා කලා කෘති
රැසක් දායාද කරමින් කලාව, මෙරට
සංස්කෘතිය පෝෂණය කළා.ඒත් මේ රටෙන්

ඔහුට ලැබුණේ මොනවාද....?

වරක් සේකර තමාගේ....
‘බෝඩිම’ කවි පොතේ පිටපත් ටිකක්.....
සංස්කෘතික දෙපාර්තමේන්තුවට
විකුණගන්න ගියාම සල්ලි නැතැ'යි කියා....

ඔහු ආපසු හරවා එව්වා.
ඔහුගේ ගී තැටි වලට වරක් ඉරි ඇන්දා.

(තැටිවලට ඉරි ඇඳීම තමාට දැනුණේ
පපුවට පිහි පාරක් ඇන්නා වගෙයි කියලා
සේකරම වරක් කියලා තියෙනවා)

ඒ සේකරයන් ජීවත්වෙලා ඉදිද්දී සළකමු හැටි,
එතුමාගේ අකල් මරණයෙන් පසු,

1996 දි රුපියල් දෙකක වටිනාකමකින් යුත්
මහගමසේකර සමරු මුද්දරයක් නිකුත් කළා....
ඒත් එහි නම සඳහන් වෙලා තිබුණේ
‘ශාන්ත කුමාර මහගම සේකර’ කියලයි.

ඒ කියන්නේ එතුමාගේ නම විකෘති කරලා....

(පස්සේ ඒ මුද්දර දස ලක්ෂයම අවලංගු කළා ලූ)

මහගමසේකරගේ නමවත් හරිහැටි
දන්නෙ නැති රාජ්‍ය නිලධාරින් ඉන්න,
මේ "සිංහල අපගේ රටේ" තමයි
එතුමා ජීවත්වෙලා මිය ගියේ.....!

මහගම සේකර කවියා, සිංහලට නැගූ
සුප්‍රකට රූබයියාට් පද්‍යයකින්....

මම මේ ලිපිය අවසන් කරමි.

“අවන්හලේ දොරකඩ ළඟ උන්නෝ
කුකුළා හඬලන කල මොර දුන්නෝ
“ඇරපන් දොර, ටික දවසයි ඉන්නේ
ගියාට පසු නෑ ආපසු එන්නේ”

සැබැවින්ම ඔහු ගියේය...
ඒ නැවත ආපසු නොඑන්නම ය....

18/10/2024

❤️💙🙏

22/07/2024

මඩකලපුව දිස්ත්‍රික්කයේ ඒරාවූර් ප්‍රදේශයේ දී තමයි අපේ හාමුදුරුවෝ මුණ ගැහුනේ !
වව්නියා, යාපනය ඊට පස්සේ අපි මඩකලපුවට ආවම විවේක ගන්න ඉඩ හදලා දුන්නේ මේ පන්සලේ ! පුලිනතලාරාම විහාරය ....!!

මේ ප්‍රදේශයේ ගත්තම මුස්ලිම් සහ දමිළ ජාතිකත්වයන් නියෝජනය කරන පවුල් තමයි ඉන්නේ ....!!

එතකොට අපේ හාමුදුරුවන්ට දානේ ...??
ඔන්න මුලින්ම ආපු ප්‍රශ්නේ ....!!

" මහත්තයෝ මේ පන්සලෙත් ඉන්නවා දායක සභාවක් ! මේ දායක සභාවේ භාන්ඩාගාරික මහත්තයා මුස්ලිම් !! ලේකම් මහත්තයා ක්‍රිස්තියානි !! දායක සභාවේ ඉන්නවා දමිල මුස්ලිම් බොහෝම දෙනෙක් ....!!! මම හිතන්නෙ මහත්තයගේ ප්‍රශ්නයට උත්තරය ලැබෙන්න ඇති ....!!!

ආ මේ ඉන්නේ ඇන්තනී !! එයාට අපි කියන්නේ චූටි අයියා .... පන්සලත් බලා ගෙන මාත් එක්ක ඉන්නේ මෙයා තමයි ..! එයා ක්‍රිස්තියානි ...!!!

එතකොට අපේ හාමුදුරුවෝ දානෙකට, බණකට, පිරිතකට වඩින්නේ කොහොමද ???

මේකයි මහත්තයෝ, හැම තැනකම පිරිත් කියන්න ඕනමයි කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරලා නෑනේ !!! හැම තැනකින්ම පන්සලටම දානේ ගේන්න ඕන කියලත් නෑ ... හැම හවසකම මම පොඩි වටයක් යනවා ...! පන්සලට ලැබෙන දෙයින් වැඩිපුර යමක් තියෙනව නම් මම ඒවත් අරන් තමයි යන්නෙ ...!! ඉතින් ඒවත් බෙදා හදාගෙන තියෙන ප්‍රශ්නයක් දෙකක් කතා කරලා එද්දී බණකට, දානෙකට, පිරිතකට වැඩියා වගේ හැඟීමක් තමයි දැනෙන්නේ ....!!

මේ අලුත්වල ධම්මරතන හාමුදුරුවෝ ...!! මුස්ලිම්, දමිල, සිංහල අපි හැමෝගෙම අපේ හාමුදුරුවෝ ....

50,000+ Free eBooks in the Genres you Love | Manybooks 14/07/2024

ඔබට අසීමිතව නොමිලේ පොත් ඩවුන්ලෝඩ් කරගත හැකි වෙබ් සයිට්ස්

1. Planet eBook:
https://planetebook.com/

2. Free-eBooks.net:
https://www.free-ebooks.net/

3. ManyBooks:
https://manybooks.net/

4. Librivox:
https://librivox.org/

5. Internet Archive:
https://archive.org/details/books

6. BookBub:
https://www.bookbub.com/

7. Open Library:
https://openlibrary.org/

8. BookBoon:
https://bookboon.com/

9. Feedbooks:
https://www.feedbooks.com/

10. Smashwords:
https://www.smashwords.com/

11. Project Gutenberg:
https://www.gutenberg.org/

12. Google Books:
https://books.google.com/

13. PDFBooksWorld:
https://www.pdfbooksworld.com/

14. FreeTechBooks:
https://freetechbooks.com/

15. Bookyards:
https://www.bookyards.com/

16. GetFreeBooks:
https://www.getfreebooks.net/

17. eBookLobby:
https://www.ebooklobby.com/

18. FreeComputerBooks:
https://www.freecomputerbooks.org/

19. Libgen:
https://libgen.is/

20. ManyBooks:
https://manybooks.net/

50,000+ Free eBooks in the Genres you Love | Manybooks Great selection of modern and classic books waiting to be discovered. All free and available in most ereader formats.

13/07/2024

කිවුලේගෙදර මොහොට්ටාලගේ වීර දියණිය වන රන්මැණිකා මරණය පෙනි පෙනී ලියූ අවසන් ලිපිය...

💧 💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧

වෙල්ලස්සේ රන් මැණිකා අප අමතා ඇගේ අවසන් ලිපිය ලීවේ 1818 දෙසැම්බර් 18 වෙනිදාය. එදිනට එළිවෙද්දී ඇය සාගරයක කදුලු හෙළන්නට ඇතැයි මම සිතමි.

රන්මැණිකා ගේ අවසන් හසුන ලියවී තිබූණේ තල්පතක නොවේ. රළු ගොරෝසු කඩදාසියකය. එවැනි කඩදාසි පත්‍ර තැනීම ඌව වෙල්ලස්ස ගෘහ කර්මාන්තයක්ව තිබිණි. ඒ මත අකුරු ලිවීමට යොදා ගැනුනේ ඉත්තෑකූරුය. ලිවීමට භාවිතයට ගත් තීන්ත වර්ග නානා,ගඩා ගෙඩිවලින් හා ගස්වල පොතුවලින් ගත් සාරයෙන් ප්‍රමිතියට සාදාගෙන තිබිණි.

ඔබ නියම සිංහලයෙක් වී රන් මැණිකාගේ අවසන් හසුන එකවරම කියවූයේ නම් ඔබට ඒය දුකක්ම වනු ඇත. ඇය එය ලිවූ අයුරින්ම මෙය ඔබ හමුවේ මෙසේ තබමි.

"සබඳ" ,

තවම ඉරහඳ පුපුරා හැලුණේ නැත. අහසේ තරු කඩා වැටුණේ නැත. මහ මුහුද ගොඩ ගලා ගියේ නැත. සුද්දන් වෙල්ලස්සට කර තිබෙන හානි හැටියට නම් ඒ සියල්ලම විය යුතුව තිබිණි.

මම මෙතෙක් කිසිවෙකුට බැගෑපත් නොවූයෙමි. අතද නොපෑවෙමි. අනුකම්පාව සිඟා නොකෑවෙමි. එහෙත් මා වෙනුවෙන් කඳුළක් හෙලන්නැයි මෙවර බැගෑපත්ව ඉල්ලමි. මා එසේ ඉල්ලන්නේ හඬන්නට වැළපෙන්නට මගේ හිතේ තවත් කඳුළු නැති බැවිනි .

මට හැඟෙන විදියෙන් නම් මේ මගේ අවසන් ලිපිය විය හැකිය. මෙය ඔබගේ අතට පත් වේදැයි කියන්නට මම නොදනිමි. ලිපිය ලිවිය යුතු නිසාම ලියන්නෙමි.

කිවුලේගෙදර වන අපේ ගම්මානයට මදක් ඔබ්බෙන් මහා වනාන්තරය මැද කඳු ගැටයක් මුදුනේ වූ ගල්ලෙන තුළට වී මෙය ලියමි. මේ ගල්ලෙනේ දෙපස තවත් ලෙන් දෙකකි. එකක මුවැත්තියක් පැටවුන් සමගය ,අනෙක් ගල්ලෙනේ වලස් මවකි. ඔවුන්ගේ වාසය සඳහා සොභාදහම දායාද කළ ලෙනට මා වැදී සිටීම ගැන කණගාටුවක් ඇත. සුද්දන් අප රට අල්ලගත්ත සේ නොව මා මේ ලෙනට වැදුණේ මට ඉන්න සිටින තැනක් නැති අසරණ කමටය. මට මේ ඉරණම අත් වූයේ අපේ රටේ රදළයින් රැලක් මව්බිම පාවාදුන් හෙයිනි.

මේවට විරුද්ධව නැගී සිටි මගේ පියාගේ නිවස ගිනි තබා අළු කොට ඇත. මෑණියන් මිදුලට ඇද දමා වෙඩි තබා මරා ඒ ගින්නට ම ඇද දමා ඇත.
යුද බිමට ගිය මගේ මහානාම කොහේ දැයි නොදනිමි. මලණු ටිකිරි අතරමංවී ඇත. සුද්දන්ගේ ගිනි අවියෙන් බේරෙන්නට සිඟිති දියණිය තුරුලු කොටගෙන වන වැදුණු මම වරුවක් තිස්සේ දණ ගා, බඩගාමින් ගල්ලෙනට වැදී ගතිමි. අවුරුදු දහස් ගණනක් තිස්සේ නිවහල් දේශයක උරුමය ඇතිව සිටි මම අද මගේම දේශයේ ගල්ලෙනක මෙසේ සිරකාරියක්ව තනි වී සිටිමි.

1818 සිංහලයන් නිදහස් සටන වෙනුවෙන් ලාබාල ගැහැණියක හැටියට මා අතින් ඉටුවිය යුතු යුතුකම්වලින් හෝ අතපසු වී ඇත්නම් මට සමාවන්න දැයි පළමුව අයැදිමි.
1818 ඔක්තෝබර් 27,නොවැම්බර් 26,දෙසැම්බර් 18 මහ අවාසනාවන්ත දවස් යැයි මම ඔබට කියමි. ඔක්තෝබර් 27 ඇල්ලේපොල මගේ මාමණ්ඩිත්, කණිටු ඇහැලේපොලත් බෝගම්බර වධක භූමියේදී සුද්දාගෙ අසිපතට ගෙල දුන්නා ඔබ දනී. එසේම නොවැම්බර් 26 වෙනිදා කැප්පෙටිපොළ නිළමේතුමාත් මඩුගල්ලේ නිලමේතුමාත් එම අසිපතටම ගෙල දුන් බවත් ඔබ දනී.

දැන් මගේ පියා වන කිවුලේගෙදර මොහොට්ටාල වීරයා එල්ලා මරන්ට ද තෝරා ගෙන තිබෙන්නේ අද දෙසැම්බර් මස 18 වැනිදාය.
මේ සිද්ධිය කලින් දැනගත් මම ඒ දිනය උදා නොකරන්නැයි මහ පොළොවේපොළොවේ අත් ගසා කන්නලව් කළෙමි. සුද්දන් බදුල්ලේදී එල්ලා මරණ්න යන්නේ සටන පැරදීම නිසාම අභිරහස් ලෙස මරණය ළඟා කරගත් පියාගේ මළසිරුරය. පියාගේ පණ සුන් සිරුර ට කරන අගෞරවය මට දරාගත නොහැක.

මගෙ මාමන්ඩිය සුද්දාගෙ කඩුවට ගෙළ දුන් හැටිත් අපූරුය. සිහින නින්දක් පාසා එතුමාගේ එඩිතර භාවය ගැන සිතා වැලහින්නක් සේ හඬා වැටෙන්නෙමි. අසිපත ගෙල පාන්නට පෙර එතුමා මෙසේ කියා තිබිණි.
"සටන දිනා දීමට මම උපරිම වීරියෙන් කැප වුණෙමි එය මගේ වගකීමක් විය. ඒත් මොල්ලිගොඩලා,එක්නැලිගොඩගේ වැඩ නිසා එය දිනා දීමට අපහසු විය. එහෙයින් මා අසමත් පුද්ගලයෙකු විය. මාගේ මෙහෙවර ඉටු කර දීමට නොහැකි වූ නිසා මා මියගිය විට සිරුරට ගරු බුහුමන් දක්වා ආදානය කිරීම වටින්නේ නැත. ඒ නිසා මාගේ සිරුර කෑලිවලට කපා බල්ලන්ටත්, කපුටන්ටත් කෑමට දිය යුතුය.

සබඳ ,
"හඳුනා" නම් වැදි සොයුරාගෙන් මා අසා ගත් තොරතුරකි මේ, මගේ මාමන්ඩිය ඇහැලේපොළ ගැනය. එතුමා එදා බෝගම්බර වධක භූමියේදී දෙපා පොළොවට තබා හිස නමා වධකයාට ගෙල පෑ වෙලේ ගැසූ කඩු පහරින් ගෙල වැදී කඩුව තලයෙන්ම දෙකට කැඩී ගියේය, එහෙත් එතුමා සිටි ඉරියව්වෙන් ම සිටියා . දිය තුවක්කුවකින් විදින්නා සේ ගෙලෙන් රතු ලේ ධාරාවක් අහසට විදිද්දීත් එතුමා ඒ ඉරියව්වෙන් ම සිටියා. සුද්දා ගෙනත් දුන් දෙවැනි කඩුවෙන් එතුමාගේ හිස වෙන් වුනා. සුද්දාගේ කඩුවට වඩා සවියක් එතුමාගේ බෙල්ලට තිබුණා.

වෙල්ලස්ස එදා විශාල මහනුවර වගේ. ගෙයක් දොරක් කියා බලන්නට කිසිම දෙයක් නෑ. වැළපෙන්නවත් කෙනෙක් නෑ. අළු ගොඩවල් හැම පාරකම සිඟිත්තන්ගේ පටන් මහල්ලාගේ දක්වා දිරාපත්වෙමින් යන මළ සිරුරු. කොස් දෙල්,පොල්, පුවක්,දොඩම්, නාරං ගස් කපා බිම දමාය. යකුන් නැටුවා සේය. පසුගිය කාලය තුළ මා දුටුවේ වැහැරී ගිය මිනිසෙකුත්,ස්ත්‍රියකුත් පමණි.

වෙල්ලස්සෙන් පැන වනාන්තර ගත වූවන් කුසගින්නට හුඹස් මැටි, ගස් වල පොතු ,ගැඩවිල් පසුත්,අළුත් කන බව මට ඔවුන් පවසා තිබිණි. යුද්ධ නීතිය ගැන නොදන්නා බල්ලනුත්, බළලුනුත් මහමග මරා දමා තිබිණි. සුද්දන් විසින් මරා පුළුස්සා කන ලද ගවයින් ප්‍රමාණය කිව නොහැකිය . ගව මළකුණු වලින් හා මිනිස් මළකුණු වලින් හමන දුර්ගන්ධය නිසා මුළු වෙල්ලස්ස ම අමු සොහොනක් ව තිබිණි.

එදා අතරමංව සිටි සුදු දරුවා තුරුළු කොටගෙන පැමිණි මගේ පියා සුද්දන් අපගේ නිවස පුලුස්සා තිබෙනු දුටුවිට ඔහුගේ නෙතින් ගිනි පුළිඟු පිට වන්නට ඇත. ඒත් සටන්කාමියෙකු මෙන්ම කවියකු හා බුද්ධිමතකු වූ පියා අහිංසක සුදු දරුවාට ද මෛත්‍රී කළේ. එක් දිනක් සුදු දරුවාත් රැගෙන පියා මා සිටින ගුහාවට ඇවිත්,

"රන් මැණිකා මේ කිරි සප්පයාට දවස් දෙකකින් ආහාරයක් නෑ ,මගදිගට පැන් පොවමින් ආවේ මේකට ඔබෙන් කිරි උගුරක් දීපන් "කීවේය.

මාගේ පියා මොනතරම් උදාර මිනිසෙක් ද ? මේ කිරිසප්පයා ගේ පරපුරේ උන් මගේ පියාගේ පනසුන් සිරුරටත් අපහාස කරනවා නොවේද ?

මා තීරණය කළා මගේ වම් තනේ අයිතිය සුදු පැටියාට කියා ,දකුණු තනේ මාගේ කුසින් වැදූ ඒකීට, මා දරු සෙනෙහස ඇති මිනිස් කාන්තාවක් යැයි ඔබට සිතෙන්නේ ද? මා සියල්ල අමතක කර හසුන ලියන්න ගත්තත් පියාණන් සිහිවෙනවා.

මං මගේ කුසින් වැදූ දුවට කියන්නේ
"දුවේ අපි බුදු බණ අහපු ජාතියක්, උන්ගෙ මුත්තලා හෙලුවෙන් වනාන්තරවල තිරිසනුන් දඩයම් කරද්දි අපි බුදුහිමියන් වෙනුවෙන් අහස උසට දාගැබ් බැන්දා . ඉතිං අපි මිලේච්ඡ ජාතියක් කියලා බ්‍රරවුන්රිග් කිව්වට මං තරහ නෑ."

"උඹ බඩ පිරෙන්න කිරි බීපං සුදු පුතේ ,මං ශීලාචාර සිංහල අම්මා කෙනෙක්. මගෙන් කිරි බීලා ලොකු මහත් වෙලා ලොකු මිනිහෙක් වුණදාට උඹගෙ මිනිස්සු අතරට ගිහින් කියපං සිංහල මිනිසුන් මොනවගේ උන්ද කියලා "

මගේ නෙතින් මොර ගෙඩි තරමට කලකදි හැලූ කඳුළු බිඳු දැන් දොඹ ගෙඩි තරම් වෙලා. ඇයි අනේ සිංහල යැයි කියා ගත් මොල්ලිගොඩලාට රත්වත්තෙලාට,එක්නැලිගොඩලාට හදවතක් ඇත්තේම නැද්ද ?

"මෙන්න සබඳ ආයෙත් සුද්දන්ගේ ගිනි අවියේ හඬ ඇසෙනවා". බ්‍රවුන්රිග්ගේ යටත් විජිත භාර මහලේකම්ට ලියා යැව්වේ සිංහලයන්ට ආයෙත් අවුරුදු ගනනකට වත් නැගිටින්න බැරිවෙන්න නම් වෙල්ලස්ස විනාශ කළ යුතුයි කියලා.
උන් ඒක අගේට කලා. ගේදොර සියල්ල ගිනි තබා කිරි උරණ දරුවන්ගේ පටන් හැරමිටියෙන් යන මහල්ලා දක්වා මිනිසුන් මරා දැම්මා, වනාන්තරයට වැදී අලි ඇතුන් මරා දැම්මා , හරක බාන වතුපිටි විනාශ කළා ,පිළිස්සී ගිය ගෙවල් ළඟ දැවුනු මළමිනි දැනුත් දකින්න පුළුවන්, සුද්දන්ගේ රජ්ජුරුවන්ට තවත් යටත් විජිතයක් එක් වුණේ එහෙමයි .

"සබඳ ,මං ඔබට කලින් කිවු වෙඩි හඬ මෙන්න දැන් ළඟ ළඟම ඇහෙනවා "
ගෝනුන් මුවන් ගල් ගුහාව වටේ සිහි මුලා වී පඳුරු බිඳගෙන දුවනවා. අසල ගල්ලෙනේ සිටි මුවැත්තියත් පැටවුනුත් දුවනවා. අසරණ ඔවුන්ට මරණ බයක් නැද්ද ?මට නම් මේ ගල් ගුහාව අතහැර පලා යන්න තැනක් නෑ. ,දරුවන් දෙදෙනෙකුත් කරපින්නා ගෙන මම කොහේ කියලා යන්නද ? මගේ කුසගින්නට පිහගන්න සඟවාගෙන තියෙන සහල් ටිකයි,ලුණු,මිරිසුයි කර ගහගෙන යන්න හැකිද?

මෙය මාගේ අවසන් වචන කීපයත් වෙන්න පුළුවන්, සුදු සෙබළු දැන් මගේ ගුහාව වටකරගෙන. බ්‍රවුන්රිග් ගේ සුදු සෙබළු මා දෙසට ගිනි අවිය මානාගෙන, තව එකෙක් පිටුපස හිඳගෙන "ෂූට් ෂූට්" කියනවා, මට හෙලන්න තවත් මගේ නෙතේ කඳුළු නෑ .

සබඳ, මා වෙනුවෙන් ඔබවත් කඳුලක් හෙලන්න..

රන් මැණිකා.

උපුටා ගැනීම් : අශෝක ප්‍රේමචන්ද්‍රයන්ගේ "වෙල්ලස්සේ කදුළ" කෘතියෙන් ලිපියේ කොටසකි.

පසුව රන් මැණිකාගේ ස්වාමියා වන මහනාමයන් ලෙන තුලට යනවිට සුදු දරුවා රැගෙන ගොස් ඇති අතර රන් මැණිකාටත් අදරණීය දියණියටත් ලෙන තුල වෙඩිතබා මරාදමා තිබිණ.

13/07/2024

🏵️අකම්පිතය ඒ සම්බුදු පුතණුවෝ (තිස්ස මහ රහතන් වහන්සේ)🏵️

ඔහු නමින් තිස්ස ය. මේ සැවැත් නුවර ම සිටු කුලයක දායාද වූවෙකි. අසූ කෙළක් ධනස්කන්ධය හිමි ධනවතෙකි. හේ වීදියට පැමිණියේ මොනයම් හෝ කටයුත්තකට ය. එහෙත් දැන් එ් අමතක වූ හැඩයි. නිහඬ ගමනින්, සුවඳ මල් නෙළාගෙන, ප‍්‍රීතිමත් මුහුණු ඇතිව තරුණයෝ ද තරුණියෝ ද මහල්ලෝ ද මැහැල්ලියෝ ද දෙමාපියන් සමග ළපැටියෝ ද එක ම දිශාවකට මේ ඇදෙන්නේ කොහිට ද?

‘‘ඇයි සිටුතුමා දන්නේ නැති ද? ශාක්‍ය රජ දහනෙන් රජසිරි අතහැර ශ‍්‍රමණයෙක් බවට පත් වූ සුෙදාවුන් රජුගේ දෙටුපුත් සිද්ධාර්ථයන් වහන්සේ සම්මා සම්බෝධියට පත් වූ වග. එ් භාග්‍යවත් ශ‍්‍රමණ ගෞතමයාණන් වහන්සේ අර වීදියේ කෙළවර පිහිටි ජේතවනයේ විහාරයක යි වැඩ ඉන්නේ. උන් වහන්සේ අපූරුවට දහම් දෙසනවා. එ් අසනු පිණිසයි මේ හැම දෙනා ම ඔය යන්නේ. මාත් පමා නො වී යන්නම් එහෙනං. නැති නම් වාඩිවෙන්ටවත් ඉඩකඩ මදිවෙනවා.”

තිස්ස සිටුතුමාත් නො දැනුම්වත්ව ම වාගේ ජන කැළ සමග ම සැවැත් නුවර ජේතවනයට සේන්දු විණි. ඉතා ම මනරම් වූ විහාර මන්දිරයකි. අවට පරිසරය ද සිත්කලූ ය. ඊටත් වඩා පුදුමාකාර නිවී සැනසිල්ලකි මෙහි දැනෙන්නේ. විශාල ජනකායක් එකතු වී ඇතත් අරුම පුදුම නිහැඬියාවකි. මේ මිහිපිට නො වේ ෙදා්? තිස්ස සිටුතුමා විස්මයට පත් සිතින් ඉඩකඩක් බලා වාඩි විණි. නිහඬ පිරිස දෙස සීරුවෙන් බලමින් සිටි ඔහුට එකවර ම දිස් වූයේ, පිරිසට ඉදිරියේ තරමක් උසින් තැනුණු වේදිකාව මත චාම් අසුනක නිසොල්මනේ ම වාඩි වී සිටින සම්බුදුරජාණෝ ය.

කාංචන පැහැයෙන් බබළන පිළිමයක් සේ ය. මඳක් වැඩුණු කෙස් නිල්වන් ය. එකෙණෙහි ම උන් වහන්සේ හිස ඔසවා පිරිස දෙස බැලූ සේක, බ‍්‍රහ්ම ස්වරයෙන් පිරිස ඇමතූ සේක. එ් සම්බුදු රූපශ‍්‍රීයෙන් වසඟව සිටි තිස්ස, එ් මියුරු සම්බුදු ස්වරයෙන් දෙගුණ තෙගුණ වසඟ වී, දෙසවන් යොමා එ් අපූර්ව වූ දම් දෙසුම් අසා සිටියේ ය.

මෙතුවක් කලකට කිසිවෙකුගෙන් නොම ඇසූවකි මේ. ජීවිතයේ යථාර්ථය යි මේ. ඇස කුල්මත් කර වූ රූපයන්ට, මියුරු ශබ්දයන්ට, සුමිහිරි සුගන්ධයන්ට අමයුරු රසයන් , කායික සුව පහස වසඟ ව මුළාවෙන් ගතකරන මේ දිවිය ගැන තිස්ස සිටුතුමාට නොඇල්මක් ම හටගැණිනි. තමා සතු අසූ කෙළක් ධනය මාපියන්ගෙන් ලැබුණකි. රෑ දිවා නොබලා වෙහෙස වී එ් මහත් ධනස්කන්ධය ඉපැයූ තම මවත් පියාත් ඉන් තඹ ෙදායිතුවක්වත් නො ගෙන ම ය මිය ගියේ. භෞතික ධනයන් සෙවීමට මුවා වී මේ මිනිසුන් ගත කරන නිසරු දිවි පෙවෙත තිස්ස සිටුවරයාට මනාව තේරුම් ගියේ ය.

සැදැහැවතුන් සාධුකාර දෙමින් අවසන් වූ දම්දෙසුම අනුමෝදන් වූහ.

එකෙණෙහි ම වහා නැගී සිටි තිස්ස සිටුතුමා ඉක්මන් ගමනින් සම්බුදුරජාණන් අබියසට පැමිණියේ ය. මෙසේ ආයාචනා කළේ ය.

‘‘අහෝ ! ස්වාමීනි, මෙතරම් වයසින් මෝරායන තෙක් ම මේ දිවියේ සැබෑව මා නො දැන සිටියේ ය. එහෙත් දැන් දනිම් මේ ජීවිතය ගැන. මටත් අවශ්‍යයි ඔබ වහන්සේ සමීපයේ ම වාසය කරන්නට. කසාවත් දැරූ මේ අනෙක් ශ‍්‍රමණයන් වහන්සේලාට මෙන් මා හට ද ඔබ වහන්සේ ම පිළිසරණ වන සේක්වා!”

දුර දී නො දුටු එ් සම්බුදු සමිඳුන්ගේ කාරුණික වූ අභිනීල නෙතු සඟල දැන් තිස්සට මනාව පෙනේ. සිහින් ස්වරයෙන් සම්බුදු සමිඳාණෝ ඔහුට මෙසේ පැවසූ සේක.

‘‘පින්වත් තිස්ස, හැකියි ඔබ හට මා සමීපයේ පැවිදි වන්නට. එ්ත් ඊට පළමුව තම භාරකරුවන්ට එ් ගැන දැනුම් දී පැමිණිය යුතු ය.”

මහත් සේ සොම්නසට පත් තිස්ස තෙමේ ‘‘එසේ ය ස්වාමීනි” යි පිළිතුරු දී වන්දනා කොට නැගී සිටියේ ය. ඉක්මනින් ම සිටුමැදුර වෙත ගිය ඔහු තම බාල සොහොයුරාත්, ඔහුගේ බිරිඳත් කැඳවා තමා සතු ධනයේත්, ඉඩකඩම්වලත් අයිතිය පවරා දුන්නේ ය. සියලූ ඥතීන්ට ද තමාගේ පැවිදි වීමේ අදහස සැලකොට පණිවිඩ යැවී ය. ඔව් ! දැන් එ් තිස්සයන් කුඩා වූත්, මහත් වූත් දේපළයන්ගෙන් නිදහස් ය. කුඩා වූත්, මහත් වූත් ඥාති වර්ගයාගෙන් නිදහස් ය. ප‍්‍රීතිමත් සිතින් පාරට බැස ඔහු ජේතවනය දෙසට ගමන් කළේ සොහොයුරාගේත්, ඔහුගේ බිරිඳගේත් ඥතීන්ගේත් හැඬුමන් නො තකා ම ය.

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සමීපයේ ඔහුට පැවිදි උපසම්පදාව ලැබිණි. නව හිරුමඬලක් පෑයූ කලක මෙන් ඔහුගේ දිවිය ආලෝකවත් විය. ධර්ම විනය මැනැවින් හැදෑරූ තිස්ස තෙරුන් වහන්සේ ශාස්තෘන් වහන්සේගේ අවසරය ගෙන හුදෙකලා වීම පිණිස වනයට වැඩම කළේ ය. රුක් සෙවණ සෙනසුන කර ගත්, තුන් සිවුරෙන් ම යැපෙමින්, පිණ්ඩපාතයෙන් භික්‍ෂාව සොයාගෙන උන් වහන්සේ ඉතාමත් අල්පේච්ඡ දිවියක් ගත කළේ ය. කෙලෙස් තැවීමේ වීරියෙන් යුතුව නිරතුරු වෙහෙසුණේ ය.

තිස්ස තෙරුන්ගේ ගිහි කල සිටුමැදුරේ ස්වභාවය නම් හාත්පස වෙනස් වී ය. සොහොයුරාගේ බිරිඳ එ් පැවිද්ද ගැන සිතුවේ වෙනස් අයුරකිනි. ඈ දැන් දහෙදාළොස් වතාවක් ම තම සැමියාට මෙලෙසින් කරුණු කියන්නී ය.

‘‘ඇයි ඔයා මා කියන දේ මායිමකටවත් නො ගන්නෙ? ඔයාගේත්, මගේත්, දරුවන්ගේත් හොඳටනේ මං මේ අදහස නිතර ම කියන්නේ. අයියණ්ඩි නරක කෙනෙක් නොවන බව මාත් දන්නවා. එ්ත් පැවිද්දේ නො ඇලී ගිහි වන උදවිය කොතෙක් ද? අයියණ්ඩිටත් ආයේ ගිහි දිවියට කැමැත්ත ඇති වුණොත් මේ ධනය ඔහුට ම හිමි වේවි. එදාට මං කීවේ මොකක් දැයි ඔහේටත් තේරේවි !”

ඇය කෝපයෙන් ම පවසා කාමරයෙන් එළියට ගියා ය.

බිරිඳ කොතෙක් කීව ද තම එක කුස උපන් සොහොයුරා ඝාතනයට කොන්ත‍්‍රාත්තුවක් දීමට ඔහුට සිත් නො දේ. එනමුත් ඇවිටිලි වැඩි වෙද්දී ඔහුගේ සිත වෙනස් විය. දරුණු සොර මුලකට ඔහු කොන්ත‍්‍රාත්තුවක් දුන්නේ ය. පැවසූ ලකුණු අනුව රුක් සෙවණේ වැඩහුන් තිස්ස තෙරුන් හඳුනාගැනුම සොරුන්ට අපහසු වූයේ නැත. එකවර ම එතැනට කඩා පැනගත් සොරු උන් වහන්සේව අල්ලා ගත්තෝ ය. දෙටු සොරා මෙසේ ප‍්‍රශ්න කළේ ය.

‘‘අපට ඇත්ත කියාපිය ! උඹ ද සැවැත්නුවර සිටපු තිස්ස සිටුතුමා?”

‘‘හ්ම් ! එ් මං තමා, උඹලා කවු ද?”

ඉණේ තිබූ කඩුව අතට ගත් දෙටු සොරා මහ හඬින් සිනා සී මෙසේ කීවේ ය.

‘‘අපි කවුරු වුණා ම උඹට මොකද? දැන් ඉතින් මැරෙන්ට ලෑස්ති වෙයං.”

තරමක් තැති ගත්ත ද උන් වහන්සේ මෙසේ කීවේ ය.

‘‘මං ඔබලාට වරදක් කරලා නැහැනේ ! ඔබලාට දීමට ධනයකුත් මා සතුව නැහැ. ඇයි මාව මරන්නේ?”

‘‘මේක කොන්ත‍්‍රාත්තුවක්…”

දෙටු සොරා තරමක් හඬින් පැවසී ය.

බේරුමක් නම් නැති හැඩයි. එ්ත් තිස්ස තෙරුන් තාමත් පැවිද්දේ අරුතට ළඟා වී නැත. මේ කෙලෙස් සහිත දිවියට වඩා මරණය උතුම් ය. එ්ත් කෙලෙස් දුරුකොට මියගිය හොත් යළි මේ කෙලෙසුන්ගෙන් සැදුණු සංසාර චක‍්‍රයට නො එන්නේ ය. නොසන්සුන්ව හිටි සොරුන්ට සන්සුන් හඬින් තිස්ස තෙරුන් මෙසේ පැවසී ය.

‘‘මං මේ කසාවත දරාගත්තේ යම් කටයුත්තක් කිරීම පිණිසයි. එ්ත් මට තාම කර ගන්ට බැරි වුණා. මා හට එක් දිනක් ජීවිතය දීමට ඔබලාට නො හැකි ද?”

දෙටු සොරා තවත් නොසන්සුන් වී, ”බෑ උඹ හිතුව ද අපිව රවටන්ට? හ්ම්… තෝ මහ ? පැනලා යාවී. දැන් ම ලෑස්ති වෙයං.” යි මහ හඬින් මොර ගෑයේ ය.

‘‘නෑ, මට රවටන්ට වුවමනාවක් නෑ, පැනල ගිහිං රැුකගන්ට දේකුත් මට නෑ. මට එක රැයක් කල් දෙන්න.”

‘‘පැනල නො යනවා කියන්ට උඹට මොකක් ද ඇති සාක්කිය….. හ්ම් ! කියාපිය.”

සාක්කියට කෙනෙකු නැත. දීමට ධනයක් ද නැත. උන් වහන්සේ සෙමින් වටපිට බැලී ය. තරමක් විශාල ගලක් රුක් සෙවණේ ඇත.

‘‘මං සාක්කියක් දෙන්නං…. මට මේ ගස යට වාඩිවෙන්ට ඉඩ දෙන්න. ඔබලාගෙන් කෙනෙක් මට අර ගල ගෙනැවිත් දෙන්න.”

ගස් සෙවණේ හිඳගත් තිස්ස තෙරුන් අතට එ් ගල ලැබිණි. උන් වහන්සේ දෙපා දිගහැර දණහිස් මතට එ් ගලින් වැරෙන් පහර ගැසී ය. එ් දසුන දුටු ඇතැම් සොරුන් ද දෑස් පියා මුහුණ හරවා ගති. පරිසරය නිහඬ ය. තිස්ස තෙරුන් දෑස් පියාගත්තේ ය. උන් වහන්සේට තනිවීමට ඉඩදුන් සොරු ද නුදුරේ රුක් සෙවණකට ගියෝ ය. දණහිස් කැඞීමෙන් සැදුණු දරුණු තුවාල වේදනා දෙද්දී, එ් තුවාල මත මැසි කෝඳුරුවන් වසද්දී, අරුණ උදාවෙන තුරු වධකයෝ බලා සිටිද්දී තිස්ස තෙරණුවෝ සම්බුදු රජුන්ගේ අනුශාසනය ම සිහි කළේ ය. එ් වීරියත්, කැපකිරීමත් හිස් වූවක් නො වේ. දණහිස් කඩාගෙන රුක් සෙවණේ හිඳගත් භික්‍ෂුව වෙනුවට දැන් එහි නිකෙලෙස් මුනිවරයෙකු වැඩ සිටී.

රෑ පහන් විය. පිරිස සමග දෙටු සොරා පැමිණියේ ය.

‘‘හ්ම් දැන් කාලෙ ඉවරයි.” කඩුව ඔසවාගෙන ඔහු පැවසුවේ ය. සිහින් ප‍්‍රීතිමත් ස්වරයෙන් උන් වහන්සේ මෙසේ පැවසූ සේක.

‘‘උභෝ පාදානි ජින්දිත් වා
– සංයමිස්සාමි වෝ අහං
අට්ටියාමි හරායාමි
– සරාග මරණං අහං”

‘‘දෙපා බිඳගෙන මඳ කලකට මම ජීවිතය වෙනුවෙන් අයැදීමි. එ් මාගේ සරාගී වූ මරණය මම පිළිකුල් කරමි. දිවි යැදීම ගැන ලැජ්ජා වෙමි.”

උන් වහන්සේ නිහඬ විය. සිත් පිත් නැත්තෙකුගේ එක කඩු පහරින් ම හිස කඳින් වෙන් වී කෙලෙස් රහිත උතුමෙකුගේ උණුසුම් රුධිරයෙන් එබිම තෙමී ගියේ ය.

Want your school to be the top-listed School/college in Ampara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Ampara

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00