Mahesh Bajjala

Mahesh Bajjala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mahesh Bajjala, Tutor/Teacher, Ampara.
(1)

Our Biology education aimed at the overall goal to succeed in learning and professional development.We provide opportunities for all types of Advanced level educators to get "A" pass for their Advanced level biology paper.

මම ශමිලා ලියනාරච්චි කෑගැසීම්, රණ්ඩු දබර සහ අර්බුද මැද අවසානයේ ඇය මියගොස් සිටියාය. සිරගතව සිටි තම පෙම්වතා නිදහස් වී පැමිණ...
12/06/2026

මම ශමිලා ලියනාරච්චි

කෑගැසීම්, රණ්ඩු දබර සහ අර්බුද මැද අවසානයේ ඇය මියගොස් සිටියාය. සිරගතව සිටි තම පෙම්වතා නිදහස් වී පැමිණි පසු, ඔහු රහසිගතව වෙනත් කාන්තාවක් සමඟ ජීවිතයක් ගොඩනඟාගෙන ඇති බව ඇයට දැනගන්නට ලැබුණි. එම ආරංචිය ඇගේ සිත දැඩි ලෙස බිඳ දැමීය. අවසානයේ, තමන්ට අයත් කුඩා බිම් කඩක තිබූ ඇඳක් මත ඇය මියගොස් සිටියාය.

ඇය පැමිණි මාවතක් තිබුණා. යාමට නියමිතව තිබූ ගමනක්ද තිබුණා. නමුත් හමුවූ පෙම්වතා නිසා ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් විය. කිසිවක් දුරදිග නොසිතා ඔහු සමඟ විවාහ වීමට තීරණය කළත්, එසැනින්ම ඔහුට සිරදඬුවමක් හිමි විය.

ඇය දින ගණන් බන්ධනාගාරය අසල රැඳෙමින් විරෝධතා පැවැත්වූවාය. එහෙත් බොහෝ දෙනා ඇය දෙස බැලුවේ මානසික ගැටලුවක් ඇති අයෙකු ලෙසිනි. පෙම්වතා නිදහස් කරගැනීමට නොහැකි වුවද, ඇය මංගල ඇඳුම සකස් කරගෙන අවසර ලබා බන්ධනාගාරය තුළදී චාරිත්‍රානුකූලව විවාහ වූවාය.

එම අරමුණ වෙනුවෙන් ඇය “සිරකරු සුරැකීමේ සංවිධානය” නමින් එකමුතුවක්ද ආරම්භ කළාය. නමුත් ඒ සඳහා එක්වූ පිරිස ඉතා අඩු විය. ගැහැනුන් හා පිරිමින් බොහෝ දෙනා ඇයව මඟහැර ගියහ. මාධ්‍ය කිහිපයකට අදහස් දක්වමින් ඇය කෙටි කලක් ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වූවාය. එහෙත් ඇය වැඩිපුරම ජනප්‍රිය වූයේ ඇතැම් ආන්දෝලනාත්මක ප්‍රකාශ සහ හැසිරීම් හේතුවෙන් උපහාසයට ලක්වීම නිසාය.

කෙසේ වෙතත්, තමන් විශ්වාස කළ මතයක් වෙනුවෙන් අඛණ්ඩව සටන් කරමින්, අර්බුද මැද දිගු ගමනක් යාමට බලාපොරොත්තු වූ තරුණ, මැදිවියට ආසන්න කාන්තාවක් වූ ඇය, පසුව රෝගී තත්ත්වයක් උත්සන්න වීමෙන් ජීවිතයෙන් සමුගත්තාය. එය සිදු වූයේ කිසිවෙකුගේ පිළිසරණක් නොමැතිව, කිසිවෙකුටත් නොදන්වා, දුප්පත්කමද තුරුලු කරගෙනය.

මිනිස් ජීවිතය යනු අනපේක්ෂිත හැරවුම්වලින් පිරුණු ගමනකි. අප යාමට සැලසුම් කළ මාවත වෙනස් වී, කිසිදා නොසිතූ මඟක ගමන් කිරීමට සිදුවන්නේ කුමන මොහොතේදැයි කිසිවෙකුට කිව නොහැක. ඇගේ ජීවිත කතාව එම සත්‍යය තවත් වරක් අපට මතක් කර දෙයි.

Shaman Hikkaduwa II

ගුරුවරයා පිළිවෙලට වැඩකරනකොට ළමයි කොහොමත් පිළිවෙළයි... ❤️ලංකාවේ හොදම Bio පංතිය !Mahesh Bajjala
06/06/2026

ගුරුවරයා පිළිවෙලට වැඩකරනකොට ළමයි කොහොමත් පිළිවෙළයි... ❤️

ලංකාවේ හොදම Bio පංතිය !
Mahesh Bajjala

අපි දෙන දන්සල්... ❤️😊BIOLOGY | මහේෂ් බජ්ජල
31/05/2026

අපි දෙන දන්සල්... ❤️😊
BIOLOGY | මහේෂ් බජ්ජල

ඊයේ තමයි දන්නේ යුද්ධ කාලයේ සිදුවුන ආබාධ නිසා මෙතුමාගේ " දකුණු කන " සදහටම ඇහෙන්නේ නැහැ කියලා..ඒක අපි දැනගන්නේ  යුද්ධය ඉවර...
22/05/2026

ඊයේ තමයි දන්නේ යුද්ධ කාලයේ සිදුවුන ආබාධ නිසා මෙතුමාගේ " දකුණු කන " සදහටම ඇහෙන්නේ නැහැ කියලා..
ඒක අපි දැනගන්නේ යුද්ධය ඉවරවෙලා වසර 17 කට පස්සේ..

ලංකාවේ බොහෝ දෙනෙක් ඒක අදටත් අහලා නැතිව ඇති..

යුද්ධයේදී සිදුවූ ශරීර තුවාල හරහා යකඩ කෑලි 32 වඩා තවමත් ඇග ඇතුලේ තියෙනවා ගන්න බැරි තන්වල...

මේ සටහන ලියන්න හිතුනේ... එකම දෙයක් නිසා..

කවමදාකවත් කෑල්ලෙන් කෑල්ල ගියත් මේ මිනිස්සු අවසානය දක්වා සටන් කලා මිසක්..
තමුන්ගේ තුවාල ගැන රටේ මිනිස්සුන්ට කිය කියා ගියෙත් නැහැ..

ඒක තමුන් දරා ගත්තා..

එවැනි "උත්තරීතර මනුස්සයෙකුට" කරන ගෞරවයක් වශයෙන් මේ සටහන ලියලා තබන්න හිතුනා..

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...
ඔබතුමාට ස්තූතියි සහ පින් අපගේ ජීවිත සහ රට වෙනුවෙන් කරපු ඒ කැපකිරීම් වලට🙏 🇱🇰💚❤️

Sumedha Perera

20/05/2026

මරු Bio සර්...😁❤️
මේවා ඉතින් ළමයිම හදලා එවන Vedios !

BIOLOGY 🌝ඒකකය 09♦️පාරිසරික ජීව විද්‍යාව♦️🔸සම්පූර්ණ Theory සාකච්ඡාව🔸පන්තිය තුලම හදන Short Notes🔸පෙරහුරු ප්‍රශ්න සිදුකිරීම...
17/05/2026

BIOLOGY 🌝
ඒකකය 09
♦️පාරිසරික ජීව විද්‍යාව♦️

🔸සම්පූර්ණ Theory සාකච්ඡාව
🔸පන්තිය තුලම හදන Short Notes
🔸පෙරහුරු ප්‍රශ්න සිදුකිරීම

විභාගයට....
🔘බහුවරණ ප්‍රශ්න 4-5
🔘ව්‍යුහගත ප්‍රශ්න කොටසක්
🔘රචනා ප්‍රශ්න කොටසක්

🗓️මැයි 19
🕐අගහරුවාදා සවස 6.00 සිට
අළුයම 6.00 දක්වා

https://t.me/BioBajjala

සරසවි හීන හදන හාදකම
මහේෂ් බජ්ජල

ලංකාවේ Media 😅  හරිම ශෝක් !
15/05/2026

ලංකාවේ Media 😅 හරිම ශෝක් !

පසුගිය සිකුරාදා දින ගරු අභියාචනාධිකරණය ඓතිහාසික නඩු තීන්දුවක් ලබා දුන්නා. මේ නඩු තීන්දුව විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන...
13/05/2026

පසුගිය සිකුරාදා දින ගරු අභියාචනාධිකරණය ඓතිහාසික නඩු තීන්දුවක් ලබා දුන්නා. මේ නඩු තීන්දුව විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන විද්‍යාර්ථීන්ට ඉතාමත් වැදගත් වූවක්.

සිද්ධිමය කාරණා කෙටියෙන් කියන්නම්. ආර්. ඒ. ඩී. සශින්ද්‍යා රණසිංහ යන තරුණිය වර්ෂ 2023 ජනවාරි මස 08 වන දින ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලය (OUSL) ව්සින් පැවැත්වූ නීතිවේදි ප්‍රවේශ විභාගයට (LLB Entrance) පෙනී සිටිනවා.

ඇය නීතීවේදී ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා නැති බව පැවසෙනවා. සශින්ද්‍යා විසින් තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව එකී විභාගයේ ඇය ලියූ පිළිතුරු පත්‍රය (Answer Scripts) හා ලකුණු ලබාදුන් පදනම (Making Scheme) විවෘත විශ්ව විද්‍යාලය පරිපාලනය විසින් ඉල්ලා සිටිනවා. ඒ 2023. 07. 10 වන දින.

විවෘත විශ්ව විද්‍යාලීය තොරතුරු නිලධාරීයා විසින් 2023. 10. 17 දිනැති ලිපිය මඟින් එම තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් පවසනවා තොරතුරු දැනගැනීමේ පනතේ 5 (1) (1) වගන්තිය ප්‍රකාරව එම තොරතුරු පෞද්ගලික ඒවා බවත් , ඒවා හෙළිදරව් වීමෙන් විභාග ක්‍රමවේදයට හා කාර්‍ය පටිපාටියට හානිකර බව.

අදාළ ශිෂ්‍යාවගේ පියා වන ජනක රොෂාන් රණසිංහ යන අය විසින් විවෘත විශ්ව විද්‍යාලය විසින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කරනවා. එම අභියාචනය විභාග කල තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව 2023. 12. 28 දිනැති තීන්දුව මඟින් අභියාචකයන් ඉල්ලා සිටින තොරතුරු ලබා දෙන ලෙසට විවෘත විශ්ව විද්‍යාලයට නියෝග කරනවා.

තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ තීරණයෙන් අතෘප්තියට පත් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය විසින් , එම තීන්දුව අවහරණය කරවා ගැනීම සඳහා ගරු අභියාචනාධිකරණය වෙත ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කරනවා. එහි නියෝගය තමයි සිකුරාදා ප්‍රකාශයට පත්කලේ.

ආර්. ගුරුසිංහ ගරු අභියාචනාධිකරණ විනිසුරුවරුතුමාගේ එකඟත්වය සහිතව මෙම නියෝගය ලබාදුන්නෙ Sumudu Premachandra ගරු අභියාචනාධිකරණ විනිසුරුවරුතුමන් විසින්. නඩු අංකය RTI /01/2024.

විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපත් කල පෙත්සමේ ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලය , එහි උප කුලපතිවරයා ඇතුලුව පෙත්සම්කරුවන් 24 දෙනෙක් ඉන්නවා. වගඋත්තරකරුවන් වුනේ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව , සභාපති ඇතුළු එහි කොමසාරිස්වරුන් විභාගය ලියු සශින්ද්‍යා හා ඇගේ පියා..

ගරු අභියාචනාධිකරණය විසින් මෙම නඩුවේදී තොරතුරු සඳහා මහ ජනයාට ඇති අයිතිය හා ප්‍රවේශය පිළිබඳව ඉතාමත් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 ව්‍යවස්ථාව. තොරතුරු දැනගැනීමේ පනතේ ව්‍යවස්ථාපති ප්‍රතිපාදන , එම පනත යටතේ විනිශ්චිත නඩු තීන්දු , රාජ්‍ය ආයතන (Public Authority) මහ ජනතාව වෙත තොරතුරු ලබාදීමේ වගකීම හා එහි සීමාවන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කරනවා.

නඩු තීන්දුවේ 06 වන පිටුවේ මෙසේ සඳහන් වෙනවා..

" විභාග අපේක්ෂකයෙකු තමන්ගේ පිළිතුරු පත්‍රය ඉල්ලා සිටියහොත්, එම ප්‍රශ්න පත්‍රයට ඔවුන් පිළිතුරු ලියූ ආකාරය සහ ලකුණු ලබාදුන් ආකාරය හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කිරීමට කිසිදු හේතුවක් නොදකිමි. උසස් අධ්‍යාපන ආයතනයේ තත්වය හා ප්‍රමිතිය අඛණ්ඩව ආරක්ෂා කිරීම සඳහා සම්මත ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළේ නම්, එය හෙළි කළ යුතුය ".

" I do not see any reason to refuse if an examinee requests their own answer script, which they wrote, and how it was marked. If a standard marking scheme wereapplied, to protect the integrity of the higher institution, it should be revealed."

අවසානයේ ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපත් කල ප්‍රතිශෝධන අයදුම්පත ගරු අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරමින් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව දුන් තීන්දුව ස්ථිර කරනවා. ඒ අනුව ඉල්ලා සිටි තොරතුරු විශ්ව විද්‍යාලය විසින් ලබාදිය යුතුයි.

මේ තීරණයෙන් විවෘත විශ්ව විද්‍යාලය පමණක් නෙවෙයි අනෙකුත් විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන බැදෙනවා. රාජ්‍ය විශ්ව විද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල මුදලට , බලයට , තනතුරුවලට , ලිංගික අල්ලසට විද්‍යාර්ථීන් ගොදුරු බවට පත්වෙලා ඉන්නෙ. ඉහත කියපු ඒවා තිබ්බොත් සමත් වෙනවා. නැත්නම් අසමත් කරනවා. වඩාත් භයානකම තත්වය ඉහත හේතු අයෙකු සමත් කිරීම නෙවෙයි , ඒ හේතු මත වෙනෙකෙකුගෙන් පළිගැනීම.

තමන්ගේ පිළිතුරු ප්‍රශ්න ප්‍රත්‍රය ඉල්ලා සිටීම තවදුරටත් වළක්වන්න බෑ. මෙය සැක කටයුතු තෙවැන්නකුගේ ප්‍රතිඵල ලබාදීම දක්වා තවත් පුළුල් විය යුතුයි. මන්ද තමාගේ ලකුණු අඩුකරල අසාධාරණයට ලක් කරන්න පුලුවන් වගෙම තව කෙනෙකුගේ ලකුණු වැඩිකර තවකෙක් අසාධාරණයට ලක් කරන්න පුලුවන්.

පුලුවන් තරම් මෙම අභියාචනාධිකරණ නියෝගය බෙදා හරින්න..

🖋️ Chathuranga Amarathunga

99% අසාර්ථක Online පංති මුවාවෙන් ළමයි Phone භාවිත කිරීමේ ආනිසංස...🥺කුරුණෑගල උඩවල්පොල ප්‍රදේශයේ සිව් මහල් නිවාස සංකීර්ණයක...
12/05/2026

99% අසාර්ථක Online පංති මුවාවෙන් ළමයි Phone භාවිත කිරීමේ ආනිසංස...🥺

කුරුණෑගල උඩවල්පොල ප්‍රදේශයේ සිව් මහල් නිවාස සංකීර්ණයක ඉහළ මහලින් පැන සියදිවි නසාගත් බව කියන සිසුවා මියයාමට පෙර සියදිවි නසාගැනීමකට අණ කෙරෙන අන්තර්ජාල සූදු ක්‍රීඩාවක නිරතව සිට ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙසේ මියගොස් තිබුණේ කුරුණෑගල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ සදරු දෙව්මිණ බණ්ඩාර නමැති 16 හැවිරිදි සිසුවෙක්. ඉකුත් සිකුරාදා (08) දින අලුයම මෙම මරණය සිදුව තිබුණා.

ඒ අනුව මරණය සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්ථාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කළ අතර කුරුණෑගල වැඩ බලන මහෙස්ත්‍රාත් ආචාර්ය ෆිලිෂියන් පෙරේරා ස්ථානීය පරීක්ෂාව සිදුකර තිබුණා.

මේ අතර මියගිය සිසුවා වැටී සිටි ස්ථානය මහෙස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂාවට ලක්කර ඇත.

එහිදී මියගිය සිසුවා පැලඳ සිටි පාවහන් යුගලය ඉතා ක්‍රමානුකූලව ගලවා තබා ඇති අයුරු නිරීක්ෂණය වී තිබෙනවා.

එමෙන්ම ඒ අසල වූ සිසුවා විසින් භාවිතා කළ බව පවසන සිසුවාගේ පියාට අයත් ජංගම දුරකථනයේ අන්තර්ජාල සූදු ක්‍රීඩාවක් ක්‍රියාත්මකව තිබී ඇති බවත් සඳහන්.

ඉතාම සංවේදී කතාවක්...🥺
11/05/2026

ඉතාම සංවේදී කතාවක්...🥺

Address

Ampara

Telephone

0713628086

Website

Alerts

Be the first to know and let us send you an email when Mahesh Bajjala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Mahesh Bajjala:

Shortcuts

Share

Category