විවේචනවලට සවන් දෙන්න, නමුත් ඒවායින් වැටෙන්න එපා.
SL Archeology Academy
archeologically
05/10/2025
AI වලින් අතීතය දකිමු...
05/10/2025
බෝතලේ ඉහලගම වලව්ව
මීරිගම ප්‍රදේශයේ ලංකාවේ මුල්ම අගමැති ඩී. එස්. සේනානායක මහතාගේ පියා විසින් ඉදිකළ නිවාසයයි. සුවිශාල පොල් වත්තක් මැද ඉදිකළ මෙම ගෘහය ක්‍රි.ව.1860 වසරට ආසන්න සමයේදී ඉදිකරවන ලදී.මහ මුදලි වරයෙකු වූ ඩී.එස්. සේනානායක මහතාගේ පියා වියෝවූ පසුව වලව්වට පසෙකින් සුවිශාල සමාධියක් කරවා එතුමාගේ භෂ්මාවශේෂ තැම්පත් කරවා තිබේ.
සේනානායක පරපුරේ මෑතකාලීන ආරම්භකයා ලෙස සැලකෙන්නේ 1848 වසරේ උපත ලැබූ දොන් ස්පේටර් සේනානායක වන අතර ඔහු තරුණ වියේදී ම මිනිරන් පතල් කැණීමේ ව්‍යාපාරවලට යොමු වීම හරහා විශාල ධනස්කන්ධයක් උපයා ගෙන ඇත. පසුකාලීනව වැවිලි කර්මාන්තයට සහ රේන්ද (අරක්කු) කර්මාන්තයට ද යොමු වී ඇති ඔහුට එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුව 'මුදලි' තනතුරක් ද ලබා දී ඇත.
ඔහු දෝන කැතරිනා එළිසබෙත් පෙරේරා ගුණසේකර සමඟ විවාහ වූ අතර මෙම යුවළට දොන් ස්ටීවන් සේනානායක (ඩී.එස්. සේනානායක), දොන් චාල්ස් සේනානායක, ෆ්‍රෙඩ්රික් රිචර්ඩ් සේනානායක සහ මරියා ෆ්‍රාන්සස් සේනානායක නමින් පුතුන් තිදෙනෙක් සහ එක දියණියක් විය.
1865 වසරේදී පමණ මුදලි, දොන් ස්පේටර් සේනානායක මීරිගම, බෝතලේ ප්‍රදේශයේ පිහිටි අක්කර 35කින් යුතු ඉඩමක නිවසක් ඉදි කළ අතර බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඔහුට මුදලි තනතුරක් ලබා දීමෙන් අනතුරුව එය 'වලව්ව' යන නමින් හැඳින්විණි. බෝතලේ ප්‍රදේශයේ පිහිටා තිබීම හේතුවෙන් එය පසුකාලීන ව 'බෝතලේ වලව්ව' වශයෙන් ජනතාව අතර ප්‍රසිද්ධ විය.
මුල් කාලයේදී මෙම වලව්ව සතුව ඉඩම් අක්කර 600කට වැඩි ප්‍රමාණයක් තිබී ඇති අතර පසුකාලීනව හඳුන්වා දුන් ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ අක්කර 50කට වැඩි වපසරියකින් යුතු ඉඩම් රජයට පවරා ගැනීම හේතුවෙන් මේ වන විට වලව්ව සතුව ඇත්තේ ඉඩම් අක්කර 50කටත් අඩු ප්‍රමාණයකි
විශාල වත්තක් මධ්‍යයට වන්නට පිහිටා ඇති බෝතලේ වලව්වට පිවිසෙන ස්ථානයේ තරමක් විශාල කණු දෙකකින් දරා සිටින ගේට්ටුවක් පිහිටා ඇත. සොල්දරයක් ද සහිත නිවසක් වන බෝතලේ වලව්ව ඉදිරිපස ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ලක්ෂණ සහිත විශාල පෝටිකෝවක් සහිත ආලින්දයක් දැකිය හැකි ය.
ආලින්දයේ ඉදිරිපස විශාල ආරුක්කුවකුත්, ඊට දෙපසින් තරමක් කුඩා ප්‍රමාණයේ ආරුක්කු දෙකකුත් දැකිය හැකි ය. ආලින්දය දෙපසට වන්නට ද විශාල ප්‍රමාණයේ ආරුක්කු දෙකක් දැකිය හැකි ය. දැවයෙන් කරවන ලද දොර ජනෙල්වලින් යුතු වලව්වේ වහලයේ වර්තමානය වන විට රට උළු සෙවිලි කරවා තිබේ. වලව්වේ ආලින්දයේ බිමට මැටියෙන් සාදන ලද පිඟන් ගඩොල් අතුරා තිබේ.
බෝතලේ වලව්වට යාබදව තරමක් විශාල ප්‍රමාණයේ සොහොන් ගෙයක් දැකගත හැකි අතර මුලින් ම එය ඉදි කරවා ඇත්තේ ඩී.එස්. සේනානායකයන්ගේ පියා වූ දොන් ස්පේටර් සේනානායක අභාවප්‍රාප්ත වූ අවස්ථාවේදී ය. සුදු පැහැයෙන් පින්තාරු කර ඇති එම සොහොන් ගෙය තුළ පසුකාලීන ව ඩී.එස්. සේනානායක සහ ඩඩ්ලි සේනානායක යන අයගේ ද භෂ්මාවශේෂ තැන්පත් කර තිබේ.
©️ Chathura Gunarathna
තොරතුරු- Wikipedia
ඡායාරූප-ror media,google
04/10/2025
👉 අදින් අවුරුදු 1500කට කලින් අනුරාධපුරයේ පිටිසර ගමක ජීවත් වූ චිත්‍ර ශිල්පියෙක් චිත්‍රයක් අඳින ආකාරය ඔබට හිතින් මවා ගන්න පුළුවන්ද?
👉 ඔහුගේ පෙනුම, ඔහුගේ නම ගම, ඔහු භාවිතා කරන උපකරණ, සායම් වර්ග මොන වගේ වෙන්න ඇද්ද?
👉 මේ පින්තූරයේ පේන දේ බැලූ බැල්මට බොහෝ දෙනෙකුට අඳුනාගන්න අමාරු වෙන්න පුළුවන් වුණත් වසර 1500ක් ඈතට දිවෙන කතාවක් මේ රූපය හා බැඳී තිබෙනවා.
👉 මේ තියෙන්නේ ගල් පර්වතයක තැවරූ හුණු බදාම තට්ටුවක් මත ඇඳපු චිත්‍රයක කොටස්. එහි සුළු කොටසක ඇති රතු, කහ, කොළ වර්ණ හැර චිත්‍රයේ අනෙක් කොටස් මැකී ගිහින්.
👉 ඉතින් මේ ගල් පර්වතය වෙන කිසිවක් නෙමෙයි අපි හැමෝම දන්නා සීගිරිය. සීගිරි සිතුවම් ගැන කියද්දි බොහෝ දෙනාට මතක් වෙන්නේ එහි ඉහළ පර්වත බෙයදයේ ඇති ලලනා රූප පමණක් වුණත් පර්වතය පහළ ඇති ගුහා කිහිපයකත් සීගිරි සිතුවම්වල අවශේෂ දකින්න පුළුවන්. අද වෙද්දී මේ චිත්‍ර පැහැදිලිව හඳුනා ගැනීමට අසීරු තරමටම විනාශ වෙලා.
👉 ඒ අනුව මේ තියෙන්නේ සීගිරියේ නයි පෙණ ගුහාවේ ඇති සිතුවමක කොටසක්. ගුහාවේ වහලය ලෙස සැලකෙන කොටසේ හුණු බදාම මත මේ සිතුවම් ඇඳ තිබෙනවා.
👉 මේ පේන සිතුවම් කොටසට අමතරව ඊට තරමක් විශාල නොපැහැදිලි සිතුවම් කොටසක් හා සුදු පැහැති හුණු බදාම තට්ටුවක් විතරයි අද එතැන දකින්න ලැබෙන්නේ.
👉 අපි වර්තමානයේ භාවිතා කරන තීන්ත ආලේපන පවා අව්වේ වැස්සේ බලපෑම් නිසා ඉතා කෙටි කාලයකින් විනාශ වෙනවා. එවැනි තත්ත්වයක් තුළ වසර 1500කට පෙර එළිමහන් ගුහාවක නම ගම නොදන්නා සිත්තරෙක් තැවරූ වර්ණ අද දක්වා ඉතිරි වී තිබීම එක් අතකින් පුදුම සහගත කාරණයක්.
👉 පස් වන සියවසේ රජ කළ කාශ්‍යප රජුගෙන් පසු රාජ්‍යත්වයට පත් ඔහුගේ සොහොයුරු මුගලන් විසින් සීගිරිය මහානාම තෙරුන් වහන්සේට පූජා කළ බව මහා වංශයේ සඳහන් වෙනවා.
👉 මුගලන් රාජ්‍ය සමයෙන් පසු සීගිරිය පිළිබඳ මහා වංශයේ වැඩිමනත් තොරතුරු සඳහන්ව නැතත්, 13 වන සියවස දක්වා රචනා වූ සීගිරි කුරුටු ගීවලින් හෙළි වන විදිහට මෙම ස්ථානය නැරඹීමට දිවයිනේ නොයෙක් දෙසින් විශාල ජනතාවක් පැමිණ තිබෙනවා.
👉 කෙසේ වුවත් 13 වන සියවසේ රජරට ශිෂ්ටාචාරය බිඳ වැටීමෙන් පසු සීගිරිය වල් වැදී අභාවයට යනවා. නැවත සීගිරිය ගැන අපට නිල වශයෙන් කරුණු අසන්නට ලැබෙන්නේ බි්‍රතාන්‍ය යටත්විජිත පාලන සමයේ.
👉 ඒ කියන්නේ වසර පන්සීයක පමණ කාලයක් මේ ස්ථානය කිසිදු නඩත්තුවකින් තොරව කැලෑ වැදී අභාවයට ගිය තැනක් විදිහටයි පවතින්නේ.
👉 ඒසා දීර්ඝ කාලයකට පසුවත් එළිමහන් ගුහාවක සිතුවම් කළ චිත්‍රයක් මේ මට්ටමින් හෝ ඉතිරි වී තිබීම ආශ්චර්යයක් බඳුයි.
👉 මොකද සීගිරි චිත්‍ර කියන්නේ අනුරාධපුර යුගයට අයත් දැනට ඉතිරි වී ඇති විශාලතම හා ජනප්‍රියම සිතුවම් එකතුව. එය ලංකාව තුළ පමණක් නොවෙයි ලෝක මට්ටමින් පවා අවධානයට ලක් වූ සිතුවම් එකතුවක්.
👉 අනුරාධපුර යුගයේ සිතුවම් හමුවන තව ස්ථාන කිහිපයක්ම තිබුණත් ඒ බොහෝ සිතුවම් හඳුනාගැනීමට අපහසු තරමට විනාශ වී තිබෙන ඒවා.
👉 එවැනි තත්ත්වයක් තුළ සීගිරි චිත්‍ර නොතිබුණා නම් අපිට අනුරාධපුර යුගයේ සිතුවම් කලාවක් ගැන කතා කිරීමට තරම් දෙයක් නැති වීමට පවා ඉඩ තිබුණා.
👉 කෙසේ හෝ වේවා වසර 1500කට පෙර ඇඳි සිතුවම් එකතුවක් වසර 500ක පමණ අරාජික කාලයකින් පසුවත් අද දක්වා ආරක්ෂා වී තිබෙනවා. ඒ සිතුවම් ඇතුළු මේ ස්ථානය නැරඹීමට විශාල පිරිසක් අදත් පැමිණෙනවා. ඔවුන්ට විවිධ සේවා සැපයීමෙන් දහස් ගණනක් පිරිසකට ආර්ථික මාර්ග, රැකියා අවස්ථා විවර වී තිබෙනවා.
👉 ඒ සියලු දේවල ගරුත්වයෙන් කොටසක් මේ අපැහැදිලි සිතුවම ඇඳපු නමක් ගමක් නොදන්නා නාඳුනන සිත්තරාටත් අනිවාර්යෙන්ම හිමි විය යුතු බව අමුතුවෙන් කිව යුතු නැහැ...
Next Page පිටුවෙන් උපුටා ගැනීමකී
27/09/2025
ඉන්දියන් සාගරයේ මුතු ඇටය | ශ්‍රි ලංකාව
Pearl of the Indian ocean | Like, Share if you Love Our Country's Beauty!!! 😍😍😍😍💓💓💓💓
27/09/2025
An exceptionally interesting paper that traces the path of ivory carving from the ancient Indus civilization up north to Gonur Depe in southern Turkmenistan, north of Afghanistan. It shows how complicated it is to ascribe provenance of things to a place, or to some other more complex, and revealing connections as Dennys Frenez's paper shows. Clearly ivory made its was from Indian elephants to Central Asia, and there are some objects found at Gonur Depe like combs with Indus motifs that could have come from Harappa or Mohenjo-daro. But other ivories are more unique to that Oxus Civilization, or the so-called BMAC or Margiana culture that flourished in the region during the Bronze Age. Was it local craftsmen hired by elites? Was it traveling Indus ivory carvers? Frenez presents evidence on both sides of the issue.
Frenez concludes that: "A few ivory objects may have occasionally arrived in Central Asia from the greater Indus Valley as finished items. However, considering the sources of elephant ivory available for Gonur Depe, the discovery on site of the large unworked section of an elephant tusk, and the evidence for reworking of ivory objects at Gonur Depe and possibly also at other sites in the Oxus basin, it seems more likely that tusks of male Asian elephants were traded to Central Asia, whole or in large sections, by merchants who might have provided also the skilled craftsmanship necessary to transform them into finished objects. The highly specialized skills and expertise required to carve ivory objects comparable to the ones found at Gonur Depe suggest that they were manufactured by local wood carvers or most likely by Indus-trained ivory carvers."
The facts and correspondences along a wide area into Iran and Mesopotamia and the Gulf between game boards and seals and so many more items along the way are fascinating in their own right, and testify once again to the way ancient civilizations must have propped each other up through trade and exchange of beliefs and ideas and designs (the dot in circle again!); it seems they flourished better together.
The full paper is at https://www.harappa.com/content/manufacturing-and-trade-asian-elephant-ivory-bronze-age-middle-asia-evidence-gonur-depe
Images
1. Indus and other civilization sites and Gonur Depe
2. Ivory Combs from Gonur Depe, Photography by Dennys Frenez
3. Stamp Seals depicting the Indian bison.
4. Gaming Boards from the Royal Cemetery of Ur, Shahr-i-Sokhta, Iran and Dholavira, India.
27/09/2025
The re-discovery of the ancient Indus Civilization actually was announced in yesterday's version of a tabloid, the pictorial weekly The Illustrated London News on September 20, 1924. John Marshall wrote: "The two sites where these somewhat startling remains have been discovered are some 400 miles apart – the one being at Harappa in the Montgomery District of the Panjab, and the other at Mohenjo-daro in the Larkana District of Sindh. At both these places there is a vast expanse of artificial mounds evidently covering the remains of once flourishing cities, which . . . must have been in existence for many hundreds of years." The excavations at Mohenjo-daro were made by Mr. Banerji. "At Harappa, Mr. Daya Ram Sahni's excavations disclosed as many as seven or eight successive levels, demonstrating the long and continuous occupation of the site during many hundreds of years prior to the third century B.C." However, it would take a Letter to the Editor in the next issue to allow the archaeologists to fix a set of dates for this civilization, so unexpected was its appearance: https://www.harappa.com/blog/rediscovery-ancient-indus-civilization-1924
26/09/2025
R.M.S. Rangoon නෞකාව
බි‍්‍රතාන්‍යය රාජකීය තැපැල් සේවා කටයුතු ස`දහා යොදා ගැනුනු නෞකාවක් වන රැන්ගුන් නෞකාව ගාල්ල වරාය ආසන්නයේ ගිලී ගිය වාෂ්ප නෞකා අතරින් එකකි. P & O (Peninsular & Oriental Steam Navigation Company සමාගම සතු වාෂ්ප නෞකාවක් වන මෙය ස`දහා
R.M.S. Rangoon යන නම මෙන්ම S.S. Rangoon ලෙසින්ද භාවිත කර ඇත. එස්.එස්. යන්න පොදුවේ වාෂ්ප නෞකාවන් හැඳින්වීම සඳහා යොදාගෙන ඇත (Steam Ship). R.M.S. අකුරු තුන Royal Mail Ship හෙවත් රාජකීය තැපැල් නැව යන්න නියෝජනය කරයිි.
රැන්ගුන් නෞකාව අනතුරට පත්වූ දිනය ලෙසින් සඳහන් වන්නේ 1871 නොවැම්බර් මස 1 වන දිනය. ගාල්ල වරායට පැමිණ තැපැල් මලු බහා නැවතත් තැපැල් මලු රැගෙන ඕස්ටේරන් ලියාව වෙත යාම සඳහා පිටත්වීමේ දී අනතුරට මුහුණ දී ඇත(The Ceylon Observer: 4th November 1871, P- 2).
ගාල්ල වරායට ආසන්න මුහුදේ තිබූ ගල් පර කිහිපයක් ඇත. නිරිත දිග මෝසම් කාලයේ වරායට ඇතුළු වීමට උත්සාහ කරන ලද බොහෝ නැව් මෙම ගල් පරවල හැපීම නිසා විනාශව තිබේ. රැන්ගුන් නෞකාව විනාශ වූයේ ද කදීර් නම් ගල් පරයේ වැදීමෙනි. නැව අනතුරට පත්වූයේ සවස 6.30ට පමණ ය. නැව වරායෙන් නිරිත දෙසට හැරවීමේ දී බටහිර දිශාව නිවැරදිව නොපෙනීම හේතුවෙන් ගල් පරයේ වැදී ඇත. අදුරේ ගල් පරය නිවැරදිව දෘෂ්යරමාන නොවීම මෙන්ම නාවුකයින් ගාල්ල වරාය පිළිබඳ ව නිවැරදි අවබෝධයකින් නොසිටීම ද අනතුරැවලට හේතු වී ඇත
මීටර 30ක් ගැඹුරු මුහුදු පත්ලේ තැන්පත්ව තිබෙන මෙම නෞකාව පුරාවිද්‍යා වටිනාකමක් සහිත උරුමයක් මෙන්ම ආකර්ෂණීය කිමිදුම් ස්ථානයක් ලෙසද සංචාරකයින් අතර ජනප‍්‍රියව පවතී.
26/09/2025
කලූ කොටුව හෙවත් Zwart Bastian
පෘතුගීසින් විසින් ආරම්භ කරන ලද ලන්දේසින් හා ඉංගරීසරාසින් විසින් වැඩි දියුණු කරන ලද ලෝක උරුම නගරයක් ලෙස දැනට පර කරකාශ කර ඇති ගාලූ කොටුව තුළ ඇති අද්විතීය නිර්මාණයක් ලෙස කලූ කොටුව හැදින්විය හැකි වේ. මෙය ගාලූ කොටුවේ පෘතුගීසින් විසින් ආරම්භ කරන ලද මුල්ම ඉදි කිරීම වේ. කලූ කොටුව පිළිබදව ජනපරූ කවාදයේ සදහන් වන්නේ ගල් අගුරු යොදා ගනිමින් ආයුධ හා උපකරණ නිශ්පාදනය සිදු කළ නිසා මෙම ස්ථානයෙන් නිරන්තරයෙන් කලූ දුම වහනය වීමක් වූ හේතුවෙන් මෙය කලූ කොටුව වූ බවයි. කලූ කොටුවේ තිබෙන විශේෂත්වය වන්නේ ආරක්ෂක උපක්රම සහිතව ඉදිකල පැරණි බලකොටුවක නිර්මාණය ලක්ෂණ පැහැදිලිව දක්නට ලැබීමයි. ඒ අනුව භූගත ආයුධ ගබඩා වෙඩි බෙහෙත් ගබඩා ආයුධ නිශ්පාදනාගාර රහස් දොරටු ආදිය මෙන් ම නවාතැන් ගැනීම හා විවේකය සදහා වූ ස්ථානද මෙය තුළ ඉදි කර ඇත.
කෙසේ වෙතත් පෘතුගරීිව සින් සතුව පැවති මෙම බලකොටුවට වර්ෂ 1640දී ලන්දේසින් විසින් අල්ලා ගත් අතර 1796දී ලංකාවේ බලය ඉංග්නරීසින් සතු වූ බැවින් මෙම බලකොටුවද ඔවුන් සතු විය. ඒ අනුව විවිධ යටත් විජිත යුගයන්ට අදාළ වාස්තුවිද්යාත්මක ලක්ෂණ වර්තමානයේ පවා මෙහි දක්නට ලැබේ. නෙදර්ලන්ත රජයේ ආධාර සහිතව2005-2009 වසරවල මධ්ය්යම සංස්කෘතික අරමුදල විසින් මෙම ස්ථානයේ සංරක්ෂණ කටයුතු සිදු කර ඇත.
26/09/2025
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Ampara