Chiharu Language Academy

Chiharu Language Academy

Share

🇯🇵 Unlocking Doors to a Global Future 🇯🇵

Photos from Chiharu Language Academy's post 13/11/2025

Welacome to Japan 🇯🇵

Photos from Chiharu Language Academy's post 13/11/2025

Welcome To Japan 🇯🇵

Photos from Chiharu Language Academy's post 16/10/2025

| Welcome to JAPAN 🇯🇵

✅ CHIHARU LANGUAGE ACADEMY (PVT) LTD

09/09/2025

නොමිලේ ජපන් Working Visa 🇯🇵

100,000 ක ඉක්ම වූ සිසුන් වෙනුවෙන් පවත්වන ලබන ජපන් විශේෂ වැඩසටහන..
රැකියා අවස්ථා 10,000කට වැඩි ප්‍රමාණයක්..
©️ මාස 5ක ජපන් භාශා පාඨමාලාවක්
©️වඩාත් කැමති හෝ වඩාත් දක්ශ ක්ශේත්‍රයජ් ඔස්සේ ජපානයට පැමිනෙන්න.

වයස අවු.22ත් - 45 ත් අතර ඔබට මේ සදහා අයදුම් කල හැක.

✅ මේ සදහා ගැහැනු/ පිරිමි දෙපාර්ශවයටම අයදුම් කල හැක..

📱 මාර්ගගතව ඉගෙනීමට හැකියාව
🎯 පළපුරුදු උපදේශක මණ්ඩලයක්
💼 රැකියා සම්බන්ධතාවන් සහ උපදෙස්

👉 ලියාපදිංචි වීමට සහ වැඩිදුර තොරතුරු සඳහා:

📌 Do you want to learn Japanese and pursue an international career?
If so, register now!

chat.whatsapp.com

05/08/2025

ඔබට අවශ්‍යම පාඨමාලාව දැන්ම තෝරා ගන්න # #

02/08/2025

ජපානයට ලගදි ආපු අයගේ නිතරම ඇහෙන මැසිවිල්ලක් තියේ "පඩි මදි අප්පා....."
මේ ගැන ඔයාලගෙ අදහස මොකක්ද??
මගෙ දැනීම අනුව
සමානයෙන් ජපන් අය ඇතුලුව සාමාන්‍ය ස්තිර සේවකයෙක්ගෙ basic සැලරි එක
කොල ¥200,000~¥250,000 ත් අතර

ලංකාවෙ සල්ලි වලින්
420,000/-~525,000/- ක වගේ මුදලක්...

මීට අමතරව කොල 25~30 ත් අතර හෝ ඊට වඩා පඩි ගන්න අය
👇
පරණ අය
තමන්ගේ අද්‍යාපන සුදුසුකම් වැඩි අය
බොහොම අමාරු රැකියා කරන අය....

මම ස්තිර රැකියාවක් කරපු කාලේ මගේ මුල්ම සැලරි එක ¥190,000 පස්සේ ¥250,000 ක් දක්වා basic එක වැඩි උනා.. අමතර දේවල් එක්ක ¥300,000 ක් පමණ...
එහෙම වැඩි උනේ මගෙ තියන, මම හදාගත්ත skill එක්ක....

ආව ගමන් ලොකු සැලරි බලාපොරොත්තු වෙන අයට, ආව ගමන් ජොබ් මාරු කර කර අමාරුවෙ වැටෙන අයට, අඩුම තරමෙ N4 වත් නැතුව රැකියා සුදුසුකම් නැති නංගීලා මල්ලිලා මේක හොදට කියවන්න....

පඩි ගන්න හැම ස්තිර සේවකයෙක්ගෙන්ම
පහල තියන මුදල සැලරි එකෙන් කැපෙනවා
年金¥16,000
社会保険 ¥9000
雇用保険¥350
所得税¥5000
住民税¥10,000
(දල වශයෙන් පමණයි)

මීට අමතරව
ගෙවල් කුලී,වතුර බිල්,කරන්ට් බිල්, ගෑස් බිල්, phone බිල්, කෑම සහ අමතර වියදම්

අනිවාර්යයෙන් ඕනම ස්තිර රැකියාවක් කරන ඕනම මනුස්සයෙක්ට මේ වියදම් ටික තියනවා...

පලාත් අනුව සැලරි එක වෙනස් වගේම වියදම් වල වෙනසකුත් තියේ....

සාමාන්‍ය පඩියට අමතරව කොල 16~20 අතර පඩි ගන්න ස්තිර සේවකයොත් ඉන්නවා ජපානයේ....
ඒ අයගෙ වියදම් ඔක්කොම අඩුවෙලා අතට ඉතුරු වෙන්නෙ බොහොම පොඩි මුදලක්..

කම්පැනි එකෙන් ඉන්න තැන් , කන්න බොන්න ඔක්කොම දීලා තියන රැකියාත් තියනවා....එහෙම තැන් වල එක්කෝ පඩිය ගොඩක් අඩුයි එහෙම නැත්නම් පඩිය ගොඩක් වැඩියි....

සාමාන්‍යයෙන් හැමෝම කැමති පඩි වැඩි වෙනවට....
ආයතනයක වැටුප් වැඩි කරගන්න නම්
OT කරන්න පුලුවන්... N2 පාස් උනාම කොලයක් වැඩි වෙනවා... තමන්ගේ skill හදාගත්තාම වැඩි වෙනවා... සචෝගෙ හිත දිනාගෙන වැටුප් වැඩි කර ගන්න පුලුවන්....මේ වගේ පුංචි පුංචි ක්‍රම තියනවා....

තව දෙයක් ජපානයේ පොදු නිවාඩු කියලා දෙයක් තියෙ...
ඒ නිවාඩු වලදි හැමෝම නිවාඩු
කාලගුණය අනුව නිවාඩු ලැබෙන අය ඉන්නවා
වැඩ අඩු උනාම නිවාඩු අය ඉන්නවා
ඒක අලුතින් ආපු අයට විතරක් වෙන දෙයක් නෙවෙයි හැමෝටම පොදුයි...

ආපු ගමන් ප්‍රාතිහාර්ය වෙන්නෙ නෑ...
ඉස්සෙල්ලාම මෙහෙට පුරුදු වෙන්න
මතක කියාගන්න මෙහෙ ස්තිර රැකියාවක් කරන කෙනෙක්ට වෙන රැකියා කරන්න අවසර නෑ අහු උනොත් කෙලින්ම ලංකාවට යන්න වෙනවා...

අපිට මෙහෙ කැමති විදියට හම්බ කරන්න අවසර දීලා නෑ

ස්තිර සේවකයෙක්ගෙ සාමාන්‍ය සෑලරි එක
කොල 20~25 වෙනකොට
Student කෙනෙක්ට සතියක පැය 28
Sacho කෙනෙක්ට කොල 23~25 ත් අතර

Sacho කෙනෙක් උනත් සමාන්‍ය වැටුප කොල 25 උන කෙනෙක්ගෙ කැපිලා කෙටිලා එන නීත්‍යනුකූල වැටුප කොල 20 ක් වගේ ප්‍රමාණයක්

මේ තමා ඇත්ත කතාව ජපානයට අලුතින් ආපු අයගෙ දැන ගැනීමට සහ
එන්න ඉන්න අයට දැන ගන්න දැම්මෙ.....
සුරංගනා ලෝක මවාගෙන එන්න එපා...

මීට අමතරව ජපානයේ ටිකක් පරණ, මෙහෙ දේවල් පුරුදු අය විවිධ ක්‍රම භාවිතා කරලා සල්ලි හම්බ කරනවා..
ඒක ඒ අයගෙ දක්ශතාවය....
ඒ තත්ත්වයට එන්න නම් ඉස්සෙලාම මෙහෙ දේවල් ඉගෙන ගන්න.... නැත්නම් ඉතිං එක්කෝ අමාරුවෙ වැටෙනවා.....

පඩි මදි
නිවාඩු වැඩි
නිවාඩු නෑ
වැඩ අමාරුයි
වියදම් වැඩි
ඉතුරුවක් නෑ
මේ වගේ ප්‍රශ්න හැමෝටම තියේ....
එක පාර විසදගන්න අමාරුයි.....
ටික ටික තමා හැමදේම විසදගන්න ඕන...
මොන දේ කලත් immigration එකේ වීසා දික් කර ගද්දි
අපි අමාරුවෙ නොවැටෙන්න්න තමා මේ ටික විසද ගන්න ඕන

අන්තිමට දෙයක් කියන්නම් තරහා වෙන්න එපා
අලුතින් එන ලමයි බක පණ්ඩිතයි හැමෝම නෙවෙයි බහුතරයක්....
අපි දකින දේවල් එක්ක කියන්න පුළුවන් අවසානය කොතනද කියලා....
අමාරුවෙ වැටිලා උදව් ඉල්ලුවට වැඩක් නෑ
අපිට උදව් කරන්න බැරි තැන් ගොඩක් තියේ....
මේක කියවන කෙනෙක්ට හිතෙන්න පුලුවන් මාත් පණ්ඩිතයි කියලා...
මගෙ පණ්ඩිත වැඩ වලට මම වග කියනවා....
උදව් ඉල්ලන්නෙත් නෑ කාටවත් මැසිවිලි කියන්නෙත් නෑ.....කිසිම කෙනෙක්ට හානියක් වෙන පණ්ඩිත වැඩ මම කරන්නෙ නෑ......

ඔයාලගෙ අදහස් එකතු කරන්න
මටත් ඉගෙන ගන්න එක්ක.......
මම ලියලා තියන දේවල් වල වැරද්දක් තියේනම් නිවැරදි කරන්න අවසර තියේ....

✍🏻නිරන්දි

මේ ෆොටො එක මාසෙකට අඩු පඩියක

30/07/2025

Engineering වීසා වලින් ජපානයට යන අය වීසා අලුත් කරද්දි ලංකාවට යන්න වෙන්නෙ ඇයි?

Immigration එන්න කියලා ගියාම දවස් 28,29,30කට වීසා ලබා දීමක් කරන්නේ ඇයි?

ජපන් භාශා ප්‍රවීණතාවය හෝ නොමැතිව යන අයට විතරද මේ ප්‍රශ්නෙ එන්නෙ .

17/07/2025
Want your school to be the top-listed School/college in Ambalantota?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


No 17/1, 1st Floor
Ambalantota
82100

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 16:00
Sunday 09:00 - 16:00