Siri Piyarathana Daham Pasala - සිරි පියරතන දහම් පාසල

Siri Piyarathana Daham Pasala - සිරි පියරතන දහම් පාසල Buddhist Dhamma School

ස්තුතිය පුද කිරිම..!අප දහම් පාසලේ  දහම් අධ්‍යාපනය  හදාරන   දුවා දරුවන්ට විශාල  අඩු පාඩුවක් ව පැවති ඩෙස්ක්  බංකු (ලක්ෂ 3 ...
05/08/2024

ස්තුතිය පුද කිරිම..!
අප දහම් පාසලේ දහම් අධ්‍යාපනය හදාරන දුවා දරුවන්ට විශාල අඩු පාඩුවක් ව පැවති ඩෙස්ක් බංකු (ලක්ෂ 3 පමණ පෞද්ගලික ධනයෙන්) සාදා පරිත්‍යාග කළ
J.H.සමන් ප්‍රියන්ත මහත්මාට අපගේ ගෞරවනිය ස්තුතිය පුද කරමි.

ප්‍රධානාචාර්ය හිමි ඇතුළු,
ගුරු මණ්ඩලය හා සිසු දරු දැරියන් .

නායකත්ව  හා පෞරුෂ සංවර්ධන වැඩසටහන 2024...!අන්තරායකර ඖෂධ  පාලක  ජාතික  මණ්ඩලයේ  සහාකාර උපදේශක ,එත්නික් සයන්ස් ෆවුන්ඩේෂන් ...
22/05/2024

නායකත්ව හා පෞරුෂ සංවර්ධන වැඩසටහන 2024...!

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහාකාර උපදේශක ,එත්නික් සයන්ස් ෆවුන්ඩේෂන් ආයතනයේ පුහුණු කිරීම් නිලධාරී,මනෝ විද්‍යා උපදේශක කවිදු තාරක විජේරත්න මහතා විසින් අද දින අප දහම් පාසලේ දරුවන් වෙනුවෙන් සිදු කල නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහන

ඔබතුමාගේ වටිනා කාලය දරුවන් වෙනුවෙන් වෙන්කිරීම සම්බන්ධයෙන් විශේෂ ස්තුතිය පුදකර සිටිමි..

ප්‍රදානාචාර්ය හිමි ඇතුලු ආචාර්ය මන්ඩලය

අලුත් අවුරුද්ද වෙනුවෙන් හිස තෙල් ගෑමේ චාරිත්‍රය සිදු කිරීම...!
27/04/2024

අලුත් අවුරුද්ද වෙනුවෙන් හිස තෙල් ගෑමේ චාරිත්‍රය සිදු කිරීම...!

පුංචි අපේ අවුරුදු උත්සවය 2024 ...!සිරි පියරතන දහම් පාසල දළුක්කන්ද , අම්බලන්ගොඩ
27/04/2024

පුංචි අපේ අවුරුදු උත්සවය 2024 ...!

සිරි පියරතන දහම් පාසල දළුක්කන්ද , අම්බලන්ගොඩ

*සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා තරගාවලිය -2023*           *ජයග්‍රහණය කල දරුවන් පිළිගැනීම*මාතලේ සංඝමිත්තා විද්‍යාලයේ ...
10/01/2024

*සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා තරගාවලිය -2023*
*ජයග්‍රහණය කල දරුවන් පිළිගැනීම*

මාතලේ සංඝමිත්තා විද්‍යාලයේ පැවති සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා තරගාවලියේදී...

චිත්‍ර කනිෂ්ඨ අංශයේ තරගයෙන් සමස්ථ ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය දිනා ගත් P.H. හංසර මනෙත් පුතනුවන් සහ
9 ශ්‍රේණිය කථික අංශයේන් සමස්ත ලංකාවෙන්ම 12 වන ස්ථානය දිනාගත් A.M. හිරුණි හංසිකා දියණියටත් අපගෙ උණුසුම් සුබ පැතුම් .....

සිරි පියරතන දහම් පාසල් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන දිනයක් උදාකල ඔබට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි,

එමෙන්ම මෙම උත්සවය සාර්ථක කරගැනීමට උපකාර කල ආදි ශිෂ්‍ය චානක මදුශාන් මහත්මාටත් , කිමේෂා එරංගිකා මහත්මියටත් නන් අයුරින් උපකාර කල සියලුම දෙනාටත් විශේෂ ස්තුතිය පුදකරමි.....

ප්‍රධානාචාර්ය හිමි ඇතුළු ආචාර්ය මන්ඩලය ,
සිරි පියරතන දහම් පාසල, දලුක්කන්ද ,
අම්බලන්ගොඩ

සිරි පියරතන දරුදැරියෝ තවත් පෙරට...!
18/11/2023

සිරි පියරතන දරුදැරියෝ තවත් පෙරට...!

" සියල්ලටම වඩා දරුවන් වටී "ලෝක ළමා දින සැමරුම 2023...සිරි පියරතන දහම් පාසල අම්බලන්ගොඩ ▪️ ආශිර්වාදාත්මක පිරිත් දේශනය▪️ළමා...
01/10/2023

" සියල්ලටම වඩා දරුවන් වටී "
ලෝක ළමා දින සැමරුම 2023...
සිරි පියරතන දහම් පාසල අම්බලන්ගොඩ
▪️ ආශිර්වාදාත්මක පිරිත් දේශනය
▪️ළමා නර්තන සංදර්ශනය
▪️ලමා ගී ප්‍රසංගය
▪️කඩල දන්සැල
▪️අයිස්ක්‍රීම් දන්සැල
යන වැඩසටහන් අද දිනයේ සාර්ථකව පවත්වන ලදී..
සිරි පියරතන දහම්පාසල් දරුවන් වෙනුවෙන් පැවැත්වු ලෝක ළමා දින සැමරුම් වැඩසටහන සාර්ථකව නිමා කරගැනීමට වෙහෙස මහන්සි වු ගරු ගුරුහාමුදුරුවන් ඇතුලු ගුරුමන්ඩලයේ සියලු දෙනාටත් , වැඩසටහන සඳහා උපකාර කර දෙමාපියන්ටත් පැමිණි දරුවන් ඇතුලු නන් අයුරින් උපකාර කර සියලුම දෙනාටම ස්තුතියි ..

උප ප්‍රදානාචාර්ය...

සීගිරිය අධ්‍යාපන චාරිකාව 2023දරුවන්ගේ විඩාබර මානසිකත්වයට සතුටක් ගෙනදෙන්නට පාසල් නිවාඩුවෙහි 2023/08/22 දින සීගිරිය සහ දඹු...
27/08/2023

සීගිරිය අධ්‍යාපන චාරිකාව 2023

දරුවන්ගේ විඩාබර මානසිකත්වයට සතුටක් ගෙනදෙන්නට පාසල් නිවාඩුවෙහි 2023/08/22 දින සීගිරිය සහ දඹුල්ල රජමහා විහාරස්ථානය දැකබලා ගැනීමට අධ්‍යාපන චාරිකාව යොදාගත් අතර ඒ අප ප්‍රධානාචාර්ය ගුරුහාමුදුරුවන් වහන්සේ වන ගරු බේරුවල ධම්මකිත්ති ස්වාමින්වහන්සෙගේ පූර්ණ ආශිර්වාදය මතය. දරුවන් වෙනුවෙන් මේම අධ්‍යාපන චාරිකාව නිර්මාණය කරමින් වෙහෙස මහන්සි වු ආචාර්ය මන්ඩලයේ සියලුම දෙනාටත් බේරතුඩුවේ සීලරතන ස්වාමින්වහන්සේටත් දරුවන් ඒ වෙනුවෙන් යොමු කරමින් උපකාර කර දෙමාපියන් ඇතුලු නන් අයුරින් උපකාර කල සියලුම දෙනාට විශේෂ ස්තුතිය පුද කර සිටිමි...

මේ දිනවල පැතිර  යන ඩෙංගු අවදානම නිසා විහාරස්ථානය හා දහම් පාසල් පරිශ්‍රය පිරිසිදු කිරිමේ වැඩසටහන අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේ...
27/08/2023

මේ දිනවල පැතිර යන ඩෙංගු අවදානම නිසා විහාරස්ථානය හා දහම් පාසල් පරිශ්‍රය පිරිසිදු කිරිමේ වැඩසටහන
අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම්තුමියගේ දැනුවත් කිරීම මත සිරිපියරතන දහම් පාසලේ ප්‍රදානාචාර්‍යතුමා ඇතුලු ගුරුමන්ඩලයේ උපදෙස් මත දරුවන් විසින් සිදුකරන ලදී..

ඡායාරූපකරණය පිළිබඳ වැඩමුළුව 20236 ශ්‍රේණියේ සිට අවසාන ශ්‍රේණිය දක්වා සිරි පියරතන දහම් පාසල මගින් පැවැත්වු  ඡායාරූපකරණය ප...
06/08/2023

ඡායාරූපකරණය පිළිබඳ වැඩමුළුව 2023
6 ශ්‍රේණියේ සිට අවසාන ශ්‍රේණිය දක්වා සිරි පියරතන දහම් පාසල මගින් පැවැත්වු ඡායාරූපකරණය පිළිබඳ වැඩමුළුව සාර්ථකව අවසන් වූ අතර ඒ සඳහා තම දැනුම අප දරුවන්ට ලබා දී වටිනා කාලය අප දරුවන් වෙනුවෙන් ලබාදුන් හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආචාරිනි ජයමි ද සිල්වා මහත්මියටත් . තාක්ෂණික උපකරණ ලබා දුන් අම්බලන්ගොඩ සරසි කොම්පියුටර් හවුස් ආයතයේ කළමනාකාර තුමා ඇතුලු සේවක මන්ඩලයටත් විශේෂ ස්තුතිය පුද කරමි.

චිත්‍ර කලා වැඩමුළුව 2023මූලික,1,2,3,4,5,ශ්‍රේණි සඳහා සිරි පියරතන දහම් පාසල මගින් පැවැත්වු චිත්‍ර කලාව පිළිබඳ වැඩමුළුව සා...
06/08/2023

චිත්‍ර කලා වැඩමුළුව 2023
මූලික,1,2,3,4,5,ශ්‍රේණි සඳහා සිරි පියරතන දහම් පාසල මගින් පැවැත්වු චිත්‍ර කලාව පිළිබඳ වැඩමුළුව සාර්ථකව අවසන් විය. මේ සඳහා තම වටිනා කාලය කැපකරමින්
දායකත්වය දැක්වු කරන්දෙනිය ජාතික පාසලේ ආචාර්ය උෂාන් අනුරාද මහත්මාටත් . ආචාර්ය මන්ඩලයේ සියලුම දෙනාටත් විශේෂ ස්තුතිය පුද කරමි .

මානව ධර්මතාවලින් පිරිපුන් දරුවන් තව තවත් මේ ශ්‍රී ලංකා දීපය තුල බිහිවේවා✨
03/08/2023

මානව ධර්මතාවලින් පිරිපුන් දරුවන් තව තවත් මේ ශ්‍රී ලංකා දීපය තුල බිහිවේවා✨

Address

Dalukkanda
Ambalangoda
80300

Opening Hours

08:00 - 12:00

Telephone

+94757721922

Website

Alerts

Be the first to know and let us send you an email when Siri Piyarathana Daham Pasala - සිරි පියරතන දහම් පාසල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Siri Piyarathana Daham Pasala - සිරි පියරතන දහම් පාසල:

Shortcuts

Share