G sri devananda college

G sri devananda college Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from G sri devananda college, maha veediya ambalangoda, Ambalangoda.

22/08/2020

රුධිර පරීක්ෂණ වාර්තාවක්‌ හරියට කියවන හැටි..❤️🚑

ඔයාලා හැමෝම වගේ කවදා හරි රුධිර පරීක්ෂණයක් කරලා ඇති නේ? මේ පරීක්ෂණයෙන් පසු ලැබුණු වාර්තාව කියවා තිබෙනවාද? උදාහරණයක් ලෙස මුල් පිටුවේ දක්වා තිබෙන්නේ එවැනි වාර්තාවක්.

ඕනෑම රසායනාගාර වාර්ථාවක් ගත්තහම එහි පළමුව කර ඇති පරීක්ෂණයේ නම ද (Test), ඉන්පසු එම පරීක්ෂණයේ ප්‍රතිඵලයද (Result), එම ප්‍රතිඵලයට අදාළ ඒකකය (Units) හා එම රසායනාගාරයේ එම පරීක්ෂාව සඳහා දෙන සාමාන්‍ය අගයයන්ගේ පරාසය (Normal Range) සඳහන් කෙරෙනවා. මෙම සාමාන්‍යය අගයයන්ගේ පරාසය රටින් රටට වෙනස් වීමට පුළුවන. අපි දැන් රුධිර පරීක්ෂණ වාර්තාවක ඇති විවිධ කරුණු පිලිබඳ කතා කරමු.

Hb: රුධිරයේ ඇති හිමොග්ලොබින් (Hemoglobin) ප්‍රමාණය මෙයින් දැක්වේ. පිරිමි අය තුල සාමාන්‍යයෙන් ඉහල හිමොග්ලොබින් ප්‍රමාණයක් ඇති නිසා මෙය පුරුෂ හා ස්ත්‍රී යන අගයයන් දෙකකින් සඳහන් කරනු ලබයි. මෙහි අගය ඩෙසිලීටරයකට ඇති ග්රෑම් ප්‍රමාණය (g/dL) ලෙස ගණනය කෙරේ. සාමාන්‍ය වැඩිහිටි පුරුෂයකු සඳහා අගය 13 – 16 g/dL වන අතර වැඩිහිටි ස්ත්‍රියක අගය 12 – 15 g/dL වේ. මෙම පරාසයට වඩා අඩු ප්‍රමාණයක් හිමොග්ලොබින් ඇත්නම් එය රක්තහීනතාවය (Anemia) නිසා වීමට පුළුවන.

WBC: ලේ වල ඇති මුළු සුදු රුධිරාණු ප්‍රමාණය (White Blood Count) මෙයින් දැක්වේ. මෙය මයික්‍රෝලීටරයට ඇති සෛල ප්‍රමාණය ලෙස දක්වනු ලබයි. සාමාන්‍යය අගයය 4000 – 11000 වේ. බොහොමයක් බැක්ටීරීය ආසාදන වලදී මෙය ඉහල අගයයක් ගනු ලබයි.

Platelets: ලේ වල මයික්‍රෝලීටරයට ඇති රුධිර පට්ටිකා අගයය මෙයින් දෙනු ලැබේ. එහි සාමාන්‍යය අගයය මයික්‍රෝලීටරයට 150000 – 450000 පමණඅ වේ. ඩෙංගු රෝගීන් ගේ රෝග තත්වය නිර්ණය කිරීම සඳහා නිතරම කරනු ලබන පරීක්ෂාව මෙයයි.

DLC: මෙයින් විශේෂක සුදු රුධිරාණු ප්‍රමාණය (Differential Leukocyte Count) යන්න අදහස් කෙරේ. කලින් ලිපියක සඳහන් කල විවිධ සුදු රුධිරානු වර්ග වල අගයයන් මෙයින් මනිණු ලබයි. එම අගයයන් ආශ්‍රයෙන් වෛද්‍යවරුන් හට ඇතිවී ඇති රෝග තත්වය පිලිබඳ අනුමානයන් කිරීමටත්, දැනට තීරණය කර ඇති රෝග විනිශ්චය තහවුරු කර ගැනීමටත් ඉඩ ලැබේ. උදාහරණයක් ලෙස බැක්ටීරීය ආසාදනයකදී සාමාන්‍යයෙන් නියුට්‍රොෆිල ප්‍රමාණය ඉහල යන අතර, වෛරස ආසාදනයකදී වසා සෛල ප්‍රමාණය ඉහල අගයයක් ගනී. මෙහි ප්‍රතිඵලය එම සෛල වර්ගය මුළු සුදු රුධිරානු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස සඳහන් කෙරේ. පහත දැක්වෙන්නේ එහි සාමාන්‍යය අගයයන් වේ.

Neutrophils: 40 – 70%

Bands: 0 – 5%

Lymphocytes: 20 -50%

Monocytes: 4- 8%

Eosinophils: 0 – 6%

Basophils: 0 – 2%

කලින් ලිපි කියවූ අයට ප්‍රශ්නයක් වෙන්න ඇති මෙහි බෑන්ඩ්ස් (Bands/Band cells) ලෙස හැඳින්වෙනුයේ මොනාද කියලා, මොකද එහෙම වර්ගයක් ගැන අප කතා නොකළ නිසා. බෑන්ඩ්ස් ලෙස හැඳින්වෙනුයේ නොමේරු සුදු රුධිරානුය. යම් මූලික ආසාදන (Acute Infection) අවස්ථා වලදී මෙය ඉහල අගයයක් ගනී. මන්ද යත් ආසාදනයක් ගැන දැනගත් විට ඇටමිදුළු සුදු රුධිරානු වැඩියෙන් නිෂ්පාදනය කිරීමත්, ඉක්මනින් ඇටමිදුළු තුලින් නිකුත් කිරීමත් කරන බැවිනි.

RBC Indices: රතු රුධිරාණු වල විවිධ ගුණාංග පිළිබඳ මෙහිදී අධ්‍යයනය කරනු ලබයි. මේ කරුණු රක්තහීනතා තත්ව වලදී, එම තත්වයට හේතුව සොයා ගැනීම සඳහා උපකාරී වේ.

RBC: රතු රුධිරාණු ප්‍රමාණය (Red Blood Count) මෙමගින් දැක්වේ. පුරුෂයින්ගේ මෙය මයික්රෝලීටරයට සෛල මිලියන 4.5 – 6.5 ත් අතර වන අතර ස්ත්‍රීන්ගේ මයික්රෝලීටරයට සෛල මිලියන 4.0 – 5.5 ත් අතර ප්‍රමාණයක් වේ.

Hct: රුධිරයේ සෛල ප්‍රතිශතය මෙමගින් මනිනු ලැබේ. සාමාන්‍යයෙන් පුරුෂයින්ගේ මෙය 39% – 47% ත් අතර වන අතර ස්ත්‍රීන්ගේ 35% – 45% ත් අතර ප්‍රමාණයක් වේ.

MCV: මෙමගින් රතු රුධිරාණුවක සාමාන්‍යය පරිමාව (Mean Corpuscular Volume) මනිනු ලැබේ. එහි අගයය ෆෙම්ටෝලීටර (fL) වලින් මනින අතර සාමාන්‍යය පරාසය 79 – 93 fL වේ. යකඩ අඩුවීම නිසා ඇතිවන රක්තහීනතාවයෙදී මෙම අගය අඩු වන අතර, විටමින් බී හා ෆොලේට් වැනි විටමින් ඌනතා වලදී මෙය ඉහල අගයයක් ගනී.

MCH: එක රතු රුධිරානුවක ඇති හෙමොග්ලොබින් ප්‍රමාණයේ සාමාන්‍යය (Mean Corpuscular Hemoglobin) මෙමගින් මනිනු ලබයි. සෛලයකට පිකෝග්රෑම් (pg/cell) ලෙස මෙය පනිනු ලබන අතර සාමාන්‍ය පරාසය 27 – 32 pg/cell වේ. යකඩ ඌනතාවය නිසා ඇතිවන රක්තහීනතාවයෙදී මෙම අගය අඩු වේ.

MCHC: එක රතු රුධිරානුවක් සඳහා හෙමොග්ලොබින් සාන්ද්‍රණය (Mean Corpuscular Hemoglobin Concentration) මෙම දර්ශකයෙන් දෙනු ලැබේ. එහි සාමාන්‍ය අගය ඩෙසිලීටරයකට ග්රෑම් 32 – 36 අතර වේ.

Reticulocyte count : රුධිරයේ ඇති නොමේරූ රතු රුධිරාණු (Reticulocytes) ප්‍රමාණය මුළු රතු රුධිරාණු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ගණනය කර මෙම අගය ලබා ගනී. සාමාන්‍යයෙන් මෙය 0.8% – 2.5% ත් අතර ප්‍රමාණයක් ගන්නා අතර රතු රුධිරාණු යම ආකාරයකින් විනාශ වූ විටක හා රුධිර වාහනයක් ඇතිවූ විටෙක ඇටමිදුළු වලින්නොමේරූ රතු රුධිරාණු වැඩි වැඩියෙන නිකුත් කිරීම නිසා මෙහි අගය ඉහල යා හැකිය.

ඉස්සර නම් මෙම පරීක්ෂණ හැම එකක්ම වගේ අන්වීක්ෂ, කේන්ද්‍රාපසාරක (Centrifuges) වැනි මෙවලම් යොදාගෙන රසායනාගාර සේවකයන් විසින් විශාල කාලයක් මිඩංගු කර ගණනය කලද අද කාලයේ මේ සඳහා ස්වයංක්‍රීය සෛල ගණක (Automated Cell Counter) යන්ත්‍ර යොදා ගෙන මිනිත්තු ගණනාවක් ඇතුලත ගණනය කරනු ලබයි. මුල් කවරයේ දක්වා ඇත්තේ මෙවන් ස්වයංක්‍රීය සෛල ගණක (Automated Cell Counter) යන්ත්‍රයක් භාවිතා කරන රූපයකි.

සැලකිය යුතුයි! : රුධිර වාර්තාවක් කියවා තේරුම් ගැනීම ඉතා හොඳ කරුණක් වන අතර එමගින් තම රෝගී තත්වය පිළිබඳ වැටහීම වැඩි කර ගැනීමට ඔබට හැකි වේ. නමුත් රෝග විනිශ්චය (Diagnosis) තනිකරම පරීක්ෂණ වාර්තා මත රඳා පවතින්නක් නොවන බව ඔබ දැන ගත යුතුය. රෝග විනිශ්චය කිරීම සඳහා රෝගියාගේ රෝග ලක්ෂණ (History), වෛද්‍ය පරීක්ෂාව (Physical Examination) හා වෙනත් රෝගයට අදාළ කරුණු සියල්ල සලකා බැලිය යුතුය. එනිසා මම රසායනාගාර වාර්තා මත පදනම් කරගෙන තනිව බෙහෙත් ගැනීමෙන් වලකින ලෙසද ඕනෑම රෝගී තත්වයකදී රජයේ ලියාපදිංචි වෛද්‍යවරයකු හමුවී බෙහෙත් ලබා ගන්නා ලෙසද ඔබගෙන් ඉල්ලා සිටිමි.

උපුටාගත්තකි.!!!

අන් අය උදෙසා Share කරන්න ❤️

26/04/2020

11 ශ්‍රේණිය සිසුන් සඳහා – 2020 පළමු වාරය වෙනුවෙන් සකසන ලද ආදර්ශ ප්‍රශ්න පත්‍ර.…

Address

Maha Veediya Ambalangoda
Ambalangoda

Website

Alerts

Be the first to know and let us send you an email when G sri devananda college posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share