Akila Jayaweera - Combined Mathematics

Akila Jayaweera - Combined Mathematics Combined Mathematics Teacher / Government School Teacher

🚀 2028 A/L Applied Maths – නව පන්තිය ආරම්භ වේ!ඔබ 2028 A/L Applied Maths සඳහා හොඳ ආරම්භයක් හොයනවාද?ප්‍රදේශයේ වැඩිම කණ්ඩාය...
10/03/2026

🚀 2028 A/L Applied Maths – නව පන්තිය ආරම්භ වේ!
ඔබ 2028 A/L Applied Maths සඳහා හොඳ ආරම්භයක් හොයනවාද?
ප්‍රදේශයේ වැඩිම කණ්ඩායම් පන්ති මෙහෙයවන ජාතික පාසල් ගුරුවරයා සමඟ
ඔබගේ A/L ගමන විශ්වාසයෙන් ආරම්භ කරන්න. 🎯
📚 සිද්ධාන්ත + ගැටළු විසඳීම
📚 විභාගයට target කරන ඉගැන්වීම් ක්‍රම
📚 පියවරෙන් පියවර සම්පූර්ණ syllabus coverage
📅 ආරම්භය – මාර්තු 15
⏰ ඉරිදා උදේ 8.00 – 10.30
📍 ශිල්ප ගාලිකා – අම්බලන්ගොඩ
⚡ බදාදා සහ සිකුරාදා නව කණ්ඩායම් ආරම්භ කල බැවින්,මෙදින සහභාගී විය නොහැකි සිසුන්ට එදින සම්බන්ධ වීමට හැකියි.
📞 විස්තර සඳහා: 077 69 27 210
👨‍🏫 අකිල ජයවීර
B.Sc (Maths) | IESL
Electronics & Telecommunication

27/02/2026

අම්බලන්ගොඩ ගුණාත්මකම Applied Maths පන්තිය 🇱🇰..........................................................................
2028 A/L Combined Maths (Applied) නව පන්ති ආරම්භය..

ශිල්ප ශාලිකා - අම්බලන්ගොඩ

1 කණ්ඩායම : මාර්තු 04 බදාදා සවස 2.00
2 කණ්ඩායම : මාර්තු 06 සිකුරාදා සවස 2.00

ජනාධිපතිවරුන් පවා පැහැරගන්නා ඇමරිකාවේ අති රහසිගත Delta Force බලකාය 😱😳වෙනිසියුලාවේ සිදු වූ විශේෂ මෙහෙයුම ඇමරිකානු ඩෙල්ටා ...
05/01/2026

ජනාධිපතිවරුන් පවා පැහැරගන්නා ඇමරිකාවේ අති රහසිගත Delta Force බලකාය 😱😳

වෙනිසියුලාවේ සිදු වූ විශේෂ මෙහෙයුම ඇමරිකානු ඩෙල්ටා බලකාය (Delta Force) විසින් සිදු කළ බවට ඇමරිකානු ජනාධිපතිවරයා විසින් නිල වශයෙන් තහවුරු කිරීමත් සමඟ, මෙම අද්භූත හමුදා කණ්ඩායම පිළිබඳව ලෝකයේම අවධානය යොමු වී තිබේ. 1st Special Forces Operational Detachment-Delta (1st SFOD-D) ලෙස නිල වශයෙන් හැඳින්වෙන මෙම ඒකකය, බොහෝ දෙනා පටලවා ගන්නා පරිදි ඇමරිකානු නාවික හමුදාවේ Navy SEALs කණ්ඩායම නොව, ඇමරිකානු යුධ හමුදාව (US Army) සතු අතිශය රහසිගත සහ ප්‍රබලතම විශේෂ මෙහෙයුම් ඒකකයයි.

මෙම බලකායට සෙබළුන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය ලොව පවතින දුෂ්කරතම හමුදා තෝරා ගැනීම්වලින් එකකි. ඇමරිකානු හමුදාවේ දැනට සිටින දක්ෂතම හා පළපුරුදුම සෙබළුන් මේ සඳහා ඉල්ලුම් කළද, ඔවුන්ගෙන් 90% කට ආසන්න පිරිසක් මෙම කටුක පුහුණුවේදී අසමත් වේ. තෝරා ගනු ලබන සුළු පිරිස වෙනුවෙන් ඉහළම මට්ටමේ ශාරීරික හා මානසික පුහුණුවක් ලබා දෙන අතර, එක් සෙබළෙක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 30 කට අධික මුදලක් ආයෝජනය කෙරේ. මොවුන් හුදෙක් සටන්කරුවන් පමණක් නොව, විවිධ රටවල භාෂා, සංස්කෘතීන් සහ උපාය මාර්ග පිළිබඳව මනා දැනුමක් ඇති බුද්ධිමත් සෙබළුන් පිරිසකි.

ඩෙල්ටා බලකායේ මෙහෙයුම් ස්වභාවය කෙතරම් රහසිගතද යත්, ඔවුන්ගේ සාමාජිකයින්ගේ නම් හෝ නිලයන් කිසිවෙකු නොදනී. වෙනිසියුලානු ජනාධිපතිවරයා රැගෙන යාමේ මෙහෙයුම කොතරම් සූක්ෂමව සිදු කර ඇත්ද යන්න පෙනී යන්නේ, ඇමරිකානු ජනාධිපතිවරයා එය ප්‍රසිද්ධ කරන තෙක්ම වෙනිසියුලානු රජය පවා තම ජනාධිපතිවරයා අතුරුදහන් බව නොදැන සිටීමයි. එක් සෙබළෙක් සතු අති නවීන තාක්ෂණික උපකරණ සහ අවි ආයුධ කට්ටලයක වටිනාකම පමණක් රුපියල් කෝටි 3ක් පමණ වන අතර, ඕනෑම පාරිසරික තත්ත්වයක් යටතේ සතුරා මවිත කරවන මෙහෙයුම් දියත් කිරීමට ඔවුන් සමත්ය.

ඉතිහාසය දෙස බැලීමේදී සදාම් හුසේන් අල්ලා ගැනීමේ මෙහෙයුම (Operation Red Dawn), අයිසිස් නායක අබු බකර් අල්-බැග්ඩෑඩි සොයා කළ මෙහෙයුම (Operation Kayla Mueller) සහ සෝමාලියාවේ සුප්‍රකට 'Black Hawk Down' සිදුවීම (Operation Gothic Serpent) වැනි තීරණාත්මක අවස්ථාවලදී ඩෙල්ටා බලකාය පෙරමුණ ගෙන ඇත. කෙසේ වෙතත්, ලෝකයා දන්නා මෙම තොරතුරු අයිස් කන්දක මුදුන වැනිය. ලොව පුරා ත්‍රස්ත කණ්ඩායම් පවා මෙම නම ඇසූ පමණින් භීතියට පත්වන අතර, ඩෙල්ටා බලකාය විසින් සිදු කළ සහ සිදු කරමින් පවතින අතිශය රහසිගත මෙහෙයුම් බොහොමයක් කිසි දිනෙක ලෝකයාට දැනගැනීමට නොලැබෙනු ඇත.

🔰ජනවාරි 3 සෙනසුරාදා 8.30  ආවේගය / ගම්‍යතාවය / ගැටුම් ආරම්භ කෙරේ..🔰විභාගයේදී අනිවාර්ය (Part A ගැටළු 10) ලිවීම සදහා පුහුණු...
31/12/2025

🔰ජනවාරි 3 සෙනසුරාදා 8.30 ආවේගය / ගම්‍යතාවය / ගැටුම් ආරම්භ කෙරේ..

🔰විභාගයේදී අනිවාර්ය (Part A ගැටළු 10) ලිවීම සදහා පුහුණු කිරීම මෙම සතියේ සිට ආරම්භ කෙරේ.. පන්තිය තුලදීම සාකච්ඡා කෙරේ.. පෙ.ව 8.00 සිට එම ප්‍රශ්න සදහා පිළිතුරු ලිවීමට හැකියි.

⭕ප්‍රක්ෂිප්ත
⭕කාර්‍යය ක්ෂමතාවය
⭕කප්පි ( නිව්ටන් චලිත නියම )
⭕දෛශික
⭕සුමට දෘඪ වස්තූන්වල සමතුලිතතාවය
⭕ඝර්ෂණය

පළමු දින සහභාගි වීමට නොහැකි වූ සිසුන් සදහා එම කොටස ආවරණය කෙරේ..
Whatsapp 077 692 72 10
ශිල්ප ශාලිකා - අම්බලන්ගොඩ

''රාජාලියා සහ කපුටා කියා දෙන පාඩම..''රාජාලියෙකුට පහර දීමට එඩිතර වන එකම කුරුල්ලා කපුටන් ය. උන් රාජාලියාගේ පිටේ වාඩි වී බෙ...
21/08/2025

''රාජාලියා සහ කපුටා කියා දෙන පාඩම..''

රාජාලියෙකුට පහර දීමට එඩිතර වන එකම කුරුල්ලා කපුටන් ය. උන් රාජාලියාගේ පිටේ වාඩි වී බෙල්ල සපා කයි. කෙසේ වෙතත්, රාජාලියා කපුටන් සමඟ ප්‍රතිචාර දක්වන්නේ නැත. ඔහු කපුටන් සමඟ කාලය හෝ ශක්තිය වැය නොකරයි. ඔහු තම පියාපත් විවර කර අහසේ ඉහළට පියාසර කිරීමට පටන් ගනී. පියාසර කිරීම වැඩි වන තරමට කපුටන්ට හුස්ම ගැනීමට අපහසු වන අතර කපුටන් අවසානයේ වැටෙන්නේ ඔක්සිජන් නොමැතිකම හේතුවෙනි.

ඔබ සියලු සටන් උදෙසා ප්‍රතිචාර දැක්විය යුතු නැත...!

සියලුම තර්ක හෝ විවේචකයන්ට ඔබ ප්‍රතිචාර දැක්වීමට හෝ පිළිතුරු දීමට අවශ්‍ය නොවේ...!

'කපුටන්' සමඟ කාලය නාස්ති කිරීම නවත්වන්න..!

-දසුන් වානගුරු

20/08/2025
15/08/2025

✅2027 A/L සිසුන් සදහා ඒකතල බල පද්ධති ආරම්භ කෙරේ..

🔅Group 1 ඉරිදා උදේ 8.15 - 12.15
🔅Speed Class ඉරිදා සවස 6-9.00

(දෛශික ඒකකය ආවරණය කර ගැනීමට අවශ්‍ය සිසුන් සිකුරාදා සවස 2.30 - 5.30 පැමිණෙන්න.)

✅ශිල්ප ශාලිකා - අම්බලන්ගොඩ
077 692 72 10

✅දශකයක පමණ ඉගැන්වීම් අත්දැකීම් ඇති ජාතික පාසල් ගුරුවරයෙකි..

Address

49, Paniyanduwa
Ambalangoda
84A

Website

Alerts

Be the first to know and let us send you an email when Akila Jayaweera - Combined Mathematics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Akila Jayaweera - Combined Mathematics:

Shortcuts

Share