පුරාණ කතා / purana katha

පුරාණ කතා / purana katha බෞද්ධ ,ඓතිහාසික වටිනා කථා
(1)

12/08/2026

කේලාම් කී භික්ෂුව හා උපාසිකාව එකම වැසිකිලි වලේ උපදී.........

🔘 වැසිකිළි වලේ ප්‍රේතයන් වී උපන් භික්ෂුව සහ උපාසිකාව ....💕💕💕━━━━━━ ✺ •⊰🛞⊱• ✺ ━━━━━━සැවැත් නුවර ආසන්නයේ තිබූ එක්තරා ගමක ස...
12/08/2026

🔘 වැසිකිළි වලේ ප්‍රේතයන් වී උපන් භික්ෂුව සහ උපාසිකාව ....💕💕💕

━━━━━━ ✺ •⊰🛞⊱• ✺ ━━━━━━

සැවැත් නුවර ආසන්නයේ තිබූ එක්තරා ගමක සිටි පොහොසත් උපාසිකාවක් තමන් නිතර ඇසුරු කළ, තමන්ට සමීප භික්ෂූන් වහන්සේ නමක් උදෙසා විහාරයක් කරවා පූජා කළාය. කාලයත් සමඟ නොයෙක් පළාත්වලින් පැමිණි සිල්වත් භික්ෂූන් වහන්සේලා ද එම විහාරයේ වැඩ විසූහ. ඒ පැමිණි භික්ෂූන්ගේ සිල්වත්බව දුටු ගම්වැසියෝ ඉතා පැහැදුණු සිතින් උන්වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කිරීමට පටන් ගත්හ.

නමුත් විහාරයේ සිටි මුල් භික්ෂුවට මෙය දරාගත නොහැකි විය. උන්වහන්සේ තුළ ඇති වූ අධික ඊර්ෂ්‍යාව සහ මසුරුකම නිසා පැමිණි භික්ෂූන්ගේ නොයෙක් අඩුපාඩු කියමින් අර උපාසිකාවගේ සිත බිඳවීමට කේලාම් කීවේය. ඒ කේලාම් ඇසූ උපාසිකාව ද කෝපයට පත් වී, සිල්වත් භික්ෂූන් වහන්සේලාට දොස් පැවරුවාය. අවසානයේ ඇය කෝපයෙන් සිල්වත් භික්ෂූන් වහන්සේලාට, "තොපට මේ දෙන දානය අනුභව කරනවාට වඩා තොපගේම අශූචි කෑම යහපති" යි කියා නින්දා කරමින් බැණ වැදුණාය. මුල් භික්ෂුව ද උපාසිකාව තවත් කුපිත කරමින් ඒ අයුරින්ම භික්ෂූන් වහන්සේලාට බැණ වැදුණේය.

මේ දරුණු පාපකර්මය නිසා ඒ භික්ෂුව මියගොස් එම විහාරයේම වැසිකිළි වලෙහි අශූචි අනුභව කරන ප්‍රේතයෙක් වී උපන්නේය. අර උපාසිකාව ද මියගොස් ඒ ප්‍රේත භික්ෂුවගේ හිස මත සිටින ප්‍රේතයින් අතර ප්‍රේත ස්ත්‍රියක් වී උපන්නාය.

දිනක් මහා මුගලන් මහ රහතන් වහන්සේට මේ දෙදෙනා දැකගැනීමට ලැබී, "අශූචි වලෙන් නැගී සිටිමින් දුක් විඳින පාපකාරී ඔබ කවුද?" කියා විමසා සිටියහ.

එවිට උපාසිකා ප්‍රේතිය පිළිතුරු දෙමින්, "ස්වාමීනි, මා විසින් කරවන ලද විහාරය කෙරෙහි තදින් ඇලී සිටි, ඊර්ෂ්‍යාකාරී සහ මසුරු භික්ෂුවක් සිටියා. උන්වහන්සේගේ නින්දිත කේලාම් අසා මම සිල්වත් භික්ෂූන් වහන්සේලාට බැණ වැදුණා. ඒ අකුසල විපාකයෙන් මම මේ ප්‍රේත ලෝකයේ උපන්නා" කියා පැවසුවාය.

එවිට මුගලන් හිමියෝ, "මිතුරෙකු මෙන් සිටිමින් ඔබට අහිතක් කළ ඒ අඥාන භික්ෂුවට සිදු වූයේ කුමක්ද?" කියා ඇසූහ.

උපාසිකා ප්‍රේතිය නැවතත් මෙසේ කීවාය: "ස්වාමීනි, ඒ පාපකාරී ප්‍රේත භික්ෂුව සිටින්නේ මගේ පාමුලයි. මම සිටින්නේ ඔහුගේ හිස මුදුනෙයි. ඔහු දැන් මගේ මෙහෙකරුවා වී සිටිනවා. අන් අය හෙළන අශූචි මගේ ආහාරය වන අතර, මගෙන් පිටවන අශූචි අනුභව කරමින් ඒ ප්‍රේත භික්ෂුව ජීවත් වෙනවා."

මහා මුගලන් හිමියන් මේ සියලු විස්තර භාග්‍යවතුන් වහන්සේට දැනුම් දුන්හ. බුදුරජාණන් වහන්සේ මෙම සිදුවීම මුල් කරගෙන අන් අයට බැන වැදීම සහ නින්දා කිරීමේ ඇති දරුණු ආදීනව පෙන්වා දෙමින් රැස්ව සිටි පිරිසට ධර්මය දේශනා කළහ. ඒ දේශනාව අසා බොහෝ දෙනෙක් අකුසලයෙන් මිදී යහමගට පැමිණියහ; බොහෝ දෙනා මාර්ගඵලයන්ට එළඹුණහ.

ගූථ ඛාදක පෙති වස්තු වර්ණනාව නිමියේය.

07/08/2026

අසූචි වලේ උපන් භික්ෂුව හා දායකයා.........

🔘 වැසිකිළි වලේ ප්‍රේතයන් වී උපන් භික්ෂුව සහ ගෘහපතියා....💕💕💕━━━━━━ ✺ •⊰🛞⊱• ✺ ━━━━━━සැවැත් නුවර ආසන්නයේ තිබූ එක්තරා ගමක සි...
07/08/2026

🔘 වැසිකිළි වලේ ප්‍රේතයන් වී උපන් භික්ෂුව සහ ගෘහපතියා....💕💕💕

━━━━━━ ✺ •⊰🛞⊱• ✺ ━━━━━━

සැවැත් නුවර ආසන්නයේ තිබූ එක්තරා ගමක සිටි පොහොසත් ගෘහපතියෙක් තමන් නිතර ඇසුරු කළ, තමන්ට සමීප භික්ෂූන් වහන්සේ නමක් උදෙසා විහාරයක් කරවා පූජා කළේය. කාලයත් සමඟ නොයෙක් පළාත්වලින් පැමිණි සිල්වත් භික්ෂූන් වහන්සේලා ද එම විහාරයේ වැඩ විසූහ. ඒ පැමිණි භික්ෂූන්ගේ සිල්වත්බව දුටු ගම්වැසියෝ ඉතා පැහැදුණු සිතින් උන්වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කිරීමට පටන් ගත්හ.

නමුත් විහාරයේ සිටි මුල් භික්ෂුවට මෙය දරාගත නොහැකි විය. උන්වහන්සේ තුළ ඇති වූ අධික ඊර්ෂ්‍යාව සහ මසුරුකම නිසා පැමිණි භික්ෂූන්ගේ නොයෙක් අඩුපාඩු කියමින් අර ගෘහපතියාගේ සිත බිඳවීමට කේලාම් කීවේය. ඒ කේලාම් ඇසූ ගෘහපතියා ද කෝපයට පත් වී, සිල්වත් භික්ෂූන් වහන්සේලාට දොස් පැවරීය. අවසානයේ අර ගෘහපතියා කෝපයෙන් සිල්වත් භික්ෂූන් වහන්සේලාට, "තොපට මේ දෙන දානය අනුභව කරනවාට වඩා තොපගේම අශූචි කෑම යහපති"යි කියා නින්දා කරමින් බැණ වැදුණේය. මුල් භික්ෂුව ද ගෘහපතියාව තවත් කුපිත කරමින් ඒ අයුරින්ම භික්ෂූන් වහන්සේලාට බැණ වැදුණේය.

මේ දරුණු පාපකර්මය නිසා ඒ භික්ෂුව මියගොස් එම විහාරයේම වැසිකිළි වලෙහි අශූචි අනුභව කරන ප්‍රේතයෙක් වී උපන්නේය. අර ගෘහපතියා ද මියගොස් ඒ ප්‍රේත භික්ෂුවගේ හිස මත සිටින ප්‍රේතයෙක් වී උපන්නේය.

දිනක් මහා මුගලන් මහ රහතන් වහන්සේට මේ දෙදෙනා දැකගැනීමට ලැබී, "අශූචි වලෙන් නැගී සිටිමින් දුක් විඳින පාපකාරී ඔබ කවුද?" කියා විමසා සිටියහ.

එවිට ගෘහපති ප්‍රේතයා පිළිතුරු දෙමින්, "ස්වාමීනි, මා විසින් කරවන ලද විහාරය කෙරෙහි තදින් ඇලී සිටි, ඊර්ෂ්‍යාකාරී සහ මසුරු භික්ෂුවක් සිටියා. උන්වහන්සේගේ නින්දිත කේලාම් අසා මම සිල්වත් භික්ෂූන් වහන්සේලාට බැණ වැදුණා. ඒ අකුසල විපාකයෙන් මම මේ ප්‍රේත ලෝකයේ උපන්නා" කියා පැවසීය.

එවිට මුගලන් හිමියෝ, "මිතුරෙකු මෙන් සිටිමින් ඔබට අහිතක් කළ ඒ අඥාන භික්ෂුවට සිදු වූයේ කුමක්ද?" කියා ඇසූහ.

ගෘහපති ප්‍රේතයා නැවතත් මෙසේ කීවේය: "ස්වාමීනි, ඒ පාපකාරී ප්‍රේත භික්ෂුව සිටින්නේ මගේ පාමුලයි. මම සිටින්නේ ඔහුගේ හිස මුදුනෙයි. ඔහු දැන් මගේ මෙහෙකරුවා වී සිටිනවා. අන් අය හෙළන අශූචි මගේ ආහාරය වන අතර, මගෙන් පිටවන අශූචි අනුභව කරමින් ඒ ප්‍රේත භික්ෂුව ජීවත් වෙනවා."

මහා මුගලන් හිමියන් මේ සියලු විස්තර භාග්‍යවතුන් වහන්සේට දැනුම් දුන්හ. බුදුරජාණන් වහන්සේ මෙම සිදුවීම මුල් කරගෙන අන් අයට බැන වැදීම සහ නින්දා කිරීමේ ඇති දරුණු ආදීනව පෙන්වා දෙමින් රැස්ව සිටි පිරිසට ධර්මය දේශනා කළහ. ඒ දේශනාව අසා බොහෝ දෙනෙක් අකුසලයෙන් මිදී යහමගට පැමිණියහ.බොහෝ දෙනා මාර්ගපල වලට පැමිණියේය.

ගූථ ඛාදක ප්‍රේත වත්‍ථු වර්ණනාව නිමියේය.

06/08/2026

කොසොල් රජුගේ පුතුන් කියලා සමාවක් නැහැ කර්මයට.................

☸️ කොසොල් රජුගේ පුතාලා කියලා නෑ.... වැරදි වැඩ කළා නම් අපායේ...!!!━━━━━━ ✺ •⊰🛞⊱• ✺ ━━━━━━සැවැත් නුවර වනාහි අතිශයින්ම සම්ප...
06/08/2026

☸️ කොසොල් රජුගේ පුතාලා කියලා නෑ.... වැරදි වැඩ කළා නම් අපායේ...!!!

━━━━━━ ✺ •⊰🛞⊱• ✺ ━━━━━━

සැවැත් නුවර වනාහි අතිශයින්ම සම්පත්වලින් පිරුණු සුඛිතමුදිත නගරයක් විය. එහි යෞවන වියේ පසුවූ කොසොල් රජතුමාගේ පුත්‍රයන් දෙදෙනෙක් සිටියහ.

තරුණ වියේ ලස්සන, ධනය, බලය සහ රාජකීය සැපසම්පත් හිමිව තිබූ බැවින් මොවුහු යෞවන මදයෙන් තදින්ම මත් වූහ. තමන්ට ඇති බලය නිසා ඕනෑම දෙයක් කළ හැකිය යන අහංකාරයෙන් හැසුරුණු මොවුහු, අන් සතු භාර්යාවන් කරා යමින් පරදාර සේවනය නම් වූ මහා අකුසල කර්මයේ නිරත වූහ. සමාජයේ අන් අයගේ ලැජ්ජාව, බිය හෝ පවුල් ජීවිත ගැන කිසිදු තැකීමක් නොකළ මොවුහු තමන්ගේ කාමුක ආශාවන් තෘප්තිමත් කරගැනීමට පමණක් මුල්තැන දුන්හ.

කාලය ගෙවී ගොස් මරණයෙන් පසුව මොවුහු සැවැත් නුවර නගර සීමාවේ ඇති දිය අඟලක් මතුපිට අතිශයින්ම භයානක සහ අසරණ ප්‍රේතයන් වී උපත ලැබූහ.

━━━━━━ ✺ •⊰🛞⊱• ✺ ━━━━━━

පෙර ආත්මයේ යෞවන මදයෙන් මත් වී පරදාර අකුසලය කොට ප්‍රේතයන් වී උපන් ඒ රාජ කුමාරවරුන් දෙදෙනා, රෑ මැදියමේ නගර අගල අසල සිට තමන් විඳින අසීමිත සංසාරික දුක ඉවසගත නොහැකිව මහා භයානක විලාප හඬින් මුරගා හඬන්නට වූහ.

එම හඬ කොතරම් දරුණු, බියකරු එකක් වීද යත්; මුළු සැවැත් නුවරම විසූ ජනතාවත්, රජතුමාත් අලුයම අවදි වූයේ මහත් භීතියෙනි. "මේ ඇසෙන්නේ මහා අවමංගල්‍යයක, විනාශයක පෙර නිමිත්තක්ද? නැතහොත් අපට හෝ රාජ්‍යයට පැමිණීමට යන මහා අනතුරක්ද?" යි සිතූ නගරවාසීහු මරණ බියෙන් තැතිගත්තාහ.

මේ මහා භීතියෙන් මිදෙනු පිණිසත්, නගරයට ආ අවමංගල්‍යය සන්සිඳුවා ගනු පිණිසත් වැසියන් එකතු වී එකඟතාවයකට පැමිණියහ. ඒ අනුව, ලොව උතුම්ම පුණ්‍යක්ෂේත්‍රය වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා මහත් වූ ශ්‍රද්ධාවෙන් මහා දානමය පුණ්‍යකර්මයක් සූදානම් කර පූජා කළහ.

දන් දී අවසානයේ, මුළු නගරයම බියෙන් සලිත කළ ඒ භයානක රාත්‍රී ශබ්දයේ පුවත සහ තමන්ගේ සිතේ ඇති වූ දැඩි බිය පිළිබඳව නගරවාසීන් , භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පැහැදිලි කර, ඒ පිළිබඳව විමසා සිටියහ.

━━━━━━ ✺ •⊰🛞⊱• ✺ ━━━━━━

නගරය පුරා පැතිර තිබූ මරණ බිය දුරු කරමින් භාග්‍යවතුන් වහන්සේ මුලින්ම උපාසකවරුන්ට අභයදානය දුන්සේක:

"පින්වත් උපාසකවරුනි! ඒ බියකරු ශබ්දය ඇසීමෙන් ඔබට හෝ මේ නගරයට කිසිදු අනතුරක්, විපතක් සිදු වන්නේ නැත."

එසේ වදාරා, බියෙන් සලිත වූ පිරිසගේ සිත් සන්සුන් කරවන අතරම, කර්මයේ බරපතලකම පෙන්වා දීම පිණිස අතීත පුවත සහ එම ප්‍රේතයන්ගේ පශ්චාත්තාපය ධර්ම දේශනාවක් ලෙස මෙසේ වදාළසේක:

"හිමාල පර්වත පාමුල පිහිටි සුන්දර සැවැත් නුවර කොසොල් රජතුමාට පුතුන් දෙදෙනෙක් සිටියහ. තරුණ වියේ සුඛෝපභෝගී රාජකීය සැපසම්පත් විඳිමින්, කාමසැපතෙහිම ගිලී සිටි මොවුහු, වර්තමානයේ ලබන කුඩා කාම සැපත ගැන පමණක් සිතූහ. මරණයෙන් පසු උරුම වන අනාගත පරලොව ජීවිතය ගැන හෝ තමන් කරන අකුසලයන්හි විපාක ගැන මොහොතකටවත් සිතීමට තරම් මොවුහු නුවණැත්තෝ නොවූහ.

මිනිස් ලොවින් චුත වූ ඒ කුමාරවරු දෙදෙනා, තමන් කළ බලවත් පරදාර දුශ්චරිතය හේතුවෙන් පරලොව ප්‍රේතයන් වී උපත ලැබූහ. අද ඔවුන් සැවැත් නුවර අසල දෘශ්‍යමාන නොවන ශරීර ඇතිව, තදබල කුසගින්නෙන් හා පිපාසයෙන් දැවෙමින් විලාප තබන්නේ ඒ අතීත පාපයේ විපාක විඳිමිනි."

ප්‍රේතයන් වී අසරණ වූ ඒ කුමාරවරුන්ගේ සිත්හි නැගෙන පශ්චාත්තාපය බුදුරජාණන් වහන්සේ මෙසේ විස්තර කළසේක:

"අප මිනිස් ලොව සිටින විට දන් දීමට තරම් අපමණ වස්තුව තිබුණි. දන් පිළිගැනීමට සුදුසු සිල්වත් උතුමන්ද සිටියහ. නමුත් තමන්ට සුගතිය සහ සැපය උදාකර දෙන සුළු හෝ පිනක් කරගැනීමට අපට නුවණක් තිබුණේ නැත.

අප කළ ඒ අඥාන පාපකර්මය නිසා, සියලු සැප ඇති රාජ කුලය අතහැර ප්‍රේත ලෝකයේ ඉපිද, කුසගින්නේ සහ පිපාසයේ දැවෙමින් හැසිරීමට සිදුවිය. මීට වඩා නිග්‍රහජනක, ළාමක පාපයක් තවත් කොයින්ද?"

මිනිස් ලොවේදී අන් අයට අණදුන්, බලවත් "ස්වාමියන්" වී සිටි ඒ රාජ කුමාරවරුන්, අද ප්‍රේත ලෝකයේ අසරණ, කිසිදු පිහිටක් නැති "අස්වාමිකයන්" වී ඇත. උසස් මනුෂ්‍ය ආත්මයක ඉපිද, ඉසුරු මදයෙන් හා තරුණ මදයෙන් අන්ධ වී කටයුතු කිරීමේ ආදීනවය මෙයයි.

━━━━━━ ✺ •⊰🛞⊱• ✺ ━━━━━━

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජනතාවට රාත්‍රියේ ඇසුණු ඒ භයානක විලාපයේ සැබෑ තතු මෙසේ විස්තර කර වදාරද්දී, එතෙක් නගරය පුරා පැතිර තිබූ බිය සහ අදෘශ්‍යමාන බලවේග කෙරෙහි වූ සැකය සම්පූර්ණයෙන්ම දුරු විය.

සිදුවූයේ කුමක්දැයි පැහැදිලිව වටහාගත් නගරවාසීහු, තමන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා පිළියෙල කරන ලද ඒ මහා දානමය පුණ්‍යකර්මයේ පින්, අසරණව සිටි ඒ ප්‍රේත කුමාරවරුන් දෙදෙනා උදෙසා අනුමෝදන් කළහ.

එමෙන්ම, තිලෝගුරු බුදුරජාණන් වහන්සේ, දානය පූජා කිරීමට එකතු වූ මහජනයාගේ චිත්ත සන්ථානයන්හි වූ අදහස්, ශ්‍රද්ධාව සහ ප්‍රඥා මට්ටම මනාව තේරුම් ගනිමින්, ඔවුන්ගේ සිත්වලට එක එල්ලේම ගැලපෙන ලෙස අනුපූර්වී ධර්ම දේශනාවක් සිදු කළසේක.

කුමාර ප්‍රේත වස්තු වර්ණනාව නිමියේය.

05/08/2026

පස්සෙන් පස්සට ගිහින් කෑම ලැබුන ප්‍රේතයා.....

🔶  පස්සෙන් පස්සට ගොස් කෑම සොයන අමුතු ප්‍රේතයා ගැන පුදුම කතාවක් ..💕💕💕━━━━━━ ✺ •⊰🛞⊱• ✺ ━━━━━━භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ව...
05/08/2026

🔶 පස්සෙන් පස්සට ගොස් කෑම සොයන අමුතු ප්‍රේතයා ගැන පුදුම කතාවක් ..💕💕💕

━━━━━━ ✺ •⊰🛞⊱• ✺ ━━━━━━

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වේළුවන විහාරයේ වැඩ වසන සමයේ, එක්තරා මිනිසෙක් උක්දඬු මිටියක් කර තබාගෙන උක්දඬු කැබැල්ලක් කමින් පාරේ ගියේය. ඒ වෙලාවේ සිල්වත්, යහපත් ගුණ ඇති උපාසකයෙක් කුඩා දරුවෙකුත් සමඟ ඔහු පිටුපසින් ගමන් කළේය. දරුවා උක්දඬු දැක ඒවායින් කෑල්ලක් ඉල්ලා හඬන්නට වූ අතර, උපාසකයා දරුවා ගැන අනුකම්පා කොට උක්දඬු ගෙනගිය මිනිසාට කතා කළත් ඔහුගෙන් කිසිදු පිළිතුරක් ලැබුණේ නැත.

පසුව උපාසකයා හඬන දරුවා පෙන්වා උක් කෑල්ලක් දෙන ලෙස නැවත ඉල්ලා සිටි විට, ඒ මිනිසා කෝපයට පත්ව අවමන් සහගත ලෙස නොසැලකිල්ලෙන් උක් කෑල්ලක් පිටුපසට විසි කළේය.

ඔහු මියගිය පසු, කාලයක් තිස්සේ පුරුදු කළ ලෝභකමේ විපාක ලෙස ප්‍රේතයෙකුව උපන්නේය. ඔහු කල කර්මයට ගැලපෙන පරිදි අමුණු තිස් දෙකක් පමණ විශාල භූමි ප්‍රදේශයක මෝල් ගස් තරම් මහත උක්ගස්වලින් පිරුණු විශාල උක් වනයක ඔහුට උපත ලැබීමට සිදු විය.

එහෙත් ඒ ප්‍රේතයා උක්දණ්ඩක් කෑමේ අදහසින් උක් වනයට ගිය සෑම විටම උක්දඬු ඔහුට හිංසා පීඩා කළ අතර, ඔහු ඉන් සිහි නැතිව ඇද වැටුණේය.

━━━━━━ ✺ •⊰🛞⊱• ✺ ━━━━━━

දිනක් ආයුෂ්මත් මහමුගලන් රහතන් වහන්සේ රජගහ නුවරට පිඬුසිඟා වඩින අතරමගදී මේ ප්‍රේතයා දුටූහ. ප්‍රේතයා උන්වහන්සේ දැක, තමා කළ කර්මය පිළිබඳව විමසමින් මෙසේ කරුණු දැක්වීය.

"ස්වාමීනි, මම විශාල උක් වනයක උපත ලැබුවේ සුළුපටු නැති කුසල විපාකයකින් වුවද, මට එය අනුභව කිරීමට කිසිදු අවස්ථාවක් ලැබෙන්නේ නැත. මේ කෙබඳු අකුසල කර්මයක විපාකයක්ද? මම උක් රසයක් විඳීමට උත්සාහ කරන සෑම අවස්ථාවකම කැපීම් ලබමින්, වැනසෙමින්, කිසිදු ශක්තියක් නැතිව බැගෑපත්ව මහත් සේ විලාප තබමි. මෙය කුමන අකුසලයක ප්‍රපාකයද? ස්වාමීනි, මම සිහි නැතිව බිම වැටෙමින්, ගොඩට දැමූ මත්ස්‍යයෙකු රස්නයෙන් ඇඹරෙන්නාක් මෙන් පෙරළෙමින් හඬමි. මගේ ඇසින් කඳුළු ගලයි. මට දැඩි බඩගින්නක් සහ පිපාසයක් දැනෙන අතර උගුර සහ තොල් වියළී ගොස් ඇත. කිසිදු සිසිල් සුවයක් නොලබන මම කෙසේ නම් උක් රස විඳින්නදැයි ඔබවහන්සේගෙන් විමසමි."

එවිට මහමුගලන් තෙරණුවෝ මෙසේ වදාළහ. "නුඹ පෙර ආත්මයේ මිනිසෙකුව ඉපිද අකුසල කර්මයක් කළෙහිය. මම ඒ විස්තරය නුඹට කියමි, අසා දැනගන්න. නුඹ දිනක් පාරේ උක්දණ්ඩක් කමින් යන විට නුඹ පිටුපසින් තවත් මිනිසෙක් පැමිණියේය. ඔහු නුඹට ළං වී කතා කළද නුඹ පිළිතුරු දුන්නේ නැත. පසුව ඔහු උක්දණ්ඩක් ඉල්ලා සිටි විට නුඹ නුඹේ පිටුපසින් උක්දණ්ඩක් විසි කළෙහිය. නුඹ විඳින්නේ ඒ කර්මයේ විපාකයයි. එබැවින් දැන් නුඹ ඉදිරියෙන් නොව පිටුපසින් ගොස් උක්දඬු ගන්න, එවිට නුඹට යැපෙන තරමට ඒවා අනුභව කර සතුටට පත්විය හැකිය."

ප්‍රේතයා තෙරුන් වහන්සේ වදාළ පරිදි පිටුපසින් ගොස් උක්ගස් ගත් අතර, ප්‍රමාණවත් තරම් උක් කෑමට හැකිවීමෙන් මහත් සතුටට හා ප්‍රමෝදයට පත් විය.

පසුව ප්‍රේතයා මහත් වූ උක්ගසක් ගෙන උන්වහන්සේට පූජා කළේය. මහමුගලන් තෙරණුවෝ ඔහුට අනුග්‍රහ පිණිස එම උක්දණ්ඩ ගෙන වේළුවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේට පූජා කළහ. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමඟ එය පරිභෝග කොට පින් අනුමෝදන් කළ අතර, ප්‍රේතයාද පැහැදුණු සිතින් වන්දනා කොට නික්ම ගියේය.

එතැන් පටන් ඔහුට බියක් නැතිව උක්ගස් කෑමට හැකි විය.

කාලයකට පසු ඒ ප්‍රේතයා මියගොස් තව්තිසා දෙව්ලොව උපන්නේය. මේ සිදුවීම මිනිස් ලොව පුරා ප්‍රකට වූ අතර, මිනිසුන් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ඒ පිළිබඳව විමසූහ. බුදුරජාණන් වහන්සේ ඒ සියලු පුවත විස්තර කරමින් ධර්මය දේශනා කළ සේක. ඒ ධර්මය ඇසූ මිනිස්සු සියලු මසුරුකම් දුරු කර ගත්තෝය.

උච්ඡු ප්‍රේත වස්තු වර්ණනාව නිමියේය.

31/07/2026

මොහොතකට හිතුවද මිතුරන් අතරේ කරන මෙහෙම විහිළුවකට ,මෙහෙම වෙයි කියල???

🔘  මිතුරු ඇසුරේ සිදුවන අනවශ්‍ය විහිළුවක් නිසා වූ දේ ... (යොවුන් වියේදී හෝ යහළුවන් අතරේදී "ෆන් එකට" කරන දේවල් තමන්ගේ පරලො...
31/07/2026

🔘 මිතුරු ඇසුරේ සිදුවන අනවශ්‍ය විහිළුවක් නිසා වූ දේ ...
(යොවුන් වියේදී හෝ යහළුවන් අතරේදී "ෆන් එකට" කරන දේවල් තමන්ගේ පරලොව ජීවිතයට අඳුරු සෙවනැල්ලක් වන අයුරු.)....🔺🔺🔺🔺

━━━━━━ ✺ •⊰🛞⊱• ✺ ━━━━━━

බුදුරජාණන් වහන්සේ ජේතවන විහාරයේ වැඩවසන කාලයේ, විශාලා නුවර අම්බසක්ඛර නම් මිථ්‍යාදෘෂ්ටික ලිච්ඡවී රජෙක් රාජ්‍යය කළා. ඔහු කර්මය, කර්මඵලය, පරලොව සහ දන්දීමේ පින පිළිගත්තේ නැහැ.

ඒ දවස්වල විශාලා නුවර එක්තරා වෙළෙන්දෙකුගේ කඩය ඉදිරිපිට මඩ වළක් තිබුණා. එයින් මිනිසුන් බොහෝ දුක් වින්දා. ඒ ගැන කම්පා වූ සිල්වත්, කෝප නොවෙන, මෘදු වචන ඇති වෙළෙන්දා, දුගඳ නැති සුදු ගව හිස්කබල් ගෙනැවිත් මඩ වළට දමා පාර සකස් කළා.

දවසක් මේ වෙළෙන්දා සෙල්ලමට වගේ නාමින් සිටි යහළුවෙකුගේ ඇඳුමක් සඟවා තබා, පසුව ඔහුට දුන්නා. කාලයකට පසු, මොහුගේ බෑණා කෙනෙක් සොරකම් කළ බඩුවගයක් මොහුගේ කඩයේ සඟවා තිබියදී අසුවී, දෙදෙනාම රජු වෙත ඉදිරිපත් කෙරුණා.

රජු වෙළෙන්දාගේ හිස ගසා දැමීමටත්, බෑණාව උල තැබීමටත් නියෝග කළා. මියගිය වෙළෙන්දා භූමාටු දෙවියෙක් වී උපන්නා. ගව හිස්වලින් පාර හැදූ පිනට සුදු දිව්‍ය අශ්වයෙකුත්, ගුණ වර්ණනා කළ පිනට සිරුරෙන් දිව්‍ය සුුවඳත් ලැබුණා. නමුත් අන් අයගේ ඇඳුම සැඟවූ පවට නිරුවත් වුණා. ඔහු තමන්ගේ අතීතය බලා, උල තබා සිටින බෑණා ගැන අනුකම්පාවෙන් අඩරෑට එතැනට ගොස් "පින්වත ජීවත් වෙන්න, ජීවත්වීම ශ්‍රේෂ්ඨයි" කියා දිනපතා කිව්වා.

━━━━━━ ✺ •⊰🛞⊱• ✺ ━━━━━━

දිනක් අම්බසක්ඛර රජු ඇතු පිට යන විට එක්තරා ගෙයක සිටි ලස්සන ස්ත්‍රියක් දැක ඇයට සිත බැඳුනා. ඔහු සේවකයෙකු යවා ඇය විවාහක තැනැත්තියක් බව දැනගත්තා.

ඇයව ලබාගැනීමේ උපක්‍රමයක් ලෙස රජු ඇගේ සැමියාව තමන්ගේ සේවයට ගත්තා. රජුට බියෙන් ඔහු සේවයට ආ පසු, රජු ඔහුට දිනක් කිව්වා, "යොදුන් තුනක් ඈතින් තියෙන පොකුණෙන් අරුණුවන් මැටි සහ රතු උපුල් අදම අරන් වරෙන්, නැත්නම් තොගේ හිස ගසනවා" කියායි.

ඔහු ගිය පසු, හිරු බැසීමට පෙර නගරයේ සියලු දොරටු වසන ලෙස රජු දොරටුපාලයාට නියෝග කළා.

මරණ බියෙන් වේගයෙන් ගිය ඒ පුරුෂයා උදෙන්ම පොකුණ ළඟට ගියා. ඒ පොකුණ ආරක්ෂා කළ අමනුෂ්‍යයා මොහු කෙරෙහි අනුකම්පා කර, අවශ්‍ය මැටි සහ රතු උපුල් ලබා දී අතුරුදහන් වුණා.

ඔහු හිරු බැසීමට පෙර නගර දොරටුව ළඟට ආවත්, දොරටුපාලයා බලෙන්ම දොර වැසුවා.

ඇතුළු වීමට නොහැකි වූ ඔහු, දොරටුව අසල උල තබා සිටි පුරුෂයාට තමන් වේලාවට පැමිණි බවට සාක්ෂි වන ලෙස කිව්වා.

එවිට උල තැබූ පුරුෂයා කිව්වා, "මම මරණයට කැපවූ අයෙක්. රෑට මෙතැනට එන මහා ඍද්ධිමත් ප්‍රේතයාගෙන් සාක්ෂි ඉල්ලන්න" කියායි. මොහු මැදියම් රෑ පැමිණි ඒ ප්‍රේතයාව සාක්ෂිකරු කරගත්තා.

━━━━━━ ✺ •⊰🛞⊱• ✺ ━━━━━━

පසුදා උදේ රජු මොහුට දඬුවම් කිරීමට හදද්දී, තමන් වේලාවට ආ බවත් ඊට සාක්ෂියක් ඇති බවත් ඔහු කිව්වා. රජු ඒ ගැන සෙවීමට රාත්‍රියේ රහසේම එතැනට ගියා. එතැනට ආ ප්‍රේතයා "ජීවත් වෙන්න, ජීවිතය ශ්‍රේෂ්ඨයි" කියනු රජුට ඇසුණා.

රජු ප්‍රේතයාගෙන් ඇසුවා, "කිසිදු සැපයක් නැති, ලෙයින් තැවරුණු, අද හෙට මැරෙන මේ උල තැබූ තැනැත්තාට ජීවත් වෙන්න කියන්නේ ඇයි?" කියා.

ප්‍රේතයා කිව්වා, "මොහු මගේ බෑණා. මොහු මියගියහොත් කළ පව් නිසා මහ නරකයේ උපදිනවා. ඊට වඩා උල උඩ තැවෙමින් හෝ ජීවත් වීම යහපත් නිසයි මම එසේ කිව්වේ" කියා.

ප්‍රේතයාගේ අදහස දැනගත් රජු, ඔහුගෙන් තවත් කරුණු ඇසීමට අවසර ඉල්ලුවා.

ප්‍රේතයාද ඊට කැමති වී රජුට කරුණු පැහැදිලි කිරීමට සූදානම් වුණා.

රජු කිව්වා, "මම ඇසින් දකින දේ විශ්වාස කරනවා. ඔබ කියන දේ මම අදහනවා" කියා. ප්‍රේතයාද රජුට ධර්මය පැහැදිලි කිරීමට එකඟ වුණා.

රජු ඇසුවා, "ඔබ පැමිණි මේ ලස්සන අශ්ව රථය ලැබුණේ කෙසේද?" කියා.

ප්‍රේතයා කිව්වා, "මම පෙර ආත්මයේ මඩ වළක් ගව හිස් දමා පිරවූ පිනෙන් මේ අශ්ව රථය ලැබුණා" කියා.

රජු ඇසුවා, "ඔබේ සිරුර බබළන්නේ සහ සුවඳ විහිදෙන්නේ ඇයි? නමුත් ඔබ නිරුවත් ඇයි?" කියා.

ප්‍රේතයා කිව්වා, "මෘදු ලෙස කතා කළ පිනෙන් සිරුර බබළනවා. ගුණවතුන්ගේ ගුණ කියූ පිනෙන් සුවඳ විහිදෙනවා. යහළුවෙකුගේ ඇඳුමක් සඟවා කළ විහිළුව නිසා මම නිරුවත් වුණා" කියා.

සෙල්ලමට කළ පවටත් මෙසේ දඬුවම් ලැබේ නම්, සොර සිතින් සහ දුෂ්ට සිතින් පව් කරන අය මරණින් පසු නිරයට යන බවත්, පින් කරන අය සුගතියේ උපදින බවත් ප්‍රේතයා පැහැදිලි කළා.

නමුත් රජු කර්මඵල විශ්වාස නොකර වෙනත් සාක්ෂි ඉල්ලුවා.

ප්‍රේතයා කිව්වා, "මිනිසුන් කරන කුසල් අකුසල් අනුවයි දෙව්ලොව, නිරය හෝ උස් පහත් කුලවල උපත ලබන්නේ. දෙවියන් සැප විඳිද්දී, කර්මය නොපිළිගන්නා අඥානයෝ දුකට පත්වෙනවා" කියා.

රජු ඇසුවා, "ඔබ සත්‍ය දන්නේ නම්, තාමත් නිරුවත්ව දුක් විඳින්නේ ඇයි?" කියා. ප්‍රේතයා කිව්වා, "මට පින් අනුමෝදන් කිරීමට නෑයන් නැති නිසා" කියා.

රජු ඇසුවා, "ඔබට වස්ත්‍ර ලබාදීමට මම කුමක් කළ යුතුද?" කියා.

ප්‍රේතයා කිව්වා, "කප්පින නම් රහතන් වහන්සේට මා උදෙසා වස්ත්‍ර පූජා කර පින් අනුමෝදන් කරන්න. එවිට මට වස්ත්‍ර ලැබේවි" කියා.

රජු ඒ හිමියන් වසන තැන ඇසුවා.

ප්‍රේතයා කිව්වා, උන්වහන්සේ 'කපිනච්චානා' ප්‍රදේශයේ වැඩවසන බව.

රජු වහාම ගොස් වස්ත්‍ර පූජා කිරීමට සූදානම් වුණා.

ප්‍රේතයා කිව්වා, "දැන් උන්වහන්සේ දෙවියන්ට බණ කියන වේලාවයි. සුදුසු වේලාවක තනිවම හමුවෙන්න" කියා.

රජු සුදුසු වේලාව බලා වස්ත්‍ර යුගල අටක් ගෙන කප්පින හිමියන් වෙත ගියා.

කප්පින හිමියන් ඇසුවා, "පෙර දන් නොදුන් ඔබ අද මෙසේ දන් දෙන්නේ ඇයි?" කියා. රජු සිදුවූ සියල්ල කියා වස්ත්‍ර පූජා කර ප්‍රේතයාට පින් දුන්නා.

එසැනින් ප්‍රේතයා ලස්සන දිව්‍ය වස්ත්‍ර හැඳ අශ්වයා පිට නැඟී රජු සහ හිමියන් ඉදිරියේ පෙනී සිටියා. කර්මඵල ඇසින් දුටු රජු, තවත් පව් නොකරන බවට තීරණය කළා.

ප්‍රේතයා රජුට ධර්මයේ හැසිරෙන ලෙසත්, උල තබා සිටින පුරුෂයාව නිදහස් කරන ලෙසත් කියා පිටව ගියා.

රජු නගරයට ගොස් රාජ සභාවේ අනුමැතියෙන් උල තබා සිටි පුරුෂයාව නිදහස් කර වෙදකම් කළා.

පසුව කප්පින හිමියන් වෙත ගිය රජු, පව් කළ කෙනෙකුට එයින් මිදිය හැකිදැයි ඇසුවා. උදාර පින්කම් කිරීමෙන් මිදිය හැකි බව කියූ හිමියන්, රජුව තිසරණයේ සහ පන්සිල්හි පිහිටෙව්වා. රජු පසුව සෝවාන් වුණා. සුවපත් වූ අනික් පුරුෂයා මහණ වී රහත් වුණා.

මහා කප්පින හිමියන් සැවැත් නුවරට ගොස් මේ පුවත බුදුරජාණන් වහන්සේට සැලකළා. බුදුරජාණන් වහන්සේ මෙය මුල්කරගෙන ධර්මය දේශනා කළ අතර, එය බොහෝ දෙනාට යහපත පිණිස පැවැතුණා.

අම්බසක්ඛර ප්‍රේත වස්තු වර්ණනාව නිමියේය.

Address

Ambalangoda

Alerts

Be the first to know and let us send you an email when පුරාණ කතා / purana katha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share